1994 වසරේ අප්‍රේල් මාසයේ මම සීමාවාසික පත්වීම් ලබා මාතලේ මූලික රෝහලට ගියෙමි. මා සමග දේශීය සහ විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය උපාධි ලැබූ දොලොස් දෙනෙකු පමණ සේවයට වාර්තා කලහ. මින් එක් පුද්ගලයෙකු මට කිසිදා අමතක නොවේ. මම ඔහුව කේ.ඩබ්ලිව් කියා පාඨකයාට හඳුන්වා දෙමි.
සීමාවාසික වෛද්‍යවරුන්ට නිල නිවාස ලබා දීමේදී කේ.ඩබ්ලිව් මගේ කාමරයට වැටුනි. මට ඔහු සමග කාමරය බෙදා ගැනීමට සිදු විය. ඔහු තමා කොලඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබා මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හැදෑරූ බව කීවේය. ඔහුගේ බිරිඳ පෝලන්ත ජාතික කාන්තාවකි .ඇය වරක් ඔහු හමු වීමට ආවාය . මොස්කව් වල බොහෝ ලාංකික සිසුන් දැන සිටි මට ඔහුව කිසි දිනෙක මොස්කව් වල හමුවී තිබුනේ නැත. කෙසේ නමුත් දැන් කේ.ඩබ්ලිව් මගේ රූමාය. අප සහයෝගයෙන් ක්‍රියා කලෙමු.
ඔහු මගේ වාට්ටුවට වැටුනි. ඔහු මගේ කෝ - එච්.ඕ ය. බොහෝ විට අසාධ්‍ය අසීරු ලෙඩුන් ඔහු මගේ කර මත දමයි. එහෙත් රූමා නිසා මම කිසිවක් නොකීවෙමි. රෝගීන් සබැඳිව වාට්ටුවේ ගැටළු මතු වන විට ඔහු මග හරී. ඒවා වලට මුහුන දෙන මම අවසානයේදී විශේෂඥ වෛද්‍යවරයාගෙන් බැණුම් අසමි.
ඉන්ටර්න්වරු වූ සුජීව දහනායකත් මොහානුත් කපිල එදිස්සූරියත් බෂීරුත් මා සමග තකට තක සිටි හෙයින් වහාම අප මිතුරන් වූයෙමු. සුජීව ලුවෝෆ් වෛද්‍ය විද්‍යාලයෙනි. මොහාන් පේරාදෙනියෙනි ,බෂීර් යාපනය වෛද්‍ය විද්‍යාලයෙනි , කපිල උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලයෙනි. අප නේවාසිකාගරයේ ඝෝෂා කරමින් සති අන්තයේ පාටි දමමින් නිල නිවාසය දෙක කලෙමු. කපිල එදිස්සූරිය බාබිකිව් දැමීමේ රුසියෙකි. ඔහු ලඟ බාබිකිව් සෙට් එකක්ද තිබුනේය.
කේ.ඩබ්ලිව් ද මේ සාද වලට ආ නමුත් ඔහු ඉතා ඩීසන්ට් ලෙස හැසිරුනේය. ඔහු මත් පැනින් තොරය. මස් මාලු කන්නේ නැත. යටත් පිරිසෙන් බිත්තර හෝ උම්බලකඩද නොකයි. උඹ මචං යන වචනවත් භාවිතා නොකරයි.
වරක් අපගේ චමරියේ කෑම ඉවූ පූර්ණා සම්බෝලයට උම්බලකඩ දැමූ නිසා තමන්ට වැරදීමකින් උම්බලකඩ කැවුනු බව දුක්මුසු හඞින් කේ.ඩබ්ලිව් අප සමග කීවේය. චමරියේ වැඩ බලාගත් වෛද්‍ය ලක්ෂිකා සම්බෝල වලට මින් පසු උම්බලකඩ නොදමන ලෙසට පූර්ණාට උපදෙස් දුන්නාය.
මෙසේ මාස කීපයක් ගත වන විට කේ.ඩබ්ලිව් ඉතා හොඳ කෙනෙක්ද මා ඇතුලු මිතුරන් මැරෑටියන් ලෙසටද රෝහලේ දිස් වූහ. සමහර හෙදියන් මෙන්ම සිස්ටර් අළුවිහාරේද අපට කේ.ඩබ්ලිව් මෙන් හැදෙන ලෙස අවවාද කලහ. ඉන්ටර්න් වෛද්‍යවරියන් වූ නිෂා , සපුමලී, හර්ෂි , අරුණි රත්නායක පවා කේ.ඩබ්ලිව් ගේ ගුණ වර්නනා කරති. අප මැරෑටියෝ වෙති. ඔහු අහිංසකය.
කේ.ඩබ්ලිව් විනීතය. ඔහු සෑම දෙනා සමග මිතුරුය. බොහෝ විට මා හිස් අතින් වාට්ටුවට එන විට කේ.ඩබ්ලිව් උදයට හෙදියන්ට ආප්ප ගෙන එයි. ඔහු දහමට බරය. නිතරම පන්සල් යයි. ධර්ම කරුණු වියපත් හෙදියෝ සමග කතා කරයි. රෝගීන්ට අවවාද අනුසාසනා දෙයි. බීගෙන එන රෝගීන්ට බීමේ ආදීනව බණ දෙසයි. තමන් පන්සල් වලට දුන් විශාල පරිත්‍යාග ගැන කියයි.
එහෙත් මට කේ.ඩබ්ලිව් ගැන යම් අමුත්තක් දැනුනි. එහෙත් එය කුමක්ද කියා කීමට මට නොහැකි විය. වරක් රෝහලේ දුරකථනය භාරව සිටි රත්නායක මහතා කේ.ඩබ්ලිව් රාත්‍රියට බොහෝ පුද්ගලික දුරකථන පණිවිඩ ගන්නා බවත් ඒවා වලට ගේවීම් නොකොට රෝහල් රාජකාරී වලට ගත් දුරකථන පණිවිඩ ලෙස දමන ලෙස තමන්ට බලපෑම් කරන බවත් කීවේය.
අපගේ සීමාවාසික කාලය අවසන් වීමට මාස තුනක් පමණ තිබියදී මම මාගේ ගල්කිස්සේ තිබූ ඉඩමක් විකුණා එම මුදල් මාතලේ බැංකුවක තැන්පත් කලෙමි. එදින සවස කේ.ඩබ්ලිව් මා සොයා ආවේය. ඔහු හදිසි කටයුත්තක් සඳහා සුමාන දෙකක් ඇතුලත ගෙවන පොරොන්දුව පිට මාගෙන් ලක්ෂ පහක් ඉල්ලා සිටියේය. එම මුදල මම ඔහුට දීමට එකඟ වූයෙමි. එහෙත් එම මුදල් දීමට පෙර මම සුජීවට ඒ ගැන කීවෙමි. සුජීව කේ.ඩබ්ලිව් ට මුදල් නොදෙන ලෙස කීවේය. කේ.ඩබ්ලිව් සුජීව ගෙන් මුදලක් ගෙන එය තවම පියවා නැත. මේ නිසා මම එම මුදල් ෆික්ස් ඩිපොසිට් එකක දැමූ බවත් එකවර ගැනීම අපහසු බවත් කේ.ඩබ්ලිව් ට කීවෙමි. මේ නිසා ඔහු මා සමග නොරොක් විය.
වරක් නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ නීල් සෙනෙවිරත්න ඉන්ටන්වරුන්ට පාටියක් දුන්නේය. එම සාදයේදී කොල්ලන්ට වැට් 69 බෝතලයක් අරින ගමන් වෛද්‍ය නීල් සෙනෙවිරත්න කේ.ඩබ්ලිව් ට කොකා කෝලා බෝතලයක් දුන්නේ " මෙයා ඉතින් අමද්යපනේ " කියමිනි.
දැන් අපගේ සීමාවාසික කාලය ඉවර වීමට ඇත්තේ සති තුනකි. කොලඹ ගිය කේ.ඩබ්ලිව් රෝහලට ආවේ මුහුනේ ප්ලාස්ටර් සමගිනි. බීමත් පිරිසක් කේ.ඩබ්ලිව් ගේ වෑන් රථය නවතා ඔහුට පහරදී තිබෙන බව සිස්ටර් අළුවිහාරේ කීවාය. එහෙත් කිසිදු හේතුවක් නොමැතිව ඔහු පහර කෑවේ මන්ද කියා මාගේ සිතට කුකුසක් ආවේය.
අපගේ සීමාවාසික කාලය අවසන් විය. අප සියළු දෙනා විවිධ රෝහල් වලට පත්වීම් ලබා සිටියෙමු. කේ.ඩබ්ලිව් දඹුල්ල රෝහලේ ඕපීඩී එකට පත්වීම් ලබාගෙනය.
නව පත්වීම් වලට යාමට දින දෙකකට පෙර ඉන්ටර්න් වෛද්‍යවරියක් වූ මර්ෂූකා මා සොයාගෙන ආවාය. මර්ෂූකා යාපනය වෛද්‍ය විද්‍යාලයෙනි. ඇයගේ ගම අක්කරේපත්තුවය. මර්ෂූකා කී පරිදි කේ.ඩබ්ලිව් සුක්රි නම් ඇයගේ ඥාතියෙකුගෙන් රුපියල් අසූ දහසක් ලබාගෙන තිබේ. මෙසේ මුදල් ලබාගෙන ඇත්තේ ඔහුට ඕස්ට්‍රේලියාවේ රැකියාවක් සොයා දෙන බව කීමෙනි. කේ.ඩබ්ලිව් දඹුල්ල රෝහලට ගිය බව මම ඇයට කීවෙමි.
පශ්චාත් සීමාවාසික පත්වීම ලබා මාස අටකට පමණ පසු මාතලේ මූලික රෝහලේ ඩී.එම්.ඕ ව සිටි වෛද්‍ය සිරිමල් ජයසිංහ මට දුරකථනයෙන් කතා කලේය.
" රුවන් ඔයාගේ රූම් මේට් කේ.ඩබ්ලිව් ඉස්පිරිතාලේ නර්ස්ලගෙන් හොස්පිට්ල් එකේ අවට මිනිසුන් ගෙන් සල්ලි අරගෙන රට රස්සා දෙනවා කියලා. දැන් මිනිස්සු මාව හොයාගෙන එනවා. මට මාර කරදරයක්. මම මාතලේ පොලිසියට රිපෝට් කරා "
කේ.ඩබ්ලිව් හොඳ වැඩකාරයෙකු බව මට වැටහුනි. ඔහු තම පෝලන්ත බිරිඳ ඉදිරියට දමා රටගාය තිබෙන මිනිසුන්ට රට රැකියා මවා පා සල්ලි වංචා කොට තිබේ. මාතලේ එම් සී පාරේ සිටි බොහෝ දෙනෙකු රට රැකියා වලට යාමට ඔහුට මුදල් පුදා ඇත. ඔහු රෝහලට පැමිනි ඇතැම් රෝගීන් සමග මිත්‍රවී ඔවුන්වද දැලේ දමාගෙන තිබේ. මෙය මට පසුව කිව්වේ රෝහලේදී කේ.ඩබ්ලිව් ගෙන් ප්‍රතිකාර ගත් ගුවන් හමුදා නිලධාරියෙකි. ඔහුටද කේ.ඩබ්ලිව් පොල්ලක් තබා ඇත.
වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් කේ.ඩබ්ලිව් සොයාගෙන දඹුල්ල රෝහලට යන විට කේ.ඩබ්ලිව් නවසීලන්තයට ගොසින් මාස ගනනාවකි. ඒ අතර කාලයේදී පවා ඔහු දඹුල්ල රෝහලින් වැටුප් ලබාගෙන තිබේ.
මේ කාලයේදී මට මහනුවර නගරයේදී වෛද්‍ය කපිල එදිස්සූරියත් ඔහුගේ බිරිඳත් මුණ ගැසුනි. ඔවුන් ගේ කතාවෙන් කේ.ඩබ්ලිව් ඔවුනටද පොල්ලක් තබා ඇත. මගේ මුදල් බේරුනේ අනූ නවයෙනි.
කෙසේ නමුත් කේ.ඩබ්ලිව් යන චරිතය මට ප්රහේලිකාවකි. උගත් මිනිසෙකුට මෙසේ ද්විත්ව චරිතයක් දීර්ඝ කාලයක් රඟපෑ හැකිද?. පසුව කල සෙවීම් වලදී වෛද්‍ය තිලක් ද සිල්වා කීවේ කේ.ඩබ්ලිව් තමා උගත් ඩී.එස් සේනානායක විදුහලට ආවේ උසස් පෙළ කිරීමට බවයි. එසේම ඔහුව දැන සිටි වෛද්‍ය කාශ්‍යප සිල්වා කේ.ඩබ්ලිව් කර්ස්නදාර් නගරයේ ඉගෙන ගත් බවත් පසුකාලීනව මොස්කව් නගරයට ආ බවත් ය. ඔහු මස් මාළු කෑ බවත් හොඳින් වොඩ්කාද බිව් බවත් කියවිනි. එසේම ඔහු කාලයක් මොස්කව් හියුමන් ට්‍රැෆිකිං කල බවත් මෑතකදී මට දැනගන්නට ලැබුනි. මගේ රූමාව සිටි පුරා වසරක කාලයක් කේ.ඩබ්ලිව් මේ තොරතුරු මගෙන් වසං කරගෙන සිටියේය.
2006 වසරේදී ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ දී මට වෛද්‍ය මර්ෂූකාව මුණ ගැසුනි. තම ඥාතී සුක්රිගේ රුපියල් අසූ දහස නොලැබුනු බවත් ඔහු බොහෝ කාලයක් ඒ ගැන දුකින් සිටි බවත් ඇය කීවාය. තවත් බොහෝ පිරිසක් ලැජ්ජාව නිසා මුදල් අලාබ ගැන පැමිනිලි කොට නොමැත.
වසර බොහෝ ගනනක් යන තෙක් කේ.ඩබ්ලිව් ගැන තොරතුරක් නොවීය.එහෙත් වර්තමානයේදී කේ.ඩබ්ලිව් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බව බ්ලොග් රචක රසික සූරියඅාරච්චි සනාත කලේය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

මාර චරිතයක්නේ! හැබැයි ඔය ටයිප් එකේ අය මටත් හමු වෙලා තියෙනවා.
BalasPadamPersonality Disorder
PadamHey Ruwan, why don't you just publish the name? Ir would be a good service for Sri Lankans in AUS/NZ.
BalasPadammmmmmmmmmm
Padamමට Emil Savundra මතක් උනා.
BalasPadamඒ කව්ද ?
Padamwas he actually a doctor or fake doctor
BalasPadamI had the same question
Padamමේ ඉන්නේ පොර
BalasPadamhttp://www.srilankaguardian.org/2011/05/beware-of-this-person-do-not-get-caught.html
mmmmmmm
Padamhttp://www.blairatholmedicalclinic.com.au/doctors.html
BalasPadammmmmmm
Padamලෝකයට තමන් මහා සිල්වතුන් බව පෙන්වන බොහෝ අයගේ හැටි ඔහොමය.උපන්දා ඉදලම නාකිවෙනකම්ම මැරෑටියන් වූ අපි අපේ විවාත ජීවිතය ගැන ආපසු හැරී බැලීමේදි ඇත්තේ මාර සතුටකි.එනිසා එදත් මැරෑටියා වු මම අදත් මැරෑටියා ලෙසම සිටිමි.
BalasPadamඑදත් මැරෑටියා වු මම අදත් මැරෑටියා ලෙසම සිටිමි///// +++++
Padamලෝකයට තමන් මහා සිල්වතුන් බව පෙන්වන බොහෝ අයගේ හැටි ඔහොමය.උපන්දා ඉදලම නාකි වෙනකම්ම මැරෑටියන් වූ අපි අපේ විවෘත ජීවිතය ගැන ආපසු හැරී බැලීමේදි ඇත්තේ මාර සතුටකි.එනිසා එදත් මැරෑටියා වු මම අදත් මැරෑටියා ලෙසම සිටිමි.
BalasPadamඒ කාලේ අපිට කිව්වේ මෑන් වගේ හැදෙන්න කියා
Padamඉලෙක්ට්රෝ ගේ පින්තූරයක් මොකද?
BalasPadamcon man
Padamhttps://healthpages.wiki/wiki/Dr_Kamal_Wellalagodage_(GP)
BalasPadamabove link will give more details about him.
දැන් හැදිලා නම් හොඳයි
Padamහා හා දොස්තර මහත්වරුන්ට අපහාස කොරන්න එපා රුවන් :)
BalasPadamඅපි මැරෑටියෝ
Padamකවුරු කලත් වැරද්ද වැරැද්දම තමා. රජගහේ කපටියෙක්. ලඟින් ගියෝත් ඇහැක් නෑ කියන්නේ මෙහෙම අය. ලබාපු අධ්‍යාපනයේ වටිනාකමවත් රැකෙන්න ජීවත් වෙන්න බැරි අය කොච්චර ඉන්නවද ලෝකේ අපි නොදන්න තව.
BalasPadamලඟින් ගියෝත් ඇහැක් නෑ
Padamමේ සටහන අනුව අපට පෙන්නේ මේ පුද්ගලයා ලංකාවේ වෛද්‍යවරුන්ට ඇති අනවශ්‍ය සැළකිල්ල ප්‍රයෝජනයට ගෙන මුදල් වංචා කර ඇති බවයි. ඔහු රුසියාවේ ද යම් නිති විරෝධි දේ කර ඇති බව ද කියවේ.
BalasPadamමගේ නම සඳහන් වුව ද, මා මේ පුද්ගලයාව කිසිසේත් ම නොහඳුණමි.
ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර, අදාල විභාග සමත් වී ලියාපදිංචිය ලබා, ඉන් අනතුරුව විශේෂඥ විභාග ද සමත් වී ඇති බව අදාල වෙබ් අඩවිවල ඇති තොරතුරු අනුව පෙනේ.
Thanks Rasika
Padam"එහෙත් මට කේ.ඩබ්ලිව් ගැන යම් අමුත්තක් දැනුනි. එහෙත් එය කුමක්ද කියා කීමට මට නොහැකි විය."මිනිසුන් ගැන අපට මේ ආකාරයෙන් දැනෙන වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීම කුමක්ද?..එයට විද්‍යාත්මක පසුබිමක් වේද?..
BalasPadamgut feeling
Padam