ඔහු මිනීමරුවෙකි. සාමාන්‍ය ඝාතකයෙකු නොව තමන් ගේම නැගෙනියගේ ගෙල කපා ඇයව මරා දැමූ කෘර මිනිසෙකි. ඔහු මා ඉදිරියේය. ඔහුව අත් අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ තුවාල නිසා ඔහුව අපගේ වාට්ටුවට ගෙන එන ලදි. ඔහුගේ එක් පයක් රෝහල් ඇඳේ යකඩ බටයකට තබා විලංගු දා තිබේ. ඔහු එක් ඇළයකට පමණක් හැරී සිටින්නේ පහසුව සඳහාය. ඇඳ අසල පුටුවක වාඩිවී අවි ගත් පොලිස් නිලධාරියෙකි. පොලිස් නිලධාරියා තමාගේ අත් අඩංගුවේ සිටින පුද්ගලයා දෙස උකුසු ඇසින් බලා සිටියි. එහෙත් සිරකරුවා තුල පලා යාමේ අදහසක් නොමැති බව පෙනේ. එසේ අදහසක් තිබුනද එය ක්‍රියාවට නැගීම පහසු නැත. බරැති රෝහල් යකඩ ඇඳක් පයේ ලූ විළංගුවත් සමග ඇදගෙන ඔහුට දිව හැකිද ? ඇරත් ඔහුගේ ශරීරයේ තැලීම් සලකුණු තිබේ. ඔහුගේ වම් ඇසිපිය උඩ තුවාලයකි. එයට ප්ලාස්ටර් කෑල්ලක් අලවා ඇත. රෝගියාගේ මොලයට තුවාල සිදුවී ඇත්දැයි මම පරික්ෂා කොට බැලුවෙමි. එහෙත් හෙඩ් ඉන්ජරියක සලකුණු නොමැත.
සිරකරුවා සිවිලිම
දෙස බලාගෙන
සිටියි.මම
ඔහු වෙත
යමි. මේ
පුද්ගලයාගේ ඉතිහාසය
රෝහලේ පොලිස්
මුර පොලේ
රාළහාමි විසින්
මට දැණුම්
දී තිබේ.
ඔහු තියුණු
පිහියකින් තම
නැගනියගේ ගෙල
වෙන් වන
තෙක් කපන
ලදි. මෙවැනි
සහාසික අපරාධයක්
ඔහු විසින්
කරන ලද්දේ
මන්ද ? ඔහු
මානසික රෝගියෙකු
නොවේ. මා
විසින් ඇසූ
ප්‍රශ්න
වලට ඔහු
නිරවුල්ව පිලිතුරු
දුන්නේය. තම
නැගනිය සමග
මෙතරම් දරුණු
කෝපයක් ඔහු
තුල ඇති
වූයේ කෙසේද?
ඉඩම් ආරවුලක්
වූයේද ? තම
සිත් නොගත්
අයෙකු සමග
නැගනිය ඇසුරු
කලේද ? මම
නොදනිමි. එහෙත්
ඔහු තම
දෙමාපියන්ට දාව
උපන් දරුවෙකු
ඝාතනය කරන
ලදි. ඔහු
සිවිලිම දෙස
බලා කල්පනාකරන්නේ
කුමක් ද
? නැගනියගේ අවසන්
මොහොත ගැනද
? ඔහු ඒ
ගැන සිතමින්
පසුතැවිලි වෙනවාද
?
ඔහුගේ තුවාල
ගැන මා
ඇසූ පැණයට
ඔහු පිලිතුරු
දුන්නේය. මතුපිටින්
ඔහු ශාන්තය.
කිසිදු කලබලයක
, චිතාවේගීය නොසන්සුන්තාවක
ලක්ෂණ
ඔහු කෙරෙන්
දිස් නොවේ.
එහෙත් ඔහුගේ
සිත තුල
චණ්ඩ මාරුතයක්
හමා යයි.
මිනිස් ඝාතනයක්
කොට තවම
පැය විසි
හතරක් වත්
ගතවී නැත.
ඔහු අත්
අඩංගුවේය. රෝහලින්
ටිකට් කැපූ
පසු ඔහු
කෙලින්ම යන්නේ
රිමාන්ඩ් බන්ධනාගාරයටය.
අධිකරණ ක්‍රියාදාමයන් ගෙන්
පසු ඔහු
සිර ගෙට
යනු ඇත.
ඔහු සිරගතවන්නේ
තමන් ගේම
නැගෙනිය මරා
දැමූ ඝාතකයා
වශයෙනි. මොහු
මිනීමරුවෙකු වූවද
මට ඔහුව
විනිශ්චය කල
හැකිද ? මම
ඔහුගේ වෛද්‍යවරයා මිසක
විනිසුරු නොවේ.
ප්‍රතිකාර
වලින් පසු
ඔහුව රෝහලින්
ගෙන යනු
ඇත. ඉන්
පසුව යලි
කිසි දිනෙක
අප හමු
නොවනු ඇත. ඒ කෙටි
කාලය තුලදී
මම ඔහුව
විනිශ්චයට ලක්
කරන්නේ මන්
ද ? මට
ඔහු රෝගියෙකු
මිස ඝාතකයෙකු
නොවේ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

//මට ඔහු රෝගියෙකු මිස ඝාතකයෙකු නොවේ//
BalasPadamහොඳම ටික.....
++++++
Padamඔහු සයිටමයට පක්ෂද ? විරුද්ධද? ඔහු රැගෙන් ආවේ ඉන්දියානු ඇම්බියුලන්ස් එකකද? ඒ අනුවද තීරණයක් ගන්නා විරෝධාර ගොමලා සිටිය හැක.
BalasPadamha ha ha
Padamමෝඩ කතාවක්
Padam///මට ඔහු රෝගියෙකු මිස ඝාතකයෙකු නොවේ///
BalasPadamTouchy...
////මට ඔහු රෝගියෙකු මිස ඝාතකයෙකු නොවේ//
BalasPadamසියල්ල මෙහි රැදී ඇත.
salute
Padamඇත්ත ඝාතකයා රෝගි වි ඇත...........ඒත් ඔහුත් මනුස්සයෙකි. නීතිය හා මනුස්සකම දෙකකි.
BalasPadamමවු කුසින් බිහිවෙලා
වසර ගනණක් ගෙවී
නැවත බිහිවූ වෙලේ
මාංචුව අත වැටේ .....
අමෝරා ගත් පිහියෙ
තියුනු බව දුටු දිනේ
සිදුවුනා ඝාතනය
බිහිකලා ඝාතකය ....
සිතේ අවිහිංසාව
පෙනෙන්නේ කෙලෙසකද
ගතේ බැඳි දම් වැලට
මුර සිටින
කාකි නිල ඇඳුමකට .....
නීතියෙන් හේතුවට
ලැබෙන සිර දඬුවමට
හැකිද සනසාලන්න
ජීවිතේ අඩුක්කුව ....
මව් දුන්න කිරි වලට
විස පෙව්ව අය සොයන්
මානසික ගැටලුවට
අතීතය වගකියන් ...
ඝාතකය බිහිවුනේ
අදනොවේ පෙරසිටම
සසර ගෙන ආ දෙයට
එක් වෙලා පරිසරය
++++++++++++++
Padamඅන්න ඒකයි අපි ඔයාට කැමති ...
BalasPadamඅපි නොදකින ලොකු කතාවක් ඇති ඒ මිනීමැරුම තුල
අපි නොදකින ලොකු කතාවක් ඇති ඒ මිනීමැරුම තුල ; true
Padamඔහුට කියන්න කතාවක් ඇති.. ඒත් තව මිනිහෙක්ගේ ප්‍රාණය නිරුද්ධ කරන එක නොකළ යුතු දෙයක්.. ඔබ ඔබේ කොටස කල පසු නිතිය ඉතුරු ඉක කරයි.. සිදුවීමක් තුල දකින්න කොච්චර දේ තියෙනවද?
BalasPadamබොහෝ දේ තිබේ
Padamවැඩක් නෑ, පත්තරයක් වත් බලන්න ඕනෑ, අඩුගානේ අටෙන්ඩන්ට් මීට වඩා විස්තරයක් දන්නවා ඇති.
BalasPadamHm
PadamHa ha..
Padamඅර මොකක්ද කථාවක් මතක් උනා. “ප්‍රශ්නයක් තමාගේ නොවනතුරු විසඳුම් අති දාර්ශනිකය“ කියනවා වගේ දෙයක්.
BalasPadamකුරහන් හේනේ මල් මල්ලී
Padam++++++++++++++
ඒකත් ඇත්ත
PadamTrue health care professional and an officer and the Gentleman.
BalasPadamI was doing my job
Padam//මට ඔහු රෝගියෙකු මිස ඝාතකයෙකු නොවේ//
BalasPadam++++++++++++++++++++
මාතර රෝහලේ ගස්ලබ්බ ඉන්නකොට එහාපැත්තෙ ට්‍රොලියෙ හිටියෙත් මාංචු දාපු හාදයෙක්.මිනිහා පොලිසියට ගහලා... හැබැයි රිදෙන්නම ගහලා.මුරට ඉන්න පොලිස් උදවිය මිනිහව මානසිකව බිඳ දැම්මා.. කට උත්තර හත අටක්ම ගත්තා.. මම මිනිහට කිරි පැකට් එකක් දුන්න.පොර ඒක තියාගත්තා දරුවට යවන්න කියලා..
ඔබ කියපු ආකාරයේ දරුණු මිනී මැරුමක් කරන්නට රෝගී නොවූ මනසකට පුළුවන්ද ඩොක්..? හිතාගන්නවත් බෑ.
ජයවේවා..!!
දරුණු මිනී මැරුමක් කරන්නට රෝගී නොවූ මනසකට පුළුවන්
Padam