මීගමුව රෝහලේ ඉන්ටර්න්වරයෙකු වූ එදිරිසිංහ හොඳ ගායකයෙකි. ඔහු රුහුණ වෛද්‍ය පීඨයේය. එසේම මගේ උසස් පෙළ පාසල් සගයෙකු වූ සුමුදු හේවාවසම් සමග රුහුණ වෛද්‍ය පීඨයේ උගත්තෙකි. ගීත ගායනා කිරීමට ආශාව ඇති එදිරිසිංහ පාටි වලදී ඉදිරිපත්ව ගී ගයයි.
අපගේ මිතුරු පේරාදෙනිය වෛද්‍ය පීඨයේ බස්නායකගේ විවහා මංගල්‍ය දින අප සියලුම දෙනා සාදයට ගියෙමු. බස්සා හිත හොඳ කොල්ලෙකි. සැමගේම මිතුරෙකි.
මංගල උත්සවයට යාපනය වෛද්‍ය පීඨයේ ඥානසුදම් මෙන්ම එම වෛද්‍ය පීඨයේ රාම් මනෝහර් ද කල් ඇතිව ඇවිත් සිටියහ. සාදය පටන් ගත් පසු මධුවිතද මේසයට ආවේය. රාම් මනෝහර් බියර් බීවද කවදාවත් නොබීපු ඥානසුදම්ට අරක්කු බීමට අවශ්‍ය විය.
ඥානසුදම් පැන්තකොස්ත ආගමේය. ඔහුට මත්පැන් මෙන්ම බෙහෙත් ගැනීම වූවද අකැපය. එහෙත් කන බොන සාදයේදී ඥානසුදම් ඉබේටම මෙන් ෆෝම් වූයේය.
රාම් මනෝහර් බියර් පානය කලේය. රාම් මනෝහර් අසෝක වීදුරුවේ ඉහල මට්ටමට බියර් වත් කර ගත් විට ඥානසුදම් ඒහා සමාන උසට අරක්කු වත් කර ගත්තේය. මෙසේ රාම් මනෝහර් බියර් බෝතලය ඉවර කරන විට ඥානසුදම් හොඳ ගනනට රත් වී සිටියේය.
සාදය පටන් ගෙන පැයක් දෙකක් පමණ යන විට එදිරිසිංහට ගීතයක් ගායනය කරන්නට අවශ්‍ය විය. පසෙක සිටි වාදකයන් අමතා නියමිත ගීතය කියූ ඔහු ගායනට සැරසුනේය.
එදිරිසිංහ සංගීතය ඉගෙන ගත්තේ මර්වින් පෙරේරා මාස්ටර්ගෙනි. මේ නිසා එදිරි බොහෝ විට කිව්වේ මර්වින් පෙරේරාගේ ගීතය. එදින ඔහු අදහස් කලේ මර්වින් පෙරේරාගේ මේ නගරය මා ඔබ මුණ ගැසුනු නගරයයි යන ගීතය ගායනා කිරීමටය. එදිරි ගීතය ගැයීම ආරම්භ කිරීමත් සමගම බඹර පදමට වැදී සිටි ඥානසුදම්ටද දෙමල ගීතයක් ගායනා කරන්නට අවශ්‍ය විය. ඔහු වැනෙමින් ස්ටේජ් එක ඉදිරියට ගොස් මයික් එකේ වයර් එකක් ගැලවීමට උත්සහ කලේය.
ගීතයේ මුල් කොටස ගයමින් සිටි එදිරිසිංහ මින් කලබල වී මේ නගරය මා.... (අඩෝ) කීවේය. මේ අමුතු සිංදුව ඇසූ මනාලයාත් මනාලියත් සෙසු අමුත්තනුත් බොහෝ වේලාවක් යන තුරු සිනාසුනහ.
බස්සා ග්‍රීන් කාඩ් ඇදී ඇමරිකාවට ආවේය. වසර කීපයක් ඇමරිකාවේ ගත කිරීමෙන් පසු යලි ආපසු ලංකාවට ගොස් මීගමුව රෝහලේ සේවය කරයි. එදිරිසිංහ කුලියාපිටිය ප්‍රදේශයේ රෝහලකට මාරුවි ගියේය. ඥානසුදම් මීගමුව රෝහලේ සීමාවාසික පුහුණුව නිම කිරීමෙන් පසු විදේශ ගත විය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

හහ් හහ් හා... නියමෙට තියෙන්න ඇති නේ
BalasPadamමේ නගරය මා අඩෝ මුණ ගැසුණු නගරයයි
හැක් හැක්
මේ නගරය මා අඩෝ මුණ ගැසුණු නගරයයි ...
Padamමේ නගරය 'අඩෝ !"ගැසුණු නගරයයි
BalasPadamමේ නගරය 'උඹෙ අම්මට!' කෙරුනු නගරයයි
හිකිස්
Padamමේ වගේ අත්දැකීම් හුඟ දෙනෙකුගේ ජීවත වල තියෙනවා. ඒත් ඒවා මෙහෙම කාටත් රස විඳින්න් පුළුවන් ආකාරයට ලියන්න හැමොටම බැහැ.
BalasPadamඔබේ අත්දැකීම් ඔබ ඉදිරිපත් කරන ආකාරය නිසා අපි හැමෝම ඒවා රස විඳිනවා.
Thanks
Padamඥානසුදම් පමණක් නොවෙයි, රාම් මනෝහාර්ලාත් ලංකාවෙන් පිටවී යන්න ඇති!
BalasPadamඒ විතරක්ද රසික සූරියආරච්චිලා ද ලංකාවෙන් පිටවී ගොස් ඇත.
Padamරාම් යූකේ ගියා
Padam+++++++++++++
BalasPadamsalute
Padamහෙහ් හෙහ් හේ.... ටික කාලෙකට කලින් දොස්තර ගෙට් එකක් තිබුනා.
BalasPadamගිටාර්,වයලින්,තබ්ලා සංගීතයත් එක්ක.
සංගීතය සපයපු අයටත් කිසි ලෝබ කමක් නැතුව සූර් වෙන්න අවස්ථාව දීල තිබුනා...
ඔන්න කට්ටියටම මහ බඩු.
තබ්ලා කාරයා දුමක් දාන අස්සෙ ඩොකෙක් වැනි වැනි ගිහින් තබ්ලා සෝලෝ එකක් ඉදිරිපත් කරන්න.. මයික් ඔන් කරලා ඩං ඩොං ගාලා දෙක ගහනකොටම මයික් වලින් ඇහුනලු
*ත්තො *ත්තො මගෙ තබ්ලාව..!තබ්ලාව තියපිය..!! කියලා..
ජයවේවා..!!
ත්තො *ත්තො මගෙ තබ්ලාව..!තබ්ලාව තියපිය.///// ha ha ha
Padamඔන්න මමත් ආව මේ පැත්තෙ........
BalasPadamwelcome
Padamදොස්තරලා ආමි ඔපිසර්ලාවගේ වයින් ස්ප්‍රිතු බොනවද ?
BalasPadamඑහෙම අයත් ඉන්නවා
Padamහික් හික්
BalasPadamහිකිස්
Padam