Sabtu, 7 Januari 2017

සයිකොතෙරපිද ෆිසියොතෙරපිද ?



මෑතකදී  ලංකාවේ එක් වෛද්‍යවරයෙක් ඇනොනිමස් ඇවිත් මම සයිකයාට්‍රිස්ට් ද යැයි ඇසීය​. ඊට පිලිතුරු දුන් මා මම සයිකයාට්‍රිස්ට් (Psychiatrist) කෙනෙකු නොවන බවත් මා ස්පෙෂලයිස් කරන්නේ මනෝ විද්‍යාව (Psychology)  සහ මනෝ චිකිත්සනය (Psychotherapy) බවත් කීවෙමි. මනෝ චිකිත්සනය හෙවත් සයිකොතෙරපි යන වචනය ඔහු කියවූයේ ෆිසියොතෙරපි ( Physiotherapy)  ලෙසටය​. මේ අනුව ඔහු ඔයා  පැරාමෙඩික් කෙනක් නේ නේ කියා අවඥාවෙන් කීවේය​. 

මෙයින් මට ලංකාවේ වෛද්‍යවරු සමහරක් අතර පවත්නා තත්ව කීපයක් තේරුම් ගියේය​. එකක් යම් ප්‍රතිශතයක් වූ මේ වෛද්‍යවරු තුල ඉංග්‍රීසි පිළිබඳ ඉතා හීන දැණුමක් තිබේ. සමහරක්ට සයිකොතෙරපි  හා ෆිසියොතෙරපි  වචන දෙක ඉංග්‍රීසියෙන් කියවා තේරුම් ගත නොහැක​. මේ තත්වයට මම පුදුම් නොවෙමි. ඒ මන්ද යත් 1998 පමණ කාලයේදී මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය බී විද්‍යාතිලක මහතා සමග මීගමුව රෝහලේ වෝඩ් රවුන්ඩ්ස් කරමින් සිටින විට ඔහු ලයනල් නම් ඉන්ටර්න් වෛද්‍යවරයා ගෙන් එක් කාන්තාවක් පෙන්වා හව් මෙනි චිල්රන් කියා ඇසුවේය​. එවිට වෛද්‍ය ලයනල්  වන් චිල්රන්  කියා උත්තර දුන්නේය​. 

වෛද්‍ය ලයනල්  විදෙස් භාෂාවකින් වෛද්‍ය විද්‍යාව හදාරා තිබුනේ නම් මම මේ කතාව කියන්නේ නැත​. නමුත් මට පුදුම වූයේ මෙලෙස ඌණ ඉංග්‍ර්‍රිසි දැණුමක් සහිතව මොවුන් කෙලෙස විශාල  ඉංග්‍ර්‍රිසි ටෙක්ස්ට් පොත් කියවා තේරුම් ගත්තේද සහ කෙලෙස ඉංග්‍ර්‍රිසියෙන් වෛද්‍ය විභාග පාස් වූයේද කියාය.
 ​
මම මෙය ආනන්දා මහා විද්‍යාලයේ ඉගෙන ගෙන කොලඹ වෛද්‍ය විද්‍යලයට ගිය මා මිත්‍ර වෛද්‍ය ලිලිත් ලියනගේ ගෙන් ඇසූ විට ඔහු කීවේ සමහර මහාචාර්‍යවරු ඉංග්‍රීසි අවම දැණුමක් සහිත වෛද්‍ය සිසුන්ට සිංහලෙන් පිලිතුරු දීමට අවසර දී ඇති බවයි. එය එසේ නම් ඉතා නරක ප්‍රවණතාවකි. 

දෙවන කරුණ වන්නේ මේ සමහරක් තුල පවතින ගතානුගතික වැඩවසම් මානසිකත්වයය​. ඔවුන්ට අනුව අනෙකුත් අනුපූරක වෛද්‍ය සේවා පහත් සේවාවන් වෙති. Physiotherapy හෙවත් භෞතචික්තිසාව රෝගී සත්කාරයේ වැදගත් සේවාවකි. උතුරු ඇමරිකාවේ PhD තිබෙන ෆිසියෝතෙරපිස්ට් ලා සිටින අතර ඔවුන් වෛද්‍යවරුන්ටත් වඩා උපයති. 

කෙසේ නමුත් ඔහුගේ සයිකොතෙරපි ෆිසියොතෙරපි වියවුල මම නිරාකරනය කොට දෙමි. සයිකොතෙරපි පැරාමෙඩික් විශය යටතේ එන්නේ නැත . එය මනෝ විද්‍යාව යටතේ එන විශයකි. සයිකොතෙරපි සඳහා උතුරු ඇමරිකාවේ PhD දක්වා  ඉගෙන ගත හැකිය​. මාගේ මනෝ විශ්ලේෂණය පිලිබඳව එක් ගුරුවරියක වූ නෝරා ටේලර් හට සයිකොතෙරපි සඳහා PhD එකක් තිබේ. ඇයව ඩොක්ටර් නෝරා ටේලර් කියා හඳුන්වති. 

ලංකාවේ වෛද්‍යවරයෙකු  ලෙස සේවය කරන කාලයේ පටන් මා මනෝ විද්‍යාව , මනෝ චිකිත්සනය , උපදේශනය වැනි විශයන් කෙරෙහි උනන්දුවක් දැක්වූයෙමි. කැනඩාවට පැමිනීමෙන් පසු මා සතුව විකල්ප දෙකක් විය. එකක් කැනඩාවේ වෛද්‍ය විභාග කොට ෆැමලි දොස්තර කෙනෙක් වෙනවාද ? නැතහොත් මාගේ ප්‍රියතම විශය වූ මනෝ විද්‍යාව හදාරනවාද යන්නය​. ඒ වන විට මම ලංකාවේ වසර 16 ක් වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබුණි. ඒ අනුව තව දුරටත් තරුණ වෛද්‍යවරයෙකු නොවන මා හට විභාග නිම කොට ඔන්ටේ‍රියෝවේ   රෙසිඩන්සි හෙවත් සීමාවාසිකය ඇරඹීමට වසර 10 පමණ පෝලිමේ සිටීමට සිදු වනු ඇත​. 

ඒ වන විට ඔන්ටේ‍රියෝවේ   රෙසිඩන්සි හෙවත් සීමාවාසිකය ඇරඹීමට වසර 6 පමණ බලාගෙන සිටින විදේශීය වෛද්‍යවරියක මට හමු විය​.  මේ නිසා බොහෝ විදේශීය වෛද්‍යවරු නිව් ෆවුන්ඩ්ලන්තය සස්කචුවාන් වැනි ප්‍රදේශ වලට ගොස් ග්‍රාමීය පළාත් වලට ගියහ​. එහෙත් මගේ බිරිඳ ටොරොන්ටෝ වල වැඩ කරන නීතීඥවරියකි. ඇයට තම ප්‍රැක්ටිස් එක දමා මා සමග නිව් ෆවුන්ඩ්ලන්තයට යා නොහැක​. පුතා තවමත් පාසල් යන ළමයෙකි. පියා නිවසේ සිටීම අත්‍යාවශ්‍යය​. ඒ නිසා මට පවුල ටොරොන්ටෝ වල දමා වෙනත් ප්‍රදේශයකට යා නොහැක​. 

මේ නිසා මම මගේ ප්‍රියතම විකල්පය තෝරා ගත්තෙමි. ඒ වන විට මනෝ විද්‍යා අධ්‍යනයන් සඳහා මාව ලන්ඩන් විශ්ව විද්‍යාලයට තේරී තිබුණි. මම ඒ වරණ ලියවිලි මගින් කෙලින්ම යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා අධ්‍යනයන් වෙත ගියෙමි. මනෝ විද්‍යා උපාධිය අවසන් කිරීමෙන් පසුව මම ඔන්ටේ‍රියෝවේ රෙජිස්ටර්ඩ් මෙන්ටල් හෙල්ත් තෙරපිස්ට් සන්නාමය ලබා ගත්තෙමි. සයිකෝලොජිස්ට් හෙවත් මනෝ විද්‍යාඥයෙකු වීම සඳහා PhD  සම්පූර්ණ කල යුතුය​. මම සෙමෙන් සෙමෙන් ඒ ඉලක්කය වෙත යමි. 

මනෝ විද්‍යා අධ්‍යනයන් කිරීම නිසා මට පිලිබඳ උතුරු ඇමරිකාවේ පරියේෂණ කණ්ඩායම් සමග PTSD පරියේෂකයෙකු ලෙස වැඩ කිරීමේ වරම ලැබුනේය​. එසේම උතුරු ඇමරිකානු විශ්ව විද්‍යාල කීපයක ආරාධිත දේශකයෙකු ලෙස ඇරයුම් ලැබුනේය​. 

රැකියාවන් තත්වයෙන් උසස් හෝ පහත් වන්නේ නැත​. උතුරු ඇමරිකාවේ රැකියාව නිසා මිනිසෙකු පහත් කොට කතා කරනවා මම මේ දක්වා දැක නැත​. නමුත් ලංකාවේ රැකියාව නිසා ඉතා පහත් කොට කතා කරන වෘත්තිකයන් මම දුටුවෙමි. 

ලංකාවේ  වෛද්‍ය සේවය තුල   පවතින ගතානුගතික වැඩවසම් මානසිකත්වය වැඩිපුරම පවත්වාගෙන යන්නේ ඉහල පන්තියකින් පැමින වෛද්‍යවරු වූ කොටස් වලටත් වඩා සයිකොතෙරපි  හා ෆිසියොතෙරපි  වචන දෙක ඉංග්‍රීසියෙන් කියවා තේරුම් ගත නොහැකි වන් චිල්රන් වර්ගයේ පන්ති අතික්‍රමණයට උත්සහ දරන වෛද්‍යවරු තුලය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

26 ulasan:

  1. මම ළඟදී A Dangerous Method කියන ෆිල්ම් එක බැලුවා. මට තේරෙන විදියට එකේ තියෙන්නේ Psychotherapy සම්බන්ද කතාවක්. බලා ඇතැයි සිතමි. Sigmund Freud එහෙම චරිතයක් විදියට ඉන්නවා. මට වැඩිය තේරුනේ නැතත් වෙනස් කතාවක්.. හෙහ් හෙහ්

    BalasPadam
    Balasan
    1. Sigmund Freud එක්තරා ආකාරයකට සයිකොතෙරපිස්ට් කෙනෙක් ඔහුට තිබුනේ වියනා විශ්ව විද්‍යලයේ MD උපාධිය පම​ණි

      Padam
  2. අන්තර්ජාල පහසුකම් මගින් නොදන්නා ඉංග්‍රීසි වචන නිවැරදිව උච්චාරණය කිරීමට ලෙහෙසියෙන් ඉගෙන ගන්න පුළුවන්. අඩුපාඩු තිබුනත් අද ජීවත්වන ශ්‍රී ලාංකිකයාගේ ඉංග්‍රීසි දැනුමේ වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒක හොඳ දෙයක්.
    ඔබ ලෝකය පුරා ඇවිද අත්පත් කරගත් දැනුම අප සමගත් බෙදාගන්නවා. එමගින් රුවන් ජයතුංග කියන මිනිසා ඔහු තුල ජීවත්වන වෛද්‍යවරයාගේ වටිනාකම ඉහලට ගන්නවා. දොස්තර මහත්තුරු නම් අපට ලෙඩක් දුකක් හැදුනාමත් මුණ ගැහෙන්නේ නැතැයි!

    BalasPadam
    Balasan
    1. //දොස්තර මහත්තුරු නම් අපට ලෙඩක් දුකක් හැදුනාමත් මුණ ගැහෙන්නේ නැතැයි!//

      ලෙඩක් හැදුනාම හුඟක් වෙලාවට මුණ ගැහෙන්නේ දොස්තර වරු. දොස්තර මහත්තුරු මුණගැහෙන්නේ කලාතුරකින්!

      Padam
  3. what is the difference between psychotherapist and psychiatrist?

    BalasPadam
    Balasan
    1. psychotherapist is specializing in psychotherapy Psychotherapy aims to improve an individual's well-being and mental health, to resolve or mitigate troublesome behaviors, beliefs, compulsions, thoughts, or emotions, and to improve relationships and social skills. A psychiatrist is a physician who specializes in psychiatry, the branch of medicine devoted to the diagnosis, prevention, study, and treatment of mental disorders. Psychiatrist does drug therapy.

      Padam
    2. What i understood was psychiatrist believes in drugs to cure mental sicknesses whereas psychotherapist considers on counselling and other methods otherthan drugs. Am i correct Dr. Ruwan?

      Padam
    3. further, could you pls name a good Psychotherapist who does PP in Colombo. it will be a great help, if you can Doctor.

      Padam
    4. Yes psychotherapist does not use drugs , he uses various other therapies like CBT , DBT , EMDR , Psychoanalysis etc

      Dr Neil Fernando is a good psychiatrist ad he has an excellent knowledge in psychotherpy

      Padam
  4. වෛද්‍ය වෘත්තිකයන් අතර පවතින මේ උස් පහත් බේදය මෙන්ම අන් වෘත්තීන්ට ගරු නොකිරීම සාමාන්ය දෙයක් බවට පත්ව ඇත.භෞත චිකිත්සාව ගැන ඔවුන් දන්නා තරම වත් වෘත්තීය චිකිත්සාව ගැන දන්නේ නැත...අහන්නේ ඔයාල ලෙඩ්ඩුන්ට රස්සාවල් උගන්වනවාද කියායි....නොදැනුවත් කමට වඩා අන් වෘත්තීන්ට ගරු නොකිරීම මීට හේතුව ලෙස දකිමි....

    BalasPadam
    Balasan
    1. වෘත්තීය චිකිත්සාව හෙවත් Occupational Therapy ඉතා වැදගත්. අංගොඩ රෝහලේ අසෝක ඉතා හොඳ දැණුමක් සහිත පුද්ගලයෙක්. කැන්සාස් හි කොල්මරි ඔනීල් රෝහලේ මට වෘත්තීය චිකිත්සාවව කරන කළු ජාතිකයෙකු මුන ගැසුනා. ඔහු විශාල සෙවයක් රෝහලට කරන අතර එම රෝහලේ වෛද්‍යවරු ඔහුට ගරුත්වයෙන් යුතුව සලකනවා. නමුත් ලංකාවේ රෝහල් වල වෘත්තිකයෝ මරා ගන්නවා

      Padam
  5. යස් යස් යස් . දැන් තමයි මොලේට වැටුනේ psychotherapist සහ psychiatrist අතර වෙනස..

    ඩොක්ට, ඔබ ඩොක්ට රොමේෂ් ජයසිංහ ගෙ මිතුරෙක්ද..?

    BalasPadam
    Balasan
    1. නම අහලා තියනවා හමු වෙලා නෑ

      Padam
  6. ඕක ලංකාවේ වෛද්‍යවරුන් අතර විතරක් නෙවේ කොහෙත් තියන දෙයක්. සමහර වෘතීන් වලට කාලයත් සමග පහත් කොට සැලකීමක් ආරූඪ වෙලා තියනවා. මම දන්න පැත්තෙන් කිව්වොත්- ඉස්සර රේල්වේ ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ සෑහෙන උසස් රැකියාවක්. එත් දැන් එයාලව සමාජය දකින්නෙත් පහතට හෙලලා. ඒ වගේම සමහරු රැකියාව කරන විදිය අනුව ඒ වෘතිකයින් සමාජය විසින් පහත් කොට දකිනවා. හොඳම උදාහරණය- බස්රථ රියදුරන්. ලංගමය ආරම්භක කාලයේ එහි රියදුරු/ කොන්දොස්තර මහතුන් වැදගත් රැකියාවක් කරන අය ලෙස සමාජය සැලකුවත්, දැන් බස් එලවනවා යන්න තුට්ටු දෙකට වැටී ඇත්තේ බොහොමයක් රියදුරන්ගේ ක්‍රියාකලාපය නිසාමයි.. එහෙම නේද?
    නමුත් මෙතැන තියන ප්‍රශ්නය එකම ක්ෂේත්‍රයේ දෙන්නෙක් අනෙකාගේ සේවය/ ඛාණ්ඩය පහත් කොට තැකීම. ඒක නම් අනුමත කරන්න බෑ..

    BalasPadam
    Balasan
    1. රැකියාව කරන විදිය අනුව ඒ වෘතිකයින් සමාජය විසින් පහත් කොට දකිනවා.///////////////- වෛද්‍ය වෘත්තියේ ඉන්න සමහරු කරන වැඩ නිසා අනාගතයේ වෛද්‍ය වෘත්තියටත් ඕක වෙයි

      Padam
  7. කැත වැඩ කරන්න එපා රුවන්... ළෝකෙන්ම උතුම් ඩොක්ටර්ස්ලගේ කලිසම් ගලෝන එක වැරදියි නේ ඔයා....

    BalasPadam
    Balasan
    1. මාතෙ මම රෙදි ගැලෙව්වේ ගතානුගතික වැඩවසම් මානසිකත්වය වැඩිපුරම පවත්වාගෙන පුස්සන් ගේ පමණයි . ඉතා උතුම් ලාංකීය වෛද්‍යවරු මට හමුවී තිබේ

      Padam
  8. /* ඔහු ලයනල් නම් ඉන්ටර්න් වෛද්‍යවරයා ගෙන් එක් කාන්තාවක් පෙන්වා හව් මෙනි චිල්රන් කියා ඇසුවේය​. එවිට වෛද්‍ය ලයනල් වන් චිල්රන් කියා උත්තර දුන්නේය​.

    වෛද්‍ය ලයනල් විදෙස් භාෂාවකින් වෛද්‍ය විද්‍යාව හදාරා තිබුනේ නම් මම මේ කතාව කියන්නේ නැත​. */

    මෙය ඉතා සරල නිරීක්‍ෂණයක් මත පදනම්ව කරන විශාල නිගමනයකි.

    මෙවැනි කතා, එනම් එක් සාම්පලයක උදාහරණයකින් සමස්ත ගහණයම සඳහා නිගමනයන් කළ, ඔබ මීට කලින් ද කියා ඇත. මෙය ඉතා අවිද්‍යාත්මක ය!

    BalasPadam
    Balasan
    1. රුවන් ඔබ මේ වන්-චිල්රන් කතාව කලින් ලියූ දවසේත් මං අද මතු කළ කරුණම කීවා. නමුත්, එයට ලැබුණු ඇනෝ කතාවලට පමණක් පිළිතුරු දුන් ඔබට මා මතු කළ කරුණ අමතක වී ගියා.

      මා එදා කීවෙ මෙයයි-

      /* අපේ අත්දැකීම් මත පමණක් පදනම්ව යම් යම් දේ සාධාරණිකරණය කළ හැකි යැයි මා සිතන්නේ නෑ. උදාහරණ ලෙස ගමේ පාසල්වල උගත් දොස්තරලා රුසියාවෙන් ආ අයට අවමන් කිරීම වැනි දේ ඔබේ අත්දැකීම් සාම්පලයට නිවැරදි වුනත්, එය පොදුවේ සැමටම ආදේශ කළ නොහැකියි.

      මගේ පොඩි අත්දැකීමක් කියන්නම්. අපේ ආයතනයේ මා සේවය කරන අංභයේ කාර්යාල හතක් ප්‍රාන්තයේ විවිධ පළාත්වල පිහිටා තියෙනවා. මා ඉන්නේ සිඩ්නිවල ඇති ප්‍රධාන කාර්යායේයි. දිනක් අපේ බටහිර ප්‍රදේශයේ (සිඩ්නිවල සිට කිලෝමීටර් 400 පමණ දුර සිට 1,200 දක්වා ප්‍රදේශය) කළමනාකරුවා ප්‍රධාන කාර්යලායේ රැස්වීමට පැමිණි දිනක දිවා ආහාර වේලාවේදී මා හා කතා කරමින් සිටියදී, ලංකාවේ බහුතරයක් ඉංජිනේරවෝ රුසියාවේ උගත් අය නේද කියා ඇහුවා. වැඩි දුර කතාවේදී මා දැන ගත්තේ, ඔහු ගේ ප්‍රදේශයේ දී ඔහුට මුණ ගැසී ඇති ඉංජිනේරුවන් අති බහුතරය රුසියාවේ උගත් අය වීමයි.

      ඔබට නිවාඩු නොදුන් පාලකයා සහ වන් චිල්ඩ්රන් කියූ විට උගත් විශ්ව විද්‍යාලය අසා සමච්චක් කළ වීඕජීකරු දෙදෙනාම එකම වර්ගයේ අමනයින් බව සැකයක් නෑ. ඒ සරල ඉංගිරිසි වැරැද්ද සහ ඔබ්ස් සහ ගයිනි අතර ඇති සම්බන්ධය කුමක්ද?
      */

      මෙන්න එතැනට පාර-
      http://transyl2014.blogspot.com/2016/06/blog-post_57.html?showComment=1465179472700#c3331320564635492331

      .

      Padam
  9. වැදගත්, නමුත් පොඩි අවුලක්.. ඒ ඇනෝ දොස්තරගෙ හැසිරීම ගැන තියෙන විවේචනයඑ එකගයි.. නමුත් මිනිස්සු කියවන්නෙ වචනයක මුල අකුරැ කිහිපය සහ අග අකුරැ පමණයි.. ඉන්පසුව මොළයෙන් අනුමානය ලබා දෙනව..අන්න ඒකයි ටයිපින් කරද්දි ගොඩක් අකුරැ වරදින්නෙ.. පෘෘෆ් රීඩින් කරත් වැරදි හිටින්නෙ.. ඔතන අර දොස්තර මහත්නිතයාට නිතර භාවිතා වෙන ෆිසියෝතෙරපි කියන වචනය අනුමානය ලෙස ලැබෙන්න ඇති කියලත් හිතන්න පුලුවන්..

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook