කොලොන්ගොඩ රෝහලට මිත්තනිය සමග පැමිණි හත් හැවිරිදි ළදැරිය සුරතල් ය. ඇයගේ ඇඳුම් වලින් දුප්පත්කම පෙනේ. එහෙත් අහිංසක සිනහව දහස් වටී. එහෙත් ඇයගේ දෙනෙත් වල යම් ශෝකී බවක් මම දකිමි.
මිත්තනිය මහළු කතකි. දැරිය ඇයගේ අත අල්ලාගෙන සිටින්නීය.
" මහත්තයෝ කෙලීට පණු බෙහෙත් දෙන්න කියලා ගෙනාවේ " මහළු කත ඒජන්ත උන්නාන්සේ ඉදිරිපිටදී මෙන් හිස නවා යාප්පු හඞකින් පැවසුවාය. මම ඒජන්ත උන්නාන්සේ නොවෙමි. මහජනයාගේ මුදල් වලින් වැටුප් ලබන මහජන සේවකයෙකි. මම ඔවුන් දෙදෙනා දෙස බලා සිනාසුනෙමි. දැරිය මිත්තනියගේ සායම් ගිය සාරි පොටින් මුහුණ වසාගෙන මදහස පෑවාය.
දරුවාගේ මව කොහේද ? මම මිත්තනිය සමග කතා කලෙමි. මිත්තනිය ඔවුන් ගේ කතාව කීම ඇරඹුවාය. එය ඉතා සංවේදජනක කතාවකි.
මේ කතාව ඇරඹෙන්නේ 1988 වසරේදීය. කොලොන්ගොඩ ග්‍රාමයේ ගැබිනි මාතාවක් දරු ප්‍රසූතිය සඳහා කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට ආවාය. ඇය දරුවා ප්‍රසූත කරන්නේ මධ්‍යම රාත්‍රියේය. නීරෝගී බිළිඳිය උපන් විගසම පවුල් සෞඛ්‍ය නිලධාරිනිය පෙකනි වැල කැපුවාය. රෝහලේ එවකට ස්ථාන භාර නිලධාරීව සිටි සහකාර වෛද්‍යවරයා වැදෑමහ එලියට ගත්තේය. වැදෑමහ සමග ලේ කැටි කීපයක් ආවේය.
සහකාර වෛද්‍යවරයාට මේ මව කෙරෙන් අමුත්තක් දිස්වේ. ඇය තවමත් ඉන්නේ ක්ලාන්ත ගතියෙනි. දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ලේ වහනය නැවතී නැත. ඔහු ග්‍රාමීය රෝහලේ තිබූ සීමිත ඖෂධ මගින් ලේ වහනය නතර කිරීමට උත්සහ කලේය. එසේම සේලයින් බෝතල් දෙකක් අත් දෙකේ ශිරා වලට සම්බන්ධ කලේය. එහෙත් නොකඩවා ලේ වහනය වෙයි.
සහකාර වෛද්‍ය නිලධාරියාට තත්වය අවදානම් බව වැටහුනි. රුධිර පාරවිලනය අවශ්‍ය කෙරේ.වහාම මේ කාන්තාව මහනුවර ශික්ෂණ රෝහලට ගිලන් රථයකින් යැවිය යුතුය. රෝහලේ ගිලන් රථයක් ඇත. ගිලන් රථ රියැදුරාද සිටියි. එහෙත් මේ රෝගී කාන්තාව මහනුවර රෝහලට ගිලන් රථයෙන් හෝ වෙන යම් ක්‍රමයකින් හෝ යැවිය නොහැක. හේතුව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් අනියම් ඇඳිරි නීතියක් පනවා තිබීම නිසාය.
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඇඳිරි නීතිය කඩා ගල්කටස් එකකින් මැරුම් කෑමට ගිලන් රථ රියැදුරා කැමති නැත. හෙතෙම දෙදරු පියෙකි. සහකාර වෛද්‍ය නිලධාරියාටද ගිලන් රථ රියැදුරාට රෝගී කාන්තාව මහනුවර රෝහලට ගෙන යාමට බල කල නොහැක. මේ මිනිස්කම මිය ගිය යුගයකි. අමනුෂ්යන් රජ කරන යුක්තිය සාධාරනත්වය නොහඳුනන යුගයකි. කාලකන්නිකම පැතිරී ගිය යුගයකි.
සහකාර වෛද්‍ය නිලධාරියා අසරණය. මවගේ රුධිර වහනය නැවැත්වීමට සිදු කල හැකි සියල්ල ඔහු කලේය. එහෙත් රුධිර පාරවිලනය හෝ ගර්භාෂය ඉවත් කරන සැත්කම කරන තුරු රුධිර වහනය නවතින්නේ නැත. සහකාර වෛද්‍ය නිලධාරියා මව අසලම රැඳී සිටියේය. අළුත උපන් බිළිඳිය ගේ ඇඞීම වාට්ටුව පුරා පැතිරී ගිය මුත් රුධිර වහනයෙන් අසාධ්‍යව සිටි මවට ඒ හඞ නොඇසුනා විය හැක. රුධිරය නොකඩවා ගලා යයි. සියළුම දෙනා අසරණය.
අධික රුධිර වහනය නිසා උදෑසන හය වන විට මව මිය ගියාය. බිළිඳිය මෙලොව තනි වූවාය.
මව මිය යාමෙන් පසු ඔවුන් ගේ දිලිඳු ජීවිත නොසිතූ ලෙස වෙනස් වී යන ලදි. පියා වෙනත් කාන්තාවක් ගෙන ගමෙන් ගියේය. මහළු මිත්තනිය බිළිඳිය භාර ගත්තාය. කුඩා පැලක යන්තමින් දෙයක් වවාගෙන ඔවුන් ජීවිත ගැට ගසා ගත්හ.
මේ මහළු මාතාවගේත් කුඩා මිනිපිරිගේත් කතාව ඇසූ පසු මම මගේ
පසුම්බිය ඇර මුදල් නෝට්ටු කීපයක් මිත්තනියට දුන්නෙමි. එය ඔවුන් ගේ ජීවන ගැටළු වලට පිලිතුරක් නොවේ. ඉතා තාවකාලික පැලැස්තරයක් බව මම දනිමි. එහෙත් ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස මට ලොකු දෙයක් කල නොහැක.
මට වැඳ ආචාර කල ඔවුන් දෙදෙනා යන්නට ගියෝය. මම කල්පනාවක නිග්ම වූයෙමි. රජයේ හමුදා මෙන්ම රැඩිකල් දේශපාලන ව්‍යාපාර විසින් මිනිස්කම පාගා දමා කරන ලද බල අරගලයේදී වින්දිතයන් බවට පත් වූයේ මේ හය හතරක් නොදන්නා ළමුන්ද වීම කෙතරම් ශෝකජනකද ? මේ ඛේදවාචක යළිත් මේ භූමියේ ඇතිවෙයිද ? ලේ පුසුඹ සොයමින් ඒ ගෝ ඝාතකයෝ යළි පැමිනෙත්ද ?
මේ මහළු මාතාව මේ වන විට ජීවත් නොවන බව මගේ සිත කියයි. මේ දැරිය දැන් කාන්තාවක් විය හැකිය. එහෙත් මව අහිමි වූ ශෝකය ඇය තුල තවමත් තිබෙනවා විය යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

අපේ පැත්තේ කසිප්පු විකුණන එකා මැරුවා.. මරලා ලයිට් කණුවක එල්ලලා තිබ්බා.. ඌට කෙල්ලොම 6 ක්.. ලස්සන කෙල්ලෝ.. අන්තීමට උන් දේ කියන්න ඕන නෑ නේ.. අරූ කසිප්පු විකුණුවට දරුවොයි ගෑණියි බලාගත්තේ මැණික් වගේ..
BalasPadamදෙපැත්තටම උනා බං ඔහොම .....මතකද අර රැ අරංගිය ජිප් එක දවල් ඇවිත් මස් දීලා ගිය කතාව උයාගන කන්ඩ කියල
Padamඒ උනාට සමහරක් ජෙප්පොන්ට චන්දෙ දෙන්න ඕනැ මොකද කියල පෝස්ට් දානව
Padamdenna one thamaa yako
Padamභීම කාලෙ
Padamපොලිස් ඔත්තුකාරයන් සහ කුලාක්ලා (රජයට ධාන්‍ය දෙන්නේ නැතුව සඟවන ගොවීන්) වැනි ප්රතිවිප්ලව වාදීන් යයි කියූ මිනිසුන් මරා දමන කතන්දර සිංහලෙන් ලියවුනු සමාජවාදී සාහිත්‍යයේ තිබුනත්, කසිප්පු පෙරන / විකුණන දුප්පත් මිනිස්සු මරණ කතන්දර නම් සාමාජවාදී සාහිත්‍යයේ තිබුනේ නෑ කියලයි මම දන්නේ. ඉතින් කසිප්පු පෙරන / විකුණන මිනිසුන් මරාදමන්න ඕනා යයි මතයක් ජේවිපියට ආවේ කාගේ බලපෑමකට වෙන්න පුළුවන්ද? 71 කසිප්පුකාරයෝ මැරුවේ නෑ නේද?
Padamඒක සමාජවාදී අරගලයක් නෙමේ නේ. ධනේශ්වර කණ්ඩායම් සමග ගිය ජාතික විමුක්ති ගමනක් නේ. සුරාමේරය සිල් පදේ හරහා ආපු බෞද්ධ ආහාශයෙන් උන් පාණාතිපාතා කැඩුවා.
Padamඅද ඔය කියන දරුවා කෙබඳු ජිවිතයක් ගතකරනවා ඇත්ද ?
BalasPadamදුගී ගොවි ජීවිතයක්
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamඔය කාල සීමාවේ ඝාතනය කල විප්ලවකරුවන් හා රජයේ ආරක්ෂක සේවකයන්ගේ දුවා දරුවන් බිරින්දෑවරුනුත් අසරණ තත්වයන්ට පත්වෙන්න ඇති නේද?
BalasPadamඔව්
PadamNow JVP and UNP sleeping together (LTTE is gone)
BalasPadammmmmmm
Padamසිහිනයක් බඳු අතීතය මතක තියාගෙන කොහොමද මෙතනින් ඉස්සරහට යන්නෙ.. තව කී කාලයක් අතීතයේ කුණු ඇද ඇද එක තැන ඉන්නද ....
BalasPadamඅපි අතීතය අමතක කලොත් ලේ පුසුඹ සොයමින් ඒ ගෝ ඝාතකයෝ යළි එන්න පුලුවන්.
Padamඔබ "කියවා" නැනේ මා ලියූ දෙය... බොහෝ අය කරන්නේ ඔබ කල දේම තමයි. ලියන්නේ අහන්නේ අනුන්ව කියවා තේරුන් ගෙන නොවේ.. තමන්ට අවශ්‍ය යැයි හැඟෙන දේ.. නැවත මා ලියූ දෙය කියවා හිතන්න...
Padamඅනිත් එක රුවන් , සුලුතරයක් විනාශකාරි දේ කරන්න පෙලබෙන්නෙ බහුතරයක් කිසිවක් නොකරමින් එක තැන පල් වෙමින් කුනු හාරාවුස්සන නිසා ද.. එක අතකින් ඔබ ඇතුලු මේ අතීතය වමාරන අය කරන්නේත් අලු යට ඇති ගිනි පුපුරු වලට පිබිමක් ..
එසේ නොකර පාඩමත් මතක තබාගෙන එවන් අයට හිස ඔසවන්න නොඩිහි කොහොමද ඉස්සරහට යන්නේ....
ඔබෙ වෘත්තියෙන්ම උදාහරණයක් සිතා බලන්න.. වැරදුනු අතපසු උනු තැනකින් එය මතකයේ තබාගෙන ඉගෙන ගෙන ඉදිරියට ඔබ යනවා නේද එකම තැන නොරැඳි... එහෙම නැතුව උනු වැරැද්ද අඩුපාඩුව ගැනම හිත හිතා ඉන්නේ නැනේ.. එයින් කියවෙන්නෙ වෘත්තීය ජිවිතය කොයි තරන් ඉහලට ගියත් සමාජිය ජිවිතය එක තැන කියලද.. මිනිසුන් විදිහට ඉදිරියට යන්න දැනුමක් ලැබි නැති බවද..
බොහෝ අයගේ මේ අදහස් වල තියන පරස්පරය මා බොහෝ විට දැක තියනවා වගේම එයම හේතුවක් කියලත් හිතෙනවා විනාශකාරි දේ ලොව බිහි වීමට
අතීතය ගැන කතාකරන්න භය අය ඉන්නනවා තමයි.
Padamgood
Padamගිලන් රථවලට සාමාන්‍ය යුද්ධවලදී නම් පහර දෙන්නේ නෑ. ජේවීපීකාරයින් ඒ දිනවල ඇම්බියුලන්ස්වලට වෙඩි තිබ්බා ද?
BalasPadamඔව් උඩත්තව රෝහලේ ඇම්බියුලන්ස් එකට වෙඩි තිබ්බා
Padam71 උගත් විචාරශීලී තරුණ පිරිසක් විප්ලවයක් කරන්න ගියා, 88දී නූගත් අවිචාරවත් තරුණ පිරිසක් පළිගැනීමක් පටන්ගත්තා, ආයේ ආවොත් ඒ කවුරුද, මොනවා කරාවිද කියා අනුමාන කරන්න පුළුවනිද?
BalasPadamමම දන්නා තරමින් නම් දේශප්‍රේමින් ඇම්බියුලන්ස් වලට යාමට ඒමට අවසර ලබාදී තිබුණි .දේශප්‍රේමින් ගැන අමනාපෙන් නම් අර මුදල දුන්නේ අපරාදේ .........
BalasPadamතේරෙන්නෑ. ....
Padamඋඩත්තව රෝහලේ ඇම්බියුලන්ස් එකට වෙඩි තිබ්බා
BalasPadamමේවැනි තත්වයන්ට මා හමුදා නිලධාරියෙක් ලෙස මුහුනදි තිබෙනවා. හරිම ස0වේදී තත්වයන් එම කාල පරිච්ඡේදයේදි සිදුවුනා. අප විසින් සැම විටම DMO සමග වුර්තිය සහයෝගිතාවය පැවැත්වුවා. එය දකුනේ පමනක් නොව උතුරු නැගෙනහිරක් එය 1985 සිට සිදු කරා. එසේ කලේ ඒ අයගේ ජීවිත පමනක් නොව අපගේ ජීවිතද පරදුවට තබයි. නමුත් අප එය අපගේ වගකීමක්, රාජකාරියක් ලෙස පමනක් කල බවත් සදහන් කලයුතුයි.
BalasPadam++++++++++++++++++++
Padamමේ යුගය කියන්නෙ සම්පූර්ණ අවිචාර සමයක්. ඒ කාලෙ දේශප්‍රේමීන් කිව්වෙ එහෙම බරක් පතලක් තිබුණු දේශපාලන චරිත නෙමෙයි. ඔවුන්ට බියේ රියදුරා ගිලන් රථය නො පැදවීමත්, එහෙම පැදෙව්වා නම් ඔහුට වෙඩි කන්නට සිදු වන එකත් විය හැකි සාමාන්‍ය දේ.
BalasPadamathha
Padam