Rabu, 3 Mei 2017

සමන්ත භද්‍ර යනු


සමන්ත භද්‍ර යනු ලංකාවේ පවත්නා (විකෘති කරන ලද)  බුදුන් ගේ දහමට  චැලෙන්ජ් එකක් දුන් පුද්ගලයාය​. මිනිස් බිළි ඉල්ලන ඉත්තෑකන්දේලා , ඥාණසාරලා මෙන් ඔහු අනෙකාට වෛර කරන්න කියා උගන්වන්නේ නැත​. එසේම මහා නායකලා හොරෙන් ගන්නා ආතල් ඔහු එලිපිටම විඳියි. ඒවා සාධාරනීකරණය කරයි.  ඔහු තමා රහත් බව කියන්නේ Delusional disorder තත්වයක් නිසාද නැතහොත් Narcissistic personality disorder තත්වය   නිසාද කියා නොදනිමි. සමන්ත භද්‍ර අනෙකුත් භික්‍ෂූන්ට වඩා බුදු දහම කියවා තිබේ. ඒ නිසා සමන්ත භද්‍රට (දැණුම හරහා) චැලෙන්ජ් කිරීමට කිසිදු භික්‍ෂුවක් එන්නේ නැත​. එන අය බ්ලාස්ට් කරන ක්‍රම සමන්ත භද්‍ර දනියි. කෙසේ නමුත් සමන්ත භද්‍රලා යනු මේ යුගයේ  spiritual දරිද්‍රතාවය නිසා ඇතිවූ ප්‍රපංචයක් බව තේරුම් ගත යුතුය​.  

40 ulasan:

  1. spiritual දරිද්‍රතාවය කෙසේ වෙතත්...පන්සල්, දේවාල, පල්ලි වල උදේ සිට කැරකෙන දහස් ගණන් බැතිමතුන් දෙස බලූවිට මටනම් පෙනෙන්න්නේ...spiritual අතිරික්තයකි !!!!.

    BalasPadam
    Balasan
    1. an over-abundance of belief.

      Padam
    2. spiritual අතිරික්තයකි ????? අතරමං spiritual

      Padam
  2. සමන්තබද්‍ර යනු. ....මනෝ විද්යාව සහ/හෝ මනෝ වෛද්ය විද්යාව හැදෑරූ බුදුදහම දන්නා කපටියකු වියහැක.

    BalasPadam
  3. Grandiose Narcissism?

    BalasPadam
  4. මේ හාමුදුරුවෝ ඇත්තටම රහත්ද කියලා කවුද දන්නේ. හැබැයි මේ හාමුදුරුවෝ අනික් නුගත් සිවුරුකාරයෝ වගේ අනික් ආගම් වල අයව ගහන්න මරමු කියන්නේ නෑ. මුස්ලිම් අයට,ද්‍රවිඩ ජනයාට එරහි වෛරය වපුරන්නේ නැහැ. කොටින්ම කිව්වොත් ලංකාවේ බහුතර හාමුදුරු හිතන්න ඉන්නවා වගේ අනික් මිනිස්සු හදන්න යන්න එන්නේ නෑ. එතන තමයි සැබෑ බුද්ධ ධර්මය නොවෙද. මේ තලේබාන් හාමුදුරුකෙනෙක් නෙමෙයි. උන්වහන්සේ කියනා දේවල් වල ඇත්තක් තියෙනවා කියලා යූ ටියුබ් ඔස්සේ ඒවා ඇසු මට කල්පනා වී තිබෙනවා.

    BalasPadam
    Balasan
    1. කියන දේවල් ඇත්ත,ඒත් කරන දේවල් හෙණ අවුල් නේද?

      Padam
  5. ධර්මය පිළිබඳව යම් දැනුමක් ඇති බව මටත් හිතෙනවා. ඒ වගේම ඔහු නුතනත්වයත් සම්ප්‍රදායත් අතර අතරමන්වීමකුත් පෙන්වනවා. එයාට කියන්න අවශ්‍ය දේ කියන්න මෙයට වඩා සාර්ථක ක්‍රමයක් යොදා ගන්නේ නම් හොඳයි කියා සිතමි.
    කොහොම නමුත් පොර කිසියම් මානසික ව්‍යාධියකින් සිටින නිසා වැඩේ පටලවාගෙන වගෙයි පෙනෙන්නේ.

    BalasPadam
  6. කවුරුහරි මගෙන් ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරනවාදැයි ඇහුවොත් කියන්න වෙන්නේ
    සමන්තබද්‍ර හාමුදුරුවන්ගෙන් එයා රහත්ද නැද්ද කියා ඇසූවිට දෙන උත්රයමයි.

    BalasPadam
  7. //සමන්ත භද්‍රට (දැණුම හරහා) චැලෙන්ජ් කිරීමට කිසිදු භික්‍ෂුවක් එන්නේ නැත​.//
    ඇත්ත මෙතැනය.

    BalasPadam
  8. නිමල් ජයසිංහ4 Mei 2017 pada 1:26 PG

    රහත් භාවය මනෝ මූලිකය. සමන්තභද්‍රයානෝ එය පැහැදිලිවම දනී.අනෙක් භික්ෂුන් වල්පල් දොඩන විට සමන්තභද්‍රයානන් කියනදේ නිරවුල්ව කියයි.ඔහු ඇසූ පිරූ තැන් ඇත්තෙකි. සැබැම දක්ෂයෙකි. භික්ෂුන් අතර භික්ෂු තරුවකි.මම ඔහුට දොස් නොකියමි.ඔහු අගය කරමි.ඉරාජ්ගේ වස්සානේ වීඩියෝව ඔහු අගය කෙලේය. ඒ ඔහු සතු සමාජමය දැක්ම හරහාය.නූතනත්වය ප්‍රතික්ෂේප කලහොත් අපිට ජීවත් වන්න තැනක් නැත.සමන්තභද්‍රයානන් එය ග්‍රහණය කර ඇත.බහුතරයක් භික්ෂූන් වන වදින විට සමාජය මොහු ලඟට යන්නේ එබැවිනි.

    BalasPadam
  9. ධර්මය පිලිබඳව නම් ඇසූ පිරූ තැන් නම් සිරි ධම්ම හාමුදුරුන් හා ගැටෙන්න කෙනෙක් ඇත්තටම නැතුව ඇති. මමත් මුල් කාලයේදී බොහෝ විට ශ්‍රවනය කරනු ලැබුවා සිරිධම්ම හාමුදුරුවන්ගේ බණ. තර්කානූ කූල ආකාරයට දැනුවත් කරනවා. නමුත් පසුව මක් වුනාද දන්නේ නෑ. කොහොමත් එක්තරා මානසිකත්වයක් ඇතිවන්න ඇති. පෘතග්ජන තත්වයෙන් මිදුන කෙනෙක් උවමනාවට වඩා ප්‍රදර්ශණය කරන්න යන එකක් නෑ කියලා තමයි මම හිතන්නේ. කොහොම වුනත් ධර්මය හරි හැටි මෙහෙමයි කියන්නේ තම තම නැණ පමණින් මිසක නැවත බුදුකෙනෙකුන් පහල වන තුරු විවිධ මතධාරීන් සිටිවී. මයික්‍රො බයෝලොජි කරපු හාමුදුරු නමක් නිසා විද්‍යානුකූලව දකින පැත්තකුත් තියෙනවා.

    කොහොමත් සමාජය දකින දේ මිසක අළුත් දෙයක් දකින්නත් වෙනස් වෙන්නත් බොහෝ අය කැමති නෑ. මම නම් එහෙම දෙයකුත් දකිනවා. එවිට පවතින්න බැරි වෙයි. ලෝකය බැලන්ස් වෙනවා. දවසක හොඳ දවසක නරකයි. සැම දෙයම සාපේක්ෂයි. ඊට පිටින් කිසිදෙයක් වෙන්නේ නෑ. ඒනිසා නිර්නායකය කොතැනද කියලා කවුරුත් කියන්න දන්නේ නැ. හැමෝම කතා කරන්නේ තමන් සතු දැක ඇති පරිශීලනය කර ඇති දේ අනුවයි. සුපිරි අය කවුරුත් මේ යුගයේ බිහිවී නැති බවයි මගේ හැඟීම.

    BalasPadam
  10. අනෙක් අය වගේම ඔහුත් බුදුන්ගේ ධර්මය තමාගේ VERSION එකකින් දෙනවා වෙන්න ඇති.

    BalasPadam
  11. ඩොක්ටර්,

    මෙතන ප්‍රශ්නය තමයි සමන්ත භද්‍ර නොහොත් පිටිදුවේ සිරිධම්ම කියන්නේ සුත්ත පිටකය කියවල දැනුවත් වගේම එහි තොරතුරු තමාට උවමනා විදියට විකුර්ති කරන කෙනෙක්, නමුත් ඔහුට කිසිම පිළිගත් දැනුමැති හිමිනමකට අබියෝග කරන්න බෑ. එයට හේතුව ඔහුට විරුද්දව පමණක් විනය ක්‍රියාත්මක කරන්න බෑ.
    ඔහුට විරුද්දව විනය ක්‍රියාත්මක කිරීමට පැමිණෙන විට ඔහු උදාහරණ සහිතව එම විනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව පැමිණෙන ස්වාමින් වහන්සේලාගේ විනය විරෝදී වැඩ පෙන්වාදෙනවා, සිදුවෙන්නේ මේ විනය කැමති ස්වාමින් වහන්සේලා අතුරුදහන් වීමයි.

    අද මෙහෙම විනය විරෝදී වැඩ සිදුවීමට මුලිකම හේතුව ගිහි බවුද්ධයාගේ නොදැනුවත් කමයි ඔවුන් භික්ෂූ විනය ගැන කිසිවක් දන්නේ නෑ
    අද ගිහියන් ලිවුම් කවර වල මුදල් දමා භික්ෂූ පුජ කරනවා, විනයට අනුව මුදල් පරිහරණය කරන්න භික්ෂුවට කිසිසේත්ම පුළුවන් කමක් නෑ.

    දැනට දශක ගණනාවකට පෙර
    https://www.youtube.com/watch?v=qu7mtlbVBOA

    අචාන් චා හිමියන්ගේ ගෝල නමක් වන අචාන් සුමේදෝ එංගලන්තයට පැමිණෙනවා, අද අමරාවතී ආරණ්‍ය ඇතිකිරීමට මුලික උනේ මේ ස්වාමින් වහන්සේයි, එංගලන්තයට ගිය මුල්කාලයේ සිට මේදක්වා මේ හිමිවරුන් මුදල් පාවිච්චි කිරීමෙන් තොරවයි ජිවත් වන්නේ, නමුත් මෙය ශ්‍රී ලංකාවේ හිමිනමකට කිව්වොත් කියයි මෙය මේ කාලයේ ප්‍රායෝගික නැති බව නමුත් අදත් මෙය ප්‍රායෝගිකව කරන හිමිවරුන් දහස් ගණනක් සිටිනවා.

    දැන් අපි මුල් ප්‍රශ්නයට ආවොත් බුදුරජානන් වහන්සේගේ විනය ක්‍රියාත්මක කරනවානම් සියල්ල ක්‍රියාත්මක කිරීමට වෙනවා, එය සිදුකල වහාම නිදහස සීමාවන්නේ සමන්ත භද්‍ර ගේ විතරක් නෙමෙයි මහානායක ස්වාමෙන්වහන්සේ ගේත් නිදහස සිමා වෙනවා.

    මෙනිසා සමන්ත භද්‍ර ගේ වැඩ ගැන නොදැක්ක නොඇසුණු විදියට ඉන්න සිද්දවෙලා තියනවා මොකද බුදුදහමේ ලොකු අයට එක නීතියකුත් පොඩි අයට වෙන නීතියකුත් ක්‍රියාත්මක කරන්න බෑ ඇත්ත ඕකයි.

    BalasPadam
  12. අප තවමත් පෘතග්ජනය. තවත් කෙනෙකුගේ රහත් බව හෝ නැති බව සෙවීමට තරම් අප තවමත් සුදුස්සන් වී නැත. කෙනෙක් රහත් බව කි පමණින් ඔහු ගැන සොයමින්, ඔහු කරන වැඩ සමග ගැටෙමින්, රහතුන් මෙසේ කරයිද , රහතුන් මෙසේ නොකරයිද කියා ගැටී ගැටී ජිවත් වන අපද මානසික රෝගීන්ය.

    BalasPadam
  13. සමන්ත බඩ්ඩගේ නිවන්ගියා කියල අහල මෙහෙම අපසට් වෙන මිනිස්සු, කවුරු හරි බුදුවුනොතින් කොහොම අප්සට් වෙයිද?

    BalasPadam
  14. කොහොමත් අපේ උන්ට ඕනි නියම බුදුදහම නෙමෙයිනේද ??

    BalasPadam
  15. මම සමන්තභද්‍ර අනුගාමික්යෙක් නෙමේ. නමුත් එහෙනම්, බුදුනුත් Delusional disorder හෝ Narcissistic personality disorder රෝග වලින් පෙලෙන්නෙක් විය යුතුයි?

    BalasPadam
    Balasan
    1. බුදුන් ගැන නොදනිමි

      Padam
  16. සමන්ත රහත්ද නැද්ද කියන ප්‍රශ්නය පැත්තකින් තියමු. ඉස්සර හිටිය අය රහත්ද බුදුද වතුර වයින් කෙරුවද මේ කතා ප්‍රශ්න නොකර අපි පිලිඅරගෙන සමන්ත විතරක් රහත්ද කියල අහනව. ඉස්සර හිටිය රහත්තු බුදුවරු දේව පුත්‍රයො,දේව පනිවුඩකාරයො මේ හැමෝම එකම පිරිසක් නේද.
    නිකම් හිතන්න ඔය සෙට් එක අද පහල වුනොත් මීඩියා වලින් සමාජ ජාලවලින් චාටර් වෙනව නේද

    BalasPadam
  17. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  18. මට නම් හිතෙන්නේ උන්වහන්සේ ලංකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියාය. අන් අය කියන්නට කැමති එහෙත් කියා ගන්නට බැරි සහ බය දේවල් කියන්නට ඔහු බිය වූයේ නැත. එහෙත් මෑතකදී කියූ ඇතැම් දේවල් තරමක් නොගැළපෙන ආකාරයේ ඒවා වූ බව මට සිතුනි.

    BalasPadam
  19. සමන්තබද්‍ර නිසා සිවුරු හොරුන්ට... තමන්ගේ බොරුව දිගටම කරගෙන යන්න බැරි වුනා... සිවුරට බය වෙලා මොනවත් නොකියපු මිනිස්සුත්... සිවුරු හොරුන්ව විවේචනය කරන්න පටන් ගත්තා...සිවුර ඇඳන් ගෑනු තියන් ඉන්න උන්ට... බේබද්දන්ට... දේශපාලනය කරන උන්ට... ජාතිවාදය අවුස්සන උන්ට කරකියාගන්න දෙයක් නැති වුනා... ඔය සමාව ගත්ත එක නම් Script එකේ පොඩි කෑල්ලක් විතරයි... :-) අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල...

    BalasPadam
  20. සමන්ත බද්‍ර මස් ප්‍රේතයා නේ!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook