Sabtu, 11 Jun 2016

නලින්ද ජයතිස්ස ගේ හෝමෝෆෝබියාව


2015 දෙසැම්බර් 10  ඬේලි නිව්ස් පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවේදී  ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස තමුන් LGBT  ප‍්‍රජාවන්ගේ අයිතිවාසිකම් සඳහා තරයේ විරුද්ධ වන බවත්, සමලිංගිකත්වය වනාහි අස්වාභාවික දෙයක් ලෙසත් ප‍්‍රකාශ කරන ලදි.

මේ ඔහුගේ ප්‍රකාශයයි 

" මම මුළුමනින්ම ස්ත‍්‍රී-පුරුෂ සමලිංගික, දෙමුහුන් ලිංගික හා පාර ලිංගික (LGBT) අයිතීන්ට විරුද්ධයි. මෙය මනුෂ්‍ය පැවැත්මට අවශ්‍ය නැහැ. අපට අනාගත පරපුරක් අවශ්‍ය යි. විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව මෙවැනි හැඟීම් ඇති වන්නේ ආතතීන්ගේ ප‍්‍රතිඵලයක් ලෙයි. මිනිසුන් ආතතිගත අවධීන් හෝ එවැනි පරිසරයක් තුළ කාලයක් ජීවත් වූ විට මෙවැනි අස්වාභාවික හැඟීම් ඇති වෙනවා. මෙවැනි චර්යාවන් අප වනාන්තර වල ජීවත් වූ අවධියේ දැක ගන්නට ලැබුනේ නැහැ. කෙසේ වුවත් ඔවුන්ව සිරගත කල විට මෙවැනි චර්යාවන් දක්නට ලැබෙනවා. මම විශ්වාස කරන්නේ පිරිමින් හා ගැහැණුන් අතර විවාහය පමණයි. සමලිංගික විවාහ අස්වාභාවිකයි. එය මානව වර්ගයාගේ පරිණාමයට විරුද්ධයි.”  

වෛද්‍ය අධ්‍යාපනය ලද ජවිපෙ නායකයකු වන නලින්ද ජයතිස්ස ගේ හෝමෝෆෝබියාව තේරුම් ගත හැක්කේ කෙසේද ?   ඩී.එස්.එම් වර්ගීකරණය (The Diagnostic and Statistical Manual of Mental Disorders (DSMඅනුව සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙසට දැන් සැලකෙන්නේ නොමැති බව වෛද්‍යවරයෙකු ලෙස ඔහු නොදැන සිටියේ නම් එය ඔහුගේ දැණුමේ ඌණතාවකි. ඔහුගේ වෛද්‍ය  විද්‍යාත්මක දැණුම තවමත් යාවත්කාල වී නැත​. එය දැණුමේ ඌණතාවක් නොවේ නම් සංස්කෘතික පසුගාමීත්වය සමග බැඳුන තත්වයක් විය හැකිය​. 




36 ulasan:

  1. මෙහෙමයි ට්‍රාන්ස්............ දේශපාලකයින් බහුතරය තම දේශපාලන මතවාදය වෙනුවෙන් ආත්මය පාවලාදීලා තියෙද්දි ඔහුගේ වෘත්තිය පාවාදීම ගැන මොන කතාද?????????????

    BalasPadam
  2. මූ දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද....? මූ වෛද්‍ය විජ්ජාව ගැන මොනවද දන්නේ නෑ...

    BalasPadam
    Balasan
    1. ඩී.එස්.එම් වර්ගීකරණය (The Diagnostic and Statistical Manual of Mental Disorders (DSM) අනුව සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙසට දැන් සැලකෙන්නේ නොමැති බව වෛද්‍යවරයෙකු ලෙස ඔහු නොදැන සිටියේ නම් එය ඔහුගේ දැණුමේ ඌණතාවකි.

      Padam
    2. මුන් අර නමට ඉස්සරහින් දොස්තර කෑල්ල එල්ල ගන්නයි.. ඒකෙන් වැජබෙන්නයි දොස්තරලා වෙන උන් නේ... යාවත්කාලින වීමක් නෑ... කොහොමත් දොස්තර නේ... මුන් ඇවිල්ලා පැනඩෝල් දොස්තරලා...

      Padam
    3. මාතලන් කමෙන්ට් කරනකොට මූ අරු මූ යනුවෙන් කමෙන්ට් නොකරන්න.

      Padam
  3. මට එක් පුද්ගලයෙක් අපූරු ආර්ථික පාඩමක් කියලා දුන්නා.
    එයාගේ වචන වලින්ම කියනවා නම්,
    "මල්ලි මණමාලියක් අන්දන වැඩේ ගෑණියෙක්ට බාරදුන්න නම් රුපියල් 10 000ක් ගන්නවා,
    පිරිමියෙක්ට බාර දුන්න නම් ඒ වැඩේ ඒ විදියටම කරන්න 20 000ක් ගන්නවා,
    ඔය වර්ග දෙකටම අයිති නැති කෙනෙක් ලා ඕකම කරගන්න 40 000ක් යනවා"

    BalasPadam
    Balasan
    1. මෙය මණමාලියක් අන්දන සංස්කෘතිය සමග බැඳුන එකක් නේද ?

      Padam
    2. සිරාවටම මගේ පුංචි මතුගම පැත්තේ එකෙක් ගෙනාවා. 2000 දි ඒකා 30000ක් ගත්තා.මට මාර වදයක් වුනේ ඒකා

      Padam
  4. ජවිපෙන් ළඟදීම කැඩුණු පිරිස තමන් පෙරටුගාමීන් ලෙස හඳුන්වා ගන්නේ ඉතුරු වුනු අය පසුගාමීන් නිසා විය යුතුයි නේ.

    දැනුමේ ඌණතා සහ සංස්කෘතික පසුගාමීත්වය අනිත් නායකයින්ටත් ඇති. නලින්දට ඔවැනි කතාවක් කියන්නට ඉඩදෙන නායකත්වය ගැන කුමන කතා ද?

    BalasPadam
    Balasan
    1. ක. කා. පෙරටුගාමින් එහෙම පෙරටුගාමී වෙලා ආපහු පොදු දේපල විනාශ කරන , විශ්ව විද්‍යාල අවුලවන වැඩ කරන එක් අතින්නම් නැවතත් පසුගාමියි නේද? ආයිත් 89-90 හොල්මන් පෙන්නන අතින්

      Padam
  5. වාම කියන්නේ සාමාන්‍යයෙන් දකුණේ සමාන ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වුණාට මෙම කාරණාවලදී වම පෙළ ගැහෙන්නේ දක්ෂිණාංශික අන්තවාදීන් එක්කයි.

    BalasPadam
    Balasan
    1. එය භයානක ප්‍රවණතාවක්

      Padam
  6. වෛද්‍ය හෝ ඉංජිනේරු වෘත්තීන් වල නියැලීමේ බලපත්‍ර වසර ගණනකට වරක්වත් පරීක්ෂාවකින් පසුව යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක් ශ්‍රීලංකාවේ නීති රීති අනුව මතු නොවෙන බව මගේ දැනීමයි.

    නිරන්තරයෙන්ම වෘත්තියේ නොයෙදෙන නලින්ද වෛද්‍යවරයෙකු ලෙසද චම්පිකට ඉංජිනේරුවකු ලෙස එම පක්ෂ විසින් හදුන්වාදෙන්නේ එම වෘත්තීන් කෙරෙහි සමාජයේ යම් පමනකට හෝ ඉතිරිවී ඇති ගරුත්වය ඡන්ද ලෙස ගරා ගැනීමට බව මගේ අදහසයි. දිගුකාලයක් තිස්සේ පූර්ණකාලීනව දේශපාලනයේ යෙදෙන මොවුන්ගේ වෘත්තීය සම්බන්ධ දැනුම කිසිලෙසකත් යාවත්කාලීන නොවන බව මගේ නිරීක්ෂණයයි.

    අදාල ක්ෂේස්ත්‍රයන්හි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම්දී උපදෙස් ගත යුත්තේ වෘත්තියේ නිරත වී සිටින වෘත්තිකයන්ගෙන් මිස දේශපාලනයේ කල්මරමින් වෘත්තිකයන් ලෙස පෙනීසිටින උන්දැලාගෙන් නොවන බව පසක් කරගැනීමට නලින්දගේ හෝමෝෆෝබියාව හොඳ උදාහරණයකි.

    BalasPadam
    Balasan
    1. අදාල ක්ෂේස්ත්‍රයන්හි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම්දී උපදෙස් ගත යුත්තේ වෘත්තියේ නිරත වී සිටින වෘත්තිකයන්ගෙන් මිස දේශපාලනයේ කල්මරමින් වෘත්තිකයන් ලෙස පෙනීසිටින උන්දැලාගෙන් නොවන බව... ++++++++

      Padam
  7. ඩොක් හරි. මේක සංස්කෘතික පසුගාමීත්වය.මෙයත් සමග අත්යන්ත සම්බන්දයක් තියෙන වාර්ගිකත්වයේ ලක්ශනයත් ජෙප්පො පෙන්නුම් කරනව. උතුරේ සාමාන්‍ය ජන ජීවිතයට හමුදාවෙ මැදිහත්වීම, ඊට විරුද්ධව ජෙප්පො හුම් කියන්නෑ..

    BalasPadam
    Balasan
    1. සංස්කෘතික පසුගාමීත්වය මේ පක්‍ෂය ආරඹ්හයේ සිට පැවති දෙයක්. එය පියසිරි කුලරත්න විග්‍රහ කරනවා ඔහුගේ තක්සලාවක් වූ සිපිරිගෙය පොතෙන්

      Padam
  8. අප විසින් මුල් තැන දිය යුත්තේ තර්කාණුකූල දේවලට පමණයි.ඔහුව හෙලා දැක නොයෙකුත් දේ ලියා තිබෙන හැටි දුටුවාම පැහැදිලිවන එකම කාරණය නම් උගත්යැයි කියාගැනීම සදහා නොකියා කියාගන්නා ඒ අය තම මානසික ඌනතාවයන්ගෙන් පෙලෙන්නේ.එක අතකින් එයාල කියනදේ හරි නම්, ඒ අයගේ දෙමව්පියන් අයත්වන්නේ කුමන වර්ගයටද.ජීව විද්‍යාවට අනුව ඉතාමත්ම නොදියුනු තත්වයේ ඇති ප්‍රාථමික ජීවීන්ට සිතා ගැනීමට මොල නැති නිසා සිතන්නට බැරිය.බටහිර රටවල සම ලිගිකත්වය පිලි ගැනීමට දැක්වුන හේතු තර්කානුකූලද. මට නම් පෙනෙන්නේ සමලිංිකත්වය හරියැයි කියන අයද අස්වාභාවික බවයි.

    BalasPadam
    Balasan
    1. මෙහිදී සමලිංිකත්වය හරි හෝ වැරදි නොව සමාජයේ යම් කොටසක් වූ LGBT ප්‍රජාවේ අයිතීන් ගැනයි කථිකාව

      Padam
    2. Lasantha Ranasinghe12 Jun 2016 pada 11:45 PG

      Debating weather homosexuality is right or wrong is not much different than debating weather being a black person/woman/sri lankan is right or wrong. That said, there should be no debate on weather the LGBTQ community is entitled to equal rights. Of course they do.....

      Padam
  9. වෛද්‍යවරයෙක් උනාට තමන්ගේ ගතානු ගති වෙනස් කරගන්න කැමති නැහැ. ඔහු සමලිංගික සහ දෙමුහුන් කියන දේ ඔහුට පෞද්ගලික අප්‍රිය ඇති. ඒ ඔහු පෞද්ගලිකව අප්‍රිය දේ සමාජ මතවාදයක් විදිහට ගෙනයාම වැරදියි. මම උනත් සමලිංගිකත්වය කියන දේ මට පෞද්ගලික අප්‍රියයි. මොකද මම ආකර්ෂණය වෙන්නේ කාන්තාවන්ට. නමුත් මම සමලිංගිකත්වය සමාජයට පිළිකුල් ලෙස හෙලා දකින්නේ නැහැ. මම ඔවුන්ට අගවුරව කරන්නේ නැහැ. පරිබව කරන්නේ නැහැ. ඒ යට හොඳයි නම් මට ඒ පිළබඳව කිසිම ගැටළුවක් නැත. මගේ පෞද්ගලික මතය සමාජයට දෙන්නේ නැහැ. මොකද සමලිංගිකයින්ට ආදරය කියන දේ අහිමි දෙයක් ද ? ලිංගිකත්වය කියන දේ අහිමි ද ? එතකොට ඕකද සමාජවාදය ?

    අනෙක මම නම් තවම පිළිගන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සමාජවාදී මතවාදයක් තියන පක්ෂයක් කියලා.

    BalasPadam
  10. පැරා ඉහත කියා ඇති පරිදි සමලිංගික අය විරුද්ධ දක්ශිණාංශිකයින්. ඔවුන්ගේ කොන්සවටිව් අදහස් වලට ඒවා ගැලපෙන්නේ නැතිවීම. වාමාංශිකයින් බොහෝ විට මේවාට ඉඩ දීමට සහයෝගය දෙනවා. එතකොට මේ වාමාංශිකයා දක්ශිණාංශික අදහස් දරන්නෙක්ද? එහෙම නැත්නම් මේක දේශපාලන වාසි තකා කියන කියමනක්ද? ඔහු වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් දහස් දැක්වීම ඊට එහා.

    BalasPadam
    Balasan
    1. මෙය unprofessional තත්වයක් කියන්න පුලුවන්

      Padam
  11. සමාජවාදය ආර්ථීක අංශයේදී පොදු දේපල ක්‍රමයක් පිළිගන්නා අතරම සංස්කෘතික අංශයේදී පිලිගන්නේ පුද්ගලවාදය.
    මේ තත්වයෙන් ව්‍යුත්පන්න වියහැකි මතය වන්නේ, මට ඕනෑම දෙයක් කිරීමට හැකියි. නමුත් මා ගන්නා අනුවන තීරණයක වගකීම මුළු සමාජයම දැරිය යුතුයි. යන අදහසයි. මීට අමතරව ගැහැණියක් කරන ඕනෑම වරදක වගකීම ඇයට සමීප පිරිමියා දැරිය යුතුයි. සුළුජාතිකයෙක් කරන ඕනෑම වරදක වගකීම මහජාතිය දැරිය යුතුයි. සමලිංගිකයන් කරන ඕනෑම වරදක වගකීම විශමලිංගිකයන් දැරිය යුතුයි වැනි අදහස්ද මතුවන්න පුළුවන්.
    මේ නිසා
    වාමාංශික අදහස් ඇති පුද්ගලයන් සංස්කෘතික අංශයට යොමුවීමේදී ඔවුන් දුරාචාරය වෙනුවෙන් පෙනීසිටින්නනු බවට පත්වනු දැකිය හැකියි.

    BalasPadam
  12. සම ලිංගික අදහස් ඇති අතලොස්සක් ඇත්තටම ජිවත් වන අතර ඊට වඩා සිය දහස් ගුණයක් ඒ පැත්තට හැරවෙනවා බාලිකා බාලිකා හොස්ටල්, හමුදා බැරැක්ක, ආගමික ආයතන ආදියේ හිර කර තැබීම නිසා. මේ පිලිබඳ කතිකාවකට යමුද???

    BalasPadam
  13. trans sylvania එක ඉහත ප්‍රකාශය සමග සමාජ විද්‍යාත්මක ශාස්ත්‍රීය පැහැදිලි කිරීමකුත් ඇතුලත් කලා නම් සාකච්ඡාව අර්ථවත් වීමට තිබුනා. දැන් එහෙම වී නෑ නේද​? මාධ​‍ය තුල මේ පිලිබදව​ හෙලා දැකීම් හා පක්‍ෂග්‍රාහිවීම් හැරුනු කොට අන් දෙයක් අප දැක නැත​. ස්වයං ලිංගික වින්දනයන් සේම සම ලිංගික වින්දනයන් ද අතීතයේ සිටම පැවත ඇති බව ප්‍රසිද්ධ නමුත් එම ලිංගික විවාහ වල පදනම කුමක්දැයි පැහැදිලි නැත​.

    BalasPadam
    Balasan
    1. ඉදිරි කාලයේ බලමු

      Padam
  14. වැඩිහිටියන් දෙන්නෙක් කාමරයක් තුළ මොනවද කරන්නේ කියන එක රජයට අදාළ නෑ.මං හිතන්නේ සමලිංගිකත්වය පිළිබදව දියුණු සමාජවල මතය එයයි.නමුත් දැන් කෙනෙකුට ප්රශනයක් මතු කරන්න පුළුවන් incest පිළිබදවත් මෙම ප්රතිපත්ථියම අදාළ කරගන්න පුළුවන්ද කියලා?ඩොක්ටර් මොකද හිතන්නේ?

    BalasPadam
    Balasan
    1. incest සහ සමලිංගිකත්වය යන්න දෙකක් , බොහෝ විට incest හි ගොදුර වන්නේ තම ලිංගිකත්වය ගැන තීරනයක් නැති ලාබාල නොදරුවෙක් .

      Padam
    2. ද‍ෙද‍ෙනාම වැඩිහිටියන් නමි?උදා- පියා-දුව මව-පුතා

      Padam
  15. Tragedy in our country is that what even a man & a woman(both adults)doing in a room is an issue to the government let alone the ones being of the same sex.Culture vultures may knock at the door at anytime...!

    BalasPadam
  16. හෙළ බොදු විරෝධය පාමු...රනිල්...සමලිංගික සේවනය සහ ස්වයංවින්දනය නීතිගත කිරීමට යයි !

    BalasPadam
  17. බුදු හාමුදුරුවන් වටේ සිටි ගෝලයෝ ඔක්කොම පිරිමි ! ඔන්න ඉතිං බහුජ්ජයෝ කියපියව් කුණුහරුප...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook