Selasa, 20 Disember 2016

ජීවිතය වීඩියෝ ගේම් එකක් නම්





ජීවිතය වීඩියෝ ගේම් එකක් නම් 
රී ස්ටාට් කරමි මුල සිටන් 
පරාජය වූ තැන් වලට 
යොදමි චීට්ස් සහ කෝඩ්
අපරාජිතව ගලා යන්න​ට


14 ulasan:

  1. කල්පනාකාරීව කරනවා නම් ගේම්ස් ගහන එක විනෝදයක් ලබන්න පුළුවන් හොඳ දෙයක්. ඒත් කාලය කා දමන්න වීඩියෝ ගේම්ස්වලට පුළුවන්. පැය ගණන් ගේම්ස් ගහලා ගේම්ස් 5ක් විතර දිනුවම ලොකු දෙයක් කරා කියලා හිතෙනවා. ඒත් ඇත්තටම කිසිම දෙයක් කෙරිලා නෑ.

    මේ අදහස්වලින් එකඟ වෙන්නේ මොන ඒවාටද?

    ගේම්ස් ගහද්දී විනෝදයක් ලැබෙනවා විතරක් නෙමෙයි පවුලේ අය එක්කයි යාළුවෝ එක්කයි බැඳීමත් වැඩි වෙනවා.”
    “ගේම්ස් ගහන එක ප්‍රශ්න ගැටලු අමතක කරන්න හොඳ ක්‍රමයක්."
    “ගේම්ස් ගහනකොට ඉක්මනින් ක්‍රියාත්මක වීමේ හැකියාව වැඩි වෙනවා.”
    “ගේම්ස්වලින් ගැටලු විසඳන්න ඉගෙනගන්න පුළුවන් වෙනවා.”
    “කල්පනා කරලා ගේම් එක ගහන්න ඕන නිසා හිතන්නත්, සැලසුම් කරන්නත්, උපක්‍රම යොදන්නත් ඉගෙනගන්නවා.”
    “සමහර ගේම්ස් ගහද්දී යාළුවෝ එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වෙනවා.”
    “සමහර ගේම්ස්වලින් ව්‍යායාමයක් ලැබෙන නිසා ඇඟ හැඩට තියාගන්න පුළුවන්.”

    කාලය හොරාගන්නවත් ජීවිතේ වැදගත් දේවලට දෙන්න ඕන අවධානය වෙන පැත්තකට යොමු කරවන්නවත් ගේම්ස්වලට ඉඩ දෙන්න එපා. ගේම්ස් ගහලා දිනන එකට මුළු අවධානය යොමු කරනවාට වඩා ජීවිතේ ඉලක්ක අත් කරගන්නේ කොහොමද කියලා හිතලා බලන එක ප්‍රයෝජනවත් නැද්ද?

    අනෙක් අතින් බ්ලොග් පොස්ට්/ කමෙන්ට් දමා ඇති අය දෙස, එනම් ඔවුන් ලියන දේ දෙස බැලූ විට පෙනෙන්නේ, පිටරටවල ට සංක්රමණය වී ඇති සමහරුන්ට තම තමුන්ගේ බොරු පුරාජේරුව කියවමින් ලොකුකම පෙන්වීමට සිංහලෙන් කයිවාරුවක් ගැසීමට අවශ්‍ය වූ විට, ඔවුන් ට ඒ සඳහා සුදුස්සෙකු හමු නොවේ නම්, ඔවුන් ලිඛිත කයිවාරුවක් ගැසීම සඳහා සිංහලෙන් බ්ලොග් ලිවීමට පෙළඹී ඇති බවයි.

    බටහිර රටවල උසස් රැකියා, තනතුරු හෝ ධනවත් ව්‍යාපාර හිමි ආසියාතිකයින් සිටිති. නමුත් එම රටවලට රිංගාගෙන යාන්තම් ජාමෙ බේරාගෙන සිටින්නන් අතර මෙම තත්වය වෙසෙසින් දකින්නට ලැබේ.

    මෙම තත්වය වඩාත් පැහැදිලිව සහ මෝඩ ලෙස පෙනෙන්නේ මැදපෙරදිග ගොස් පැමිණෙන කාන්තාවන් වෙතිනි. නමුත් ලංකාවේ පොත් කටපාඩම් කොට නොමිලේ අධ්‍යාපනය ලබා හෝ පැරණි සෝවියට් ශිෂ්‍යත්ව ක්‍රම හරහා ලබාගත් තම උපාධි සහතිකයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවලට රිංගා යම් යම් සුළු රැකියා කරන ඇතැමුන් තුළ මෙම සින්ඩ්‍රෝමය බහුල වශයෙන් දැකිය හැකිය.

    BalasPadam
    Balasan
    1. සිංහල බ්ලොග් කියන්නේත් ගේම් එකක් තමයි. විශේෂයෙන් අනික් උන්ට ගේම් දෙන. පිටරට සිටින සිංහල ඩයස්පෝරා ලාංකිකයින්ගෙන් ඇතැමුන් බ්ලොග් කෙරුවාවේදී හැසිරෙන අයුරු, දෙන ගේම්ස් නම් ඇත්තටම හිරිකිතයි.

      සැ.යු. රුවන් මේ කියන්නේ ඔබට නොවේ. මා සිංහල බ්ලොග වල නිරීක්ෂණය කර ඇති දෙයයි.

      Padam
    2. මම ඉඳහිට කමාන්ඩ් අැන්ඩ් කොන්කර් , ජීටීඒ , වෝ ගේම්ස් සෙල්ලම් කරමි . මෙය ආතතිහරණයට හොඳයි

      Padam
  2. අපරාජිතව ගලායන ගේම් එක ගේම් එකක් නෙමේ රුවන්. විශේෂයෙන් ජීවිත ගේම් එක.

    BalasPadam
  3. Undo Button එකක් විතරක් තිබ්බත් ඇති වගේ මට නම්!..

    BalasPadam
  4. Balasan
    1. ඒ ගේම් එක එක සැරයයි

      Padam
  5. මේ කවියේ මූලික අදහස ගැන මගේ පෞද්ගලික ආස්ථානයනම් මීට වඩා හාත්පසින්ම වෙනස්. මම අද මේ ගත කරන මොහොත ගැන මම අතිශයින්ම තෘප්තිමත්. මා දැන් ගන්නේ ඒ ඒ අවස්ථාව අනුව මට හොඳම තීරණයි. අතීතයේ ගත් ඇතැම් තීරණ අද ගත්තානම් වෙනස් ලෙසකට ගන්න තිබුණා වුනත්, ඒ අවස්ථා වලදී පෙනුණු පරිදි නිවැරදිම දෙය තමයි බොහෝ විට කරලා තියෙන්නේ. යම් හෙයකින් මේ අතීතය වෙනස් කළොත් අද ඉන්නේ මේ දැන් සිටින මා නෙවෙයි වෙන කෙනෙක්. ඒ නිසා මට මගේ අතීතයට ගිහින් අතීතයේ අවශ්‍ය තැන් වෙනස් කරන්න ඉඩ ලැබුණොත් මමනම් කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ.

    BalasPadam
    Balasan
    1. /////
      යම් හෙයකින් මේ අතීතය වෙනස් කළොත් අද ඉන්නේ මේ දැන් සිටින මා නෙවෙයි වෙන කෙනෙක්. ඒ නිසා මට මගේ අතීතයට ගිහින් අතීතයේ අවශ්‍ය තැන් වෙනස් කරන්න ඉඩ ලැබුණොත් මමනම් කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ.//////////////
      +++++++++++++

      Padam
    2. If I can watch my past.............even just as a film!

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook