ඩිංකි අපගේ පරම්පරාවේ ළමුන් ගේ පමණක් නොව පසුකාලීන ළමා පරම්පරාවේද ප්‍රියතම කෘතියක් විය. ඩිංකි කෘතිය ලියන ලද්දේ දොන් පීටර් පියතුමා විසිනි. මෙම පොත ඩිංකි නම් බූරු පැටවාගේ ආත්ම කථනය ලෙස විකසනය වන ඉතා රසවත් නවකතාවකි. ළමා මනසට ඉතා කදිමට ග්‍රහණය කර ගන්නා ඩිංකි පරම්පරා ගනනාවක් කුල්මත් කරන ලදි.
ඩිංකි මන්නාරමේ උපන් බූරු පැටියෙකි. ඩිංකිව අපහරණය කර ගන්නා පිරිසක් ඌව කුරුණෑගල විශාල පොල් වත්තක් හිමි ව්‍යාපාරිකයෙකුට විකුණති. මෙම ව්‍යාපාරිකයා ඩිංකිව තම ධනවත් මිතුරෙකුට තෑගි දෙයි. එම නිවසේදී වධයට ලක් වන ඩිංකි නිවසින් පළා ගොස් වන ලැහැබක ජීවත් වෙයි. එහෙත් මිත්‍යා මත කර පින්නාගත් ගම්මු ඩිංකිට අවතාරයක් කියා බිය වෙති. මේ නිසා ගම් පියසින් ඉවත් වී යන ඩිංකි අවසානයේදී අහම්බෙන් පාසල් වත්තකට අවතීර්ණව එම පාසලේ විදුහල්පති දේවගැතිවරයාගේ සුරතලා බවට පත් වෙයි.
ඩිංකි ළමා නවකතාව ලියන්නේ පාසලේ සිටි බූරු පටවා අරබයා බව දොන් පීටර් පියතුමා පවසයි. එතුමා මරදාන සාන්ත ජෝසෆ් විද්‍යාලයේ විදුහල්පති සිටි සමයේ ඩිංකි නම් බූරු පැටියෙකු ඇති කලේය. පාසල් රජයට පවරා ගන්නා කාලයේදී ඊට විරෝධය පෑ දොන් පීටර් පියතුමා තම සුරතලා වූ බූරු පැටියා පාසලේ දමා ගිය බව කේ ජයතිලකගේ රාජපක්ෂ වලව්ව කෘතියේ ඉඟියක් කරනු ලබයි. එසේම මේ විරෝධතා වලදී යම් අයෙකු බූරු පැටියාට ගඩොලකින් දමා ගැසීම නිසා ඌ කොර ගසමින් සිටි බව රාජපක්ෂ වලව්ව කතුවරයා තව දුරටත් පවසයි.
කෙසේ නමුත් මරදාන සාන්ත ජෝසෆ් විද්‍යාලයේ ජීවත් වූ සුරතල් බූරුවා මිය ගිය විට පාසල් වත්තේම වළ දමන ලදි. 2000 වසරේදී මම දේශනයක් සඳහා මරදාන සාන්ත ජෝසෆ් විද්‍යාලයට ගියෙමි. එහිදී ඩිංකි වළ දැමූ ස්ථානය මම ඇසුවද එවකට සිටි ගුරුවරු බොහෝ දෙනෙකු ඩිංකි ගේ සොහොන පිහිටි ස්ථානය දැන සිටියේ නැත.
ළමා පොත් ලිවීමට දොන් පීටර් පියතුමාට සහජ හැකියාවක් තිබුනේය. මම පාසල් සිසුවෙකුව සිටියදී දොන් පීටර් පියතුමා ගේ ඩිංකි , වන ගත ළමෝ , විසි වසක් වන්නියේ, , පාසල් විත්ති (මෙය 71 කැරැල්ලට සහභාගි වූ පාසල් ළමයෙකුගේ අනුවේදනීය කථාවකි) කියවූයෙමි.
1985 වසරේ මට ඇක්වයිනාස් ආයතනයේදී දොන් පීටර් පියතුමා හමු විය. එතුමා ඉක්මනින් කේන්ති ගන්නා චරිතයක් බව මට සිතුනේ ඇසූ පැණයකට ආවේගශීලීව පිළිතුරු දීම නිසාය. එසේම ඇක්වයිනාස් ආයතනයේදී දොන් පීටර් පියතුමා තද පරිපාලකයෙකු බව මගේ මිතුරන් කිහිප දෙනෙකු විසින් ද පවසා තිබේ. එහෙත් එතුමා ඉතා දක්ෂ ළමා නවකතා ලියූ ලේඛකයෙකු වූ අතර මඩොල් දූවට පසු ජනප්‍රියම ළමා නවකතාව වන ඩිංකි කෘතියේ නිර්මාපකයාය.
ඩිංකි ළමා නවකතාව චිත්‍රපටයකට නැගීමට ඉතා සුදුසු කථාවක් වූවද මේ දක්වා ඊට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අත ගසා නැත. අනාගතයේදී මේ අනගි ළමා කෘතිය චිත්‍රපටයකට නැගේවා කියා මා පතමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

මමත් මේ කතාව කියවලා තියනවා ...දැන් ගන්න තියනවද දන්නේ නැහැ
BalasPadamතියනව වෙන්න ඕනේ මම 2001 විතර පුතාට ගත්තා පොතක්
Padamමම හත වසරේ ඉන්නකොට ඕක කියෙව්වා ඒත් අන්තිමපිටු 10 කියවන්න බැරිවුනා
BalasPadamඒ මොකද ?
Padamදැන් හැම තැනම ඩිංකිලා ඉන්න නිසා හිට් වෙන එකක් නෑ...
BalasPadamඒ මොකෝ
Padamරුවන්, විසි වසක් වන්නියේ ලියුවේ ලාල් ප්‍රේම්නාත් ද මැල් නේද?
BalasPadamමට හිතෙන්නේ දොන් පීටර් කියලා කරුණාකරලා බලලා කියනවද
Padamඩිංකි පොත අද ගන්න තියනවද දන්නේ නැහැ.
BalasPadamතියෙන්න ඕනේ
Padamමඩොල් දූවට පසු ජනප්‍රියම ළමා නවකතාව අඹ යහළුවෝ විය යුතුයි.
BalasPadamඒකත් එහෙමද ?
Padamවන ගත ළමෝ කියවල තියනවා. R M Ballantyne's The Coral Island ඉන්ෆ්ලුවන්ස් එක තියනවා වගේ
BalasPadamtrue
Padamමම මේක කියවලා නැත.
BalasPadamDinky is a donkey, those who haven’t read may be also donkeys
BalasPadam