Selasa, 13 Disember 2016

තක්කඩියාගේ අවසාන බංකරය




තක්කඩියාගේ අවසාන බංකරය දේශප්‍රේමයි
මෝඩ මැට්ටන් රවටමින් උන් ගේ නාසය විදිමින් 
තක්කඩියා දේශප්‍රේමයෙන් මෝඩයාව කිතිකවයි 

කිතිකැවූ මෝඩයා දේශප්‍රේමී සළු පළඳා 
තක්කඩියාට කඹුරයි -තක්කඩියාට වඳියි 
තක්කඩියාව අදහයි දෙවි කෙනෙකු සේ 

මෝඩයා ගේ නාහෙට උඩින් එල්ලා තිබෙන 
දේශප්‍රේමය නම් කැරට් අලයට ලෝභයෙන් 
තක්කඩියා කරතබාගෙන මෝඩයා පානගයි
ඉමක් කොනක් නොමැති ගමනාන්තයක් බලා 

ගුණ වයයි මෝඩයා තක්කඩියාගේ  නිරතුරුවම 
හෙලා දකියි  තක්කඩියාගේ සැබෑ රුව පෙන්වන්නන් 

මෝඩයන් සිටින තාක් කල් මෙලොව   
තක්කඩියා සැප විඳියි කුවේරයෙකුසේ
පෙන්නමින් දේශප්‍රේමී මිරිඟුව මෝඩයාට
හයක් හතරක් නොතේරන 




14 ulasan:

  1. සාරස තමයි එයාලව කරේ තියන් යන්නෙ නහයට ඉහලින් තියෙන් කැරට් අලේ දිහා බල බල.

    BalasPadam
  2. තක්කඩියාගේ අවසාන බංකරය යහපාලනයයි
    මෝඩ මැට්ටන් රවටමින් උන් ගේ නාසය විදිමින්
    තක්කඩියා යහපාලනයයි මෝඩයාව කිතිකවයි

    කිතිකැවූ මෝඩයා යහපාලන සළු පළඳා
    තක්කඩියාට කඹුරයි -තක්කඩියාට වඳියි
    තක්කඩියාව අදහයි දෙවි කෙනෙකු සේ

    මෝඩයා ගේ නාහෙට උඩින් එල්ලා තිබෙන
    යහපාලන නම් කැරට් අලයට ලෝභයෙන්
    තක්කඩියා කරතබාගෙන මෝඩයා පානගයි
    ඉමක් කොනක් නොමැති ගමනාන්තයක් බලා

    ගුණ වයයි මෝඩයා තක්කඩියාගේ නිරතුරුවම
    හෙලා දකියි තක්කඩියාගේ සැබෑ රුව පෙන්වන්නන්

    මෝඩයන් සිටින තාක් කල් මෙලොව
    තක්කඩියා සැප විඳියි කුවේරයෙකුසේ
    පෙන්නමින් යහපාලන මිරිඟුව මෝඩයාට
    හයක් හතරක් නොතේරන

    BalasPadam
    Balasan
    1. මෙයට ඕනෑම තනුවක් යොදා ගත හැකිය

      Padam
  3. කොහොම වුනත් මේ වෙද්දි දේශප්‍රේමී හෙජමොනියේ ඝනකම තුනී වෙමින් පවතිනව.

    BalasPadam
  4. කොරාව කරේ තියන් යන අන්ධයා නොහොත් තක්කඩියා කරේ තියන් යන මෝඩයා.

    BalasPadam
    Balasan
    1. ////////'කොරා සහ අන්ධයා' නාට්‍යයත් 'පරස්තාව' නාට්‍යයත් ධම්ම 1970 දී නිෂ්පාදනය කළේය. 'කොරා සහ අන්ධයා' ආචාර්ය ධර්මසේන පතිරාජගේ නාට්‍ය රචනයකි. මේ නාට්‍යයේ කතා පුවත සැකෙවින් මෙසේය.

      එක්තරා රාජ කුමරියක් අවුරුදු සීයකට පසු නින්දෙන් අවදි වන මොහොතේ කොරුන් දහසකට ඇවිදීමටත් අන්ධයන් දහසකට පෙනීමටත් වරම් ලැබෙන බව කියැවෙයි. මේ වාසනාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා කොරෙක් හා අන්ධයෙක් දිගු ගමනක යෙදෙති. අන්ධයා අත හැරමිටියකි. ඔවුනොවුන්ගේ සහාය දෙදෙනාටම අවශ්‍ය කෙරේ. එකෙකු කෙරෙහි අනිකකු පවතී. අන්ධයාගේ කර මත ගමන් ගන්නා කොරා අන්ධයාට හිරිහැර කරයි. කොරා අතරමඟ හැර දැමීමට වරෙක අන්ධයා උත්සාහ කරයි. එහෙත් කොරා උපායශීලීව අන්ධයා තමා වෙත නම්මාගෙන තවදුරටත් ඔහුගේ කර පිටින් යයි. ඔවුහු දිගු ගමන නිමා කර කුමරිය වෙසෙන මන්දිරයට ඇතුළු වෙති. කොරා ඇවිදියි. අන්ධයාට ඇස් පෙනීම ලැබේ. කොරා අන්ධයාගේ කර පිටින් බසිත්ම තම අරමුණ කරා ළඟාවන්ට පිහිට වන අන්ධයාගේ ගෙල මිරිකා මරා දමයි. අන්ධයාගේ මළ සිරුර මතින් පියවර තබන කොරා තනියම විමුක්තිය අත්පත් කරගන්ට තැත් දරයි.

      මෙම නාට්‍යයේ කොරා ලෙස දයා තෙන්නකෝන් ද අන්ධයා ලෙස විමල් කුමාර ද කොස්තා ද රඟපෑහ.////////

      Padam
    2. Didn't know until you sadi aru.....

      Padam
  5. උතුරේ ලක්ෂයක් මරා දැමීමෙන්ද දකුණේ 60000ක් මරා දැමීමෙන්ද අපගේ මාතෘභූමිය යාන්තමින් බේරුනේය

    BalasPadam
    Balasan
    1. නමුත් තක්කඩියන් ඒ ජයග්‍රහනයේ නියමුවන් විසි කොට ඔවුන් ඒ ජයග්‍රහනයේ ප්‍රතිලාභ බෙදාගත් හ

      Padam
  6. We’re all patriots, we’re all nationalists - PM

    http://www.adaderana.lk/news/38237/were-all-patriots-were-all-nationalists-pm

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook