Ahad, 1 Mei 2016

ව්ලැදිමීර් විසෝස්කි ගේ Koni Priveredlivye”





අසුපිට නැගී මා හැල්මේ යමි  
මාර්ගය දුශ්කරය  තරණය අපහසුය  
මා මිය යනු නියතය   

මගේ කස පහරද නොතකා අසු දිව යයි නොනැවතී 
මට අවසානය තෙක්  සිටිය නොහැක​ 
ට මගේ ගීතය අවසන් කල නොහැක​  

අසු සමග මා අද්දර සිටිමි 
කිසිදු ඉඩක් නොමැත මාහ​ට 
මා සිරවී තනිවී සිටින සේය   
අසුනි සෙමෙන් යව​ මා මිය යනු නිසැකය  
මට මගේ ගීතය​ නිම කල නොහැක​   

ආයාචනය කරමි 
නවතනු මැන තුරඟා
ආයාචනය කරමි 
නවතනු මැන හැල්මේ යන තුරඟා 





(ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීතයක් ඇසුරෙනි )    







වෛද්‍ය රුවන් එම් ජයතුංග 

10 ulasan:

  1. Superb translation. Well done doctor !

    BalasPadam
  2. මේකද අර සිංදු කරපු පොජෙක්ට් එක ඩොක්රේ..

    BalasPadam
  3. දුෂ්කරවූ දිවි ගමන- ඉම සොයා ඇදී යයි
    අසුද හති වැටී ඇත - මමද හති වැටී එමි
    ඉසුඹුවක් කැ ලම නැත -ගමනේ අවස න තෙක්ම
    මිහිරි ගීතය දිවියෙ - නො ගයා ම නික්ම යමු

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook