Selasa, 31 Januari 2017

සයිටම් විරෝධය



සයිටම් විරෝධය මතු කල යුත්තේ සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සඳහා මිස පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කල යුතුයි කියන ස්ථාවරේ සිට නොවේ. සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සමගම බොහෝ අඩු ලුහුඞුතා තිබෙන දේශීය වෛද්‍ය ආයතන වලද කොලිටිය උසස් කර ගැනීමට සටන් කල යුතුය​.

සයිටම් අායතනයෙන් පිටවන දොස්තරලා රෝගීන් මරා දමාවිද යන්න ගැන අනාවැකි කීම නම් තවමත් වේලපහ වැඩිය​. නමුත් පසුගිය දශක තුන ඇතුලත ලංකාවේ රෝහල් වල නොසැලකිල්ල නිසා රෝගීන් ගනනාවක් මිය ගියා පමණක් නොව වරක් රෝගී තරුණියක දූෂණය කොටද මරා දමන ලදි.

පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ නව ප්‍රවණතාවක් නොවේ. අපගේ සෞඛ්‍ය සේවාවන්ට වඩා පසුපස සිටි බංග්ලාදේශය නේපාලය පවා පුද්ගලික විශ්ව විද්‍යාල මගින් තම රට වලට විදේශ විනිමය අද්දවා ගනිති. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීමේදී පසුපස සිටි මේ බංග්ලාදේශය නේපාල විශ්ව විද්‍යාල දැන් වාර්ශිකවම ඉදිරියට එති. එහෙත් අපි තවම ලෝකයේ මුල් 2000 අතරවත් නැත​.

පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සටන් වල පසුපස සිටින වාමාංශික නායකයන් ගෙන් බොහෝ දෙනෙකු ඔවුන් ගේ දුවා දරුවන් නම් යවා ඇත්තේ බටහිර රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලටය​.

එහෙත් මේ සත්‍ය තේරුම් ගැනීමට අප බොහෝ දෙනෙකු අකමැතිය​. හේතුව අපේ මිනිසුන් විරෝධතා වල ජීවත් වීමට කැමතිය​. එහෙත් දෑස් ඇර බලන විට ලෝකය අප පසු කරගෙන ගොස්‍ ය​.

25 ulasan:

  1. වසා දැමිම නොව රජයෙන් නියමාකාරයෙන් නියාමනයක් සහිතව කරගෙන යාමයි සිදුවිය යුත්තේ.

    BalasPadam
  2. මේ ළඟදි ඔය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගියෙක් මළාය කියනවා නේ.. ඒ තමයි ලංකාවේ රෝහළක මිය ගිය මුල්ම රෝගියා... මාරයි නේ... හැබයි ඒ ලෙඩාට බෙහෙත් කරලා තියෙන්නේ නම් සයිටම් එකේ දොස්තරලා නෙමෙයි හිටන්...

    BalasPadam
  3. මෙතනින් වත් මේක ඉවර වුනොත් ලොකු දෙයක්.

    එහෙම වුනොත් වැදගත්ම පියවර වන, පුද්ගලික විශ්විද්‍යාල, අර්ධ රාජ්‍ය විශ්විද්‍යාල, හා රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලුම පාඨමාලා වල ගුණාත්මක භාවය තහවුරු කිරීම නියාමනය කිරීම සඳහා සංවාදය මීළඟ පියවර ලෙස ආරම්භ වේවි.

    පුද්ගලික විශ්විද්‍යාල වහල දාන්න කියල මතු වුන කතාව නිසා මෙතක් ඒ වැදගත් කතාව යට ගිය බවයි පෙනෙන්නේ.

    BalasPadam
    Balasan
    1. පුද්ගලික විශ්විද්‍යාල, අර්ධ රාජ්‍ය විශ්විද්‍යාල, හා රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලුම පාඨමාලා වල ගුණාත්මක භාවය තහවුරු කිරීම නියාමනය කිරීම ///// +++++++

      Padam
  4. මේකය GMOA එකත් වග කියන්න ඕන . සයිතම් එකේ ළමයින්ට මුදල් දයකර රජයේ රෝහල් වල සායනික පුහුණුව දෙනවට ඔව්න් විරුද්ධ වුවා. ඔවුන් සයිතම් එකේ ප්‍රමිතිය උසස් කිරීමට සක්‍රීයව දායකවනවා වෙනුවට කලේ එහි ප්‍රමිතිය තවත් මස්තබාල්දුකරීමට කටයුතුකිරීමයි. අන්තිමේදී නිතිය දනුව සයිතම් උපාදිය පිළිගන්න සිදුවුවා. දැන් මොකද කරන්නේ දැන්වත් මෙහි තත්වය නැංවීමට කටයුතුකළ යුතුයි. එසේම උසස් පෙළ දිස්ත්‍රක් සහ දුශ්කර කෝටා ක්‍රමය නිසා ආසාධාරණයක් සිදුවු ළමයින්ට ශිෂ්‍යත්ව හෝ ණය ක්‍රමයක් මගින් සයිතම් එකේ දොර ඇරිය යුතුයි .

    BalasPadam
  5. ඔබේ අදහස් සමග 100% එකග වෙමි. මෙයට අමතරව මෙම ආයතන, විශේෂයෙන් පෞද්ගලික වෛය්ද්‍යා විශ්ව විද්‍යාල සදහා තෝරාගන්න සිසුන් සදහා තෝරාගැනීමේ අවම සුදුසුකම් පැනවිය යතුය. මේසදහා විරුද්දවන බොහෝදෙනා ට ඒ සදහා අත්තේ පෞද්ගලික හේතු පමණක් බව මගේ අදහසි.

    BalasPadam
  6. නෙවිල් ප්‍රනාන්දු කියන්නේ ලිංගික රෝග වලට ප්‍රතිකාර කරන කෙනෙක් නේද?

    BalasPadam
  7. හැම දේම නිකන් දෙන්න ඕනෙ නෑ..ඒත් අධ්‍යාපණය බිස්නස් එකක් නොවෙනවනම් හොදයි

    BalasPadam
    Balasan
    1. අද බිස්නස් නැත්තේ මොනවද ? බණත් බිස්නස් වෙලා

      Padam
  8. මේක වෙන සයිට් එකකට දාපු පිළිතුරක්, මෙතනටත් ගැලපෙනවා.
    අධිකරණය දීල තියෙන්නෙ වැදගත් තීන්දුවක්. ලංකාවෙ දොස්තර මාෆියාවට කණට ගහල තියෙනවා. ලංකාවෙ ඉගෙන ගත්ත ඩොකාල හිතන් ඉන්නෙ උන්ගෙ උපාධිය දෙන්නෙ එංගලන්තෙන් කියලා. උන් පිටරට ගියාම තමයි තේරෙන්නෙ, 3වෙනි ලෝකෙ රටක් වෙච්ච ලංකාවයි, ඉන්දියාවයි, බන්ගලියි ඉන්නෙ එකම මිණුම් දණ්ඩෙ බව. අනික ලංකාවෙ වෛද්‍යවරයෙක් වෙන්න අවම සුදුසුකම S 3යි. ගමේ බයියො ඕනෙ තරම් S 3ක් අරන් දිස්ත්‍රික් කුසලතාවෙ කියල මෙඩිකල් රින්ගනකොට, මගේ මල්ලි A2,B1 තිබිල මෙඩිකල් යන්න බැරිවුණා කොළඹින්. එතකොට ඔය සයිටම් නෑ, පිටරට ගිහින් තමයි ඉගෙන ගත්තෙ. අවම සුදුසුකම් තියෙන කෙනෙක්ගෙ උසස් අධ්‍යාපන අයිතිය තමයි ඔය බොරු නිදහස් අධ්‍යාපනයට මුවාවෙලා නැති කරන්න හදන්නෙ. ලංකාවෙ තරම් කුහකයො ලෝකෙ කොහෙවත් නෑ.

    BalasPadam
    Balasan
    1. මගේ මල්ලි A2,B1 තිබිල මෙඩිකල් යන්න බැරිවුණා කොළඹින්//////////// wow

      Padam
  9. game baiyek unath s3 tibila yanna ba.z-score eke podi wenasai tiyenne.

    BalasPadam
  10. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් ශ්‍රී ලංකාව පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමට තිබූ හැකියාවයි. මහාචාර්ය හීන් නිලමේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිබඳ සිහින දකින හැත්තෑව දශකයේදී ආසියාවේ කිසිදු රටකට පෞද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමට අදහසක් හෝ නොතිබිණ. ආසියාවේ අද පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන සිංගප්පූරුව පවා ඒ දිනවල වැඩි අවධානය යොමුකර තිබුණේ සිය රාජ්‍ය විශ්ව විද්‍යාලය ශක්තිමත් කිරීම පිලිබඳව ය. ඉන්දියාව, මැලේසියාව, දකුණු කොරියාව, තායිලන්තය, වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අද ප්‍රමුඛයන් වී සිටින රටවල් මහාචාර්ය හීන් නිලමේලා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන අවධියේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිලිබඳ කිසිදු අවධානයක් යොමු කර තිබුනේ නැත.

    ජවිපෙ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්ව විද්‍යාල ගිනි තබමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛරී සමාජ ව්‍යාපාරයක් බිහි නොකෙළේ නම් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය වඩාත් පුළුල් වී විදේශ සිසුන්ගේ විශාල ආකර්ශනයක්ද දිනා ගැනීමට විශාල හැකියාවක් තිබිණ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමෙන් පහෙන් එකක් විදේශ සිසුහු වූහ. හෙහෙත් එම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ප්‍රචණ්ඩ විරෝධතා මතුවීමත් සමග නව විදේශ සිසුන්ගේ ආකර්ශනය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ගිලිහී ගියේ ය. රටට අහිමි වූ විදේශ විනිමට ඩොලර් මිලියන ගණනකි. දැවැන්ත අලාභය වන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමයි. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ කැපී පෙනන ප්‍රමුඛයෙකු වී සිටින මැලේසියාව සිය පළමු පෞද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කෙළේ වසර 1989 දීය. තායිලන්තට සහ දකුණු කොරියාව එම ප්‍රවාහයට එක් වූයේ 90 දශකයේ මුල් භාගයේය. සැබැවින්ම මෙය පටු දේශපාලන අවස්ථාවාදය හේතුවෙන් අපට අහිමි වූ ඓතිහාසික අවස්ථාවකි.

    BalasPadam
    Balasan
    1. රටට සල්ලි ඔනනම් මහබැන්කු හොරකම වගේ ඵ්වා නතරකරානම් හරි.
      රටේ හිගනකමට උත්තරේ ඉගෙනුම විකුනන ඵක නොවෙයි.
      උතුරු කොලබ ව්.වි හි දක්ශයො ඵකෙක් දෙන්නෙක් හිටපු බව ඇත්ත.
      ඵ් උනාට බහුතරය්ක් ඵහෙම නොවෙයි.ඔන හොර උපාදි කඩයක් දක්ශයො දෙතුන් දෙනෙක් ගන්නවා.උන්ව පෙන්නලා තමා ලැජ්ජාව වහගන්නේ.ඉතිරි 99% ම හොරු.
      ඕකෙන් සියගනනක් දොස්තරල පිට උනාට රටට සේවයක් කරන පනහක් වත් අද හොයාගන්න නෑ..............
      උතුරු කොලබ දොස්තරලාගෙන් 99%ක් අද කෝ..............??????
      ඵක ඵකාගේ හීනමානය වසාගන්න මුදලට දොස්තර කටු විකුනුවා විතරයි............


      මගේ අදහස අද්‍යාපනය මුදලාලිලා අතට පත්නොකර විවෘත්ත විශ්ව විද්‍යාලය වගේ මුදල් ගෙවා ඉගනගත හැකි, අවම මූලික සුදුසුකම් වත් සපුරා ඇති අය බදවාගන්නා වගකිවයුතු ආයතන රටපුරා පැතිරවඉය යුතුයි කියන ඵකයි...............

      ඵහෙම නැතිව කඩකාරයන්ට අද්‍යාපනය දුන්නොත් ඉස්පිරිතාල ටිකට ලන්ගමයට උනදේම මේකටත් වෙයි............

      Padam
    2. මගේ පීඑම්සී ලිපිය කියවන්න පීඑම්සී එකේ දොස්තරලා ලොකේ රටවල් ගොඩක සේවය කරනවා

      Padam
  11. පොදුවේ බැලීමේදී රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් බිහි කරන ලද වෛද්‍යවරු බොහෝ දෙනෙකු අද විශේෂඥ වෛද්‍යවරු ලෙස ලංකාවේ සේවය කරති. එසේම තවත් බොහෝ දෙනෙකු සාර්ථකව විදෙස් රට වල සේවයේ යෙදේ. රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට ගිය සිසු සිසුවියන් තුල ඉංග්‍රීසි භාෂා හැකියාවේ ප්‍රවීණත්වය නිසා ඔවුන්ට අපහසුවකින් තොරව පශ්චාත් උපාධි අධ්‍යනයේ යෙදීමට හැකිවූ බව මම අනුමාන කරමි. එසේම මට හමුවී ඇති පීඑම්සී වෛද්‍යවරු බොහෝ දෙනෙකු වෘත්තීය කුහකත්වයෙන් ,වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීමෙන්, හීනමානතා සංකීර්ණයෙන් තොරය​. ඔවුන් තුල ලෝකය පිලිබඳ පෘථුල අදහස් පවතින්නේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල සංචාරය කොට තිබීම නිසා බව මම සිතමි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook