Sabtu, 6 Mei 2017

ප්‍රේමදාස හා පංචතන්ත්‍රය


ජනාධිපති ප්‍රේමදාස කෙලවා ගත්තේ මොහිදීන් නම් මෙහෙකරුවා නිසාය​. ප්‍රේමදාස මොහිදීන්ව අසීමිත ලෙස විශ්වාස කල අතර මොහිදීන් ද මේ නිසා ඇඳගෙන සිටියේය​. පොලිසියේ ඩී.අයි.ජී මහතුන් පවා මොහිදීන්ට බිය වූ අතර ඔහුට ගරුසරු දැක්වීය​. ප්‍රේමදාසගේ මේ දුර්වලකම අධ්‍යනය කල කොටි ත්‍රස්තවාදීන් මොහිදීන්ට කොක්ක ගැසීමට බාබුව එවන ලදි. ඉන් පසු සිදු වූ දෙය ඉතිහාසයයි. 

මේ සිදුවීම පෙන්වා දෙන්නේ අනුවන මිතුරාගෙන් විය හැකි ව්‍යසනයයි.  මෙය පංචතන්ත්‍රයේද දෙන්වා දී තිබේ. ප්‍රේමදාස පංචතන්ත්‍රය කියවා තිබුනේ නම් තවමත් ජීවතුන් අතරය​. 

21 ulasan:

  1. ඩොක්ටර්, විෂ්ණුෂර්මන් විසින මෝඩ කුමාර වරුන් හික්මවීමට ලියන ලද පංචතන්ත්‍රයේ උපමා කතා ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ දේසපාලන වැඩ තේරුම්ගැනීමට අදත් ප්‍රයෝජනවත් වෙනවා

    BalasPadam
  2. That is why Lord Buddha told to socialize with wise and good people in Mangala Suthraya. If Sri Lankans are capable of applying Buddhist teachings in to their practical lives, our country will not be the same.

    BalasPadam
  3. ඔය වසරේ මැයි දෙවැනි දින එළි දුටු ලංකාදිප විශේෂ පුවත්පතේ පළවුයේ මෙැතැනම මවිසින් ගනු ලැබු පින්තුරයයි.

    BalasPadam
    Balasan
    1. මටත් ඔ්ක මතක් උනා මම උබෙන් අහන්ඩ හැදුවේ උඹ ගත්ත ඒකද මේ කියලා

      Padam
    2. සීරියස් ලී. ඔයාගේ ඒ වගේ ඓතිහාසික පින්තූර දාල එක්සිබිෂන් එකක් කරන්න.

      Padam
  4. මෙහෙම කියන එක හොද නැති උනාට

    ඔය සිද්දිය උන වෙලාවෙ ලංකාවෙ බහුතයක් මිනිසුන් හිතුවෙ වෙන්න ඕනැ දෙයක් වෙලාවට සිද්ධ උනා කියල...එහෙම නොවුන නං ලංකාවෙ වර්තමාන ඉතිහාසය ගොඩක් වෙනස් වෙන්න තිබුනා

    ප්‍රේමදාස මැරුව එකෙන් ලැබුනු තාවකාලික ප්‍රසිද්දිය හැරුණුකොට එල්.ටී.ටී.යට මේ ඝාතනය බලාපොරොත්තු වෙච්ච තරම් වාසියක් උනෙත් නෑ

    BalasPadam
    Balasan
    1. ඉතිහාසය වෙනස් උනා

      Padam
    2. ජාති බේදයකින් තොරව සිංහල දෙමළ මිනිසුන් LTTE එකට ගරුකල එකම අවස්ථාව

      Padam
  5. නිමල් ජයසිංහ7 Mei 2017 pada 4:46 PG

    කොච්චර විසිල් ගැහැව්වත් ගැලරිය ලඟට ගන්නත් එපා විශ්වාස කරන්නත් එපා. ප්‍රේමදාසට වුනේ එයයි.

    BalasPadam
  6. ප්‍රේමදාස මහත්මය කියවන්න ඇති පංච තන්ත්‍රය. දහම් පාසල් ගුරුවරයෙක් වෙලා හිටිය කියනවා නේද වජිරාරාමයේ . හිතට ගන්නේ නැතිව ඇති.

    BalasPadam
    Balasan
    1. ප්‍රේමදාස වජිරාරාමයේ දහම් පාසල් ගුරුවරයෙක් වෙලා හිටියේ නෑ

      Padam
  7. "ඔය නීතිය ඉගෙන ගන්න එක ඒ හැටි කජ්ජක් නෙවෙයි. අපේ මහ ගෙදර තිබ්බෙ අලුත්කඩේ උසාවියෙ තාප්පෙට අල්ලල. උසාවියෙ තියන නඩු පයිල් පරණ වෙන කොට උසාවියෙ ආරච්චිල එව්ව ලේසියට තාප්පෙං මෙහාට විසි කරනව. එව්ව කෙලිම්ම වැටෙන්නෙ අපේ ගෙදර පිළිකන්නට. මම කරන්නෙ ඉස්කෝලෙ ගිහිල්ල ඇවිල්ල ඔය නඩු පයිල් එකක් නෑර කියවන එක. ආන්න එහෙම නීතිය ඉගෙන ගෙනයි මම බැරිස්ටර් කෙනෙකුට වඩා දැනුමක් ලබාගත්තෙ"

    පේමදාස ගොයිය එක පාරක් රැස්වීමකදි ඔහොම කිව්වලු නීතිඥයින්ට උප(අප)හාසාත්මකව.කොහොම හරි අපරාදෙ එතුමට තිබ්බෙ පරණ නඩු පයිල් කියවන වෙලාවෙ පංචතන්ත්‍රෙ කියවන්ට...:)

    BalasPadam
  8. මේ සිද්දිය දවසෙ අපේ පළාතෙ රතිඤ්ඤා පත්ත කළා, තවත් ඈයො පාර මැද්දෙ කිරිබත් ඉව්ව කියලත් කනිං කොනිං ආරංචි උනා. මිනිහෙක් මැරැන දවසක එහෙම කරනව දැක්ක පළමු වතාව, දෙවෙනියට එහෙම උනේ ප්‍රභාකරන්ට එලොව ටිකට් එක හමු උන දවසෙ.

    BalasPadam
    Balasan
    1. SO when could be third time, there are lots of contenders right now in Sri Lanka

      Padam
  9. ඔවු සෑහෙන රතිඤ්ඤා පත්තු කරා.. මිනිස්සු සෑහෙන පීඩනයකින් හිටියේ..

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook