Sabtu, 28 Januari 2017

බෞද්ධ ජාතක කතා පොත විශ්ව සාහිත්‍යට එකතු විය යුතුය




බෞද්ධ ජාතක කතා පොත විශ්ව සාහිත්‍යට එකතු විය යුතු අගනා පොතක් බව මාර්ටින් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කොට තිබේ. එසේම වික්‍රමසිංහන් පවසන පරිදි ප්‍රථම මනෝ විශ්ලේෂකයා සිග්මන් ෆ්‍රොයිඩ් නොව ජාතක කතාකරුය​.  

පන්සීය පනස් ජාතක පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාව ගැන සොයා බැලීමට මම 2001 වසරේදී  සිරි සුමන ගොඩගේ මහතා හමු වූයෙමි. ජාතක කතා පොත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට ගොඩගේ මහතාද උනන්දු විය​. එහෙත් සුදුසු පරිවර්තකයෙක් සොයා ගැනීමට අපට නොහැකි විය​. එම නිසා ඒ ව්‍යාපෘතිය මිය ගියේය​. 

බෞද්ධ ජාතක කතා පොත බටහිර ලෝකයට හඳුන්වා දීම සඳහා මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා පොතක් ලිව්වේය එම පොත Psychiatric Aspects of Jataka stories නම් විය​. එහෙත් එතුමා බලාපොරොත්තු වූ පරිදි එම පොත බටහිර ලෝකයේ විද්වතුන් අතට සහමුලින්ම පත් වූයේ නැත​. එයට එක් හේතුවක් නම් මනෝ වෛද්‍ය ක්ශේත්‍රයේ සිටි එතුමාගේ  (ලාංකික)  සමකාලීනයන් බොහෝ දෙනෙකු කුහක භාවය නිසා මේ පොත  ගැන කථිකාවක් ඉදිරිය​ට ගෙන ගියේ නැති නිසාය​. අන්තර්ජාතික මනෝ වෛද්‍ය සම්මේලන ගනනාවක් ලංකාවේ තිබුනද  මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර  මහතාගේ Psychiatric Aspects of Jataka stories පොත ගැන විදේශිකයන් ඉදිරියේ කතා කිරීමට කිසිවෙකු උත්සහයක් ගත්තේ නැත​. ඒ පිලිබඳව එතුමා තුල යම් කණගාටුවක්ද තිබුනේය​. 

 2015 වසරේදී මා විසින් ලියන ලද Psychological Aspects of Buddhist Jathaka Stories ග්‍රන්ථය මා ඉලක්ක කර ගත්තේ  බුදු දහම සහ මනෝ විද්‍යාව ගැන උනන්දු වන බටහිර විද්වතුන්වය​. මෙම පොතට පෙරවදන ලබා දුන්නේද ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වූ අාචාර්‍ය රොල්ෆ් ගේනර් විසිනි. මෙම පොත ගැන ලංකාවේදී කිසිම කතිකාවක් නොකල නමුදු මහාචාර්‍ය ජිම් ඇල්කොක් සමග කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේද මහාචාර්‍ය  ජුඩිත් හර්මන් ගේ අනුග්‍රහයෙන් ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේද කතිකාවන් පවත්වන ලදි. 

මෙම ග්‍රන්ථයෙන් මම පන්සීය පනස් ජාතක පොත හඳුන්වා දෙන ලද්දේ ලෝකයේ ඉපැරණිම මානසික රෝග කාර්‍ය සංග්‍රහය  හෙවත් The Ancient DSM  ( Diagnostic and Statistical Manual of Mental Disorders) ලෙසටය​.බෞද්ධ ජාතක කතා වල තිබෙන සායනික වටිනාකම බටහිර ලෝකයේ මනෝ විද්වතුන් වෙත තේරුම් කර දීම මගේ මූලික අරමුණ විය​. 

මෙම පොත එළි දැක්වීමට සිරි සුමන ගොඩගේ මහතා මෙන්ම සුප්‍රකට ලේඛකයෙකු වන නාරද කරුණාතිලක මහතා උපකාර වූහ​.  මෙම පොත පළ කිරීම නිසා යම් කුසලයක් වූයේද එය ඔවුන්ට අත් විය යුතුය​.  


5 ulasan:

  1. වෛද්‍ය ජයතුංග මැතිතුමනි,

    ඔබ නමට පසුව යෙදෙන MD උපාධිය ප්‍රදානය කළ විශ්වවිද්‍යාලය කුමක්ද ? සාමාන්‍යයෙන් උපාධියක් සම්බන්ධව යෙදෙන අකුරු වලට පසුව වරහන් තුළ එය ප්‍රදානය කළ විශ්වවිද්‍යාලයේ නම සඳහන් කරනවා නේද?

    ඔබ ලද MD උපාධිය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් MBBS උපාධියෙන් පසුව විශේෂඥ වෛද්‍යවරුන් වීමට ලබා ගන්නා MD හෝ MS උපාධියට සමානද?

    එසේ සමාන නැතිනම් මේ පොත මිලට ගන්නා සාමාන්‍ය පාඨකයකු ඔබ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස වැරදි වැටහීමක් ඇතිකරගන්නවා නේද?

    BalasPadam
    Balasan
    1. , එම්.ඩී උපාධිය හෙවත් Doctor of Medicine උපාධිය ලැබීමට සෝවියට් දේශයේ වසර 7 ඉගෙන ගත යුතුයි. මට එය ලැබුනේ 1993. ඔය විශේසඥ කතාව තියෙන්නේ ලංකාවේ විතරයි. උතුරු ඇමරිකාව , ඔස්ට්‍රේලියාව වගේ රටකට ආ විට ඔබට මම මේ කියන කතාව වැටහෙයි.

      Padam
  2. මහාචාර්‍ය හරිස්චන්ද්‍රයන් බුදු දහම ගැන ඉතා ගැඹුරු දැනුමක් සහිතව සිටි වටිනා පුද්ගලයෙක්. එතුමා ජාතක පොත මනෝ විද්‍යාත්මකව කරන විග්‍රහයන් ඉතාම හරවත් හා සාමාන්‍ය පුද්ගලයෙකු එය දකින මානයෙන් බොහෝ වෙනස් වූ කියැවීමක් එතුමාට තිබුනා.
    අවාසනාවකට මට තවම එතුමාගේ පොත කියවන්නට ලැබුනේ නැහැ. එය මගේ නොසැලකිලිමහ් කම.
    ඔබත් මෙවැනි පොතක් ලියා තිබීම බොහෝම වටිනා කාරනයක්. එය සමාජ ගත කිරීමට ඔබ උනන්දු වන්න. එය සැබෑ ලෙසම පින් කමක්. ඒ වගේම මහාචාර්‍ය හරිස්චන්ද්‍රයන්ගේ පොතට යමක් කල හැකිනම් ඔබත් එයට දායක වන්න.

    BalasPadam
    Balasan
    1. මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ හරිස්චඳ්‍ර මහතා ගේ පොත ලංකාවේ වෙනත් වෛද්‍යවරු ඇගයීමක් කලේ නෑ ඉරිසියාව සහ කුහක බ් හාවය නිසා. මේ ගැන එතුමාට යම් කනස්සල්ලක් තිබුනා.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook