Rabu, 14 Disember 2016

බාහු ගැන



වික්‍රමබාහු කරුණාරත්න ගේ දේශපාලන භාවිතාව ගැන එකඟ නැතත් ඔහු ගේ අචල ස්ථාවරය ගැන මට ඔහු කෙරෙහි ගරුත්වයක් තිබේ.  විද්‍යත් තැපැල් මගින්  2008 සිට ඔහු මා සමග අදහස් හුවමාරු කර ගැනීමට පුරුදුව සිටියේය​. එහෙත් 2014 දී පමණ  ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යක් ඉල්ලීම සහ කුබෙක් ප්‍රාන්තයේ වෙන්වීමේ අවශ්‍යාතාව ගැන සසඳමින් අප අතර වූ විවාදය නිසා ඔහු මා සමග උරණව මගේ  විද්‍යත් තැපැල් පණිවිඩ වලට පිලිතුරු දීමෙන් පවා වැලකී සිටියේය​.( මේ දක්වා ඔහු මගේ විද්‍යත් තැපැල් පණිවිඩ වලට පිලිතුරු දෙන්නේ නැත ).

මාක්ස්වාදය ගැන හසල දැණුමක් තිබෙන ජීවිත අත්දැකීම් වලින් පරිණත බාහු වැනි මිනිසුන් පවා සමහර විට දයලෙක්තික ලෙස තම මතවාදී ප්‍රතිවාදියා කෙරෙහි සිතීමට තිබෙන නොහැකියාව ගැන මම අධ්‍යනය කරමි.   

විජේවීර සහ  ප්‍රභාකරන් මතවාදී වෙනස් අදහසක් දැරූවන්  ඝාතනය කළහ. එසේම  එම ඝාතන සාධාරණීකරනය කිරීමට ඔවුන්ට ප්‍රතිගාමීන් ද්‍රෝහියන් ඔත්තුකාරයන් ලෙසට ලේබල් කිරීම කළහ​.  මතවාදීව වෙනස් අදහසක් දරන්නන් ඝාතනය කිරීම දක්වා මේ ජීවිත කාලය තුල  වික්‍රමබාහු කරුණාරත්න යනු ඇතැයි කියා මම නොසිතමි.  නමුත් සමාජයක් වෙනස් කිරීමට යන මිනිසුන් හුදු ආවේග නිසා / වෙනස් මතවාදයක් නිසා මිනිස් සබඳතා බිඳ දැමීම ගැඹුරින් අධ්‍යනය කල යුතුය​. 

42 ulasan:

  1. මගේ නම් මේ පුද්ගලයා ගැන කිසිම කැමැත්තක් නෑ. එත් එයාට එයාගේ මතය දරන්න අයිතියක් තියේනවා වාගේම මට මගේ මතය දරන්නට අයිතියක් තියේනවා. එත් වෙන්නේ එයාලා කියන දේ අහලා අපිත් එයාලගේ අදහස් කි‍්‍රයාත්මක කල යුතුයි කියන මෝඩ මතයේම එල්ලිලා ඉන්න එකයි. අන්තිමේදි මේවාගේ අය තමයි මානසිකව පිරිහෙලා පිස්සු කෙලින්නේ.

    BalasPadam
  2. ජේවීපී එකේ වසන්ත ගැනත් කතාව ඕකම තමයි ...ඌ මගේ පොඩි කාලේ යාළුවා ඒ උනාට ඌ ට අපි කියන දේ ඉවසන්න බැරි නිසා කැත විදිහට අපිව අතැරලා දාලා ..(පරන යාලුවන්ව )

    BalasPadam
    Balasan
    1. වී මුදලාලිලාගෙන් කප්පම් එකතු කරන්නේ වසන්තලා නේද?

      Padam
    2. විවිධ අදහස් ඉවසීමේ නොහැකියාව

      Padam
  3. ඔහුගේ මතයට එකඟ නැතත් ඔහුගේ නොවෙනස්වන ස්ථාවරය ගැන පොඩි ගරුත්වයක් තියනව.(දේශපාලකයන් සම්බන්ධව එහෙම දෙයක් තියෙන්නෙ ඔහු ගැන විතරයි)

    BalasPadam
  4. රටේ ජාතියේ අවාසනාවට පහල වූ පිස්සෙක්.

    BalasPadam
    Balasan
    1. ඇයි වික්‍රමබාහු‍ නිසා රටට අහිමිවෙච්ච දෙයක් තියනවද? අනෙක් පාලක පක්ෂවල දේශපාලකයන් නිසා ලැබුන දෙයක් තියනවද?

      Padam
    2. හොඳ වෙලාවට තවම මොකුත් අහිමි කරන්න ලැබුනේ නෑ. කට විතරක් තියෙන නිසා. යම් බලයක් තිබුණානම් මෙලහකට රටට ගොඩක් දේ නැති වෙන්න ඉඩ තිබුණා. දේශපාලඥයින් නිසා රටට ලැබුණු දේවල් වගේම නොලැබුනු දේවලුත් තියෙනවා. අඩු සහ වැඩි වශයෙන්.

      Padam
  5. venas novena Bahu ta wadaa venas vemin gaman karana Victor Ivan ge mehewara vatinawaa.

    BalasPadam
  6. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  7. බාහු මහින්දගේ වන්දි බට්ටයකු නොවී කෙලින් සිටන්නට හැකිවූ හේතු මොනවා ද? පෙර දූෂණ ෆයිල් නැති නිසා ද? වරප්‍රසාද ගැන ඇල්මක් නොදැක්වීමද? වෙන යම් හේතුන් ද? සමහරු ඔහුට පිස්සා කියන්නේ ඔහු තවත් වාසු කෙනෙකු හෝ පාඨලී කෙනෙකු හෝ නොවූ නිසා ද?

    හැබැයි ඔහු කවදාක හෝ වැරදීමකින් ඇමති කෙනෙකු වුනොත් මොනවා(නො)කරයිද?

    බාහු යහපාලනයේ ප්‍රතිලාභ මුදලින් නෙලාගත් පළමුවැන්නා නේද.

    BalasPadam
    Balasan
    1. බාහු මහින්දගේ වන්දි බට්ටයකු නොවී කෙලින් සිටන්නට හැකිවූ හේතු මොනවා ද?

      චන්ද නැති නිසා :)

      Padam
    2. //බාහු යහපාලනයේ ප්‍රතිලාභ මුදලින් නෙලාගත් පළමුවැන්නා නේද//

      ඒක හඳුන්වන්න 'ප්‍රතිලාභ නෙලාගැනීම' කියනව නං,
      මිනිහෙක්, දේශපාලනය නිසා අසාධාරණ ලෙස තනතුරෙන් ඉවත් කලාම, ඒ නඩුත් කියල යුක්තිය ඉටු නොවුනම ඒකට කියන වචනය මොකද්ද?

      Padam
    3. එකනේ යහපාලනයේ ප්‍රතිලාභ නෙලාගත්තා යයි කීවේ, යහපාලනය ආවේ නැතිනම් නඩු කිවත් එම යුක්තිය ඉටු වෙන්නේ නෑ, ඔහු මහන්සි වී එය නෙලාගත්තා, අපිත් යහපාලනයේ ප්‍රතිලාභ අනියමින් බුක්තිවිඳිනවා හැබැයි වියදම නම් වැඩියි වගේ.

      /ඒ නඩුත් කියල යුක්තිය ඉටු නොවුනම ඒකට කියන වචනය මොකද්ද? /අයුක්තිය

      Padam
    4. බාහු ගත්තේ බාහුට ලැබෙන්න ඕන දේවල්.

      Padam
    5. බාහු යහපාලනයේ ප්‍රතිලාභ මුදලින් නෙලාගත් පළමුවැන්නා

      Padam
    6. ප්‍රතිලාභ?? එය ඔහුට ලබිය යතුව තිබූ දෙයක්. වඩාත් සුදුසුයි 'වන්දි'

      Padam
  8. බොහෝ විට ඔබත් දන්නා පරිදි වාමාංශිකයින් වෙනත් අය සමග සන්නිවේදනයේ නිරත වෙන්නේ ඒ අයව තමන් ගේ මතයට නම්මා ගැනීමටයි. බාහු හා ඔබ අතර කෙරුණු සංවාදයේ අවසන ඔහුට වැටහෙන්න ඇති එය කළ නොහැක්කක් බව. ඉන් පසු ඒ සන්නිවේදනය නිශ්ප්‍රයෝජන නිසා ඔහු අත හැර දමන්නට ඇති.

    එනිසා, මේ ලිපියේ ඔබ දක්වන නිගමන තේරුමක් නැති විදියටයි මට නම් පේන්නේ.

    BalasPadam
  9. බාහු පේරාදෙනිය විශ්ව විද්‍යාලය හා සම්බන්ධ මැවිසුරුවෙක්. පුර්ණකාලීනව දේශපාලනයේ යෙදුණු / යෙදෙන ඔහු වැනි තවත් දෙදෙනෙකු ගැන මා දන්නවා. ඒ ලයනල් බෝපගේ සහ ප්‍රේමකුමාර් ගුණරත්නම්.

    මොරටුව විශ්ව විද්‍යාලයට සම්බන්ධ මැවිසුරුවන් දෙදෙනෙකුත් අද පාර්ලිමේන්තුවේ සිටිනවා. ඒ තමයි චම්පික රණවක සහ මෝහන්ලාල් ග්‍රේරෝ!

    BalasPadam
    Balasan
    1. Ajith Mannapperuma also has an Engineering Degree from Moratuwa.

      Padam
  10. වික්‍රමබාහු තොරා ගත් දේශපාලනය තුල ඔහුට බොහෝ දේ අහිමිව ගොස් තිබෙනවාට අමතරව බහුතරයකගේ වෛරයටද පත්‍ර වෙන්න ඔහුට සිදු වෙලා තියෙනවා. ඔහු කරන දේශපාලනය පටු වාසි වෙනුවෙන් කරන්නක් නොවන නිසා මගෙත් හිත ගත්තෙක්.

    BalasPadam
  11. ලංකාවේ ඉන්නා දේශපාලකයින්ගෙන් මගේ වැඩිපුරම ගෞරවයක් තියෙන්නේ බාහුට. මොකද ඔහුගේ මතය හරි හෝ වැරදි වෙන්න පුළුවන්, ලෝකෙම එරහි උනත් ඔහු තමන්ගේ දේශපාලන භාවිතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. තමන් හරියි කියලා හිතන දේ වෙනුවෙන් කතා කරනවා. ඔහුගේ දේශපාලනය නිසා කොයිතරම් දේවල් අහිමි උනාද? බහුතරයකගේ වෛරයට ලක්වෙන්න සිද්ද උනාද? ඒත් ඔහුගේ ස්ථාවරයේ ඔහු අදටත් ඉන්නවා. ලංකාව වගේ රටක බොහොම කලාතුරකින් මේ වගේ ප්‍රතිපත්තියක් තියෙන, වරප්‍රසාද වෙනුවෙන් යටනොවන උදවිය බිහිවන්නේ.

    BalasPadam
  12. //මාක්ස්වාදය ගැන හසල දැණුමක් තිබෙන ජීවිත අත්දැකීම් වලින් පරිණත බාහු වැනි මිනිසුන් පවා සමහර විට දයලෙක්තික ලෙස තම මතවාදී ප්‍රතිවාදියා කෙරෙහි සිතීමට තිබෙන නොහැකියාව ගැන මම අධ්‍යනය කරමි//

    මාක්ස්වාදය ගැන දැනුම සහ/හෝ එය අනුගමනය තම මතවාදී ප්‍රතිවාදීන් ගැන සංවාදශීලීව බැලීමට කිසිම හේතුවක් නොවන බව ඉතිහාසය පෙන්වාදී ඇත.

    BalasPadam
  13. හොඳ මිනිහෙක් හැටියට මම බාහුට ගරු කරනවා.

    BalasPadam
  14. ඔහුට කරන්න පුළුවන් කාලේ කෙරුවේ නැහැ. අද ඔහු ප්‍රමාද වැඩියි.

    BalasPadam
  15. රසික දීපාල් ජයසේකරව අමතක කරන්න එපා

    BalasPadam
    Balasan
    1. දැන් තමයි මතක් වුනේ. තෑන්ක්ස් කනියා!

      Padam
    2. දීපාල් ජයසේකර ??????

      Padam
  16. මම ලාංකීය දේශපාලනය තුල වඩාත්ම ගරු කරන පුද්ගලයා

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook