Sabtu, 17 Disember 2016

බෙදෙමු අපි

 

බෙදෙමු අපි 
උතුර- දකුණ කියා
 බෙදෙමු අපි 
දකුණ- උඩරට කියා 
බෙදෙමු අපි ප්‍රාදේශීය වශයෙන් 
බෙදෙමු අපි කුළ වශයෙන් 
බෙදෙමු අපි ගෝත්‍ර වශයෙන් 
බෙදෙමු අපි ජාති ආගම් වශයෙන් 
බෙදී එකිනෙකා මරාගමු 
පෙන්නමින් සහජ වනචාරිත්වය 
 කාකොටා ගනිමු පෙන්වමින්
අපගේ යථා ස්වභාවය 
ඔප්පු කරමු මිනිසත්භාවයට
අපි බොහෝ දුර බව 


11 ulasan:

  1. මදි මදි තව තව කාරණා හේතු කරගෙන බෙදිලා කුලල් කා ගමු

    BalasPadam
    Balasan
    1. මෙහෙම ගියොත් එහෙම තමයි වෙන්නේ

      Padam
  2. දෙකෙන් දෙක බෙදුනාම එන උත්තරය බින්දුවයි කියලා මහා ගනිතඥ විමල් ව්‍යාඝ්‍රා වීරවංශ මතිතුමා කිව්වේ ඒ හෙතුවෙන් තමයි... ඒ ප්‍රකාශ සම හරක් විහිළුවක් සේ ගත්තත්.. එය මහා දාර්ශණික කියවීමක්...

    BalasPadam
    Balasan
    1. එය මහා දාර්ශණික කියවීමක්./////////////// ++++++++++++++++++++

      Padam
  3. හරි..අපි රෙඩි, බෙද‍ෙමු එහෙනම්.

    BalasPadam
    Balasan
    1. මෙහෙම ගියොත් එහෙම තමයි වෙන්නේ

      Padam
  4. තව තියෙනවා බෙදිලි. ඉස්කෝල බෙදිලි, ගම් බෙදිලි, පක්ෂ බෙදිලි...කෙළවරක් නැහැ.

    BalasPadam
    Balasan
    1. බෙදෙමු අපි ....!

      පිට රට සිටින ලොකු ලොකු පොරවල් -මෙරට සිටින පට්ට ගෝත්‍රිකයෝ ලෙස,
      ඔසී පුරවැසි - පීආර් ඇති,
      යූකේ ලාංකික - අම්මට සිරි ලාංකික
      සුපිරි රටවල සුර සැප විඳින - ලංකාවේ පල් මෝඩ පොල් ගාන ගොන්නු
      රුසියාවේ විශිශ්ට සරසවිවල උගත් - ලංකාවේ පීචං උපාධිකාර කාලකණ්ණි
      බීඑම්ඩබ්ලිව් එකේ යන - නොයන
      කාර් දෙකක් ඇති-නැති
      මේසන්-ඇමේසන්
      ලෝටස් සම්මාන ලාභී මහා ප්‍රාඥයෝ - සම්මාන වලට නුසුදුසු අමු ගොං කබ්බෝ
      ප්‍රොෆයිල් කාරයෝ-ඇනෝවරු
      පිට කහන නොඳ ඇනෝලා-ප්‍රශ්න කරන නෝටි ඇනෝලා
      හොඳ ඇනෝලා-ඇනෝ පො## බල්ලන්
      රෝයල් ගියපු-නොගිය
      කලම්බු පොශ් රෝයල් ටොයියෝ - වල් රෝයල් වෙන්ඩ පොශ් කබ්බෝ
      රනිල් වාදී පොශ් ටොයි - මරාගේ වහල් බයි

      මෙහෙම බෙදීම් කීයක්ද? නැද්ද බන් අජිත් අංකල්?

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook