ආරොං මාමා කියලා මිනිසෙක් හිටියා අපේ ගමේ
කළ වැඩකුත් නැත නොකළ දේකුත් නැත
දන්නා දේකුත් නැත නොදත් දේකුත් නැත
ඔපීනියන් දෙන්නට නම් මිනිහා හරි රුසියා තමා
විසිහතර පැය පුරා දේශප්‍රේමය ගැන කතා කරන මාමා
හිටියේ නිතරම සැකයෙන් විපරමෙන් විපරීතයෙන්
ආරොං මාමා කියන්නේ නම් අරයා සීඅයිඒ මේයා සීඅයිඒ
අරෙහේ බැලුවත් මෙහෙ බැලුවත් ආරොං මාමා දැක්කේ
ප්රතිගාමීන් , දේශ ද්‍රෝහීන් , සීඅයිඒ කාරයන් ,අධිරාජ්‍යවාදීන්
ආරොං මාමා නම් කිව්වේ නිතර දෙවේලේ
අරෙහේ කුමන්ත්‍රණ මෙහේ කුමන්ත්‍රණ
ලෝක බැංකු කුමන්ත්‍රණ
හැම තැන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ
ආරොං මාමා හිටියා බියෙන් ගැහි ගැහී
අධිරාජ්‍යවාදීන් මේ ලංකා පොළව ගිල ගනීදෝ කියා
සිතමින් නිතර දෙවේලේ නොකා නොබී
ආරොං මාමා නම් කිව්වේ මේ සුද්දන් ,ඇමරිකන් කාරයන්
උදේ හවා දත කවන්නේ මේ ලංකාවට කෙලවන්නයි
උන්ට නින්ද යන්නේ ලංකාව ගිලගත් දාටයි
පුරා දින තුනක් නොනිදාගත් ආරොං මාමා ගේ
සීඅයිඒ ,අධිරාජ්‍යවාදීන්, ලෝක බැංකු කුමන්ත්‍රණ
බය චකිතය වැඩිවී දොඩවන්න ගත්තයි නිමක් නැතිව
බියගත් ගෙදර අය කර ගහගෙන ගෙන ගියා
ආරොං මාමව දොස්තර ගෙදර
දොස්තර මහත්තය විද්දැයි
සට්ටමට ආරොං මාමාගේ
හැලපිරිඩෝල් කියා බෙහෙතක්
අනේ ඉන් පසු සුව උනා බිය අපේ අරොං මාමාගේ
ඊට පස්සේ නැහැ නෙව උන්දෑ කතා කලේ
සීඅයිඒ ,අධිරාජ්‍යවාදීන්, ලෝක බැංකු කුමන්ත්‍රණ
ඉන්නවයිැ ඔහෙලගෙත් ගං වල ආරොං මාමලා
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතා කරන
හතර වටේ බිය බෙදන දේසප්‍රේමීන්
ගෙනියන්න උන්දැලත් අර දොස්තර ගෙදර
සට්ටමට විදින්නේ එක බෙහෙතයි
ඉන් සුව වෙයි සීඅයිඒ ,අධිරාජ්‍යවාදීන් සමග
ලෝක බැංකු කුමන්ත්‍රණ බිය

මරු නම හැලපිරිඩොල්.
BalasPadamමේකෙ හැලපයහෙ එහෙම සම්බන්ධයක් නෑ නේද.
අනේ නෑ හැලප අයියා අහිංසකයා
Padamහපොයි, මේ බෙහෙත විදින්න වටින ආරොන් මාමලා සෑහෙන පිරිසක් දැන් ඉන්නවා. දොස්තර මහත්තයට බැරිද උන්දැලා ඔක්කොම පෝලිමට හිටවලා, කලිසම් ගලවා දෙකට නමියව් කියලා, ඔය බෙහෙත විදගෙන විදගෙන යන්න.
BalasPadamඉස්සර තිබුණා නේද බැලඩෝනා කියලා බෙහෙත් ජාතියක්? කලුපාටයි, පැලැස්තරයක් වගේ ගාන්නේ.
belladonna දැකුම්කළුයි, විෂකුරුයි.
Padamඔය බෙහෙත විදගෙන විදගෙන යන්න.///// ha ha ha
Padamඉන්ජැක්සොන් සෑහෙන ප්‍රමාණයක් ගේන්න වෙයි....
BalasPadamYES
Padamඇත්තටම එහම් බෙහෙතක් තියනවද
BalasPadamYES ; for delusional disorders
Padam:), It is on the WHO Model List of Essential Medicines, the most important medications needed in a basic health system (from wiki).
BalasPadamයෝජනා කරමුද බේත දෙන්න ඕන අයගේ නම් සහ ඩෝස් එක, මට නම් අැබිත්තක් ඇති වෙයි.
BalasPadamOk anytime
PadamVimalata ekak denna pls...
BalasPadamnathuva nathuva
Padamමටත් ඩිංගිත්තක් වගේ ඕන. මගෙත් දේශප්‍රේමය කියන ලෙඩේ නිට්ටාවට සනීප කොරගන්න බැරි උනා.
BalasPadamදෙන්නං
Padamතට්ටමට ඉන්ජෙක්ශන් එක ගහන එක හොඳයි. කොහොමත් ඔය වගේ අයගේ මොළේ තියෙන්නේ ඒ හරියෙ තමයි.
BalasPadamexactly
Padamඔය එන්නත අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න බැරිද ?
BalasPadamකෙලියා තාප්පෙට
Padamආරෝං මාමා වයසක මිනිහෙකි ඉපදුනෙ අපෙ ගම්මානේ.මිනිහගෙ ජොබ්එක කේලම් කිමයි තැන නැත කඩපිල් ගානේ. දවසක්දා උන වැඩක් කියන්නම් අහගෙන ඉන්නකො නෝනේ. ආදරනිය පෙඩී සිල්වගේ සින්දුවක් මතක් උනා..අහල ඇති මයෙ හිතේ මට හිතෙන්නේ පෙඩි සිල්වත් මෙයා ගැන කියන්න ඇත්තේ නේද ?
BalasPadamha ha ha
Padam