Ahad, 22 Januari 2017

රතනලා


මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී  ( Focal Point in Mental Health  ) ලෙස  සේවය කල කාලයේ 2008 විතර අතුරලියේ රතන භික්‍ෂුව පුත්තලම් නගරයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට  මාවත් කැඳවලා තිබ්බා.  එහිදී මම කිව්වා මාදම්පේ  සේනානායක පාසල ආසන්නයේ ක්‍රීඩා පිටියක  ලයන් බියර්   ලොකු   බිල් බෝඩ් එකක්  නීති විරෝධීව අටවලා තියනවා කියලා. එහිදී රතන මහතා එය වහාම ඉවත් කරන බවට කිව්වා. නමුත් මම  පුත්තලම් දිස්ත්‍රිකයෙන් එන තෙක් ඒ බිල් බෝඩ් එක එතන. 


රතනලා සම්බන්ධයෙන් මට තේරුම් ගිය කරුණ නම් මොවුන් සමාජ ප්‍රශ්න යොදා ගන්නේ ඒවා ඉන්වෙස්ට් කර දේශපාලනමය වශයෙන් බැබලෙන්නට මිසක් සමාජ ප්‍රශ්න විසඳීමේ අවංක අභිලාශයකින් නොවේ. 

14 ulasan:

  1. වස විස නැති රටක් නෙහොත් රතනලාට හෙටක්22 Januari 2017 pada 1:54 PG

    රතනලා ගෙ රැකියාව - දේශපාලනය
    රතනලා ගෙ තනතුර - පාම / ජනාධිපති
    රතනලා ගෙ රැකියා ස්ථානය - පාර්ලිමේන්තුව
    රතනලා ට වැටුප් සහ දීමනා ඇත
    රතනලා ට විශ්‍රාම වැටුප් ඇත
    රතනලා ගෙ රැකියාවේ ස්වභාවය - ඉහත ලිපියේ සදහන්ව ඇත.

    BalasPadam
  2. අතුරලියේ රතන අතුරලියේ රතන....ම්

    BalasPadam
  3. සමාජය සහ මහජන හිත සුව පිනිස දේසපාලනය කරන භික්ෂූන් දැනුවත්ව හිටියේ එක්කෙනෙයි - මාදුලාවේ සෝභිත හිමි පමනයි.

    BalasPadam
    Balasan
    1. මොට කියනවද ඒ ගැන... දේසනාකරපු මුසාවාද වල බලෙන් කලින්ම අපායට වැඩ්ඩා

      Padam
  4. සෝම හිමිව බුදු කරන්න
    ධර්ම රාජ්‍ය පිහිටුවන්න
    හක්ගෙඩියට පන පොවන්න
    රතනට දැන් මතකද බලන්න

    BalasPadam
  5. ඊයේ එතන
    අද මෙතන
    හෙට අතන
    හිමි රතන

    BalasPadam
  6. රත්තරන් බ්‍රේස්ලට් දෙන්න, රැකියා දස ලක්ෂයක් ඇතිකරන්න,ෆොක්ස්වැගන් ෆැක්ටරියක් අරින්න ඇවිල්ල බත් කකා හිටය හරක්ට ක්‍රෝටන්, කොස් කොළ කවන්න හදන එවුන් ගැන වචනයක් කියන්න හිතෙන්නේ නැත්තේ Selective Amnesia හින්දා වන්න ඇති?

    BalasPadam
    Balasan
    1. මරා , බැංකු හොරා රනිල් ගැනත් ලියලා තිබේ බ්ලොග් එක බලන්න

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook