Jumaat, 26 Mei 2017

නිල නිවාසය

 

මිණිපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී / මිණිපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කල කාලයේදී මා නැවතී සිටියේ හසලක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක නිල නිවාසයේය​. අළුතින් ඉදි කරන ලද මෙම නිල නිවාසයේ දොරවල් ජනෙල් නිසි ලෙස වැසුනේ නැත​. එසේම පයිප්ප සහ කරාම ඉතා අඩු ගුණාත්මක භාවයකින් යුක්ත විය​. මේ අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොන්ත්‍රාත්කරුවන් ගේ වික්‍රමයන් ය​. 

මේ නිසා මගේ වියදමින් එස්ලෝන් පයිප්ප / කරාම ගෙනවිත් සවි කලේ නිතරම සිදු වන වතුර ලීක් වීම් නවතා ගැනීමටය​. කොන්ත්‍රාත්කරු මෙම නිල නිවස භාර දී තිබුනේ සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නිලධාරියෙකුටය​. මෙම සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නිලධාරියා කොන්ත්‍රාත්කරු  විසින් නිල නිවස අංග සම්පූර්ණව ඉදි කොට තිබෙන බවත් එය  සෞඛ්‍ය  අමාත්‍යාංශය වෙනුවෙන් තමා භාර ගන්නා බවත් කියා අත්සන් කරන ලදි. මින් කොන්ත්‍රාත්කරු  කොතරම් ප්‍රීති ප්‍රමෝදයට පත් වූයේද යත් එවෙලේම අරක්කු බෝතල් දෙකක් සන්තෝසම් ලෙස මෙම නිලධාරියාට දුන් බව පසුව මගේ රියැදුරා පැවසුවේය​. කෙසේ නමුත් කොන්ත්‍රාත්කරු අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරීන්ටද හොඳින් සලකන්නට ඇත​. 

මෙම නිල නිවාසය පිහිටා තිබුනේ පැරණි භූමි භාගයකය​. මෙම භූමිය දුටු ගැමුණු කුමාරයාගේ අසිපත් තැනූ කම්මල් ප්‍රදේශයක් බව පැරැන්නෝ කීහ​. 

ගැමුණු කුමාරයා වේරගම්තොට / මහියංගන යන ප්‍රදේශ වල කඳවුරු බැඳ ගෙන සිටියේය​. මේ ප්‍රදේශ සිට හසලක දක්වා වැඩි දුරක් නැත​. මෙම භූමි භාගයේ බොහෝ සෙයින් යපස් මතුවේ. එම නිසා මෙම යපස් ආධාරයෙන් අසිපත් තනා ගත් බවට තිබෙන ප්‍රවාදය එකවරම බැහැර කල නොහැක​. 

ඇතැම් දින වල රාත්‍රියේ මම නිල නිවාසයෙන් එලියට විත් මෙම භූමි භාගය දෙස  බැලීමට පුරුදුව සිටියෙමි. එසේම මනසින් අතීතයට ගියෙමි. ඒ කාලයේ මම මේ දැන් සිටින භූමි ප්‍රදේශයේ තිබෙන කම්මල් , යකඩ තලන හඞ , මිනිසුන් ගේ සංවාද මනසින් ග්‍රහනය කර ගත්තෙමි. කාලය බොහෝ දේවල් වෙනස් කොට තිබේ. එදා ගැමුණු කුමරාගේ කම්මල් උඩ මෙදා කාලයේ කොන්ත්‍රාත්කරුවන් විසින් ලාභ ගොඩනැගිලි ඉදි කොට ඇත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

11 ulasan:

  1. නිල නිවාස බොහෝ තැන්වල ඔය ආකාරයි. නමුත් කුකුලේ ගඟ නම් එසේ නැහැ. එතැන තිබෙන්නේ ඉතාමත් හොඳ මට්ටමේ නිල නිවාස. නිල නිවාස නැතිනම් බලාගාර සේවයට යෑමට අපහසුයි. මමත් කාලයක් නැවතී සිටි සුන්දර ස්ථානයක්. එම සේවා ස්ථානයේම සියලුම සේවාවන් සඳහා දක්ෂතා ඇති සේවක මඬුල්ලක් සිටින බැවින් නිල නිවාස වල තත්වය කවදාවත් පහත වැටෙන්නේ නෑ. ඒ අතින් කුකුලේ ගඟ විදුලිබලාගාරයේ සේවය කරනවා කියන්නනේ මහ විසාල පිනක්. මමත් කාලයක ඒ පිනේ මහිම බලන්න වාසනාවක් ඇති කෙනෙක් වීම ජීවිතේ ලද මහ විසාල සතුටක්.

    ඒ වගේම මගේ සුන්දරම සේවා කාලය ගෙවුනු සේවා ස්ථානය සහ නිවාස සංකීර්නයක්.

    BalasPadam
  2. කුකුලෙ ගග නිවාස ඉදිකලෙ "ස්කන්ස්කා" නම් ස්ව්ඩන් සමාගමක්. හොද තත්වයෙන් පැවතුනෙ එකයි..!!

    BalasPadam
    Balasan
    1. එයාල කොත්මලේ හදපුවත් තවම සුපිරියට තියනවා, හැබැයි මහවැලියෙන් හදපුවා, එක්කෝ ඕනේ නෑ

      Padam
    2. මහවැලියෙන් හදපුවා ඕනේ නෑ

      Padam
  3. සවුක්‍ය අමාත්‍යාංශයේ නිලදාරියෙක් ඔය වගේ වැඩකට බෝතල් දෙකකින් ශේප් වෙනව කියන්නෙ හොඳටම මදි.රුපියල් ලක්යක් විතර ගන්න ඕන වැඩකට තමයි බෝතල් දෙක අරගෙන තියෙන්නෙ.සමාජවාදී අදහස් තියෙන නිලදාරියෙක් වෙන්න ඇති

    BalasPadam
    Balasan
    1. මේකයි කේස් එක , කොන්ත්‍රාත්කරු අදාල නිලධාරීන්ට සැලකුවා. අවසානයේදී නිල නිවාසය අත්සන් කොට භාර ගත් ලිපිකරුවාට බෝතල් දෙකකුත් දුන්නා. කොන්ත්‍රාත්කරුවන් උඩ ඉඳන් පහලට සලකනවා

      Padam
  4. නිල නිවාසය ගැන කියවන විටදී මට සිහියට නැගුනේ නාලන්දා බාලදක්‍ෂ කණ්ඩායම 2000 වසරේදී කල යාපනය සචාරයෙදී දුටු යාපනයේ මද්‍යයාපන මහා විදුහලේ විදුහල්පති නිල නිවාසයයි.කාමර හත අටකින් යුතු දෙමහල් නිවස,වටිනා ගෘහ භාණ්ඩ,කන්නාඩිය මෙන් ඔප දැමු ගෙබිම,අලංකාර තිර රෙදි.මල් වත්තක් බඳු ගෙවත්ත.මෙය දුටු අප විදුහල්පති වූ හේමන්ත ප්‍රේමතිලක මහතා විශ්මයට පත්විය.එම සංචාරයේදී ඔහුගේ නවාතැන වුයේ එමනිවාසය.යාපනය විදුහල්පති වරයාව සිටි කේ.රාජදොරේ මහතා LTTE විසින් පසුව ඝාතනය කරන ලදී

    BalasPadam
    Balasan
    1. එමනිවාසය.යාපනය විදුහල්පති වරයාව සිටි කේ.රාජදොරේ මහතා LTTE විසින් පසුව ඝාතනය කරන ලදී //// so sad

      Padam
  5. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
  6. අපිට රටක් විදිහට ගොඩ එන්නේ ලැබෙන්නේ නැහැ කවදාවත් ඔය වගේ නිලදාරී සහ කොන්ත්‍රාත් කරුවෝ ඉන්නකන්

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook