Selasa, 6 Disember 2016

ආරොං මාමලා ගේ දේශප්‍රේමය




ආරොං මාමා කියලා මිනිසෙක් හිටියා  අපේ ගමේ 
කළ වැඩකුත් නැත  නොකළ දේකුත් නැත 
දන්නා දේකුත් නැත නොදත් දේකුත් නැත
ඔපීනියන් දෙන්නට නම් මිනිහා හරි රුසියා තමා 

විසිහතර පැය පුරා දේශප්‍රේමය ගැන කතා කරන මාමා
හිටියේ නිතරම  සැකයෙන් විපරමෙන් විපරීතයෙන් 
ආරොං මාමා කියන්නේ නම් අරයා සීඅයිඒ මේයා සීඅයිඒ 
අරෙහේ බැලුවත් මෙහෙ බැලුවත් ආරොං මාමා දැක්කේ 
ප්‍රතිගාමීන් , දේශ ද්‍රෝහීන් , සීඅයිඒ කාරයන් ,අධිරාජ්‍යවාදීන්

ආරොං මාමා නම් කිව්වේ නිතර දෙවේලේ 
අරෙහේ කුමන්ත්‍රණ මෙහේ කුමන්ත්‍රණ
ලෝක බැංකු කුමන්ත්‍රණ 
හැම තැන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ  

ආරොං මාමා  හිටියා බියෙන්  ගැහි ගැහී 
අධිරාජ්‍යවාදීන් මේ ලංකා පොළව ගිල ගනීදෝ කියා 
සිතමින් නිතර දෙවේලේ නොකා නොබී 

ආරොං මාමා නම් කිව්වේ  මේ සුද්දන් ,ඇමරිකන් කාරයන් 
උදේ හවා දත කවන්නේ මේ ලංකාවට කෙලවන්නයි  
උන්ට නින්ද යන්නේ ලංකාව ගිලගත් දාටයි 


පුරා දින තුනක් නොනිදාගත්  ආරොං මාමා ගේ 
සීඅයිඒ  ,අධිරාජ්‍යවාදීන්, ලෝක බැංකු කුමන්ත්‍රණ 
බය චකිතය වැඩිවී දොඩවන්න ගත්තයි නිමක් නැතිව​
බියගත් ගෙදර අය කර ගහගෙන ගෙන ගියා 
ආරොං මාමව  දොස්තර ගෙදර 

දොස්තර මහත්තය විද්දැයි 
සට්ටමට ආරොං මාමාගේ
හැලපිරිඩෝල් කියා බෙහෙතක් 

අනේ ඉන් පසු සුව උනා බිය අපේ අරොං මාමාගේ
ඊට පස්සේ නැහැ   නෙව උන්දෑ කතා කලේ
සීඅයිඒ  ,අධිරාජ්‍යවාදීන්, ලෝක බැංකු කුමන්ත්‍රණ 

ඉන්නවයිැ ඔහෙලගෙත් ගං වල ආරොං මාමලා 
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ  ගැන කතා කරන 
හතර වටේ බිය බෙදන දේසප්‍රේමීන් 
ගෙනියන්න උන්දැලත් අර දොස්තර ගෙදර 

සට්ටමට විදින්නේ එක බෙහෙතයි 
ඉන් සුව වෙයි සීඅයිඒ  ,අධිරාජ්‍යවාදීන් සමග
ලෝක බැංකු කුමන්ත්‍රණ   බිය 

22 ulasan:

  1. මරු නම හැලපිරිඩොල්.
    මේකෙ හැලපයහෙ එහෙම සම්බන්ධයක් නෑ නේද.

    BalasPadam
    Balasan
    1. අනේ නෑ හැලප අයියා අහිංසකයා

      Padam
  2. හපොයි, මේ බෙහෙත විදින්න වටින ආරොන් මාමලා සෑහෙන පිරිසක් දැන් ඉන්නවා. දොස්තර මහත්තයට බැරිද උන්දැලා ඔක්කොම පෝලිමට හිටවලා, කලිසම් ගලවා දෙකට නමියව් කියලා, ඔය බෙහෙත විදගෙන විදගෙන යන්න.

    ඉස්සර තිබුණා නේද බැලඩෝනා කියලා බෙහෙත් ජාතියක්? කලුපාටයි, පැලැස්තරයක් වගේ ගාන්නේ.

    BalasPadam
    Balasan
    1. belladonna දැකුම්කළුයි, විෂකුරුයි.

      Padam
    2. ඔය බෙහෙත විදගෙන විදගෙන යන්න.///// ha ha ha

      Padam
  3. ඉන්ජැක්සොන් සෑහෙන ප්‍රමාණයක් ගේන්න වෙයි....

    BalasPadam
  4. ඇත්තටම එහම් බෙහෙතක් තියනවද

    BalasPadam
  5. :), It is on the WHO Model List of Essential Medicines, the most important medications needed in a basic health system (from wiki).

    BalasPadam
  6. යෝජනා කරමුද බේත දෙන්න ඕන අයගේ නම් සහ ඩෝස් එක, මට නම් අැබිත්තක් ඇති වෙයි.

    BalasPadam
  7. Vimalata ekak denna pls...

    BalasPadam
  8. මටත් ඩිංගිත්තක් වගේ ඕන. මගෙත් දේශප්‍රේමය කියන ලෙඩේ නිට්ටාවට සනීප කොරගන්න බැරි උනා.

    BalasPadam
  9. තට්ටමට ඉන්ජෙක්ශන් එක ගහන එක හොඳයි. කොහොමත් ඔය වගේ අයගේ මොළේ තියෙන්නේ ඒ හරියෙ තමයි.

    BalasPadam
  10. ඔය එන්නත අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න බැරිද ?

    BalasPadam
  11. ආරෝං මාමා වයසක මිනිහෙකි ඉපදුනෙ අපෙ ගම්මානේ.මිනිහගෙ ජොබ්එක කේලම් කිමයි තැන නැත කඩපිල් ගානේ. දවසක්දා උන වැඩක් කියන්නම් අහගෙන ඉන්නකො නෝනේ. ආදරනිය පෙඩී සිල්වගේ සින්දුවක් මතක් උනා..අහල ඇති මයෙ හිතේ මට හිතෙන්නේ පෙඩි සිල්වත් මෙයා ගැන කියන්න ඇත්තේ නේද ?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook