Isnin, 5 Disember 2016

යාපනය රෝහල

 


Jaffna Hospital Massacre



 උතුරු පළාතේ ප්‍රධානතම සහ එකම ශික්‍ෂණ රෝහල වන යාපනය රෝහලට මම දෙවරක් ගොස් තිබේ. පළමු වර 2002 වසරේ කපිතාන් නිෆ්ලර් සමග මම යාපනය රෝහලට ගියෙමි. ඒ ගියේ විශේෂඥ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් මහතා හමුවීමටය​. රෝහලට යාමට අප ප්‍රමාද වූ හෙයින් වෛද්‍ය දයා සෝමසුන්දරම් හමු වීමට නොහැකි විය​. එම නිසා මම යාපනය රෝහල නිරීක්‍ෂණය කලෙමි.

කාලයක් යාපනය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලෙස සේවය කලේ මා  මිතුරු වෛද්‍ය රාම් මනෝහර් විය​. මේ කාලයේ රාම් යාපනය රෝහලේ නොසිටිය අතර ඔහු සිටියේ එක්සත් රාජධානියේ ය​. 

යාපනය රෝහල ඉදිරි පිට සිහිවටන එලකයක් තිබේ. මෙම එලකය ඉන්දියානු සාම සාධක හමුදාව විසින් ඝාතනය කරන ලද රෝහල් කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සිහි කිරීම සඳහාය​. මෙම ඝාතන සිදු වන්නේ 1987 වසරේ ඔක්තෝබර් මස 21 දිනයේදී ය​. රෝහලට කඩා වැදුනු ඉන්දියානු සාම සාධක හමුදාවේ සෙබළුන් විසින් රෝගීන් සහ රෝහල් සේවා මඩුල්ලේ 70 පමණ වූ දෙනා මරා දමන ලදි. මරා දැමූවන් අතර වෛද්‍ය සිවපාතසුන්දරම් ද විය​.

ඉන්දියානු සාම සාධක හමුදාවේ අණදෙන නිලධාරී දීපේන් ද්‍ර සිං පසුව ප්‍රකාශ කලේ මෙම පිරිස මිය ගියේ රෝහල තුලදී එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී බවය​. 

යාපනය රෝහලේ වහලය මත විශාල රතු කුරුසයකි.  ආටි ප්‍රහාර වලට ලක් වී තිබූ ගොඩනැගිලි සමහරක් ද මගේ නෙත ගැටුනේය​. මෙම අර්ටිලරි ප්‍රහාරද ඉන්දියානු සාම සාධක හමුදාවේ ක්‍රියාවකි. එක් ආටියක්  යාපනයේ රෝහලේ වාට්ටුවක් මතටද පතිත වූ බව එකල වාර්තා විය​. එය සත්‍යකි වාට්ටු අංක 8 මතට වැටුණු අර්ටිලරි උණ්ඩයක් නිසා එම වාට්ටුව සුන්බුන් විය​. 

දෙවන වර මම යාපනය රෝහලට ගියේ 2006 වසරේදීය​. එම අවස්ථාවේදී නිල ඇඳුම් රහිතව බඳ පටිය පමණක් බැඳ සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් පිරිසක්ද දුටුවෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

16 ulasan:

  1. මම යාපනය රෝහල ඇතුල ගිහින් නැහැ. ළඟින් ගිහින් තියෙනවා.. ඒ යුද්ධය ඉවරවුණාට පස්සේ....
    මම දැකලා තියෙන්නේ හමුදා සාමාජිකයන් ඉන්නවා

    BalasPadam
    Balasan
    1. යුද්දෙ කාලේ කොටි සිවිල් පිට හිටියා

      Padam
  2. යාපනේ රෝහලෙන් ගොඩාක් ප‍්‍රතිකාර කලෙත්, ප‍්‍රතිකාර ගත්තෙත් එල්ටිටිඊ ත‍්‍රස්තවාදින් නේද?

    BalasPadam
    Balasan
    1. :), එතන ආණ්ඩුවේ ත්‍රස්තවාදීන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් හෝ පහසුකම් නොතිබෙන්න ඇති.

      Padam
    2. කොටිත් ගත්තා

      Padam
  3. දැන් නම් තියෙනවා පට්ට හොස්පිටැල් එකක්...

    අන්න ඔහේටල ආයේ ටික කාලෙකට හරි එන්නෙයි කිව්වා හිටන්...

    BalasPadam
    Balasan
    1. එයා නං ඔහේ එන්න කියාවි. ගිහිල්ලා වටපිට බලනකොට හිතේවි රම්පාලට දෙවෙනි වතාවට දුම්රිය දීපු වෙලාවේ කියපු ටිකම කියලා ආපහු යන්න. සංගක්කාර ළමයා නම් මොලේ ඇති එකා.

      Padam
    2. ////රම්පාලට දෙවෙනි වතාවට දුම්රිය දීපු වෙලාවේ ////////

      ඇනෝ මේ කියන්නේ බී.ඩී.රම්පාල මහත්මයා ගැනද?

      Padam
  4. රුවන්.....මට මෙහෙම හිතෙනවා. මේ පෝස්ට් එක තව විස්තරාත්මක උනා නම් මරු කියලා. ආපහු හිතෙනවා, රුවන් මේ සබ්ජෙක්ට් එකම ඊළඟ ලිපියෙත් ලියයි කියලා. මම මෙහෙම කිව්වට මුකුත් නරක හිතින් ගන්න එපා. රුවන් අපිව එක එක තැන්වල එක්කන් යනවා කෙටි පෝස්ට් එක්ක.ඒක පොඩ්ඩක් කියවන එකාට මදියි වගේ. මගේ කතා සීරියස් ගන්න එපා. මම රුවන්ගේ පාඨකයෙක් පමනයි.විචාරකයෙක් නෙමේ.

    BalasPadam
    Balasan
    1. එකගයි...
      අපි ආත්මාර්ථකාමී විදිහට ඔයාගෙන් මිට වඩා විස්තරාත්මක පොස්ට් බලාපොරොතු වෙනවා

      Padam
    2. ඇත්ත වැඩ අස්සේ ලිව්වේ ඒ නිසා කොට උනා

      Padam
  5. යාපනය නගරය LTTE ග්‍රහණයෙන් මුදාගන්නා තුරු යාපනය රෝහල පාවිච්චි කලේ ප්‍රධාන වශයෙන් LTTE කාඩර් වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහායි. ඔවුන්ට රෝහල් පරිශ්‍රය තුලදී ප්‍රහාරයක් එල්ල කරන්න යාම ඉන්දීය හමුදාව කල මෝඩ වැඩක්. යුද අපරාධයක්.

    BalasPadam
  6. අපිට කෙමෙන්ට් කරන්න තරම් දෙයක් මේ ලිපියේ ලියවිලා නැහැ

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook