නියර් ඩෙත් එක්ස්පීරියන්ස් (Near Death Experience / NDE) හෙවත් මරණය අද්දරට ගිය මිනිසුන් ගැන ලොව නන් දෙසින් වාර්තාවේ. වෛද්‍යවරයෙකු ලෙස සේවය කල කාලයේ මෙවැනි පුදුමාකාර කතන්දර කීපයක් මගේ රෝගීන් ගෙන් මම ඇසුවෙමි. මින් එක් කතාවක් මට කීවේ මාගේ රෝගියකු වූ යුද හමුදා සෙබළ මුණවීරය.
මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සඳහා සෙබළ මුණවීර මා වෙත යොමු කලේ විශේෂඥ කායික වෛද්‍ය මොරීන් විජේවර්ධන මිය විසිනි. ඔහු ඊලාම් යුද්ධයේ දී තුවාල ලැබූ සොල්දාදුවෙකි. අර්ටිලරි ප්‍රහාරයකදී හිස තුවාල වූ මුණවීර පශ්චාත් ව්‍යසන අපස්මාරයෙන් ( Post Traumatic Epilepsy) ) මෙන්ම යුද ආතතියේ ලක්ෂණද පෙන්වයි. 2003 සිට 2004 දක්වා මම ඔහුට ප්‍රතිකාර කලෙමි. සෙබල මුණවීර තුවාල ලැබූ අවස්ථාවේදී අද්භූත අත්දැකීමකට මුහුණ දුන්නේය. එම අත්දැකීම ඔහුගේ වචනයන් කීවේ මෙසේය.
" කොටි අපේ බංකර් වලට ආටි ගැහුවා. ඒ වෙලාවේ මම හිටියේ කලිසමයි කැමා ටී ෂර්ට් එකයි ඇඳගෙන. මම හිටියේ බංකරයේ එලියේ. ඒ නිසා මට ඩවුන් යන්න වෙලාවක්වත් තිබුනේ නෑ. හෙණ ගහන ශබ්දයකුත් එක්ක විශාල ආලෝකයක් නිකුත් උනා. පස් සීසීකඩ විසි උනා. මට තේරුනා ආටියක් තමයි කියලා. එක පාරටම යකඩ කෑල්ලක් මගේ ඔලුවේ වැදුනා. ඒ පාරට මම විසිවෙලා ගිහිල්ලා වැටුනා. මගේ හිසෙන් තද වේදනාවක් ආවා. ඒ එක්කම මගේ ඔලුවෙන් ගලන ලේ කැමා ටී ෂර්ට් එක තෙත් කලා "
" මම මිය යයිද කියා බයක් ආවා. මට බිරිඳ ළමයි මතක් උනා. ඒ සමග මට ඇහෙනවා කොටි තව ආටි ගහන හඞ, ඒ වගේම අපේ බංකර වල ඉන්න කොල්ලෝ කෑ ගහන සද්දේ . ඒ එක්කම ෆයර් දෙන සද්දේ. මම පොලවේ වැතිරිලා. ටිකෙන් ටික මගේ ශරීරයේ බර ගතිය අඩු වෙලා යන ගතියක් මට දැනුනා. මාව පාවෙනවා වගේ. මගේ හිසේ වේදනාව ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙනවා. මාව ඉහලට ඇදිලා යනවා. දැන් මම අපේ බංකර් පෙලට උඩින් ඉන්නේ. මට අපේ බංකර් සියල්ලම වගේ ඉහලින් පේනවා. ඒ එක්කම දුමාරය මම දැක්කා. නමුත් කිසිම ශබ්දයක් මට ඇහෙන්නේ නෑ. උඩ ඉඳන් බලන කොට මට මගේ ශරීරය පේනවා. මගේ ඇස් වැහිලා. මම මැරිලා වගේ පොලවේ වැතිරිලා ඉන්නවා. මගේ හිස , ටී ෂර්ට් එක ලෙයින් තෙත් වෙලා. මට ජීවිතයේ කිසිම දවසක අත් නොවිඳපු ශාන්ත ගතියක් සැහැල්ලුවක් දැනුනා. මට අවශ්‍ය උනා එහෙම පාවි පාවී ශාන්තව ඉන්න. ඒත් හුලං ඉවර වෙච්ච බැළුමක් වගේ මම පල්ලෙහාට ඇදී ආවා. මම ඇදී ගියා මගේ ශරීරය වෙත. මම ශරීරයට බද්ධ උනා, ඒ සමගම මට හිසේ වේදනාව දැනෙන්න ගත්තා. අර ශාන්ත සමාදාන ගතිය නැතිවෙලා ශරීරයේ බර ගතිය දැනුනා. මට සද්ද ඇහෙන්න ගත්තා. කොල්ලෝ කෑ ගහනවා, නිලධාරීන් නියෝග දෙනවා, ඒ එක්කම වෙඩි හඞ, අර්ටිලරි හඞ, මම අසරණව වැතිරිලා ඉන්නවා. මට ශරීරය හොල්ලන්නවත් බැහැ. මෙහෙම ඉන්නකොට තුවාලකාරයෝ ගෙනියන සෙබලුන් පිරිසක් ඇවිත් මාව ප්‍රථමාධාර ඒකකයකට ගෙන ගියා. ඉන් පසු මාව පලාලි රෝහල වෙත එව්වා.
මෙම සෙබලා තම අත්දැකීම පැවසීමෙන් පසු මම විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න , විශේෂඥ කායික වෛද්‍ය නිමල්කා ආරියරත්න යන මහත්ම මහත්මීන්ටද මගේ කාමරයට ආරාධනා කොට රෝගියාගේ මුවින්ම ඔහුගේ අත්දැකීම විස්තර කිරීමට සැලසුවෙමි. එහෙත් අපට මේ අත්දැකීම වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීමට නොහැකි විය.
මෙම රෝගියා පැවසූයේ සත්‍යක් නම් ඔහු අත් දුටුවේ කුමක්ද ? තම ශරීරය ඔහු ඉහල සිට දුටුවේද ? එය ඇස්ට්‍රල් බොඩි නම් සංසිද්ධියද ? මෙම අද්දැකීම මොළයට ලේ ගමනාගමනය අඩු වීමෙන් හට ගත් ඔක්සිජන් අඩු තත්වය නොහොත් හයිපොක්සියාව විසින් ඇති කල මනෝ භ්රාන්තියක්ද ? මම නොදනිමි . තවමත් මෙයට පිළිතුරු සොයමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

මගේ අදහසනම් ඔක්සිජන් අඩු වීම නිසා ඇති වන තත්ත්වයක් වෙන්න ඉඩකඩ වැඩියි කියන එකයි. ඒත් පිළිගත හැකි සාධක නැතුව බරපතල නිගමනයකට එන්න බැහැ. මම හිතන්නේ ඉදිරි වසර කිහිපය තුළ මේ ප්‍රශ්නයට වඩා පැහැදිලි පිළිතුරක් ලැබෙයි කියලා.
BalasPadamමගේ අදහස ඔක්සිජන් අඩු වීම නිසා ඇති වන තත්ත්වයක්
Padamමම නම් හිතන්නේ බටහිර විද්‍යාවේ සීමාව තවම තිබෙන්නේ ඊට බොහොම මෙහා කියල.
BalasPadamබටහිර විද්‍යාවේ අති නවීන කොටසක් වන ක්වොන්ටම් භෞතික විද්‍යාවේ එක මුල්ධරමයක් තමයි හයිසන්බර්න් ගේ අවිනිශ්චිතතාවය පිලිබඳ මුලධර්මය. එය බටහිර විද්‍යාවේ සීමා සහිත බවට හොදම උදාහරණයක් මම හිතන්නේ. සීමාව දැනගෙන භාවිත කිරීමෙනුයි මේ දැනුම් පද්ධයෙන් වඩාත් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ කියල මම හිතන්නේ.
විද්‍යාවන්හි සීමාසහිතබව ගැන නම් මෙහෙමයි. සැම දෙයක්ම සාපේක්ෂ සත්‍ය. ඒ කියන්නෙ යමක් එයට අදාල පරාසය තුල සත්‍ය වන අතර එයින් ප්‍රයෝජන ගත හැකියි. සෑම පරාසයකටම සත්‍ය වන දෙයක් නැ. එහෙම නැතිව අහවල් දෙය පට්ටපල් බොරු අහවල් දෙය සත්‍ය කියන්න බැහැ.
Padamඅපගේ විශ්වයේ සමස්ත සංසිද්ධි ජාලයම හොලෝග්‍රෑම් එකක් වෙන්නත් පුලුවන්.
බොහෝ දේවල් කිසිසේත්ම වෙන්න බෑ කියල බැහැරකරන්න බෑ. තියනවයි කියල ඔප්පු නොකලා වගේම නැහැයි කියලත් ඔප්පු නොකලහැකි නිසා. ඒත් තිබෙන්න හෝ ඇත්ත වෙන්න තියන probability එක බලන්න ඕනෙ.ප්‍රශ්නෙ තියෙන්නෙ සමහරවිට වෙන්නත් පුලුවන් කියල හිතන්න පුලුවන් දේවල් වුනත් ඔප්පුකරපු දේවල් වගේ අල්ලාගෙන ලොකු විශ්වාසයන් ගොඩනගන එක. වෙන්න පුලුවන් වගේ නොවෙන්නත් පුලුවන් කියන එක සලකන්නෙ නැතුව එක පැත්තක් විතරක් හිතාගෙන පොඩි ඇත්තක් සමහරවිට තියෙන්න පුලුවන් දෙයක් pseudo -scientific දත්ත ගැන කියන එක.
Padamඋදා. ප්ලූටෝ කුරු ග්‍රහයාගේ ගමන්මග නිසා පෘතුවියේ වෙසෙන අයෙකුගේ විවාහයට ඇතිවෙන බලපෑම. සමහරවිට වෙන්න පුලුවන්. හිතට හොඳනම් ඔන්නඔහෙ ගලක් සහිත මුද්දක් දාගන්න පුලුවන්, ඒත් එය "විශ්වාස" කල හැකි , ඔප්පු කල දෙයක් ලෙස සලකා විද්‍යාත්මකව වෙන දේවලට පිලිගත් කිරණ, ගුරුත්වාකර්ෂනය අරක මේක ඔක්කොම අරගෙන Pseudo- විද්‍යාත්මක සිද්ධාන්තයක් හදාගෙන කරන එක. එවැනි දේ ඇත්ත වීමට හැකියාවක් නොමැත්තේමයි කිව නොහැකි වුනාට බොරු වෙන්නත් ඊට වඩා චාන්ස් එකක් ඇති දේවල්.
agree
Padamපුද්ගලික අත්දැකීමක විස්තරයක් මෙන්න-
BalasPadamhttp://rasikalogy.blogspot.com/2016/02/near-death-experience-of-rasikologist.html
interesting
Padamආගමික පැත්තෙන් ගත්තොත්,බලංගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමීන්වහන්සේ උන්වහන්සේ භාවනාව තුලින් මේ ආකාරයට ශරීරයෙන් පිටවීම් වාර්ථා කරල තියෙනවා.
BalasPadamජයවේවා..!!
බලංගොඩ හාමුදුරුවො කියන කතාත් බොරු බොරු වගෙ නේද.
Padamමෛත්‍රී බුදුන් කට්ටියකට ඇපොයින්ට්මන්ට් ලෙටර් දීපු කතාව අහල මට හිනා ගියා. ඇත්තක් කිව්වත් ඒක අතිශයෝක්තියෙන් කියන කෙනෙක් ඒ හාමුදුරුවො.
,බලංගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමීන්වහන්සේ ඉතා සිල්වත් ධර්මධර හිමි නමක් , නමුත් සමහර විට එතුමන් අවිද්‍යාත්මක දේවල් කිව්වා , මම හිතන්නේ ඕල්කට්- බ්ලැවෙස්කි ඉන්ෆ්ලුවන්ස් එක නිසා වෙන්න ඇති
Padamමමත් එක්වරම පිලිගන්නේ නැහැ. මෑතකදි ඔය ගැන කල පර්යේශනයකිනුත් හරි අදහසක් පල වුනේ නෑ නේද.
BalasPadamනමුත් ඔක්සිජන් අඩුවීම නිසාම කියලනම් කියන්න බෑ.මේ අත්දැකීම ලැබූ සමහරු ශල්‍යාගාරයේ විස්තර ආදියකියල තියනවා. නමුත් තම තමන් ගේ ඇදහිලි විශ්වාස අනුව විවිධ පුද්ගලයන් හමුවුනාය කියන එක නිසයි ඔවුන් කියන දේවල් අවුල් යන්නෙ. කිතුනුවකුට යේසුස් වහන්සෙ හමුවෙනව, බොදුනුවෙකුට වෙන කවුරුහරි,මුසලමානයෙකුට අල්ලා දෙවි.
ඔය විදියට පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න බෑනෙ සත්‍යය.
ඔය විදියට පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න බෑනෙ සත්‍යය.
Padamමෙහි සත්‍ය යන්න ඇත්තටම වෙන දේ යන අර්ථයෙන් ගත්තෙමි. ඒ හැර දාර්ශනික ව නොවේ.
+++
PadamEhema wenna puluwan oya kiyanne antharabhawaya wage dheysk gana. E wage awasthaawakta apu kenekta thaman ge hithee thiyena dhewsl thama penne. Man godak poth kiyawala thiyenawa oya gana. Hama ekakama wage thiyenne jiwathwela idapu kale eya adahapu agamata anuwa chiththa rupa penawa kiyalai. Habei owa manase aedena chiththa ruupa witharai
Padamකවදාවත් හීනෙන් තමන්ව තමන්ට පේන්නේ නැහැ නේද...
BalasPadamඒ කියන්නේ තමන්ව තමන්ටම පේන මෙවැනි සිද්ධි වල විශේෂයක් තියෙන නිසාම මට හිතෙනවා අර ඇස්ට්‍රල් බොඩි සීන් එක ඇත්ත කියලා...
කවදාවත් හීනෙන් තමන්ව තමන්ට පේන්නේ නැහැ නේද...////
Padamඇයි නැත්තේ
මටත් මතකයි හීනයෙන් හීන දැකීම ගැන වැඩසටහනක් බැලුවා........ ඇත්තට ම ඊයේ රෑ ඒ වගේ සිද්ධියක් දැක්කා....... අනේ මන්දා කාලේ හරිද කොහෙද??????
BalasPadammmmmmmmm
Padamවතුරෙ ගිලෙන්න ගිහින් බේරුණු ගොඩක් අයටත් මේ වගේ අද්දැකීම් තියනවා කියලා අහලා තියනවා... නිල්මිණි තෙන්නකෝන් ඇක්සිඩන්ට් උණු වෙලාවේ එයාටත් මෙහෙම දෙයක් උනා කියනවා නේද??
BalasPadamyes
Padamමටත් හිතෙන්නෙ මේක මනෝ භ්‍රාන්තියක් කියලයි. ඒත් ඉතිං අපිට කියන්න බෑ ඉදිරියෙදි මේ ගැන කොහොම විස්තර කරයිද කියල.
BalasPadamagree
Padamඑළොව ගිහින් මෙළෝ ආවා කියලා මරු නාටියක් තියෙනවා...
BalasPadamමමත් ඔය ආතල් එක අරගෙන තියෙනවා හීනෙන්.. ගොඩක් වෙලාවට ඉන්නේ අමු හෙළුවෙන්.. ආයෙත් ෆිසිකල් බොඩි එකට එන කොට ගැස්සිලා ඇහැ ඇරෙනවා.. ඒ ගැස්සෙන්නේ ඇස්ට්‍රො බොඩිය ෆිසිකල් එකට සෙට් වෙන වෙලාවට කියලා කියනවා නේ...
aie umbata savi karala thiuenne kochchi engimakda ?
Padam+++++++++++++++++++
Padamමරණයට ආසන්න අවස්ථාවේ උඩ පාවෙන ඇස්ට්‍රල් බොඩි එක ගැන අහල තියනවා. තව කොහේදෝ මන්ද කියෙව්වා ආලෝකය කෙලවර පෙනෙන ටියුබ් එකකට ඇදිල යනව කියල. අනේ මන්ද..
BalasPadamආලෝකය කෙලවර පෙනෙන ටියුබ් එකකට ඇදිල යනව කියල///// true
Padamමේ අත්දැකීම් පැහැදිලි කරන්න පුළුවන් එක ක්‍රමයක් තියනවා. මනෝකාය. ඒ ගැන මටත් වඩා ඔබතුමා දන්නවා ඇති කියල හිතනවා.
BalasPadamමනෝකාය = ඇස්ට්‍රො බොඩිය ?
Padamමනෝ කාය සහ ඇස්ට්‍රල් බොඩි කියන සංකල්පය දෙකක් නේද? දැන් නම් එකක් අනිකේ පරිවර්තනය විදියට යෙදෙනවා. ඇස්ට්‍රල් බොඩි කියන එකේදී එම කය සහ භෞතික සිරුර බැඳී පවතින රිදීමය හුයක් ගැන කියවෙනවා. ඒත් මනෝකාය එවැනි දෙයක් ගැන සඳහන් කරන්නේ නෑ.
Padamපැහැදිළි කරන්න අපහසු උනත් මට හිතෙන්නේ ඔහු කියන්නේ ඇත්තක් වෙන්න ඕන. ඒ මනුස්සයට තව ජීවත් වෙන්න කාලය තියෙන හන්දම මරණය දැකලා ආයෙම එන්න වාසනාවන්ත වෙන්න ඇති.
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamලඟදි Dr Brian Weiss ගේ පොත් කීපයක් කියෙව්වා. ඒවායෙත් near death experience, after death experience ගැන කතාවෙනවා. Dr Weiss ගේ වෙබ්සයිට් එකේ මේ ගැන ලියවුන පොත් ලිස්ට් එකක් තියෙනවා.
BalasPadamhttp://www.brianweiss.com/reading-list/
මේ Dr Weiss ගේ Many Live, Many Masters පොතේ කොපියක්.
http://mindguruindia.com/wp-content/uploads/2014/06/MP056_many-lives-many-masters-brian-weiss.pdf
ඒ ගැස්සෙන්නේ ඇස්ට්‍රො බොඩිය ෆිසිකල් එකට සෙට් වෙන වෙලාවට ++++
BalasPadam