Isnin, 23 Januari 2017

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතා ගැන සටහනක්

 

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතා ගැන සටහනක් ලිවීමට මම අදහස් කලෙමි. මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ යුග පුරුෂයෙකි. ඔහු දක්‍ෂ සන්නිවේදකයෙකි. එසේම භාෂා ප්‍රේමියෙකි. විද්‍යා දැනුම පොදු ජනතාව අතර ප්‍රචලිත කිරීමට ඔහු පෙරමුණ ගත්තේය​. කොළඹ වෛද්‍ය විද්‍යා පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්‍යවරයෙකු වූ එතුමා ජාතික මත්ද්‍රව්‍ය පාලන මණ්‌ඩලයේ සභාපති ලෙසද කටයුතු කලේය​.

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතා ගැන නොදත් පාර්ශවයක් ද තිබේ. මා එය සටහන් කරන්නේ එතුමාට අපහාසයක් කිරීමේ අදහසකින් නොවේ. මගේ තක්සේ‍රුව අනුව අප අතර සුරුවම් සහ ශුද්ධ වූ මිනිසුන් නැත​. අප සියළු දෙනාම පුහුදුන් මිනිසුන් වන අතර පොදුමිනිස් දුබළතා වලින් යුක්තය​.  මෙය මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතාටද ආදේශ වේ. 

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතාට වෛද්‍ය සිසුන් බිය වූහ​. එයට එක් හේතුවක් නම් ඔහු තම සිත් නොගත් සිසුන්ව විභාග වලදී ඉලක්ක කර ගත් නිසාවෙනි. මේ පිලිබඳව බොහෝ වෛද්‍යවරු මා සමග කියා තිබේ. මෙහිදී මට එතුමා අරබයා එක් සිද්ධියක් මතක් වේ. 

වෛද්‍ය  ප්‍රසන්න ගුණසේන නාලන්දා විද්‍යාලයේදී උසස් පෙළ පන්ති වල ඉගෙන ගත් සමයේ  නාට්‍යයක් කලේය​. මේ  නාට්‍යයේ ඔහු නිරූපනය කලේ ද්විත්ව චරිත ගති ගුණ තිබූ මත්ද්‍රව්‍ය හා මත් පැන් නිවාරණ ආයතනයක සේවය කරන කුහක ලොක්කෙකුගේ චරිතයකි. 

කොල්ලන් විසින් කරන ලද මේ නාට්‍යය පිලිබඳව මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ උරණ වූ අතර වරක් නාලන්දා විද්‍යාලයට පැමින (මේ 1985 වසර විය යුතුය​) මේ නාට්‍යය සහ මේ නාට්‍යයේ නළුවන්ව තදබල ලෙස විවේචනය කලේය​. මේ කාලයේ ප්‍රසන්න ගුණසේන කොලඹ වෛද්‍ය විද්‍යාලයට තේරී සිටි අතර ඔහු සැබවින්ම මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩට බිය විය​. එසේම විභාග වලදී ඔහුට නෝට් නොවී සිටීමට අමතර වෙහෙසක් ගත්තේය​. 

වෛද්‍ය මාලා කිරිඇල්ල මගේ ඥාති සහෝදරියකි. ඇය කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබුවාය​.  මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ ඔවුන් ගේ පවුලේ හිතවතෙකු වූවද මාලා කිරිඇල්ල කොලඹ වෛද්‍ය පීඨයේදී මහාචාර්‍ය   කෝදාගොඩට බිය වූයේ ඔහුගේ අන්ප්‍රෙඩික්ටබල් හෙවත් භාවි කථනීය කළ නොහැකි ගති නිසාය​. මහාචාර්‍ය   කෝදාගොඩ සමහර විට වෛද්‍ය පීඨයේදී යක්‍ෂාවේසයෙන් ක්‍රියා කල බව වරක් මාලා කිරිඇල්ල මා සමග පැවසුවාය​. 

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ තමන්ට යටින් පහර දුන් බව වරක් (2009 වසරේදී) මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මට කීවේය​. එසේම ඇතැම් අවස්ථා වලදී කෝදාගොඩ මහතා තමන් ගේ සමකාලීන මහාචාර්‍යවරු කෙරෙහි ඉරිසියා සහගතව ක්‍රියා කල බවටද මට තොරතුරු ලැබී තිබේ. 

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ අප අතරින් වියෝ වී බොහෝ කල්‍ ය . මළවුන් ගේ නුගුන කථා නොකල යුතු බව අපගේ සංස්කෘතියේ කියා තිබේ. එහෙත් මම මේ අංගයට එකඟ නොවෙමි. එය බලය අතේ තිබෙන මිනිසුන්ට වැරදි දේ කිරීමට පොළඹවයි. මිනිසුන් තමන්ව ජීවත් වන කාලයේදී පමණක් නොව තමන් ගේ මරණින් පසුවද විචාරයට ලක් වන බව දැනගෙන සිටීම ඔවුන් හරි දේ කිරීමට මෙහෙයවයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

43 ulasan:

  1. මම ඉගෙන ගත්තෙත් කොලඹ වෛද්‍ය පීඨයේ...මේ මනුෂ්‍යයා ඉතා අහංකාර කෙනෙක්...මිනිසුන්ට වැඩකට නැති වෛද්‍ය ශිෂ්‍යයින්ට පමණක් අදාළ ඇනටමි වැඩසටහන් TV එකේ කළා තමන්වම පුම්බගන්න...මම ඒ දවස්වල මෑන්ට කිව්වෙ මහාචාර්ය බොකු බඩවැල් කියල.

    BalasPadam
    Balasan
    1. අහංකාර බව ඇත්ත මේ වෛද්‍ය අබේවර්ධන කියන කතාව​; I had a devastating encounter with him. I on behalf of my school invited him as a special guest at a school event. He got the times mixed up and was late. I called to check with him..he was so rude. He came to school and his whole speech was about how I had the gall to call him to ask if he was coming to the event. I was just 18 then. He was a terrible proud egotistical man 9By Dr I Abeywardane)

      Padam
    2. අපේ තාරුකා විද්‍යාඥයාට දේශනයකට ආරාධනා කළ හයිස්කූල් කෙල්ලෙකුටත් ඔය වින්නැහියම(ඩොක්ට අබේරත්නට) වෙලා කෙල්ලෝ එයාගේ පතුරු අරිනවා බොහෝ කලකට පෙර බස් එකකදී මගේ කණට වැටුනා.

      Padam
  2. හැම මිනිහෙක්ගේම හිත ඇතුලේ දෙවියෙක් සමග යක්ෂයෙකුත් ජීවත්වෙනවා.
    මට දොස්තරව මතක රුපවාහිනියේ හවසට ගිය සිරුරේ කොටස් ගැන විස්තර කරපු වැඩසටහන තමයි. අසිරිමත් මිනිස් සිරුර ද මන්දා වැඩ සටහනේ නම

    BalasPadam
    Balasan
    1. හැම මිනිහෙක්ගේම හිත ඇතුලේ දෙවියෙක් සමග යක්ෂයෙකුත් ජීවත්වෙනවා. ///// athha

      Padam
  3. වෛද්‍ය රුවන්,
    මම ඔබ සමග සම්පුර්ණයෙන් එකග නොවෙමි. මා වෛද්‍ය පිඨයේ ඉගෙන ගත් කාලයේ පීඨාධිපති වුයේ මහාචාර්ය කෝදාගොඩ මැතිතුමාය. ප්‍රසන්න ගුණසේන එවක භක්තිගීත පුහුණුකරන විට එයට කෝදාගොඩ මහතා පුද්ගලික අවධානය යොමුකරමින් එය සාර්ථක කරගැනීමට ප්‍රසන්නට ඉතා හොඳ සහයෝගයක් දුන්න්නේය්ය. අප කණ්ඩායමේ සිසුන් දෙදෙනෙකු නවකවදය දුන්නයි සැකකොට මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා 2nd MBBS දක්වා සෑම විභාගයකදීම ලකුණු 0 දමා ඔවුන් දෙදෙනා දැඩි පීඩනයකට පත්කලද කොදාගොඩ මහතා තම විෂය වූ අධිකරණ වෛද්‍ය විද්‍යාව විශයෙන් දෙදෙනා කිසිදු පළිගැනීමකට ලක්නොකොට එකවරම සමත් කල බව මට මතකය. පිළිතුරු පත්‍රවල අවම ලකුණු ගත්තද සම්මුඛ පරීක්ෂණයේදී උසාවියකදී පිළිතුරු දියයුතු ආකාරයට පිළිතුරුදීම හේතුවෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව විශයෙන් එකවරම සමත් වීමට මට හැකියාව ලැබුණි. ඒ බව මා දන ගත්තේ පාසුව කථිකාචාර්ය ජින් පෙරේරා මහත්මිය මා දැක බැනවැදුණු මොහොතේදීය. එතුමා කිවූ තව එක කතාවකින් මම නවතිමි. බොහෝ දෙමව්පියන් තම දු දරුවන් කොළඹ වෛද්‍ය පීඨයට තේරුණු පසු MBBS Colombo ඔස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය පිලිගන්නවදයි එතුමාගෙන් විමසන බවත් ඔවුන්ට තම පිළිතුර නම් ශ්‍රී ලංකාව සෛද්යවරුන් බිහිකරන්නේ ශ්‍රී ලංකාවට මීස ඔස්ට්‍රේලියාව හෝ එංගලන්තයට නොවන බවයි. එය එතුමා සතු ශ්‍රී ලාංකියත්වය විය. අවසන් වශයෙන් අප වසරේ සිසුන්ගෙන් කිසිවකු එතුමාගේ පළිගැනීමකට ලක්නොවූ බව කිව යුතුය.

    BalasPadam
    Balasan
    1. ප්‍රසන්න ගුණසේන ෆැකල්ටි ගිය මුල් කාලයේ ඔහු ගෙන් වසන් වී සිටිමට තැත් කලා , ඒ බව අපටත් කීවා. පසුව ශේප් වෙන්න ඇති. ඔහු නරක කෙනෙක් කියා මම කියන්නේ නෑ. මම කියන්නෙ ඔහු තුලත් යම් යම් දුර්වලතාවන් තිබූ බවයි

      Padam
  4. බුදු හාමුදුරුවො වත් පර්ෆෙක්ට් නෑ... ඉතින් කෝදාගොඩ ගැන කවර කතාද... කාලෝ පොන්සේකා මහින්දට රෙදි නැතුව කඩේ යන්නේ.. පාදෙනියලා වකුගඩු මාෆියාවේ රජවරු වෙන්නේ.. ඕකත් එක වෘත්තියක් ඉතරනේ.. එතන මොකෝ වෙනස් සත්තු වගයක් ඉන්නවය... නෑ නේ.. අම්මට සිරි ලංකාවේ කකුල් දෙකේ සත්තුම නේ ඉන්නේ...

    BalasPadam
    Balasan
    1. ඕකත් එක වෘත්තියක් ඉතරනේ.///// agree

      Padam
    2. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    3. "බුදු හාමුදුරුවො වත් පර්ෆෙක්ට් නෑ" bududahama Saha budurajanan wahanse gana harihati study karanna nathuwa me wage gon katha liyala sansareta akusal ekathukaraganna epa sahodaraya..

      Padam
    4. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    5. ya ya mathalnata banu horunt uda dagena allanne...

      Padam
  5. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  6. මෙතුමා හිටපු කාලයේ ෆැකල්ටියේ වැඩ කරපු උදවිය කියන විදිහට ඒ ඉතිහාස කතා සුභවාදී ඒවා නෙවෙයි..

    BalasPadam
    Balasan
    1. මාත් අහපු විදියට එහෙමයි

      Padam
  7. හැම තැනම ඔය වගේ උං ඉන්නවා. උඩින් උපාසක, යටින් අලුගෝසු.

    නන්දදාස සුනිල් සාන්ත ගේ ගෝලයෙකු ද? කලේ කලේ ගීතය ලිව්වේ ඔහු ද?

    BalasPadam
    Balasan
    1. නන්දදාස ලියූ එක් ගීයක්:

      අතුල සිනිඳු සුදු වැල්ලේ පතල සිහිල් සෙවණැල්ලේ...

      Padam
    2. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    3. රසික අපි කව්ද ? උඩින් අලුගෝසු යටින් උපාසක ද නැත්නම් උඩින් අලුගෝසු යටින් අලුගෝසු ද ?

      Padam
    4. "හැම තැනම ඔය වගේ උං ඉන්නවා. උඩින් උපාසක, යටින් අලුගෝසු"

      බ්ලොග් වලත් ඉන්නවා.

      Padam
  8. ඇයි ඉස්කොලෙ යන ළමයින්ටත් වෛද්‍ය වෛද්‍ය කියන්නේ. එයා පස්සේ වෛද්‍ය විද්‍යාලයටත් ගියා කියනවනේ. මේක නාසිස්ටික් වසංගතයක්. දැන් ඉතින් මේකත් මකලා දායි.

    BalasPadam
    Balasan
    1. ඇයි ඉස්කොලෙ යන ළමයින්ටත් වෛද්‍ය වෛද්‍ය කියන්නේ.///// ?????? Pl see : මේ කාලයේ ප්‍රසන්න ගුණසේන කොලඹ වෛද්‍ය විද්‍යාලයට තේරී සිටි අතර ......

      Padam
  9. කිසි කෙනෙක් කළු හෝ සුදු නැහැ රුවන්. මගේ ජීවිත කාලය පුරාවට හම්බවෙලා තියෙන්නේ අළු මිනිස්සු සහ ගැහැණු. ලංවෙලාම බලන්න ඕන. විටින් විට හැව ගැලවෙනවා.

    BalasPadam
  10. මටත් මොහු මතක රූපවාහිනී වැඩසටහන් වලින් තමා.. මන බදිනා, නිරවුල් කතා ශෛලියක් තිබුනු බවනම් මට හොඳට මතකයි.

    අන්තිම ටිකට මමත් එකඟයි.. කරපු වැරදි වලට මැරුණයින් පස්සෙත් බැනුම් අහන්න ලෑස්ති වෙලා ඉන්න ඕනා.. මැරුණා කියලා පෘතග්ජනයන්ගේ පවු හේදෙන්නේ නෑ..

    BalasPadam
    Balasan
    1. මැරුණා කියලා පෘතග්ජනයන්ගේ පවු හේදෙන්නේ නෑ. ///// ++++++

      Padam
  11. බ්ලොම් එකේ බල්ලටත් 'කෝදා' කියල නම දැම්මේ ඉතින් නිකං නෙවෙයිනේ.

    BalasPadam
    Balasan
    1. හැට්ටරයාගේ කතාව ඇත්ත බව යාළු ඩොකෙක් කිව්වා. ඔය අසූවේ මුල් කාලේ. මමත් ඔතනට වල බහිනවනේ. දවසක් ලෙක්චර් එකක් වෙලාවේ යාලුවාගේ බෙල්ල රිදෙන්න අරන්, අත ගගා හිටියලු. කෝදා බැන්නලු...ඕවා තමුසෙගේ වැරදි නෙමේ,,දෙමව්පියන්ගේ වැරදි කියලා. කැතයි හලෝ.

      Padam
  12. වෛද්‍ය පීඨයේ ගැහැණූ ළමයින්ටත් කරදර කල බව අහලා තියෙනවා.

    BalasPadam
    Balasan
    1. එහෙම දෙයක් මම නම් අහලා නෑ

      Padam
    2. මම අහල තියෙනවා මුස්ලිම් නමක් තියෙන මහචාර්ය වරයෙක්, ගැහැණු ලමයින්ගෙ හිරි ඔතප් බින්දා කියලා

      Padam
  13. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  14. සුචරිතවාදී මහැදුරු : http://badamama.blogspot.com/2012/02/blog-post_08.html

    BalasPadam
  15. මේ සමාජයේ හැටි. එළියෙන් පෙනෙන එකා නොවෙයි ඇතුලේ ඉන්නේ.
    දැන් බලන්න මිස්ටර් ක්ලීන් . එය සුද්දෝධාන කෙනෙක්.

    BalasPadam
    Balasan
    1. මිස්ටර් ක්ලීන් - සුද්දෝධාන

      Padam
  16. I too learned Forensic Mediocine from him those days' I hv never heard anything about taking revenge from students in the exams. Although he haress while teaching he didnt put ourselves in to difficulties' He had his way and badly wanted to teach his subject properly.

    BalasPadam
  17. He was my forensic medicine Prof. One-day I held a specimen in front of him to ask some questions. Without my knowledge it tilted as I concentrated on dialog. He blagarded me for that. But when I became MOH Ruwanwella I invitedhim for a guest lecture for my volunteers. He talked high about me on that day. That's his nature my dear!

    BalasPadam
  18. ඔතන ඔය කේරි එකෙන් අම්මලා ගෙනාව කියන එක නම් මම අහලා දැකලා නැහැ. එහෙම සිදුවීමක් දෙකක් උනා වෙන්නත් පුළුවන්. එත් ගණිකාවන් ඇසුරු කිරීම නම් ඕනේ තරම් සිදු වෙනවා. ඒක වෛද්‍ය පීටයට පමණක් සුවිසේෂ දේකුත් නෙමෙයි. ඒ කාලේ වගේ දැන්නම් හොස්ටල් එකට ගෙනත් ඕවා කරන්න අවශ්‍ය නැහැ. ඒ සදහා වඩා පහුසු රිස්ක් එක අඩු ස්ථාන ඕන තරම් තියෙනෙවා. හැබැයි intern ගියාට පස්සේනම් එහෙම ඕනේ වෙන්නේ නැහැ. එතන සිද්ද වෙන දේවල් වෙනමම කතා කලයුතු දෙයක්. (හැබැයි කොච්චර අවස්ථා තිබ්බත් මුකුත් කරගන්න බැරි උනුත් ඉන්නවා).
    ඒ කොල්ලෝ ගැන. කෙල්ලෝ ගැන වාර්තා වෙන තොරතුරු ගොඩක් අඩුයි. ඒක මනෝවිද්‍යාත්මක කරුණක්. ගැහැණු තමන්ගේ අනියම් සම්බන්දතා පිළිගන්නේ පිරිමින්ට වඩා ගොඩාක් අඩුවෙන්. ඒ ගැන විස්වාසවන්තම යෙහෙලියක් එක්කවත් කතා වෙන්නේ නැහැ. හැබැයි එකෙන් අදහස් වෙන්නේ නැහැ සිදුවීම් අඩුයි කියලා. විවාහක ප්‍රොපාලා වයිවා පාස් කොරන්න නැත්නම් ක්ලාස් එකක් දාලා දෙන්න වයිද්‍ය සිශ්යාවන්ව රූම් වලට ගෙනියන එක නිතර සිසුන් අතර කතා වෙන දෙයක්. හැබැයි වැඩි දෙනෙක් ලග සාක්ෂි නැහැ. ඒකට හේතුව තමයි අර මුලින් කිව්වේ. හුගක් වෙලාවට ටාගට් කරන්නේ පෙම්වතුන් නැති හෝ විශ්වවිද්‍යාලයෙන් පිට පෙම්වතුන් සිටින තරුණියන්. ඒ වගේම එක සීමාවක් ඇතුලේ තමයි වැඩ ටික කරගන්නේ බොහෝ වෙලාවට (ඉන්ඩම බැරුව ගිහින් ඔක්කොම කරපු ප්රෝපාලත් ඉන්නවා) . මේ විදියට වයසක බමරුන්ට තමන්ගේ යට ඇදුම් බලන්න, අතපත ගාන්න, ගලවන්න ඉඩ දීල උඩටම ගිය ඉතා ප්‍රසිද්ද වෛද්යවරියොත් ඉන්නවා.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook