Sabtu, 18 Jun 2016

නාලන්දේ ගායකයෝ


අප මෙන්  මේසයට තඩි බාමින් නොව ශාස්ත්‍රීය 
අන්දමට ගීත ගයන මා මිතුරු ජනක් චන්දිම සිරිතුංග 


පාසල් කාලයේ  නාලන්දේ ගායකයෝ බොහෝ දෙනෙකු වූහ​. මේස වලට ගසමින් ඔවුන් සින්දු කී අයුරු මට මැවී පෙනේ. අප එකේ දෙකේ පන්තිවල සිටියදී සින්දු ටීච හෙවත් ලලනී නවරත්න ටීච පියානෝව වාදනය කල අතර අප ඉංග්‍රීසි පොයම්ස් තාලයට කීවෙමු. මට අද වූවත් ඒවා මතකය​. ඉන් එකක් මෙසේය​. 

Sing a song of sixpence,
A pocket full of rye.
Four and twenty blackbirds,
Baked in a pie.

When the pie was opened,
The birds began to sing;
Wasn't that a dainty dish,
To set before the king?

හය වසරේදී මාජරීන් හෙවත් උපතිස්ස සර් ටිකිරි ටිකිරි ලියා සින්දුව ඉංග්‍රීසියට පෙරලා අප ලවා ගායනා කරවීමට උත්සහ කලේය​. ටීනි වීනි වෙන්ට් ටුද වෙල් මොනිට කම් ඇන්ඩ් බිට් හර් කියා වචන යොදා උපතිස්ස සර් පරිවර්තනය කල සින්දුවට අප සිනාසුනෙමු. "මුං ජෝතිපාලගේ  සින්දු අහලා මිසක් හොඳ සින්දු අහලා තියනවාද ? කියා උපතිස්ස සර් මගේ පිට මැදට පහරක් දුන්නේය​. ජෝතිපාල නම් ගායකයෙක් සිටින බව මා දැනගත්තේ එදාය​. 

අපගේ පන්තියේ සිටි මම , කැළුම් සහ  ප්‍රියදර්ශන අබේවීර ගුණවර්ධන  හොලිඩේ චොයිස් සැටඩේ චොයිස් නිතර අසන නිසා ඇබා, පුසි කැට්ස් , බ්‍රදර් හුඩ් ඔෆ් මෑන් , බීජීස් , ටීනා චාල්ස් , ලියෝ සේයර් යනාදීන් ගේ ගීත දැන සිටි අතර සමහර විට අප ඩෙස්ක් වලට ගසමින් මේ ගීත කීවෙමු. 

හතේ පන්තියේදී අප සමග සිටි අරෝෂ ගුණසේකර සිංහල සහ හිංදි ගීත ගායනා කලේය​. නිතරම ගී ගයන අරෝෂව පන්තියේ සිටි කටකාරයා වූ ඩබල් එන් පී රත්නායක හැඳින්වූයේ මන්නාඩේ කියාය​. මේ කාලයේ (1979) මන්නාඩේ ලංකාවටද ඇවිත් තිබුණි. අරෝෂ නිතරම " නින්දේදී යහනේ පවා කියා ගීතයක කෑල්ලක් ගායනා කල අතර එය මට කට පාඩම් විය​. පසුව මෙය ජෝතිපාල ගයන චිත්‍රපට ගීතයක් බව මම දැනගත්තෙමි. දැනුදු සමහර අවස්ථා වලදී 404 අධිවේගී මාර්ගයේ රිය පදවන විට  එදා අරෝෂ ගැයූ  නින්දේදී යහනේ පවා යන ගීත කෑල්ල මම මුමුණමි.  

හතේ පන්තියේ සිටි ධම්මික වීරවර්ධන අමුතු අමුතු ගීත ගැයුවේය​. වරක් ඔහු  " බැලුවම අහිංසකයි මිනිහා හරි වසයි "  කියා මරු සිරා ගැන ගීතයක් කීවේය​. තවත් වරකදී "ගරා යකා රීරි යකා සන්නි යකා " කියා සිංදුවක් ද , "මම ගියා අපායේ බජව් එකකට සීයේ " කියාද ගීත ගැයුවේය​. මේ ගීත මම ඇසුවේ ධම්මික වීරවර්ධන ගෙනි. මෑතකදී මුහුණු පොතෙන් මා සමග කතා කල ධම්මිකට   මේ බව කීවෙමි. මට මතක තිබූ ඔහු කියූ සමහර ගීත දැන් ඔහුට මතක නැත​. 

අප අට වසරේ සිටියදී නිතරම නිහාල් නෙල්සන් ගේ ගීත ගායනා කල කොළුවෙක් වූයේය​. අප ඔහුට නිහාල් නෙල්සන් කියා නමක් තැබුවෙමු. ඔහුගේ ඇත්ත නම මට මතක නැත​. ඔහුගේ උඩ සාක්කුවේ නිතරම නිහාල් නෙල්සන් ගේ කැසට් එකක් තිබුනේය​. 

දහය වසරේදී මමත් අසංග ලංකාතිලකත් වේදිකාවට නැග කොල්ලන් ඉදිරියේ බොනි එම්ලාගේ  බයි ද රිවර් ඔෆ් බාබිලෝන් ගීතය ගැයුවෙමු. ගීතය අවසානයේදී කොල්ලන් අපට මහා අත්පොලොසන් නාදයක් දුන්හ​. අසංග ලංකාතිලක පසුව නාවික හමුදාවට ගිය අතර ජෙනරාල් කොබෑකඩුව සමග බිම් බෝම්බයකට අසුව මිය ගියේය​. 

නාලන්දේ විශාරද ගායකයෝද වූහ ජනක් චන්දිම සිරිතුංග , නන්දන , වැනි සිසුන් පාසලේ උත්සව අවස්ථා වල සර්පිනා , තබ්ලා වයමින් ගීත කියූහ​. තබ්ලා ගැසූ තබ්ලා සම්පත් මගේ මිතුරෙකි. එහෙත් අපි ගීත කීවේ මේසයට තඩි බාමිනි. පන්තියේ මට ලාච්චුව සහිත ඩෙස්ක් එකක් තිබුණු අතර එහි ලී තුනී නිසා ගසන විට අමුතු රිද්මයක් දුන්නේය​. සමහර විට මුලු පන්තියම එකතුවී ගීත ගයති. මම ඩ්‍රම් වාදකයා වූයෙමි. මම බොනි එම්ලාගේ රස්පුටින් ගීතයේ ආරම්භක ඩ්‍රම් වාදනය මේසයට ගසමින් මතුකර ගත්තෙමි. මේ රිද්මය මම මතු කරන විට පන්තියේ කොල්ලන් අත්පොලොසන් දෙති. 
  
මගේ ගිත ගායනය ඇණ හිටියේ අනපේක්‍ෂිත විලසිනි. වරක් මා පන්තියේ කොස්ස ගිටාරය මෙන් ගෙන ගීතයක් කියමින් සිටින විට අපට බුද්ධාගම ඉගැන්වූ කොක්මාදූවේ ගුණසිරි හාමුරුවන් පන්තියට වැඩම කලේය​. හාමුරුවන් මට පන්තියේ ඉදිරි පෙල මේසයක වාඩිවන ලෙස කී නමුදු කපිළ ජාසිංහ " ස්වාමීන්වහන්ස ඩෙස්ක් වහන්සේ  හෙල්ලෙන සේක"  කියා කියූ හෙයින් අප සිනාසුනෙමු. 

මේ නිසා හාමුරුවන්ට තරහා ගියේය​. ඉක්බිති කොක්මාදූවේ ගුණසිරි හාමුරුවන් මාව පන්තියෙන් එලියට දමා කොල්ලන් ගෙන් පසුගිය පාඩමෙන් ප්‍රශ්න ඇසුවේය​. කිසිවෙකු පිලිතුරු දුන්නේ නැත​. මම එලියේ සිට පිලිතුරු දුන්නෙමි. මින් තවත් තරහ ගිය කොක්මාදූවේ ගුණසිරි හාමුරුවන් මාව අංශ භාර ජයවර්ධන සර් වෙත යැවීය​. ජයවර්ධන සර් මට පස්සට වේවැල් පාරවල් පහක් දුන්නේය​. ඉන් පසු මම පන්තියේ ගීත ගායනය  සහමුලින්ම අත් හැර දැමුවෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


57 ulasan:

  1. Do a piece on our Marjarin sir. He was quite a character. I still remember the stories he told us. He also translated මගේ පුතා ගජ හපනා, දවසක කොළඹට යනවා as "My little son, he's a clever one. One will go to Colombo. He'll earn two pounds, and he will give me one" That's how I remember it....

    BalasPadam
  2. Do a piece on our Marjarin sir. He was quite a character. I still remember the stories he told us. He also translated මගේ පුතා ගජ හපනා, දවසක කොළඹට යනවා as "My little son, he's a clever one. One will go to Colombo. He'll earn two pounds, and he will give me one" That's how I remember it....

    BalasPadam
    Balasan
    1. My little son, he's a clever one... I remember this

      Padam
  3. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
    Balasan
    1. මා චෙෆාකිගේ හෝටලයේ වැඩ කලේ වේටර් කෙනෙකු ලෙස නොවේ. වැසිකිලි පිරිසිඳු කරන්නෙකු ලෙසය. මට නම් එයද තවත් එක රැකියාවක් පමණි.

      Padam
    2. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    3. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    4. ඔහේගේ කොමෙන්ට්ස් නම් මම පබ්ලිෂ් කලා... මම දාපුවත් පබ්ලිෂ් කරනවද මහත්තයෙක් නම්... මේවට උත්තර දෙන්න නම් නෙමෙයි.. එක දෙයක් විතරක් කියන්න..

      Padam
    5. ඒ හෝටලය එහෙම තැනක් නෙවෙයි , මමත් මාසයකට දින කිහිපක් නැවති අලුත්වැඩියාවන් සහ නඩත්තු කටයුතු කරන තැනක් , අඩුම තරමේ හනිමූන් කපල් එකකට හෝ පවුල් පිටින් පැමිනෙන අයට හැර , දවස ගෙවාගන්ඩ ත්‍රීවීල් වල එන අනියම් ජෝඩු වලටත් කාමරනොදි හරවා අරින තැනක්.

      Padam
    6. මේ කොමෙන්ට්ස් තුල පෙන්වන්නේ ඔබ සඳහන් කළ පරිදිම ඔබේ සමාජ තත්වය හා පාදඩ බවයි... කොහොමද මමත් කිව්වොත් ඔබ ස්ත්‍රී දූෂණ හා අපචාර කර තිබෙනවා කියා.. එහෙත් මා එවන් කිසිවක් කීවේ නෑ... ඔබේ ජීවීතයට කිසිම මඩක් ගැහුවේ නෑ.. ඔබේ ද්දස් වලට විතරයි මඩ ගැහුවේ.. ඔබ වෛද්‍යවරයෙක් විය හැකියි... එහෙත් ඔබ මහත්මයෙක් නම් නොවේ... පුළුවන්නම් මකන්නේ නැතිව මේ කොමෙන්ට් එක තියන්න.. එහෙම කොන්දක් ඔබට නෑ... ඔබ හීනමානයෙන් පෙලෙන්නෙක්.. ඒ නිසා ඒ ශක්තිය ඔබට නෑ..

      Padam
    7. මේ උනමත්තකයා මාතලන්ට මඩ ගැසීමෙන් නොනැවති.. චෙෆාකිටත් මඩ ගහනවා... ඒ මිනිස්සුන්ට එහෙම සල්ලි හම්බ කිරීමේ අවශ්‍යතාවයක් නෑ... අටම් කිව්වා වගේ ඒවට එන අයත් හරවා යවනවා... ඒ මිනිස්සු බොහෝම වැදගත් විදියට සල්ලි හොයපු සහ හොයන මිනිස්සු... මේ ඩොකා වගේ ලෙඩ්ඩු නෙමෙයි...

      Padam
    8. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    9. ඔබට මේ අසත්‍ය මඩ තොරතුරු ලබා දෙන්නේ කව්ද යන බව මමද චෙෆාකිද අටමාද හොඳින් දනී. ඒ නිසා ඒ ගැන අවුලක් නැත. නමුත් ඔහුද නොම්මර එකේ මානසික රෝගියකු බව අප සියළු දෙනාම හොඳින් දනී. පොලීසියේ දෙයක් "තියේනවා නම්" ඒක මගේ පෞදගලික දෙයක් නේ.. ඒක මම පොලීසිය සමඟ බේර ගන්නම්. ඔබ කලබල වෙන්න එපා. පොලීසියේ වැඩෙත්. මේ කොමෙන්ට් එකත් ඔබට අදාල නෑ නේ. ඒ නිසා කලබල වෙන්න එපා. ඒ රෝගියා ගැන අපි බලා ගන්නම්.

      අපි වගේ පිස්සෝ කලබල උනාට. ඩොක්ට කලබල වෙන්නේ නෑ..

      Padam
  4. ඔබතුමන්ගේ කාලෙ නටරාජ් බෙලෙක් කවකටු පෙට්ටිය තියෙන්න නැතුව ඇති. ඒකට පෑන් දෙකක් එකතු කලහම සංගීත මවන්න පුලුවං

    BalasPadam
    Balasan
    1. නැතුව නැතුව .... මෙටලික්ස් කවකටු පෙට්ටියත් හොඳ සංගීත භාන්ඩයක්

      Padam
  5. ඔබතුමන්ගේ කාලෙ නටරාජ් බෙලෙක් කවකටු පෙට්ටිය තියෙන්න නැතුව ඇති. ඒකට පෑන් දෙකක් එකතු කලහම සංගීත මවන්න පුලුවං

    BalasPadam
    Balasan
    1. මෙටලික්ස් කවකටු පෙට්ටිය ගන්නේ අල්ලපු මේසේ එකාගේ

      Padam
  6. රුවන්ගේ බ්ලොග් එකේ
    "AnonymousJune 16, 2016 at 11:24 PM" සහ "Maathalan - Priyantha HewageJune 17, 2016 at 2:23 AM" ඇනෝ කොමෙන්ට් දැම්මේ මම. හැබැයි මම රුවන් නෙමේ. එනිසා ඔබ රුවනට කරන්නේ බොරු චෝදනා සහ අවලාද.

    මමත් රුවන් මෙන්ම කැනඩාවේ ටොරොන්ටෝ සිට කොමෙන්ට් කරපු නිසා ඔබට පැටලුනාදෝ කියා සිතේ. මගේ කොමෙන්ට් නිසා ඔබගේ සහ රුවන්ගේ සිත් රිදවීමක් සිදුවීම පිලිබදව කණගාටුව පලකරමි.

    ඔබගේ
    "Maathalan - Priyantha HewageJune 18, 2016 at 6:18 AM
    ලේසි වැඩක් නෙමෙයි.. මට උපකාර කරන්නේ උසස් අධ්‍යාපනයට සම්බන්ධ රාජ්‍ය ආයතනයක හිතවතුන්.."

    යන කොමෙන්ටුව සම්බන්දයෙන් කීමට ඇත්තේ එය නම් අල්ලේ පළවෙන බොරුවක් කියාය. මන්දයත් ඔබ මම කල කොමෙන්ටු රුවනට බැර කල ආකාරයට ඔබ ඇනෝ සොයන ආකාරය effective නොවන බව හෝ ඔබ දැන දැන බොරු කියන බව පෙනේ.

    BalasPadam
    Balasan
    1. මෙය ඔහුගේ බ්ලොගයේ පළ කරන්න කුණුහරප කීම නැවැත්වීම සඳහා

      Padam
    2. Posted on his blog. Have to wait till he publish it.

      Padam
    3. මාතලන් ඔබගේ කොමෙන්ටුව පළ කොට නැත එම නිසා මා මේ කොමෙන්ටුව ඔහුබේ බ්ලොගයේ පල කලෙමි .


      (Mathalan veta yavu komentuva ) මා විසින් ඇනෝ කොමෙන්ට් කරා කියමින් ඔබ මට අභූත චෝදනා කලද එම කමෙන්ටුව කල මධ්‍යස්ථ මතයා ඔහුගේ අනන්‍යතාව හෙලිකොට සමාව ඉල්ලා කමෙන්ටුවක් පළ කොට තිබේ, එම කොමෙන්ටුව ඔබ පළ කොට නැත​. මෙන්න ඒ කොමෙන්ටුව​. මා ගරු කරන බ්ලොග් කරුවන් කීප දෙනෙකුද මෙතන සිටින නිසා ඔවුන් ගේ දැණුවත් භාවයටවත් මේ කමෙන්ටුව පල කරන්න


      මධ්‍යස්ත මතයාJune 18, 2016 at 1:30 PM
      රුවන්ගේ බ්ලොග් එකේ
      "AnonymousJune 16, 2016 at 11:24 PM" සහ "Maathalan - Priyantha HewageJune 17, 2016 at 2:23 AM" ඇනෝ කොමෙන්ට් දැම්මේ මම. හැබැයි මම රුවන් නෙමේ. එනිසා ඔබ රුවනට කරන්නේ බොරු චෝදනා සහ අවලාද.

      මමත් රුවන් මෙන්ම කැනඩාවේ ටොරොන්ටෝ සිට කොමෙන්ට් කරපු නිසා ඔබට පැටලුනාදෝ කියා සිතේ. මගේ කොමෙන්ට් නිසා ඔබගේ සහ රුවන්ගේ සිත් රිදවීමක් සිදුවීම පිලිබදව කණගාටුව පලකරමි.

      ඔබගේ
      "Maathalan - Priyantha HewageJune 18, 2016 at 6:18 AM
      ලේසි වැඩක් නෙමෙයි.. මට උපකාර කරන්නේ උසස් අධ්‍යාපනයට සම්බන්ධ රාජ්‍ය ආයතනයක හිතවතුන්.."

      යන කොමෙන්ටුව සම්බන්දයෙන් කීමට ඇත්තේ එය නම් අල්ලේ පළවෙන බොරුවක් කියාය. මන්දයත් ඔබ මම කල කොමෙන්ටු රුවනට බැර කල ආකාරයට ඔබ ඇනෝ සොයන ආකාරය effective නොවන බව හෝ ඔබ දැන දැන බොරු කියන බව පෙනේ.

      Padam
    4. රුවන්, මඩ කොමෙන්ටු දැම්මේ ඔබ නොවන බවත්, ඒවා දැම්මේ වෙන කෙනෙකුන් බවත් සඳහන් කරමින් ඔබේ ප්‍රෝෆයිලයෙන්ද, එම කොමෙන්ටුවම ඇනෝවකුද මට එවා ඇත. එහෙත් එය ඔබේ බ්ලොග් එකේ පලවන්නේ අප කිසි දින අසා නැති ප්‍රෝෆයිලයකිනි. එම නිසා ඒවා මා පල කරන්නේ නැත.

      මට මඩ ගැසීම මේ පෝස්ටුව තුලත් සිත් සේ දිගටම කර ගෙන යනු ලබයි. ඒ ඔබේ සමාජය විය හැක. මා කිසිඳු කුණුහබ්බයක් ඔබට කියා නැත. ඔබට විවාද කිරීමට නොහැක. අප අන් මත ගරි කරනා බ්/වින් නිහඬ සිටියෙමි. එහෙත් මඩ ගැසීම ආරම්බ කරන්නේ ඔබයි. ඔබ මහත්මයකු නම් කලෙන යුත්තේ දැන් වත් එය අමතක කොට මඩ කොමෙන්ටු නැවත්වීමටයි. එහෙත් ඔබ එය කරන්නේ නැතිව. මගෙන් කරනා ඉල්ලීම මා ඉටු කරන්නේ නැත.

      කනගාටුයි...

      Padam
    5. අයියෝ සල්ලි.

      Padam
    6. එම කොමෙන්ටුව වෙනත් කෙනෙකුන්ගේ වුවද එය ඔබට ඉවත් කළ හැකිව තිබිනි. එහෙත් ඔබ එසේ කලේ නැත. නමුත් ඔබට මඩ ගසා හා කුණුහබ්බ කියා එවනා දරුණු ගනයේ එකම කොමෙන්ටුවක්වත් මා දැනුදූ පළ කරන්නේ නැත. ඒ මගේ සමාජ තත්වයයි. මේ ඔබේ සමාජ තත්වය විය හැක. ඒ පිළිබඳ කනගාටුවක්ද නොමැත.

      Padam
    7. 1) නමුත් ඔබ මට අභූත චෝදනාවක් එල්ල කලේය - (මා ඇනෝ ඇවිත් ඔබට අපහාස කලා කියමින් )
      2) පසුව එය කලේ මධ්‍යස්ත මතයා බව ඔබ දැනගත්තේය නමුත් ඔබ එය දැන දැනම මට චෝදනා එල්ල කලේ‍ය​
      3) මධ්‍යස්ත මතයා ඔබගෙන් සමාව ඉල්ලා ඔබගේ බ්ලොගයේ පැහැදිලි කිරීමක් කල බව කියා තිබුනි. එහෙත් ඔබ මධ්‍යස්ත මතයාගේ කොමෙන්ටුව දැන දැනම මකා දැම්මේය​. එය පල කලේ නැත​. ඔබගේ සහචරයන් ලවා මට අපහාස කොමෙන්ට් දැම්මේය​. එක් වසලයෙක් සෑම පැය 4 වරක් කුණුහරප කොමෙන්ට් කොටයි. බළු අසූචි ඉවත් කරන්නක් මෙන් මම ඔබගේ මිතුරාගේ කොමෙන්ට් ඉවත් කරමි.

      4) මධ්‍යස්ත මතයා ඔබ බොරු කියන බව කියයි. ( ඔබගේ
      "Maathalan - Priyantha HewageJune 18, 2016 at 6:18 AM
      ලේසි වැඩක් නෙමෙයි.. මට උපකාර කරන්නේ උසස් අධ්‍යාපනයට සම්බන්ධ රාජ්‍ය ආයතනයක හිතවතුන්.."

      යන කොමෙන්ටුව සම්බන්දයෙන් කීමට ඇත්තේ එය නම් අල්ලේ පළවෙන බොරුවක් කියාය. මන්දයත් ඔබ මම කල කොමෙන්ටු රුවනට බැර කල ආකාරයට ඔබ ඇනෝ සොයන ආකාරය effective නොවන බව හෝ ඔබ දැන දැන බොරු කියන බව පෙනේ.) නමුත් ඔබ එයට පිලිතුරක් නොදී මග හැරියේය​. ( නමුත් දැන් වෙන කතාවක් හදා නොකියනු මැනවි)

      5) ලිවීමේදී මම කිසිවෙකුටත් බිය නොවෙමි. මම හෙල්ත් මිනිස්ට්‍රියේ මෝරුන් , හමුදාවේ සිටි හොරු හෙලිදරව් කොට ලීවෙමි. මරණ වරෙන්තුව හමුවේද ලීවෙමි. එම නිසා මට ඇනෝ ඇවිත් සූරා පැන යන්නට අවශ්‍ය නැත. එසේම මට ඔබ සමග ගැටුමක් ද අවශ්‍ය නැත​. ඔබ ඔබේ පාරේ යන්න මම මගේ පාරේ යමි. අපි කිසි දිනෙක හමු වන්නේද නැත​. එම නිසා මේ අභූත චෝදනා , සහචර ඇනෝලා මගින් කුනුහරප කීම් නවතා දමන ලෙස ඉල්ලා සිටිමින් මම නවතිමි.

      Padam
    8. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    9. @ රුවන්/මාතලන්

      අපි දැන් මෙහි අවසානයකට එළඹිය යුතු බවයි මගේ අදහස. මගේ ස්ථාවරය පහතින් දක්වනවා.

      1. මාතලන්ගේ ගංජා ලිපියට, රුවන් දැමූ ලිපිය, පිළිතුරක් හෝ පහර දීමක් ලෙස මා දකින්නේ නැහැ. ඒ ලිපි දෙක මානයන් දෙකක සිට ලියවුන ලිපි.

      2. කෙනෙකුගේ ලිපියක් නිසා, තවත් කෙනෙකුට සිත් රිදවීමක ඇතිවීම, අලුත්, අහඹු, සිදුවීමක් නෙවෙයි. සෑම පාර්ශවයක්ම, වගකීමෙන් සහ සභ්‍ය වචන භාවිතයෙන්ද, විෂයය කරුණු තාර්කිකව ඉදිරිපත් කිරීමෙන්ද, සංවාදයක හෝ විවාදයක යෙදෙන්නේ නම්, එයින් මහඟු සේවයක් වන්නේ පාඨකයාටයි. එමෙන්ම තමන්ගේ මහාත්මාකම සහ බහුශ‍්‍රැත බව ඉන් පිළිබිඹු වෙනවා. ඔබ දෙදෙනාම, ලංකාවේ සුප්‍රසිද්ධ පාසල්වල ඉගෙනගත් අය. ඒ බව අමතක කරන්න එපා.

      3. කලින් කලට මෙවැනි මත ගැටුම් සිදුවෙනවා. මම තමයි, මාතලන් සහ රසික සමග මත ගැටුමක් ඇති කරගෙන, කාලයක් පැටලී සිටියේ. ඒ බව මට අමතක නැහැ. ඒ කාලේ මට ඊ මේල් සහ නිර්නාමික දුරකථන ඇමතුම් මගින්, රසික සහ මාතලන් ගැන නොයෙක් කතා කිව්වා. නමුත් ඒවා බ්ලොග් ලිපි ලිවීමට අදාළ නැහැ.

      4. ඇනෝ කමෙන්ට් අල්ලන ක්‍රමයක් ලෝකයේ කොහෙවත් ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ. මා යුද හමුදාව භාවිත කරන අති නවීන තාක්‍ෂණය ගැන කරුණු සොයා බැලුවා. ඒ යටතේ කළහැකි නමුත්, මට එය දෙන්නේ නැහැ. අපේ රටේ IP එඩ්රස් වරින් වර වෙනස්වන සුළු බවක් තිබෙන බව පමණක්, මම දැනගත්තා. චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ, මගේ IP එඩ්රස් එක මොනිටර් කරගෙන හිටියොත් පමණයි, අල්ලන්න පුළුවන්. නමුත් එය කලහැක්කේ, රාජ්‍ය/හමුදා මට්ටමෙන් පමණයි. ඒ නිසා, ස්වාධීන මණ්ඩලයක් ඔස්සේ, ඇනෝ ගැහීම ඔප්පු කරන්න බැහැ. ශ්‍රී ලංකා ටෙලිකොම් IP එඩ්රස් පිටතට (පොලීසියට) ලබාදෙන්නේ, අධිකරණ නියෝගයක් දුන්නොත් පමණයි.

      5. ඔබ දෙදෙනාටම ලිවීමේ හැකියාව තිබේ. හොඳ අදහස් තිබේ. දිගටම ලියන්න. මතවාදීව ගැටෙන්න. පෞද්ගලික කරුණු අතහැර, විෂයය කරුණු ඔස්සේ ගැටෙන්න.

      Padam
    10. ඩොක්ට රුවන්,
      අපි දැන් මේ දොස් පවරා ගැනීම නවත්වා දමමු.ඇත්තටම මෙවැනි දේවල් දිගින් දිගටම ඇදගෙන යෑම හරිම අප්‍රසන්නයි.මේ ගැන කමෙන්ටුවක් මම මාතලන්ගේ බ්ලොගයේත් දැම්මා.මතවාදීව කොතෙක් ගැටුණත් පුද්ගලික කාරණා ඇදගෙන මඩ ගසා ගැනීම කිසිසේත්ම අනුමත කරන්නට බෑ. මම දෙන්නටම මෙතැන කියන්නේ විචාත් කියනවා සේ විෂය කරුණු ඔස්සේ ගැටෙන්න.මෙසේ හැසිරීම ඔබලා වැනි බුද්ධිමත් අයට තරම් නොවේ.මෙතන සිට මේ කාරණය අමතක කර දමන්න.මගෙ එකම ඉල්ලීම එයයි.

      Padam
    11. හයියෝ සල්ලි නේද? පෞද්ගලික තොරතුරු මේවට ඇද ගැනීම ඇති වැඩක් නැහැ. රුවන්, මේ කතා මගින් ප්‍රීතියට හා ප්‍රමෝදයට පත්වන කොට්ටාශයක් මේ සමාජයේ ඉන්නවා. මේ ඇනෝ ලා ලෙස කොමෙන්ට් දමා ඔවුන් බලාපොරොත්තු වන්නේ එයයි. ඔය එන කට්ටිය ප්‍රොෆයිල් නැතුව නොවේ. මට තියන මහා පුදුමය නම්, "ඉතාම කාර්ය බහුලය" කියන පිරිස් වලට මේ වගේ මෝඩ ආතල් වලට ඕනෙතරම් කාලය තිබීමයි.


      Padam
    12. හැලපේ , විචා , , රයිගම් , මට මොහු සමග ආරෝ කර ගැනීමට වඩා වැදගත් වැඩ තිබේ. මම කිව්වේ ඔය කියන කොමෙන්ටුව හැලපේ , විචා , රසික , රයිගම් , විභීෂණ , අජිත් ධර්ම යන ස්වාධීන මඩුල්ලක් ඉදිරියේ පරිගනක විශේසඥයෙකු මගින් පරික්‍ෂා කර බලන්න කියා.

      Padam
  7. රුවන් කියන උපතිස්ස සර් අර කලිසමට සුදු බෙල්ට් එක දාන උස එක්කෙනාද? ඒ බෙල්ට් එක නිසා අපි එයාට කිව්වේ සරොම් පටියා කියල. යාන්ස් කියන්න නම් එයාට ගහන්න කෙනෙක් නෑ.කවුරුහරි ටීචර් කෙනෙක් ආවෙ නැති වුනහම අපි ගිහින් උපතිස්ස සර් නිකම් ඉන්නවනම් එයාව පන්තියට එක්ක එනවා ඔය බේගල් අහන්න.

    BalasPadam
    Balasan
    1. ඔව් උපතිස්ස සර් තමයි. ඒ කාලේ යාන් කිව්වේ නෑ කිවේ ලෝක යුද්දය වගේ බර බර කතා. හොඳ දැණුම ආකරයක්

      Padam
  8. අපි නටරාජ් සහ මෙටලික්ස් කවකටු පෙට්ටි ඩ්‍රම්ස් ගගහා බයිලා කිව්වේ හතරේ පන්තියේ ඉන්න කාලේ .. මෙන්න මේ පොස්ට් එකේ විස්තරේ තියෙනවා..http://helmalu.blogspot.com.au/2015/04/blog-post.html

    BalasPadam
  9. මේ අපේ ගමේ බජව් කාරයා , සෝමේ අය්යා මම ගියා අපායේ සිංදුව කියපු හැටි ...http://helmalu.blogspot.com.au/2016/05/blog-post_9.html

    BalasPadam
    Balasan
    1. අනේ වීඩියෝ එක නැහැනේ This video is not available. kiyala vatenava

      Padam
    2. මම දැන් බැලුවා . තියෙනවා .ට්‍රාන්ස් ට එහෙම මැ සේජ් එකක් එන්නේ ඇයිද දන්නේ නෑ..

      Padam
    3. This is the message I get : This video is not available. https://www.youtube.com/watch?v=fYi_EueOHOo

      Padam
    4. follow that you tube link.. it is depend on the search engine we use I think

      Padam
  10. "මම ගියා අපායේ බජව් එකකට සීයේ" යන්න "මම ගියා අපායේ බජව් එකකට ඊයේ" යනුවෙන් වෙනස් විය යුතුය.

    BalasPadam
  11. පිංහාමි චරිතය සහ කාලගුණේ චරිතය රඟප% නළුවන් දෙදෙනා ඉගැන්නුවේ නාලන්දයේ නේද?

    එතකොට එඩ්වඩ් ජයකොඩි?

    BalasPadam
    Balasan
    1. එඩ්වඩ් ජයකොඩි කිරිහාමි දෙන්නාම හිටියා කිරිහාමි මට උගන්වා තිබේ

      Padam
  12. උසස් පෙළ ඉගෙන ගන්න කාලේ ගායිකාවන්ගේ කටහඬින් ගීත ගැයීම මගෙත් මා මිතුරකුගේත් විනෝදාංශය වුණා. මේ නිසා, ඒ ගීත ඇසී පන්තියට කඩාවදින ගුරුවරු, පන්තියේ ගැහැණු ළමුන් ඉන්න පැත්තටයි යන්නේ. ගැහැණු ළමුන් අපේ නම් කිව්වත් සමහර ගුරුවරු විශ්වාස කලේ නැහැ.

    BalasPadam
  13. නාලන්දෙ හාමුදුරුවරු තුන් දෙනෙක් මට මතකයි. කොක්මාදූවෙ ගුණසිරි හාමුදුරුවො, පුනහැල සද්ධාතිස්ස හාමුදුරුවො සහ අනික් හාමුදුරුවන්ගෙ නම මට මතක නෑ.

    පුනහැල හාමුදුරුවන්ට අපි ඒ කාලෙ කිව්වෙ තන්ඩර්බර්ඩ් කියල. උන්වහන්සෙ තරමක් මහත සිරුරකින් යුතු නිසා ඒ. ඒ කාලෙ බොහොම ජනප්‍රිය වෙච්චි සතුට පත්තරේට බලන්ගොඩ සරත්මධු ඇඳපු නිව්රෝ කතාවෙ නිව්රෝගෙ සගයින් දෙන්නා තන්ඩර්බර්ඩ් සහ ඔමේගා...ඒ තුන්දෙනාම මස්පිඩු වලින් පිරුනු අතපය සහිත සද්දන්ත මිනිස්සු...

    පුනහැල හාමුදුරුවො පස්සෙ කාලෙක මම දැක්ක පත්තරේක තියනව ලන්ඩන් බෞද්ධ විහාරෙ අධිපතිවෙලා වැඩ ඉන්නවයි කියල.

    BalasPadam
    Balasan
    1. රවි
      අනිත් හාමුදුරුවෝ අහංගම ධම්මාරාම හාමුදුරුවෝ (තන්ඩර්). හෙන්රි එක පාරක් එයාගේ පොස්ට් එකක හාමුදුරුවන් ගැන ලියලා තිබුනා.75/77 අපි A/L කරනකොට තවත් හාමුදුරු කෙනෙක් හිටියා ටික කාලයක් උදිත කියලා.හැබැයි ඉගැන්නුවෙ Pure Maths.

      Padam
    2. Kumara,

      ධම්මාරාම හාමුදුරුවන්ටත් තන්ඩර් කියල කිව්වද? අපි තන්ඩර්බර්ඩ් කිව්වෙ පුනහැල හාමුදුරුවන්ට.

      අපි අවුරුද්දක් හිටියනෙ එච්.එන්.සී.ඊ. පන්තියෙ ( ඒ ලෙවල් වෙනුවට සමගි පෙරමුණු ආණ්ඩුව හඳුන්වල දුන්නනෙ එච්.එන්.සී.ඊ. කියල විභාගයක් ) ඒ විභාගෙට විෂයයන් අටක් තිබ්බ. ඉංග්‍රීසිත් තිබ්බ. නෙල්සන් මෙන්ඩිස් සර් ඉංග්‍රීසි කලේ. තව විෂයයක් තිබ්බ අපේ සංස්කෘතික උරුමය කියල. ඒක ඉගැන්නුවෙ පුනහැල හාමුදුරුවො...

      Padam
    3. ගණිතය ඉගැන්වූ සුගුනධම්ම හාමුදුරුවෝ ඇයි අමතක කලේ ?

      Padam
  14. ෆ්‍රී පීරියඩ් එකක කවකටු පෙට්ටියට පෑන් වලින් තට්ටු දදා ප්ලාස්ටික් බෝතල් දෙකක් එකට හප්ප හප්ප සිංදුවල දන්නෙ නැති කෑලි අතින් දම දම...හයියෝ..මට බෑ අප්ප මේවා මතක් වෙද්දී....

    BalasPadam
    Balasan
    1. ඒවගේම කොහොමද ඒවා මාට්ටු වෙලා සර්ලගෙන් කන කොට

      Padam
  15. api blog kiyawanne danuma winodaya ha apata wada wayasin bala daruwange adahas thulin yawathkaleena wennai mokatada me nishpala wada? aluth adahas genenna. modayo wage randu karanna epa.


    BalasPadam
  16. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
  17. අපේ එකෙක් කොක්වීල් එකකුයි පරණ ටූත් බ්‍රශ් දෙකකුයි ගෙනල්ලා හංගගෙන හිටියා හයිහැට් එකට ගන්න.හොඳ සද්දෙ එන ඩෙස් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා ඒ කාලෙ..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ඔවා මතක් වෙනකොට ආපසු ඉස්ස්කෝලෙ යන්න හිතෙනවා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook