මේ 1988-89 කාලය විය. ජවිපෙ ඝාතකයන් ගොදුරු සොයා ගිය කාලයකි. මේ වන විට විජය කුමාරතුංගව මරා දමා තිබුණි. විජය කුමාරතුංග ගේ මළ ගෙදරදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා ජවිපෙ විවේචනය කරමින් කතාවක් කොට තිබුනි. මේ නිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකාටද මරණ වරෙන්තුව නිකුත් කරන ලදි.
මේ මරණ වරෙන්තුව නිසා මහාචාර්ය කාලෝ විජය කුමාරතුංග ගේ මළ ගෙදරට සති කීපයකට පසුව ෆින්ලන්තය බලා ගියේය. මහාචාර්ය කාලෝ ෆින්ලන්තයට ගිය ගුවන් යානාවේදී මට ඔහුව මුණ ගැසුනේය. මට මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමු වූයේ ගුවන් යානය ට්‍රාන්සිට් සඳහා ඩුබායි ගුවන් තොටුපලේ නැවැත්වූ විටදීය. මා දුටු මහාචාර්ය කාලෝ විමතියට පත් වූවද ඔහු මා සමග සුහදව කතා කලේය. එහෙත් ෆින්ලන්තයට යන්නේ මරණ වරෙන්තුවෙන් බේරීමට බව මට කීවේ නැත. . අප වෙනත් විෂයන් ගැන කතා කලෙමු.
නමුත් පසු කාලයක 2009 දී පමණ මහාචාර්ය කාලෝ එදා ෆින්ලන්තයට ගියේ ඝාතකයන් ගෙන් බේරීමට බව කියා මට කීවේය. කෙසේ නමුත් මහාචාර්ය කාලෝ එදා ෆින්ලන්තයට නොගියේ නම් ඔහුද ජවිපෙ බිල්ලක් වීමට ඉඩ තිබුනේය. එසේ වූයේ නම් මරා දැමූ මහාචාර්ය ස්ටැන්ලි ජයසුන්දර , මහාචාර්ය පටුවත විතාණ යනාදීන් ගේ නාමාවලියට මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගේ නමත් එකතු වීමට ඉඩ තිබුණි.

අනේ ඌ නොහිටියානම් !
BalasPadamඇයි ?
Padamඔව් එහෙම උනානම් ඒක කලෝට හොදක්
BalasPadamඇයි ?
Padamචිරංජයතු කාලෝ
BalasPadamනිවැරදි දැක්මකට
කාලො අයංතෙ
චිරංජයතු කාලෝ
Padamඑසේ වූවා නම් සිදුවන හොද මෙතෙක් ඔහු කළ නරකට වඩා වැඩිය...
BalasPadamඑහෙමද ?
Padamශික් අපරාදෙ..!! 👎🏿.... දැනුත් ඉතිං හිටිය කියල වැඩක් නැහැනෙ.. 🙈
BalasPadamනෙවිල්ගේ අසූචි කන්නෝ වැහි වැහල මෙතන.
BalasPadamඑතකොට ඔහේ කන්නෙ කාගෙ අසූචිද?
Padamඔය කාලයේ සිදුවීම් වලට ජවිපෙටම චෝදනා කිරීමේ යම් අසම්පූර්න බවක් මා දකිනවා. විජය ගෙ විජේවීරගෙ කතා අසන විට ඒ යුගයේ තිබූ නොඉවසීම ගැන අපට යම් අදහසක් ගන්න පුලුවන්. විජය ඒ කතාව පටන් ගත්තෙ මුන්ගෙ ආන්ඩුව කියාගෙන දත්මිටිකමින් ජේ ආර්ට බනිමින්.මේ වගෙ වෛරී කතා අද දේශපාලකයන් කරන්නෙ නෑ. ඒ වෙනුවට වැඩියෙන්ම දකින්න ලැබෙන්නෙ විහිලු කතා. අද සමාජය වඩා නිවුනු තෘප්තිමත් එකක් බව ඒකෙන් පේනව. අසූ ගනන්වල වේදිකාවල කතා කෙරුනෙ සන්නද්ධ විප්ලවය උතුරෙත් දකුනෙත්. අද යහපාලනය වගෙ මාතෘකා. ලොකු වෙනසක්. ආගමික පැත්තෙන් වුනත් ප්රබෝධයක් තියනව. විජේවීරගෙ අසූ ගනන්වල කතාත් එහෙමයි. සරලයි මුග්ධයි. මට සිතෙන්නෙ මේ සිදුවීම් වලට මුළු සමාජ ප්‍රවාහයම වගකිවයුතු බවයි. මෙය ජවිපෙ ම්ලේච්ඡත්වය සාධාරනීකරනය කිරීමක් නෙමෙයි.
BalasPadamgood explanation
PadamCan u add th link of th youtube video where carlo talks on behlaf of private medical uni. I think it was done wot enews
BalasPadamකාලෝ ලොක්කා හිටියා කියලා වැඩකුත් නැහැ කියල තමයි ගොඩක් ය කියන්නේ හිටං!
BalasPadammmmmmmm
Padam88-89, ඒ ඔබ ඉගෙනගන්නා කාලයේ නේද?
BalasPadamඔව්
Padam/* මා දුටු මහාචාර්ය කාලෝ විමතියට පත් වූව ද */
BalasPadamඒ ඇයි?
ඒ කතාවෙන් මා නම් විමතියට පත්වුණා!
ඔහු මාව ගුවන් යානයේ මුණ ගැසීම අපේක්ෂා කලේ නෑ
Padamවිජේගෙ අවමංගලෝත්සවය ජාතික රූපවාහිනී යේ සජීවී විකාශනය කරා.කාලෝ කරපු කතාව මමත් දැක්කා.මට ඒ වෙලාවෙම හිතුණා කාලෝගෙ මරනෙ ගැන නිවුස් එකත් සතියකින් විතර අහන්න ලැබෙයි.වැඩක් නැති වුනත් පැනල ගිහිල්ල හරි ජීවිතේ බේරගත්ත එක ලොකු දෙයක්
BalasPadamදැන් ත්රස්තවාදීන් එක්ක එක්කහු වෙලා පිස්සු කෙලියට, මිත්‍යාවට එරෙහිව සටන් කරපු මනුස්සයෙක්නෙ කියන ගෞරවේ තාම තියනවා. Jvp කාලකන්නිනම් මොක්කුද මේ මනුස්සයා එක්ක බලද්දි..
BalasPadamදැන් රුවන් මෙතන මානසික විකුර්තිව හිතන අය කි දෙනෙක් ඉන්නවාද ? ඔබ ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙමි
BalasPadamno comments
Padamමා ෙහ්තුවාදිෙයක් කරන්නට මුල්වු ඒතුමා ෙග් අද භුමකාව ෙඛිදවාචකයක්.
BalasPadamජෝතිෂ්‍යයට මෙතරම් ගරහන මෙතුමා පින්ලන්තයට යාම ජෝතීර්වේදීන්ට නම් රහසකි නොවේ. භූගෝලීය පිහිටීම අනුව මධ්‍යම රාත්‍රියටත් හිරු දිස්වන Land of midnight sun නමින් ප්‍රචලිත පින්ලන්තය සුවිශේෂ වූ තවත් භූගෝලීය සාධකයක් තිබේ. සෙනසුරු හෙවත් saturn ග්‍රහයාගේ කක්ෂය මෙම රට ඉහලින් ගමන් නොකීරීමයි.එනිසා අපල වලට, මරණයට අධිපති සෙනසුරුගේ ඒරාෂ්ටක සමයේ පින්ලන්තය ගොස් සිටියොත් එම බලපෑම් ශූන්‍යවන බව කවූරුත් දනිති.
BalasPadamකාලෝට යාමට පහසුවෙන්ම වීසා ලබාගත හැකි රටවල් සිය ගණනක් තිබියදී පින්ලන්තය ම තෝරා ගැනීම අපට නම් රහසකි නොවේ.අපට රහස නම් ඇයි ජෝතිෂ්‍යය මෙතරම් බනින්නෙ යන්නයි.