Ahad, 8 Mei 2016

නවක වදය මානසික රෝගී තත්වයක්ද ?




නවක වද දර්ශනයක් 

නවක වදය ඉතා බහුලවම සිදු වන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ සරසවිවල​. බටහිර රට වල විශ්ව විද්‍යාල තුල ලංකාවේ සහ ඉන්දියාවේ මෙන් බහුලව පැතිරී ගිය නවක වද නැත​. යම් ලෙසකින් Bulling , Hazing වැනි තත්වයන් මතු වුවහොත් නීතිමය පියවර ගැනේ. 

උසස්  අධ්‍යාපන  අමාත්යාංශය පෙන්වා දෙන පරිදි මේ වන විට නවක වධය නිසා නවකයන් 20 ක් මරු  දැක   27000 ක් සරසවි හැර ගොසිනි. 

සිසුන් නවක වදයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරනා තිබේ. මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්‍ෂණ කීපයක් තිබේ 


1) හීනමානය (හීනමානය මතුවන්නේ  කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ  අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic  conditions)

 2) පවුරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)

3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. ​ මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation)  ,  අපයෝජනයන්ට ලක්වී තිබීම 


4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්‍ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem) 


5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීම​ට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම.  කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව

6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය
 
7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය 

8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම​) (polarized thinking) 

9) අඩු සහනුභූතිය (lack of empathy) 

10) පරපීඩා  කාමුකත්වය (sadism) 


 නවක වදය ගැන චන්දිම ගෝමස් මෙසේ කියයි 

 ........ ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි. 

82 ulasan:


  1. එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ තියල වාඩිවෙලා උගේ අහවල් එකට අතින් ගහනව ඒක පැද්දිල ගිහින් "චටස්" ගාල බඩේ වදින්න. මේ බෝංචි කැඩීම. එකෙක් හෙළුවෙන් බිම ඉඳගෙන ඉන්නව. තව එකෙක් නැවිල උගේ පුකට පිඹිනව. මේ කෙහෙල් කැන් ඉදවීම. කට්ටියක් හෙළුවෙන් රවුමට බිම වාඩි වෙලා ඉන්නවා. හැම එකාම තමාගේ දකුණු පැත්තෙ ඉඳගෙන ඉන්න එකාගෙ අහවල් එක අතින් අල්ලල ස්වයං වින්දනය කරනවා. මේ සමූපාකාර ක්‍රමයට අතේ ගැසීම. එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ තියල වාඩි වෙලා උගේ අහවල් එකේ පෙර සම පස්සට ඇදල ටොපාව නිරික්‍ෂනය කරන ගමන් උගේ ලිංගික ඉතිහාසය කියනවා. මේ පේන බැලීම. අවුරුදු ගාණකින් දූවිලි අස් නොකරපු පරණ ඇඳක් තියෙනවා. එකෙක් හෙළුවෙන් මේ ඇඳ අස්සෙ රිංගල ඉන්නව. තව එවුන් සෙට් එකක් ඇඳ උඩ නැගල උඩ පනිනවා. ඇඳ අස්සෙ ඉන්න එකා වැලි දූවිලි නානවා. මේ මැද පෙරදිග යාම. මේ කරන දේ වලින් මනුස්සයෙක් ගෙ පෞර්‍ෂය, සුහද කම, සමානාත්මතාවය වර්ධනය වෙන හැටි මට පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද?

    BalasPadam
    Balasan
    1. අපායේ දඩුවම් වගේනේ මෙව්වා

      Padam
    2. මට ඕව පැහැදිලි කරන්න ලැජ්ජ නිසයි කුරුටුගෙ එකේ ඕව කීවෙ නැත්තෙ. ඔයිට හපන් ඔක්කාරෙට එන විකෘති කාමුක කවිත් මුන් ලග තියනව. ශෘංගාරය කියන්නෙ රසවත් දෙයක්. අපිත් කැමතියි. නමුත් මුන්ගෙ කවි අහනකොට බල්ලො බත් කන්නෙ නෑ .අප්පිරියයි
      මුන්ට නිකම් ඉගෙනගන්න බදු ගෙවන අපට මඩුවලිග වලින් ගහන්න ඕන.
      කෝ මේ චාමර

      Padam
    3. නවක වදය සුන්දරයි කියාගෙන ආපු කැලනියෙ සෙක්න්ඩ් ඉයර් එකේ කෙල්ලෙකුට කනේ ඇගිලි ගහන්න බුකියෙ කතා කරල තිබුන. ඒකි සංවාදෙට ආයෙ ආවෙනෑ. පොලෝ පලාගෙන ගියාද දන්නෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ කවුරුත් මේව ප්‍රසිද්ධියෙ කතා කරන්නෙ නෑ.
      කැම්පස් කියපුවම ගෞරවයක් තියනව. ඉතාම නූගත් ඉතාම දිළිදු අයගෙ මේ ගෞරවය වැඩියි. මුන්ගෙ රෙදි ගලවන්න ඕන.

      Padam
    4. @ මධ්‍යස්ථ මතධාරියාMay

      //නවක වදය සුන්දරයි කියාගෙන ආපු කැලනියෙ සෙක්න්ඩ් ඉයර් එකේ කෙල්ලෙකුට කනේ ඇගිලි ගහන්න බුකියෙ කතා කරල තිබුන. ඒකි සංවාදෙට ආයෙ ආවෙනෑ. පොලෝ පලාගෙන ගියාද දන්නෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ කවුරුත් මේව ප්‍රසිද්ධියෙ කතා කරන්නෙ නෑ.//

      උබ බ්ලොග් සංවාද වලදී නොන්ඩිවෙලා නහින් අඩාගෙන බ්ලොග් දිහා බලලා බත් කන්නේ නැතිය කියලා ගිය හැටිත් අපිට මතකයි..........
      මචන් යකා උබ අනුන්ට හිනාවෙනකොට ලෝකෙම උබට හිනාවෙන බව මතකතියාගනින් !


      // කැම්පස් කියපුවම ගෞරවයක් තියනව. ඉතාම නූගත් ඉතාම දිළිදු අයගෙ මේ ගෞරවය වැඩියි. මුන්ගෙ රෙදි ගලවන්න ඕන. //

      කැම්පස් බොරු කියලා නැතිකරන්න පුලුවන්නම් එක වෙලා ගොඩක් කල්.එක එහෙම නැ කියලා උබම පිළිඅරන් තියනවානේ.............
      අනුන්ගේ රෙදි ගලවන්න ඉස්සල්ලා උබ රෙද්දක් ඇදගෙන හිටපන් බන්...............!

      Padam
    5. I suspect the above mentioned rags have happened in that person's mind, not in real world.

      Padam
    6. අනන් මනන් වල්පල් දොඩවනව මිස උබ තර්ක කරන්නෙ නෑනෙ. ඇත්ත කිව්වොත් අද මට ෆ්‍රී. ඉන්ටනෙට් අවුලකුත් නෑ. වදුරට දැලිපිහිය හම්බවුනා වගෙ නෙට් එකේ ඉන්නෙ ඒකයි. මේ කලාතුරකින් එන චාන්ස් එකක්.
      ශ්‍රම සමානාත්මතාව සහ දැණුමේ සමානාත්මතාව වෙනුවෙන් මා පෙනී සිටින්නෙ. ඒ වගේම හිංසාවටත් විරුද්ධයි. බ්ලොග් ලියන්න ආ දා පටන් හැකි සෑම විටකම හැම ආකාරයකම හිංසාවට එරෙහිව මානව ගරුත්වය වෙනුවෙන් පෙනී සිටල තියනව.

      Padam
    7. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    8. AnonymousMay 8, 2016 at 8:18 PM@
      ඔබ බුකියෙ රැග්වාදීන් අසරන කල හේමන්ත කසුන් ප්‍රොෆයිලය නේද.නැත්නම් සොරි.
      සාක්ෂි සහිතව ඔබ දුන් තොරතුරු නිසා ඔවුන්ට කට උත්තර නැති උනා.
      ඔබ වැනි අය කරන සේවය අනර්ඝයි.
      රැග් වාදීන් රැග් එක අහිංසකයි සුන්දරයි අපට හරි මෙව්ව එකක් ලැබුන කියාගන ආපු එකෙක්වත් පැත්ත පලාතක නෑ.
      යාලුවනේ බුකියෙ මේ ගැන තිබ්බ මත විමසුමක 96% ක් රැග් එකට විරුද්ධ වුනා. පක්ෂ වුනේ 4% යි.

      Padam
    9. අපායේ දඩුවම් වගේ ++++

      Padam
  2. හැම එකාම තමාගේ දකුණු පැත්තෙ ඉඳගෙන ඉන්න එකාගෙ අහවල් එක අතින් අල්ලල ස්වයං වින්දනය කරනවා......සුහද කම, සමානාත්මතාවය වර්ධනය වෙන හැටිකියලා ඔහෙම කියලා තියෙන්න තව මොනවද ඉතින් අහන්නේ

    BalasPadam
  3. මේ වගේ හැසිරීම් ඇති පුද්ගලයන් තව කෙනෙක් හින්සාවට ලක් කරල ඒකෙන් තෘප්තියක් ලබන මානසිකත්වයෙනුත් පෙලෙනවා. මට පෙන්නල දෙන්න ඕනේ තව දෙයක් තමයි මේ නවක වදකයන්ගේ පිළිකුල් හැසිරීම මාක්ස්වාදී කණ්ඩායම් වන පරගතිශීලී සමාජවාදීන් වන ජනතා විමුක්ති පෙරමුන පෙරටුගාමීන් වගේ කණ්ඩායම් විසින් සාධාරණීකරනය කරන්නට උත්සහ ගැනීමයි. මමනම් දකින එක දෙයක් තමයි මේ මාක්ස්ගේ දේශපාලන දර්ශනය අනුගමනය කරන්නන් අතරෙන් මේ හැසිරීම් වලට යම් දිරිගැන්වීමක් ලැබෙනව කියන එක.

    BalasPadam
    Balasan
    1. ඇත්තට? අහක ඉන්න මාක්ස් නුත් පලිද මචං මේවට? මාක්ස් ගේ දේශපාලන දර්ශනය නොකියවපු එවුන් තමයි ලංකාවේ වැඩි පුරාම ඉන්නේ. ඔය වාමංශික පක්ෂවල තත්ත්වෙත් ඒකයි. අජිත් කුමාර වගේ කෙනෙක් මිට වැඩිය අවබෝධයකින් කතා කරයි කියල මම හිතනවා. මම මාක්ස්වාදියෙක් හැටියට පෙනී නොසිටියත් කියවල තියනවා. ඔහොම රැග් කරන්න කියල මාක්ස් කියල නැහැ. පොර කතා අක්රලා තියෙන්නේ ආර්ථිකය හා අර්ශනවාදය ගැන. අනික අර රසිකගේ ලිපියේ තිබෙනවා ඉහත කණ්ඩායම් ඕව කරනවා කියල සාක්ෂි නැහැ කියල. මම නම් කියන්න දන්නේ නැහැ.

      Padam
    2. /* අජිත් කුමාර වගේ කෙනෙක් මිට වැඩිය අවබෝධයකින් කතා කරයි කියල මම හිතනවා. */

      හැක, හැක!

      Padam
    3. කොහොම නමුත් මාක්ස්ගේ ආර්ථික න්‍යායවාද අනුව සමාජය පන්ති ක්‍රමයට අනවශ්‍ය විදිහට බෙදාගන්න ඇතමුන් හැමෝම එකම සමාජ මට්ටමකට ආර්ථික මට්ටමකට ගන්න ගැට ගහල තියා ගන්න ඕනේ කියන තර්කයේ ඉඳිමින් කටයුතු කරනවා. විශ්වවිද්‍යාල ඇතුලෙත් මාක්ස්වාදය අනුගමනය කරන පිරිස මේ වගේමයි. ඒ අය මෙම කටයුත්තට නවක වදය තදින්ම උපයෝගී කරගන්නවා. මම කියන්නේ නෑ කොහෙත්ම ආර්ථික තත්වය සමාජ තත්වය අනුව පුද්ගලයන් අතර අසීමිත පරතරයන් බෙදීම් තියෙන්න ඕනෑය කියලා. නමුත් මෙතනදි අපි රටක් හැටියට බැලුවොත් අපේ පැවැත්මට හා ඉදිරි ගමනට බලපාන මූලික හරයන් ගැන පොදු එකඟතාවයන් සම්මුතීන් තිබුනහම හොඳටම ප්‍රමාණවත් කියලයි මට හිතෙන්නේ. විශ්වවිද්‍යාලය ඇතුලට උනත් ඒ කාරනේ ඒ විදිහට වලංගුයි. විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එහි මූලික විනයක් හරයක් පවත්වාගනිමින් රටට අවශ්‍ය උගත් වැඩදායක පිරිසක් බිහි කරන්න යම් නීති රීති පද්දතියක් එහි පරිපාලක බලධාරීන් පවත්වාගෙන යෑම විය යුතුයි. එසේ නැතිව එක එක දේශපාලන මතවාද අනුගමනය කරන ශිෂ්‍ය කණ්ඩායම් වලට හැමෝම තමන්ගේ මතවාද වලට නම්මගෙන ගැටගහල තියාගන්න වෙනත් ඔවුන්ගේ නීති හදාගන්න ඉඩ නොතැබිය යුතුයි. අනෙක මතක තියාගන්න මාක්ස්වාදී මතවාද අනුව යන ශිෂ්‍ය කන්ඩායම් තමයි නවක වදය පසුපස ඉන්නෙත් වැඩිපුරම ඒක සාදාරනයි කියල අඟවන්නෙත් කියන එක.

      Padam
    4. මාක්ස් ගේ දේශපාලන දර්ශනය නොකියවපු එවුන් තමයි ලංකාවේ වැඩි පුරාම ඉන්නේ. ඔය වාමංශික පක්ෂවල තත්ත්වෙ ඒකයි ++++++++++++++++

      Padam
  4. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  5. සමහරුන් නවක වදය සාධාරනීකරණය කරන්නේ නවකයන් හදුනාගැනීමට මුවාවෙමිනි. සින්දු කීම, කතා පැවැත්වීමට කීම,රචනා ලිවීමට කීම නවක වදය යයි මා නොසිතමි. ශිෂ්ට සමාජයේ සභාවක් ඉදිරියේ කළහැකි මෙවැනි යම් යම් හදුනා ගැනීමේ ක්‍රියාවන් නවක වදය යන කැටගරිය යටතට දැමීමෙන් අප කරන්නේ නවකයන්ට සැබෑ වදයක් වූ අමානුෂික ක්‍රියාවලියකට අනියමින් උදවු කිරීමයි.

    සභාවක් ඉදිරියට යාමට බියවූ සමහරුන් මේ ක්රියාතුලින් පන්නරය ලබනු මා දැක තිබේ. නමුත් එය නවක වදය නොවේ. ශිෂ්ට සභාවක් ඉදිරිපිටදී තමන් ගැන ස්වයන් හදුන්වාදීමක් කිරීම, ගීතයක් කීම, කතාවක් කිරීම වදයක් ලෙස හැදින්වීම සිදුසු නොවේ යයි මම සිතමි. කෙනෙකුගේ පෞර්ෂයට හානි නොවන, නවකයන් හදුනාගැනීමේදී ඕනෑම ශිෂ්ට සභාවක් ඉදිරියේ කළහැකි සුහද ක්‍රියාකාරකම් "නවක වදය" යයි හදුන්වවිට, ඊට මුවාවී අමානුෂික අසභ්‍ය වදයක් සාධාරණීකරණය කිරීමට බලා සිටින කොටසකට අවස්ථාවක් ලැබේ.

    නවක වදයට මම එකඟ නොවෙමි.

    BalasPadam
  6. මේ හැම ප්‍රශ්නෙකට මුල නිදහස් අධ්‍යාපනය. ඇයි අපි මුන්ට ඉගෙන ගන්න සල්ලි දෙන්නෙ කියල ජනතාව අහන්න ඕන. තමන්ට ඉගෙන ගන්න වයසෙ දරුවො නැති වට්ටි අම්මල නාටාමිල පවා මේ අපතයන්ට ඉගෙන ගන්න සල්ලි දෙනවනෙ. ඇයි අපි එහෙම දෙන්නෙ. මුන්ට නිකම් ඉගෙන ගන්න දුන්නම නිකම් කන්ඩත් ඉල්ලනව.ඊට පස්සෙ රස්සා ඉල්ලනව. මාර ඩයල්නෙ මේ ශිෂ්‍යයො කියන්නෙ.
    සිසු ණය ක්‍රමයක් ක්‍රියාත්මක කලානම් ඔය පිස්සු කෙලින්නෙ නෑ. බෝංචි කඩන කෙහෙකන් ඉදවන වෙලේ මුන් යනව පාඩම් කරන්න. විභාගෙ ගොඩ දාගන්න එපාය.
    මේක බුද්ධිගලනයටත් විසදුමක්. ඉගෙන ගෙන රට යන එකා ඌ ඉගනගත්ත නය ගෙවන්න ඕන.නඩු දාල හරි ඒ සල්ලි ගන්න ඕන.
    තමන්ගෙ දෙමවුපියොත් වැඩ කෙරුව කියල බයිල ගහන්න බෑ. මුන් විශාල පිරිසකගෙ ශ්‍රමය පරිභෝජනය කරනවනෙ. රැකියාවලට ගිහින් නිකම් සේවය කරන්නෙ නෑනෙ. ඉතින් මොකක්ද සිසුනය ක්‍රමයෙ වරද.

    සල්ලි දීල ඉගනගන්න එකම තැනකවත් මෙහෙම පිස්සු නෑ.ලමයි ඩීසන්ට්.
    වැරැද්ද ජනතාවගෙ. ජනතාව සිසු නය ක්‍රමයක් වෙනුවෙන් සංවිධානය වෙන්න ඕන.

    BalasPadam
    Balasan
    1. අනේ මේ මෝඩ යකා ............උබ අර බ්ලොග් සංවාද පැරැදිලා ,හැම එකාම මාව බයිට් කරනවය...එකෙක්වත් මගේ පැත්තට කතාකරන්නේ නැතිය මම ආය බ්ලොග් දෙස බලා බත් කන්නෙත් කියලා බ්ලොග් නහින් අඩලා රෙද්ද කඩාගෙන දුවපු එකා නේද?
      අනේ නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්නේ නැතිව ඉදපන් මචන්.......
      මොකද උබවගේ අදබාලයන්ව බයිට් කරන එක පවු......
      ඊටත් බයිට් උනාට පස්සේ උබ අඩන ඇඩිල්ල බලන් ඉන්න බැ........පිරිමි ඔහොම අඩනකොට අජුවයි නේ බන් !

      මමත් නවක වදයට අකමැතිය.මගේ ජිවිතේ කවදාවත් නවකයකුට කිසිම වචනයක් කියලා නැ අතින් කයිට් කරගෙන නෝට් ගහලා දීලා උදව්වක් කලොත් මිසක්.
      හැබැයි රටේ ප්රඅශ්න ගැනැ ජනතා අවධානය වෙනතක යොමුකරන්න නවකවදය මුවාවෙන් සිසුන් මර්ධනය කරන මේ කැත සෙල්ලමටත් අකමැතියි.මොකද මේ ආණ්ඩු වල කපටිකම් තේරුම් ගන්න උබලගේ මොළ පොඩි උනාට අපිට එහෙම බුද්ධි හින කමක් නැ.හැමදාම නාගත්තට පස්සේ තාජුදින්ව ගොඩගන්න බැරිනිසා ආණ්ඩුව මේපාර දුන්න ආතල් එක උබලවගේ කුහකයන්ට සිගිති ආතල් එකක් ලැබිම ගැනැ මගේ හදපිරි මෙව්වා එක.
      සල්ලි දීලා ඉගනගන්න ඩිසන් ළමයි ගැනැ අපිට කියන්න එන්න එපා මහත්තයෝ.ඔය සල්ලි දීලා ඉගනගන්න ඩිසන් ළමයෙක් තමයි පහුගිය දොහක ලක්ෂ ගානක් වටිනා මත් ද්ර වය සමග පොලිසියට මාට්ටු උනේ.
      නාමල් බේබි යෝෂිත බේබි එහෙමත් සල්ලි දීලා ඉගනගත්ත දිසාන බබාලනේ..............එයාලගේ ඩිසන් කම තාජුදින් ගෙන් අහන්න කෝ...................
      තමුන් නිදදහ්ස අධ්යාපන ඉනිමගෙන් උඩට නැගලා , පස්සේ පරම්පරාවට ඉඩට එන්න බැරිවෙන්න ඒ ඉනිමගට පයින් ගහන(S.B පන්නයේ ) උබල වාගේ කුහකයෝ ලෝකෙටම බයිට් වීමට කියන්නේ දිට්ටධම්මවෙදනිය කර්මය කියලයි.

      Padam
    2. මම සල්ලි නොදී කරපු උපාධියයි සල්ලි දීල ( මහ සල්ලියක් නෙමේ ) දැන් කරන උපාධියෙයි වෙනස මට දැනිල තියනව. දෙවෙනි එක නිදහස් .ශිෂ්‍ය කේන්ද්‍රීයයි. අපි කවුරුවත් නිකම් කිසිම දෙයක් ඉල්ලන්නෙ නෑ. අනික දැණ් පිස්සු කෙලින වයසත් පහු උන උන් එතන ඉගෙන ගන්න එන්නෙ. මොන ලෝක බැංකු කුමන්ත්‍රනයක්වත් නෑ.
      මූලික උපාදියත් අවශ්‍ය කෙනෙකුට එතන කරන්න පුලුවන්. දෙමවුපියන්ගෙන් යැපෙන ලමයෙකුට වුනත් එතන කෙරෙන අයකිරීම් දරන්න බැරිකමක් නෑ.
      නමුත් මම ඒක පොදුවෙ ඇප්ලයි කරන්නෙ නෑ.සිසු ණය ක්‍රමයක් හොදයි. රැකියාව ලැබුනට පස්සෙ වාරික වශයෙන් ගෙවනව.ඒකත් නොදැනෙන්න අවුරුදු දහයකින් විතර වගෙ. රජයෙසේවකයන්ගෙ ටෙන් මන්ත්ස් එක වගෙ. මෙතන පොලී අයකිරීමක් නෑ.මම හිතන්නෙ මේක හොද ක්‍රමයක්. වෙනත් වියදනුත් ණයක්‍රමයෙන්ම පියවගන්න ඕන.රට අත ඇරල යනවනම් මෙම මුදලයි තව දඩ මුදලකුත් ගෙවල ක්ලීන් එකේ යන්න පුලුවන්. ඒක නරකද.
      සල්ලි දීල යමක් ගන්නවනම් ඊට පස්සෙ ඒකෙ වටිනාකම වැඩියි. රැකියා උත්පාදනය නොවන කෝස් කරන්නත් පෙලබෙන්නෙ නෑ.දැණ් වෙලා තියෙන්නෙ නිකම් ඉගන ගෙන නිකම් රස්සාවත් ඉල්ලනවනෙ. ඉවරයක් නැති හිගාකෑමක්නෙ.

      Padam
    3. @ මධ්‍යස්ථ මතධාරියා


      මේ රටේ ජනතාවගෙන් 38%ක දවසේ ආදායම ඩොලර් 2ට අඩුයි.
      ඒ ගන්න එකෙනුත් ඇති බහුතරයක් මුදල් රජයට නැවත ගෙවනවා බදු වශයෙන්
      තත්වය එහෙම තියෙද්දී අධ්යාපනයට මුදල් ගෙවන්නත් උනොත් මරුවට තියෙයි.
      මහින්දමහත්ත්යා පැතු වැඩවසම් සමාජය නිකන්ම උදා වේවි.
      මම හිතන්නේ නැ ඕක කරන්න පුළුවන් වෙයි කියලා.............මහින්දයා SBවත් බදාගෙන ෆුල් ට්රඕයි එක දීලත් බැරිඋනා නේ.මේ වැඩ බරි ටාසන්ලටනම් ලේසිවෙන එකක් නැ ජනතාව එක්ක.
      යකාලා වගේ සමාජ විරෝදී මානසිකත්වයෙන් පෙලෙන එකෙක් දෙන්නෙක් බ්ලොග් අවකාශේ උඩු බිරුවට ඕවා කරන්න ගියොත් මහින්ද ගිය තැනටම ඒ කියන්නේ ඉතිහාසයේ කුණු කුඩයට තමා මයිත්රීල රනිල් ඩබලටත් යන්න වෙන්නේ..............
      ඔය නරුමවාදී අදහස් රජකරපු කාලේ ගෙදර ගියා මහින්දත් එක්කම.............
      තමුන් ඉගනගන්නකම් ෆ්රී් එඩියුකෙශන් හොදයි...තමුන් ඉගනගත්තට පස්සේ එක සල්ලිවලට දෙන්න ඕන (දුප්පත් එකාලට එන්න බැරිවෙන්න )නියම මධ්ය්ස්ත මතධාරියා.................
      ඕපන් යුනිඑකේ LLBඑක මුදලට දෙන එකක් නෙවේය.අවම මුදලක් අයකරන අතරතරග විගාගයක් තබා සීමිත පිරිසක් ගෙන අමාරු විභාග රැසක් සමත්වියයුතුය.............මුදලට දෙන ස්ථාන වන ri.appit.bcas වැනි ඒවා වල OL පමණක් ඇති අයද කරන අතර මිලියනයක් හෝ ඊට වැඩිමුදලක් අයකරයි. ඇතුලත් වීමේ විබාග නැත.(ඕන ගොනෙකුට පුළුවනි.)

      ඕපන් එකේ LLb ඩිග්රිය මුදලට ගන්න එකක් කියලා හිතන් ඉන්න යකා එක්කද අපි මේ වාද කරන්නේ..............ලැජ්ජයි යකෝ අපිටම.............


      Padam
    4. ඉගෙන නොගෙන පාරවල් වල රස්තියාදුවීම , නවක වද කිරීම වගේ දේවල් වලින් විශාල මහජන මුදල් ප්‍රමානයක් විනාශ වෙනවා

      Padam
  7. ඔතන වෙන්නෙ මානසික අවුල් තියෙන කීපදෙනෙක් රැග් ලීඩර්ස්ලා වෙනවා. අනිත් අය බයට හෝ රැල්ලට ඒකට එකතුවෙනවා. ඊට පස්සෙ මේ විකෘතිය උපසංස්කෘතියේ අංගයක් කියලා මාර ආඩම්බරෙන් කියාගන්නවා.

    BalasPadam
    Balasan
    1. මේ විකෘතිය උපසංස්කෘතියේ අංගයක් කියලා මාර ආඩම්බරෙන් කියාගන්නවා.++++++

      Padam
  8. Campes must be education place. Not harasment place there raging. I am sure this garment do change this and make a good education envirnment. Some campes senier members dont want education. They want to do political actions. They pull others also to their fool politic funtions. This gelus fool seniers are destroy youngers education. This is mental sik.

    BalasPadam
  9. නවක වදය අමුම අමු රෝගයකි ඒ ගැනැ කතා දෙකක් නැත.
    නමුත් ප්රයශ්නය තියෙන්නේ අපිට ප්රස්තුත මාතෘකාව වෙච්ච 'කැලණිය සරසවිය සිද්ධියේදී' එහෙම එකක් උනාද කියන එකයි.

    වැට් පිළිබද ජනතා විරෝදය වෙනතක යොමුකරන්න දුන්න ලොලිපොප් එකක් මේක..................

    පාන්ඩුව හැමදාම නාගත්තට පස්සේ තාජුදින්ව ගොඩගන්න බැරිනිසා ආණ්ඩුව මේපාර දුන්න ආතල් එක............

    පහල මධ්යම පන්තියේ වෙන්ඩ පොශ්ලාට ඉතින් වැට් එක 100% උනත් මොකෝ ඉතින් අපේ පන්තියෙන්ම උන්ට බැනලා පොෂ් වගේ වෙන්න තියනවා නම්.

    දොස්තරත් හොදට බෙරේ ගහනවා....... ලෙඩ්ඩු ටික හොදට නටනවා.............පවු යකෝ ලෙඩ්ඩු ටික !


    මමත් නවක වදයට අකමැතිය.මගේ ජිවිතේ කවදාවත් නවකයකුට කිසිම වචනයක් කියලා නැ අතින් කයිට් කරගෙන නෝට් ගහලා දීලා උදව්වක් කලොත් මිසක්.
    හැබැයි රටේ ප්රඅශ්න ගැනැ ජනතා අවධානය වෙනතක යොමුකරන්න නවකවදය මුවාවෙන් සිසුන් මර්ධනය කරන මේ කැත සෙල්ලමටත් අකමැතියි.මොකද මේ ආණ්ඩු වල කපටිකම් තේරුම් ගන්න උබලගේ මොළ පොඩි උනාට අපිට එහෙම බුද්ධි හින කමක් නැ.හැමදාම නාගත්තට

    BalasPadam
    Balasan
    1. Anoe සමහර විට එහෙම වෙන්නත් පුලුවන්. මොකද අපි දන්නව ඔයිට වඩා ඉතාම දරුනු සිද්ධි වෙනබව. මේ කෙල්ල ලොකු අත්තක් කියනව. නමුත් පොඩි අතු නම් ඔයිට වඩා හිංසනයන්ට මුහුන දෙනව දූෂනය වීම් පවා වෙනව.නමුත් සද්දයක් නෑ.

      Padam
    2. @ මධ්‍යස්ථ මතධාරියා

      යකා දුප්පත් අයට ලිංගික හිංසන පවා වෙනවා නම් එක හරි ඛේදජනක තත්වයක්.
      ඔයා ඒවා දන්නවා කියලත් කියල තියනවා නේ..........
      ඉතින් ඇයි ඒවා හෙළිකරන්නේ නැත්තේ..............
      වැරැදී කළා කියලා හමුදාපතිටත් දඩුවම් කල රටක ඔය කැම්පස් කොල්ලෝ මුක්කුද ?
      කරුණාකර ඔයා දන්නා දේවල් කියන්න ....බලාධාරින් ඒවා සොයාබලාවී.

      Padam
    3. ඒ කියන්නෙ කැලනියේ අය සියඹලා ගෙන්නල්ලම නෑ කියන එකද ?

      Padam
  10. රුවන්,

    නවක වදය මාරයිය, ඒකෙන් අපි ජීවිතේට ආතල් පාඩම් ඉගෙන ගත්තය, අපේ පවුරුසේ වර්දනය උනාය, සමානත්මතාව යහමින් අවබෝද උනාය කියල නවක වදේ උඩ දාන ගොබිලොන්ට තියන ලෙඩ ගැනත් පොඩි ඇනලයිසිස් එකක් කරන්නකො ඊලඟ පෝස්ට් එකෙන්…

    ස්වයං වධ බන්ධන ලැදියාව???....:)

    BalasPadam
    Balasan
    1. ශිෂ්‍ය වීරයො කියන්නෙ නේවාසිකව ප්‍රතිකාර ගත යුතු පිරිසක්. මේ දැනුම සමාජයට ගියාම පවුරුසේ වර්දනය කරගන්න සමානාත්මතාව් වර්ධනය කරගන්න හිංසා කරන්න ඕන නැතිවෙයි.

      Padam
    2. කියලා වැඩක් නෑ රවී.
      kids!

      Padam
    3. Ravi +++++++++++++
      මේවට ආස අයට තියන ලෙඩ ගැන පෝස්ට් එකක් දැම්මොත් කට උත්තර නැති වෙයි. මාර උගත් අයනෙ නෙහ් කියල මේ ඕන බලු වැඩක් ඉවසන අය දෙපාරක් හිතයි.

      Padam

    4. ස්වයං වධ බන්ධන ලැදියාව???....: මේ අය Stockholm Syndrome නම් තත්වයෙන් පෙලෙනවා , ඔවුන් තම වදකයන් කෙරෙහි අවිඥානිකව ලිංගිකව ඇලෙනවා

      Padam
  11. නවක වදයට ඉස්සර ජවිපෙ රතුපාට කවලම් කර තිබුණු අතර දැන් පෙරටුගාමී රතුපාට එකතු කර තිබේ. එය ගැනද ලිපියට ඇතුලත් කළ යුතුව තිබුණු බව මගේ අදහසයි. sudukukula.blogspot.com

    BalasPadam

  12. විබීසන අඩවියට දැමූ කොමෙන්ටුවක්:

    Sa rasa08 May, 2016 21:35
    කෙනෙක් ගේ ජීවිතේ සුන්දර අත්දැකීම් ලබන්න තවකෙනෙක් ගෙන් අඩුම තරමින් බැනුමක් හරි අහන්න ඕනෑ කියලා හිතනවා නම් නවක වදේ සුන්දර අත්දැකීමක් ලෙස ගනන් ගත්තෑකි.

    එහෙම හිතනවා නම් ජීවිතේට විස්සවිජ්ජාලෙකට නොගිය සිරි ලාන්කිකයන් ගේ ජීවිතේ සුන්දර අත්දැකීම් නැත්ද?

    හැමදාම තම ස්වාමිදුව ගෙන් බැනුම් අසනා ගෘහ සේවිකාවක ගේ ජීවිතය එහෙනම් සුන්දර අත්දැකීම් වලින් පිරී යන්න ඕනෑ නේද?

    අමතක කරන්න එපා විශ්ව විද්යාලයේ ඔය කියනා සුන්දර අත්දැකීම් එන්නේ නවක වදය පවතින නිසා නොවෙයි!!

    ඒ පිලිබඳව ඕනෑ තරම් උදාහරන දෙන්න පුලුවනි!!

    BalasPadam
    Balasan
    1. හැමදාම තම ස්වාමිදුව ගෙන් බැනුම් අසනා ගෘහ සේවිකාවක ගේ ජීවිතය එහෙනම් සුන්දර අත්දැකීම් වලින් පිරී යන්න ඕනෑ නේද? +++++++

      Padam
  13. නවක වදකයෝ නම් උස් තැන් වලට මන්ගච්චති!

    http://mallepol.blogspot.com/2016/05/blog-post_8.html

    BalasPadam
  14. මොන මල විකාරයක්ද මංද සමහරු කියන්නෙ අඳුනාගන්න කරනවලු. සිංදු කියනව වගේ දේවල් සුන්දරලු. සුන්දර ඇති සිංදු කියන එකාට ඕනැවට ඌට ඕනෙ ප්‍රෙක්ශකයන් ඉස්සරහ කරනවනම්. අඳුනා ගන්න අවුරුදු ගාණක් තියෙන්නෙ, සිංදු කියන්නවත් බල කරන්න ඕනෙ නෑනෙ ඒකට.
    මේක මාර කෙලියක්නෙ. ගමේ අලුතින් ආව පවුලක් පාරෙ අල්ලගෙන සිංදු කියන්න නටන්න බලකලොත් ඒක හිංසාවක් වෙනව. ඒත් ඉගනීමේ හා නිදහස් චින්තනයේ තෝතැන්නක් විය යුතුයි කියන සරසවිවල බලහත්කාරකම් කිරීම සුන්දරලු.

    රාජ්‍ය මර්ධනය තියනවලු, නිදහසක් නැතිලු. එහෙම දරුණු තත්වයක් තියනවනම් එතකොට නවකයන්ට තියන නිදහසත් සීනියර්ස්ල නැතිකරන එකද කරන්න ඕනෙ?

    පාර්ලිමේන්තුවෙ ලොකු හොරු අපරාධකාරයො ඉන්නවයි කියන එක භාවිතාකරන්න හදනවා සරසවිවල අපරාධකාරයන් ගැන අනුකම්පා හිතෙන අය. ලොකු අපරාධකාරයො බේරුනයි කියන එක පොඩි අපරාධකාරයන්ටත් නිදහසේ අපරාධකරන්න දෙන්න හේතුවක්ද?

    සමාජයේ වැරදි රජයේ වැරදි විශ්වවිද්යාල පරිපාලනයේ වැරදි ඕනෙ තරම් තියනවා. ඒවුනත් නවක වධකයින් අපරාධකරුවන් කියන එක වෙන කවුරුවත්ගේ වැරදිවලින් වහන්න බෑ. අපරාධකරුවන් දඬුවම් විඳිය යුතුයි. වෙනත් එවුන් උන්ට වඩා අපරාධකර නිදැල්ලේ සිටිනවා කීම අහුවුන එවුන්ට දඬුවම් නොදීමට හේතුවක් නෙමෙයි.

    තව එකක් තියනවා. නවක වදය කිසිම තේරුමක් නැති අපරාධයක්. හොරකම් කිරීම මංකොල්ලකෑම තමන්ට මොනවා හරි ලබා ගැනීමට කරන අපරාධ. නවක වධකයන්ට ඇති එකම විත්ති වාචකය තමන් මානසික රෝගීන් කීම තමයි. ඒ අතින් නම් ඔවුන්ට සහනයක් දිය හැකි වෙන්න පුලුවන්. ශිෂ්‍යභාවය අත් හිටුවා මානසික රෝහලක ප්‍රතිකාර දී සුව වුනොත් ආපසු ගන්නව වගේ එකක්

    BalasPadam
    Balasan
    1. අපට අයිතියක් නෑ තව කෙනෙකුට බලෙන් සින්දුවක් කියන්න බල කරන්න. වෙන කෙනෙක් අදින ඇදුම ගැන නීති පනවන්න අපට අයිතියක් නෑ.අදුන ගන්න එක නිකම් ඔටෝ වෙන එකක්. අනිත් එක දැන් නම් කැම්පස් එන බහුතරය සාමාන්‍ය පන්තියෙ උන්. අපි නිකමට හිතමු අන්ත ප්‍රතිගාමී ධනපතියෙක් ආව කියල. ඌටත් උගෙ ඇවතුම් පැවතුම් අනුව ඉන්න දෙන්න ඕන. අපට තියන අයිතිය මොකක්ද ඌටත් සම්බෝලයි බතුයි කන්න කියල බල කරන්න.

      Padam
    2. Pra Jay සහ මධ්‍යස්ථ මතධාරියා දෙන්නම කියන කතාව ඇත්ත. කිසිම කෙනෙකුට සින්දු කියන්නවත් කතා කරන්නවත් අදුනගන්නවත් අපි කන විදියට සම්බෝල එක්ක කන්නවත් බල කරන්න කාටවත් අයිතියක් ඇත්තේ නෑ. එය පුද්ගලික නිදහස. ඊට මමත් එකගයි. මට කියන්න ඕනේ වුනේ වෙනත් කාරණාවක්.

      දැන් නවක වදය කියන එක ඇතුලට සින්දු කීමට බල කිරීමත් අසභ්‍ය අශිෂ්ට ක්‍රියා කිරීමට බල කිරීමත් දෙකම දමා ගැනීම නිසා මේ අමානුෂික නවක වදය සාධාරණීකරණය කරන අය එය සාධාරණීකරණය කරන්නේ මේ ඉහත කියපු අසභ්‍ය නොවන කාරණා පෙන්වමින්. මේ දෙක වෙන් කරගත්තොත් මේ අමානුෂික ක්‍රියා වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට හැකි යයි මම සිතන්නේ නෑ. එයයි මට කීමට අවශ්‍ය වුනේ. නමුත් හරි හැටි නොකියවෙන්න ඇති.

      මමත් මධ්‍යස්ත මත දැරීමට කැමතියි. එනිසා, දැනට මෙවැනි අමානුෂික ක්‍රියා පවා සිදුවෙන සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමාජයන් රටේ පොදු සමාජයටත් වැඩිය හොද පරිපූර්ණ පුද්ගල නිදහසක් ඇති තැනක් කිරීමට පහසුවෙන් ඉක්මනින් හැකි යයි බලාපොරොත්තුවක් තබා ගත හැකි බවක් දුටුවේ නැහැ. නමුත් කෙනෙකු එසේ බලාපොරත්තු තබන්නේ නම් එය වඩා හොද වෙන්නත් පුළුවන්. මේ අමානුෂික ක්‍රියා තුරන් කිරීමටවත් හැකිනම් මට නම් තරමක් දුරට සෑහීමට පත්වෙන්න පුළුවන්. අනෙක් අතට, වසර කිහිපයටකට පෙර විශ්වව්දියාලයෙන් හා රටින් පිටවූ මට වඩා තවම අපේ රටේ උසස් අධ්‍යාපන ආයතනයක සිටින මධ්‍යස්ථ මතධාරියාට එම සමාජයන් ගැන ඇති අවබෝධය මට වඩා යාවත්කාලීන යයි මම සිතන්නේ. දැනට යම් අමානුෂික තත්වයක පවතින මේ සමහර විශ්වවිද්‍යාල සමාජ පරිපූර්ණ පුද්ගල නිදහසක් ඇති සමාජයන් බවට පත් කිරීමට හැකියි ඔහු සිතන්නේ නම් ඊට මට විරුද්ධ වීමට කිසිදු හේතුවක් මා දකින්නෙත් නැහැ. මට වඩා අපේ රටේ විශ්වවිද්‍යාල සමාජයන් ගැන ඔහුගේ දැනුම නිවැරදි සහ යාවත්කාලීන යයි මම සිතන නිසා මගේ මතය වෙනස් කරලා ඔහුගේ මතයට එකග වෙන්නත් මට පුළුවන්.

      Padam
    3. ලොකු අපරාධකාරයො බේරුනයි කියන එක පොඩි අපරාධකාරයන්ටත් නිදහසේ අපරාධකරන්න දෙන්න හේතුවක්ද? ++++++++

      Padam
  15. සැබෑ සමානාත්මතාව වෙනුවෙන් ජේවීපී පෙරටුගාමී දෙගොල්ලොම පෙනී සිටින්නෙ නෑ. ඔවුන්ට නිදහස් අධ්‍යාපනය කියන්නෙ පන්තිය මාරුකරගන්න උපායක්. දොස්තර කෙනෙක් වෙලා ඉංජිනේරුවෙක් වෙලා ගමේ පැල්පත වෙනුවට ලොකු ගෙයක් හදල ගමේ අසරනයන්ට ගෙම්බර් දාන එක තමයි මුන්ගෙ සමාජවාදෙ. මම මාක්ස්වාදියෙක් නෙමෙයි නමුත් මාක්ස්ට අනුවත් විප්ලවයෙ ගාමක බලවේගය ශිෂ්‍යය නෙමෙයි. ශිෂ්‍යයට තියෙන්නෙ සුළු ධනේශ්වර මානසිකත්වයක්.මුන්ගෙ සමාජවාදය පන්තිය මාරුකරගැනීම . ඒ වගේම තරාතිරම් පවත්වාගන්නත් මුන් කැමතියි. ශ්‍රම සමානාත්මතාව පිලිනොගන්න හැම එකාම කුහකයො.

    BalasPadam
    Balasan
    1. ඔබ සඳහන් කරන ශිෂ්‍ය නය ක්‍රමය ඉතාමත් හොඳ යෝජනාවකි.මෙය පොලී රහිතව දිය හැකි නම් වඩාත් සුදුසුයි. ඒ වාගේම පාඨමාලාව අනුව ගාස්තුව වෙනස්විය යුතුයි.‍රැකියාවක් කරනවිට ආපසු අයකරගැනීම වාරිකව කල හැක.මගේ දියනියද සරසවි සිසුවියකි.වාසනාවකට ලංකාවේ නොවේ.ඔවුන්ට තම පාඨමාලා වියදම රජයෙන් නයක් ලෙස ලැබෙන අතර එය ආපසු ගෙවිය යුතුයි. ඉතාම දක්ශ අයට හෝ සමහර තතව වලදී ශිෂ්‍යත්ව ලැබේ.ලංකාවේ කලා උපාදි කරන අය සිතා සිටින්නේ තමන්ට රජයේ ‍රැකියාවක් ලබාදීම අනිවාර්ය දෙයක් ලෙසටය. නය ක්‍රමයක් තිබුනහොත් ඔය කෙලින පිස්සු කෙලින්නේ නැති බව ස්තිරය.විභාග ඇනගෙන කාලය දික්වීමේදී ගාස්තුවද වැඩිවෙන නිසාය.

      Padam
    2. මෙය කිසිසේත්ම අසාධාරන නෑ. ඇයි නිකම් දෙන්නෙ. ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය නිකම් දුන්නම ඇති. රැකියා ඉලක්ක කරනොගත් පාඨමාලාවක් උනත් බය නැතිව හදාරනව.මොකද බැරියර පෙරලල අට්ටාල වල ලෙමන් පෆ් කාල රජයෙ රැකියාවකට යන්න පුලුවන් නිසා. නමුත් සල්ලි දීල ඉගන ගන්න කොට විෂයන් එහෙම තෝරයි.
      අනිත් එක එහෙම වුනහම ඉක්මනට ඩිග්‍රිය කම්ප්ලීට් කරනව. එක ශිෂ්‍ය නායකයෙක් අවුරුදු 15 ක් ම උපාධිය කෙරුවලු. සල්ලි දීල කරනකොට කාලය දිගුවෙනකොට ගෙවන මුදලත් වැඩියි.
      නවක වදය දෙනකොට පාලනාධිකාරිය ඒකට කොහොමත් ඉඩ දෙන්නෙ නෑ. අලුත් අය ආවෙ නැත්නම් කැම්පස් එක පාඩු ලබන නිසා. ඒ වගේම ඉගෙන ගන්නෙ නැතිව දේශපාලනය කරන අයව ඉවත් කරන්නත් ඕන.
      මමත් කලා උපාධිකාරයෙක්. මටනම් මේක මිටටත් මදි.කලා උපාධියට තියන සිලබස් එක හරි වැඩි කරන්න ඕන. මේකෙ කරන්න දෙයක් නෑ. සතියක් තියල පාඩම් කලානම් ගොඩ. ඉතින් කලබල කරන එක අහන්නත් දෙයක්යැ.

      Padam
    3. //මාක්ස්ට අනුවත් විප්ලවයෙ ගාමක බලවේගය ශිෂ්‍යය නෙමෙයි// මාක්ස් කියව ඇති බව පෙනේ. නමුත් ඔහු ශිෂ්‍ය ණය ක්‍රමයක් ගැන නම් කියා නැත.

      Padam
    4. එක ශිෂ්‍ය නායකයෙක් අවුරුදු 15 ක් ම උපාධිය කෙරුවලු. ammo

      Padam
  16. http://www.lankadeepa.lk/index.php/articles/413370

    මේ බලන්න මොරටු කැම්පස් එකේ සිසුන් කර ඇති නිර්මානයක්. මොරටුවෙ රැග් එක නෑ. මේ වගෙ වැඩ කරන අයට පිස්සු කෙලින්න වෙලාවක් නෑ. බුද්ධි කලම්බනය සිදුකරන නව නිර්මාන බිහිකරන විශ්ව විද්‍යාල පරපීඩකයන්ගෙන් බේරගන්න ඕන.

    BalasPadam
    Balasan
    1. බලන්න මේ ශ්‍රේෂ්ට සිසුන්ට මේ රැග් කතාබහ නිසා සිදුවන නින්දාව.
      ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීම්වල ලංකාවෙ විශ්ව විද්‍යාල ඉතා පහලින් ඉන්නෙ. බෝංචි කඩන කෙහෙකන් පිබින ඒවට යි බැරියර පෙරලන්නයි අට්ටාල හදාගෙන පෙලහර පාන්නයි මිස මේව බෑ.
      මොරටුවෙ සිසුන් හුගක් ඉදිරියෙන් ඉන්න බව අසා තිබෙනවා. හැම කැම්පස් එකේම මෙඩිකල් ඉංජිනියරින් ෆැකල්ටි වල පිස්සු කෙලීම් අඩු යි. ඒ අයට අධ්‍යන කටයුතු නිසා වෙලාවක් නෑ වෙන දේවලට .
      කරන්න වැඩක් නැති සිසුන් තමා පිස්සු කෙලින්නෙ.

      Padam
    2. මොරටුවේ රැග් එක ඇත්තටම නැත්ද? ම.ම. දන්නේ කොහොමද? මගේ යාලුවෝ දෙන්නෙක්ම ඉන්නවා රැග කාපු . හැබැයි ඒ අසූ ගණන් වල. දැන් නැත්ද දන්නේ නැහැ.

      Padam
  17. නවකවදයෙන් පරිපූර්ණ මිනිසුන් බිහිවේ නම් බටලන්දෙන්, එළියකන්දෙන්, සහ අවුස්විච්වලින් සුරදූතයන් බිහිවිය යුතුය.

    BalasPadam
    Balasan
    1. නවකවදයෙන් පරිපූර්ණ මිනිසුන් බිහිවේ නම් බටලන්දෙන්, එළියකන්දෙන්, සහ අවුස්විච්වලින් සුරදූතයන් බිහිවිය යුතුය.+++++++++++++

      Padam
  18. ආයෙ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.. අතිශ්‍යෝක්තියට නඟපු කාරණා යතාර්ථයක් කරගෙන තියෙනවා ගොඩ දෙනෙක්.
    ලංකාවෙ ඉදිරි කාලය තීරණාත්මක විය හැකියි.විවිධ වෙනස්කම් සිදුවිය හැකියි.ඒවාට මුලින්ම සංවේදී වෙන්නෙ තරුණයන්.තරුණයන් රාශිගතවී ඉන්න තැනක් සරසවිය.ඒ තුලින් රටට දැනන හඬක් මතුවිය හැකියි.එය ඇතැම් දේශපාලන පක්ශ විසින් විකුණාගෙන කන අතර ඇතැම් පක්ශ වලට කන්දොස්කිරියාවක්.
    හොඳම දේ ඔවුන්ට තියෙන පිළිගැනීම නැති කිරීම.
    බොන බෙහෙත් පෙත්තට වැට් ගහලා කාර් ගන්න එක යට යවලා රැග් එකක් අල්ලන් උඩ පනින එක බුකියෙ වෙන එක ගැන දුකක් නෑ.මොකද ඒ පේජ් මේ වෙනකොට විකිණිලා ඉවරයි.
    අඬලා.... අඬලා... අඬලා කිරි එරවගන්න ඕන තත්වයක් දැන් කැම්පස් වල තිය්න්නෙහැබැයි අඬන එකට පනිශ්මන්ට් ශුවර්.ඒ නිසා නැති එකමුතුවක් බොරුවට පෙන්න ගන්න රැග් එක කියන එක භාවිතා වෙනව කියන එකයි ගස්ලබ්බගෙ මතය.මේක සමහර රෝගීන් විසින් පාවිච්චි කරන අවස්ථා නැත්තෙ නෑ.හරියට වෙන තැනක ඒ පිස්සන්ව එලවලා දාන එක එසැනින් ක්‍රියාත්මක වෙනවා.
    සරසවියේ සම්පත් හා පහසුකම් වලට සාපේක්ශව රැග් එකේ තීව්‍රතාවය වෙන්ස්වීමක් පැහැදිලිවම දකින්න පුළුවන්.
    කොහොම උනත් කැම්පස් වල සිලබස් අප්ඩේට් කරන එක ගැන කථා කරනවාට වඩා රැග් එක ගැන කථා කරන එකේ ලල් එකක් ඇති.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. කොහොම උනත් කැම්පස් වල සිලබස් අප්ඩේට් කරන එක ගැන කථා කරනවාට වඩා රැග් එක ගැන කථා කරන එකේ ලල් එකක් ඇති. ++++++

      Padam
  19. බොහෝම හොඳ ලිපියක්, ඒ වගේම ප්‍රතිචාරත් කියවන්න වටිනවා.
    මගේ දැක්මනම්, නවක වදය හෝ රැග් එක යනු මුළුමනින්ම පිටු දැකිය යුතු ක්‍රියා දාමයක්. එහි සුන්දර, සරල, අහිංසක වැනි නම වලින් හඳුන්වන්නට දෙයක් නැහැ.
    පුද්ගලයාගේ අකැමැත්ත මත අනුන්ගේ බලහත්කාරකම නිසා ඔහු සිනාසේ නම් එයත් පීඩාවකි හින්සාවකි (කට ඇරල හයියෙන් හිනාවෙයන් %&$#%& ගේ කොල්ලෝ කියා කෙනෙකුව සිනා ගස්සවන විට ).එවැන්නක් අනුමත කරනවානම් ඒ අනුමත කරන කෙනාද පර පීඩකයෙකි.
    උප සංස්ඛෘති කථාව හින්සාවෙන් තෘප්තවන උන් ගොතා ගන්නා නිදහසට හේතුවකි. ගමකත් උප සංස්කෘතියක් ඇත. එහෙත් ගමට පිටින් එන එකෙකු ඉන් බැහැර වන විට කිසිවෙකු බලහත් කාරයෙන් සංස්කෘතිය තුලට වද්දා ගැනීමට යන්නේ නැත. මන්ද එවන් විටෙක රටේ නීතිය ක්‍රියාත්මක වන බව දන්නා නිසායි.

    BalasPadam
    Balasan
    1. මෙහි ප්‍රථිචාර ලෙස මධ්‍යස්ත දක්වන අදහසට මමත් ඉඳුරා එකඟ වෙමි. උසස් අධ්‍යාපනය නොමිලේ දීම ලංකාව වැනි රටකට කිසිසේත් නොගැලපේ.
      ඒ වෙනුවට තිබිය යුතු විකල්පය ලෙස, උසස් පෙළ සමත් වන සැම එකෙකුටම විශ්ව විද්‍යාල වරම් තමන් කැමතිනම් ලැබිය හැකි ආකාරයේ ක්‍රම සම්පාදනය කළ යුතුය. ඉහලම සාමාර්ථ ලබා ගන්නා හා සුවිශේෂී දස්කම් දක්වන උන් සඳහා උසස් පෙළ සමතුන්ගෙන් 15% - 20% දක්වා නොමිලේ උපාධි හැදෑරීමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කල යුතුය. ශිෂ්‍යත්ව ලාබීන් අකණ්ඩ අගැයීම් වලට ලක් කිරීම මගින් ඔවුන්ගේ ශිෂ්‍යත්ව වසරින් වසරට අළුත් කල යුතුය.
      ඉතිරි 80%-85% සඳහා අඩු පොළී ණය ක්‍රම බිහි කල යුතුය. වසරින් වසර ගෙවීම් සඳහා මූල්‍ය ආයතන වලින් මුදල් නිකුත් කොට උපාධිය ලැබීමෙන් පසු මාසික වාරික වලින් නැවත ගෙවීමට ක්‍රම සැකසිය යුතුය.
      දැනට ක්‍රියාත්මක වන ඊනිය නිදහස් අධ්‍යාපනය මගින් අවස්ථාව ලැබෙනුයේ අර මුලින් කී 15%-20% සඳහා පමණකි. අනෙකුන්ට උපාධිය තහනම් වදනකි. වරප්‍රසාදය දිනූ උන් කිසිදු අගැයීමකට ලක් නොකරන බැවින් හා අවසානයේ කෙසේ හෝ උපාධිය ලැබෙනා බැවින් උන් පිස්සු කෙලිති. ඉතිරිය රැකියා වලට ගොස් හෝ විදෙස් ගත වී රෑ දාවල් කඹුරා රජයට බදු ගේවා අර පිස්සු කෙලිනා උන් පෝශනය කරති

      අපූරු සමානාත්මතා නිදහස් අධ්‍යාපනයකි.

      මේ රට කිසිදා ගොඩ නො ඒම ගැන අප තවත් වික්ෂිප්ත විය යුතුද?

      Padam
    2. අනේ නයා මහත්තයෝ ඕක ඔබතුමාටවත් මධ්යයස්ත මහත්තයාගේවත් ටිකිරි මොලේට අලුතෙන් අපු අදහසක් නෙවේය.ඕවා කලින්ද කර නාගෙන ඇත.(මා කියන්නේ එසේ කිරීම නරකයි කියා නොවේ......මෙය වෙනම මාතෘකාවක් )
      GAQනමින් නමින් HNDA/Eඑකී මෙකි නොකී හැමක්රමයෙන්ම ඔබ කියන පහසු මිලගන්න්වලට උපාදි ලබාදීම සිදුකරන ලදී.
      අන්තිමට එය නතරවූයේ තවත් ඇනගැනීමකිනි.GAQපජාතම වී රජය විසින්ම නතරකර දමන ලදී.
      ඔයාලා දෙදෙනාගේ සිගිත් ආතල් හරිම චෝයි.පේටන්ට් බලපත්රවය දෙන්න ඕනා මේ සොයාගැනීමට !

      ඔය කියන විදියට අධ්යායපනය විෂය කරන්නට පුලුවන්නම් ටියුෂන් සක්විති ඇරිස්ටෝටල් කෙනෙකු වෙන්නට තිබුණි !

      Padam
    3. දරුවෝ,
      වැදගත් දෙයක් කිව්වහම මෝඩ චූන් දෙන්න එපා.
      මේක මගේ සොයා ගැනීමක් කියලා කොතනවත් කියලා තියෙනවද? ඔබ තුම හිතෙන් මවා ගත්තු චෝදනා මට අදාල නැහැ. මේක ලෝකයේ හුඟක් රටවල වල ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තමයි මම කියල තියෙන්නේ. ඒ වගේම බොහෝමයක් දියුණු හා බංගලාදෙශය වැනි ඉතාම අඩු දියුණුවක් සහිත රටවලත් සාර්ථකව ක්‍රියාත්මක වෙන ක්‍රමයක්.
      ඔබ කියන ඔය නොයෙකුත් ක්‍රම වලට රජයේ විශ්ව විද්‍යාල හරහා උපාධි දීම අසාර්ථක වුනේ ඒ විධියට උපාධිය ගන්නා උනුත් ඊට පස්සේ රජයේ රැකියා දියව් කියල රස්සාව කරගෙන ජීවත් වෙන උන්ටත් ඒක කරන්න නොදී රටම වනසන නිසයි.
      උපාධිය රජයෙන් පමණක් දිය යුතුයි
      සියළු උපාධි ධාරීන්ට රජයේ රැකියා දිය යුතුයි
      පුද්ගලික අංශයේ තියෙන ඔක්කොම වහලා දාලා 100%කම රජයේ කරල රට ගෙනියන්න පුළුවන්නම් ඔබේ ක්‍රමය අපූරුයි.
      ඔබට ජය.

      Padam
    4. // උපාධිය රජයෙන් පමණක් දිය යුතුයි
      සියළු උපාධි ධාරීන්ට රජයේ රැකියා දිය යුතුයි
      පුද්ගලික අංශයේ තියෙන ඔක්කොම වහලා දාලා 100%කම රජයේ කරල රට ගෙනියන්න පුළුවන්නම් ඔබේ ක්‍රමය අපූරුයි.
      ඔබට ජය. //

      කවුද එහෙම කිව්වේ?

      ඔයාලගේ ලොකු කතා..........පොෂ් කතා නම් තියනවා.......නමුත් ප්රාලයෝගිකත්වය තේරුම්ගන්න තරම් හැකියාවක් නැ.රනිල්ගේ ආර්ථික විද්යා.ව වගේ තමා ඉතින්..........
      // මේක ලෝකයේ හුඟක් රටවල වල ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තමයි මම කියල තියෙන්නේ. ඒ වගේම බොහෝමයක් දියුණු හා බංගලාදෙශය වැනි ඉතාම අඩු දියුණුවක් සහිත රටවලත් සාර්ථකව ක්‍රියාත්මක වෙන ක්‍රමයක්. //


      ඒ දීයුනු රටවල නේ............
      බංගලාදේශේ තත්වේ ගැන කියන්න ඕන නැ නේ.......ලංකාව කියන්නේ තාමත් සියලුම දර්ශකවල බන්ග්ලාදේසෙට වඩා ඉහලින් තියන රටක්.
      ලංකාවටත් බන්ගලිදෙශේ තත්වෙට පල්ලම්බහින්න ඕන කියලද ඔයා කියන්නේ.....හා මරු...මරු....

      ලංකාවේ ජනගහනයෙන් 38%කැ දිනක ආදායම ඩොලර් ට අඩුයි.
      අද්යාපනේ මුදලට දුන්නොත් ඔය 38% නිකන්ම අධ්ය්පානයෙන් පිටමන් වෙනවා නේද?
      වෘත්තිකයෝ පිස්සු කෙලිනවානම් එ යට නිතිය ක්රිායාත්මක කරන්න. (ඔය රණවිරුවන් පවා ඉරේ දාන්නේ............)
      වෘත්තිකයෝ පිස්සු කෙලින බැවින් , එකට උත්තරයක් ලෙස අධ්යාපනයට මිලක් නියමකර දුප්පත් ජනතාව පිටමන්කිරිම ද උත්තරය???
      මාර ටිකිරි මොලේ නේ................

      // ඔබ කියන ඔය නොයෙකුත් ක්‍රම වලට රජයේ විශ්ව විද්‍යාල හරහා උපාධි දීම අසාර්ථක වුනේ ඒ විධියට උපාධිය ගන්නා උනුත් ඊට පස්සේ රජයේ රැකියා දියව් කියල රස්සාව කරගෙන ජීවත් වෙන උන්ටත් ඒක කරන්න නොදී රටම වනසන නිසයි. //

      කොහෙද එහෙම එකක් උනේ....උපාදිධාරින් හැමදාම කිව්වේ තියන පුරප්පාඩු වලට ගන්න කියලා මිසක් නැති රස්සා හදලා දෙන්න කියලා නෙවෙයි නේ..........
      අදටත් ඉංග්රීෙසි අධ්ය්පනවෙදින් ක්රී.ඩා විද්යාි ගණිත ......මේවාට කොච්චර් පුරප්පාඩු තියනවද ?
      ආණ්ඩුවට මේවාට සිසුන් පුරුදුකරලා .......පුරප්පාඩු පුරවලා අද්යාතපනය දියුණුකරන ක්රචමයක් තියනවා ද?
      නිකම් ප්රේශ්න මතුපිටින් අතගාලා හුරතල් කතා කියන්න එපා මහත්තයෝ.

      Padam
    5. ඔබේ තර්කන හැකියාව දැක්කහම මට අනුකම්පා හිතෙනවා දරුවෝ,
      මම දියුණු රටවල මේවන් ක්‍රම ඇති බව කීවහම ඔබ කියනවා ඒ ඉතින් දියුනු රටවලනේ කියලා.
      බංගලිදේශේ ගැන කියුවහම අපේ රටත් ඒ තත්වෙට පල්ලම් බහින්න කියනවද කියලා.
      බංගලිදේශේ ක්‍රමේ අනුව ගියොත් පල්ලම් බහිනවා නම් ඒ ක්‍රමයම භාවිතා කරන නෙදර්ලන්තය වගේ රටක් අනුගමනය කිරීමෙන් ඉහල නගින්නත් පුළුවන් වේවි.

      ජනගහනයෙන් 38% ක දිනක ආදායන ඩොලර් ...ට අඩුයි කීම නිකන් හිතලුවක් විතරයි. හොඳයි ඒක එහෙමනම් මම කිසිදු උපාදියක් නැති මෝටර් සයිකල් බලපත්‍රය පමණක් ඇති 5 දෙනෙකුට ආරම්ඹයේදී මාසිකව රු. 25,000 ක් පමණ ඉපයිය හැකි රැකියා දෙනවා මට පුළුවන්නම් මිනිස්සු හොයල දෙන්න.
      ඔබලා දන්නා ප්‍රායෝගිකත්වය, අද ලංකාවේ ඕනෑම සමාගමක, කර්මාන්ත ශාලාවක, මෝටර් රථ වැඩ පොළක, වාහන සේවා ස්තානයක, වෙළඳ සැලක සේවක හිඟයක් පවතිනවා. මෙන්න මේකයි භූමියේ යථාර්ථය.
      ඒත් තුට්ටු දෙකේ දේශපාලන මත වලින් ඔළු කුරුවල් උනු උන් හැමදාම කියන්නේ දුප්පතුන්ගේ අඳෝනාව. එහෙම එකක් නැති වුනත් උන්ට හීනෙන් ඇහෙන්නේ ඒක.

      උපාධිදාරීන් තියෙන පුරප්පාඩු පුරවන්න කියන නිසා තමයි ඌන සේවා නියුක්ත උපාදි ධාරි සංගම්, රැකියා නැති උපාදි ධාරි සංගම් එහෙම ලංකාවේ තියෙන්නේ.

      මා හඳුනන එක් උපාධිධාරිනියක් ඇයට රැකියාවක් රජයෙන් නොලැබීම ගැන පසුතැවෙන විට දිනක් මා ඇගෙන් ඈ උගත් විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ රෑන්ක් එක ඇසූ විට ඇය ඒ කුමක්දැයි වත් දැන සිටියේ නැහැ. ඔන්න යථාර්තය.

      Padam
    6. @ නයනේ

      // ජනගහනයෙන් 38% ක දිනක ආදායන ඩොලර් ...ට අඩුයි කීම නිකන් හිතලුවක් විතරයි. හොඳයි ඒක එහෙමනම් මම කිසිදු උපාදියක් නැති මෝටර් සයිකල් බලපත්‍රය පමණක් ඇති 5 දෙනෙකුට ආරම්ඹයේදී මාසිකව රු. 25,000 ක් පමණ ඉපයිය හැකි රැකියා දෙනවා මට පුළුවන්නම් මිනිස්සු හොයල දෙන්න. //

      බොහොම හොද දෙයක්.
      කරුණාකර සම්මුකපරික්ෂණ සදහා ඔයුන් පැමිනියයුතු ස්ථානය, සේවා කොන්දේසි හා වෙනත් අවශ්යඅ තොරතුරු මෙහි පලකරන්න.
      25 000 හේ වැටුපට කීදෙනෙක් ඒවිද කියලා බලන්නකෝ...............
      මම කිව්වේ මහ බංකු වාර්තාවේ ඇති තොරතුරුයි.කරුණාකර පසුගිය මහ බංකු වාර්තාව පරිශීලනය කරන්න.

      දියුණු රටවල වශයෙන් හදුන්වන කේන්ද්රී.ය රටවල් ........ඉතිහාසයේ සිට බැලු කල අධිරාජයන් පවත්වාගෙන් ගොස් අපි වගේ රටවල්වල සාරය උරාබිමෙන් ලද මුදල්ද වර්තමානයේ බහුජාතික සමාගම් පද්දතිය හරහා එම ක්ර්මය වක්රරව ක්රිරයාත්මක කරමින් සිය රටවලට මුදල් පොම්ප කරගන්න වූ රටවල් වේ.එම රටවල මුදල් සංසරණය වැදී නිසාද එම රටවල පුරවැසියන් අතට මුදල් ලැබෙන නිසාද ඔවුනට අධ්යාරපනය සදහා යම් වැයක් දැරීම අපහසු නොවේ.
      ඔවුන් කරනේ දේ අප කරන්න ගියෝතින් වදුරාට වූ දෙය අපිට සිද්දවේවි.
      බංගලාදේශය ඇතුලු පරිදියේ රටවල තත්වය කෙන්ද්රූයේ රටවලට හාත්පසින්ම වෙනස් වන අතර අඩු මුදල් සංසරනයක්ද අසීමිත වංචා දුෂණ නිසා එම මුදල්ද එක තැනකට පමණක් කෘතිමව ඒකරාශී වීම සිදුවේ.එවිට ඇති නැති පරතරය සිග්රමව ඉහල යන අතර දුප්පත් ජනතාවගේ ප්ර මාණය තව තවත් වැඩිවේ.අධ්යාඇපනයට මිල නියමකිරිම නිසාවෙන් දුප්පත් ජනතාව අධ්යාතපනයෙන් පිටමන් වේ.
      එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාකරණ ආකාරයට ( මෙය අන්තර්ජාලයෙන් බලාගත හැකිය ) අද ලොකයේ දිනකට කුසගින්නේ පමණක් 20 000ක් මියයි.කුසට ආහරක් ගන්නට වත්කමක් නතිව 20 000ක් මියයයි නම් මේ ලොකයේ අධ්ය0පනයට මුදල් හොයන්නට නොහැකි පිරිස කි දහසක් වෙනු ඇත්දැයි කාටත් සිතාගත් හැකිය.
      ඊට සාපේක්ෂය දුප්පත් ජනතාවට ඇති එකම සම්පත අධ්යාටපනය වේ.මෙයට මුදල් නියමකිරිම මත එයින් පිටමන් වීමෙන් ඇති නැති පරතරය සදාකාලිකව ස්ථිර වීම වනු ඇත.

      Padam
    7. නමුත් ලංකාවේ පැවති නිදහස් අධ්යා.පනයට පින් සිදුවන්නට වඩා උගත් මානව සම්පතක අපසතු වේ.එබැවින් ශ්රී් ලංකාවේ අධ්යාධපන ක්රයමය ආසියාවේ ජපානයට පමණක් දෙවැනි වන අතර සිංගප්පූරුව හා සම මට්ටමේ සිටී. නිදහස් අධ්යාරපනය මෙන්ම නිදහස් සුව සේවයද අප සතුව පන ඇද ඇද හෝ පවතින නිසා ලොකයේ සියලු මානව සංවර්ධන දර්ෂක වල අපේ රට තවමත් ඉහලින් සිටී.මෙහි සම්මානය නිදහස අධ්යා පනයට හිමිවියයුතු බව ලොවම පිළිගන්න කරුණකි.
      ඔබල කිවහැකි වන්නේ කේන්ද්ර යේ දියුණු රටවල වැසියන්ට මෙන් ප්රසබල කරය ශක්තියක් නැති නිසා (ජනගහනයේ 38 % ක ආදායම ඩොලර් 2ත අඩුය ) අධ්යාකපනය මුදලට ගැනීමට සිදුවුවහොත් එම ජනතාව අධ්යානපනයෙන් පිටමන්වන බවත්..............එහි ප්ර්තිපලය වශයෙන් බංගලාදේශය වැනි මුදලට අධ්යාමපනය විකිණීම නිසා විශාල ජනතාවක් අධ්යාතපනයෙන් පිටමන්ව කාලකන්නිකමේ පතුලට දිනෙන් දිනම යන රටක් බවට අපෙරටත් පත්වන බව ඔබට පෙන්වාදුය හැක.
      ඔබේ තේරුම් ගැනීමේ අඩුපාඩු මාදුටු මෙය ඔබ වෙනුවෙන් විස්තරාත්මකව පලකලේ.............
      අවසාන වශයෙන් කිවයුතු වන්නේ ඉන්දියාවේ අග්‍රාමාත්යි නරේන්ද්රෙ මෝදී මහතා මැතකදී කල ප්රේකාශයයි.
      පවුද්ගලික අධ්‍යපනය නිසා ඉන්දියාවේ අධ්යාසපන තත්වය හා පිරිහුණු බවත් වෘත්තීන් හි ගුණාත්මකභාවය කඩා වැටුනු බවත් ඔහු දැන් ප්රනකාශ කරයි.

      මෙන්න ලිනක එක මේවා කියවල හැදෙන්න.

      www.change.org/p/mr-narendra-modi-take-a-look-at-private-educational-organizations-or-say-education-business

      අධ්යාපනය විකුනපු රටක් වෙච්ච ඉන්දියාව අද තමන්ට වැරැදුණු බව කියනවා.විකුනපු උනුත් එක වැරදියි කියද්දී අපේ උන් විකුනන්න කතා කරනවා.......
      බල්ලෝ මරල හරි සල්ලි ටිකක් හොයපල්ලා කිව්වා ජේ ආර් ගේ ගෝලයයින්ට මට කියන්න තියෙන්නේ ඉන්දියාවෙන් ඉගනගන්න කියලයි.

      බුදුරජානන්වහන්සේ පවා වදාරසිටියේ ඉගනුම සහ වෙදකම මුදලට නොකරන්න කියලයි.

      Padam
    8. @ නයනේ


      // ඒත් තුට්ටු දෙකේ දේශපාලන මත වලින් ඔළු කුරුවල් උනු උන් හැමදාම කියන්නේ දුප්පතුන්ගේ අඳෝනාව. එහෙම එකක් නැති වුනත් උන්ට හීනෙන් ඇහෙන්නේ ඒක. //


      .ඔයාගේ සමාජ දැනුම කතාවෙන්ම තේරෙනවා.
      පාරට බැහැලා බලන්න මහත්තයෝ රටේ තත්වය කොහොමද කියලා .
      කාමර වල ඉදගෙන ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙලා කියලා හිතාගෙන පොර ටෝක් දෙන ඔයාල කොහොමද සමාජ ප්රමශ්න තේරුම්ගන්නේ.
      සමාජේ දුප්පත්කම ගැන තේරුමක් නැති ඔයාලා කියන ඒවා කලොත් තුවාලෙට සිනි දැම්ම වගේ වෙයි.


      // මා හඳුනන එක් උපාධිධාරිනියක් ඇයට රැකියාවක් රජයෙන් නොලැබීම ගැන පසුතැවෙන විට දිනක් මා ඇගෙන් ඈ උගත් විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ රෑන්ක් එක ඇසූ විට ඇය ඒ කුමක්දැයි වත් දැන සිටියේ නැහැ. ඔන්න යථාර්තය. //

      කැම්පස් වල රැනක් පල්ලෙහාට නිකන් යන්නේ නැ මහත්තයෝ, පාලකයෝ යවනවා මිසක්.
      ජනතා බදු මැදල් වලින් සැප විදින පාලකයෝ ඉන්න ඉතියෝපියාව වෙන්කරනවාට වඩා අඩු මුදලක් අධ්යාපනයට වෙන්කරන රටක විස්ජ්ව විද්යාිලවලට වෙන්කරන කාලකන්නි පාලකයෝ සහ හෙන්චයියි ඉන්න රටක් කැම්පස් වල තත්වය මේ තරම්වත් තියන එක ලොකු දෙයක්.
      තව දෙයක් ඔය කදඩකාමබර වල මාළු ලැලි වගේ ඇරගෙන ඉන්න උපාදි මාලුකඩ වල වර්ල්ඩ් රැනක් හෙන ලොකු ඇති නේද???


      // ඔබලා දන්නා ප්‍රායෝගිකත්වය, අද ලංකාවේ ඕනෑම සමාගමක, කර්මාන්ත ශාලාවක, මෝටර් රථ වැඩ පොළක, වාහන සේවා ස්තානයක, වෙළඳ සැලක සේවක හිඟයක් පවතිනවා. මෙන්න මේකයි භූමියේ යථාර්ථය. //

      කොම්පැනි වල රස්සාවල් වලට මිනිස්සු හිග ලංකාවේ තියෙන්නේ බහුතර කොම්පැනි වල මිනිස්සුන්ට වැඩ කරන්න පුළුවන් තත්වයක් බහුතර පවුද්ගලික අංශ විසින් ඇතිකරලා නැති නිසයි..මමත් නිෂ්පාධන විධායකයකු වශයෙන් කර්මාන්තශාලා ක්ෂේත්රහයේ මුලින් වැඩ කෙරුවෙක්.
      අපි නොදන්නා ලංකාවේ පැක්ටරි එගැනැ නම් අහගන්න එපා මගෙන්.ඕවාට වඩා වහල් සේවය හොදයි හලෝ.තු නොදකින්........

      --------------------------------------------------------------------------------------------

      මහත්මයා මහා පොලවට බහින්න ..............
      ලංකාවේ දුප්පත්කම නැති බවත් එය මට පමණක් ඇහෙන එකක් බවත් කිමෙන්ම ඔබගේ සමාජ දැනුම තේරෙනවා........
      රු 25 000 හේ රස්සාවල් හතර පහක් දෙන්න පුළුවන් පලියට තමන් මහා ආර්ථික විද්යාව ඔස්තාර්ලා යැයි හිතීම තමා ඕකට හේතුව.
      අද්යාකපනය විකුනපු රටවල් අද , තමන්ට වැරදුන අකියන්නේ ඇයි කියාල හිතලා බලන්න......
      දියුණු රටවලට අයට අධ්යාළපනය දරන්න පුළුවන් උනාට රටෙන් 38%ක දවසේ ආදායම ඩොලර් ට අඩු අපේ රටේ යට අයට (පාසල් ගාස්තු ගෙවන්න පොල්ගෙඩි 8ක් හොරකම් කරලා අහුවුණා දැරියක් ගැන පහුගිය දා වාර්තා උනා.........ඉස්කෝලේ යන්න සල්ලි නැතිව දිවිනසාගත් දැරියක් ගැනැ වයබ පලාතෙන් වාර්තා උනා ....)ඕක දරන්න පුලුවන්ද?
      ලංකාවේ එහෙම උනොත් බංගලිදෙශේ වගේ රටේ ලොකු ප්රයතිශතයක් අධ්යාසපනයෙන් පිටමන් වී ඇති නැති පරතරය තවත් වර්ධයන වී කාලකන්නිකමේ පතුලටම ගොස් සමාජ අපරාධ තවත් වැඩි වන තත්වයක් ඇති නොවෙයිද?එකම පන්තියක් සදාකල් වැජබි වැඩවසම් යුගයක් නැවත උදා නොවෙයි ද?


      Padam
    9. ඔබේ 3.34 ඒ එම් පලමු ප්‍රථිචාරය සඳහා:
      මගේ රු 25,000.00 පුරප්පාඩුව අමතක කර දමන්න. ලංකාවේ පුවත් පත් වල රැකිය වෙබ් අඩවි වල පුණර් ප්‍රචාරනය වන ඇබෑර්තු දැන්වීම් ගනන බලන්න. එක් දැන්වීමකට එම ආයතන අයැදුම් පත් කීයක් ලබනවාදැයි සොයා බලන්න. ඔබට යතාර්තය වැටහේවි.
      ඔබ යටත් විජිත වාදීන්ගේ සූරාකෑම නම් වූ පැරනි මාතෘකාව ගැන කියන මුත් අද ලංකාවේ භූමි යතාර්ථය නොදකින්නේ ඇයි. ඔව් පරදෙසක්කාරයින් අපෙන් මංකොල්ලා කෑ දෙය ප්‍රශ්නයක් තමයි ඒත් ඒකට පිළිතුර අපේම උන් පාගා දැමීමද?
      මගේ මුල් අදහස හොඳින් කියවන්න.
      මා කිසිවිටෙකට් අධ්‍යාපනයට මුදලක් නියම කිරීමක් ගැන කියා නැහැ. ඒත් අද මෙන්ම උසස් පෙල සමතුන්ගෙන් 15%-20% ක් ශිෂ්‍යත්ව පදනමෙන් බඳවා ගත යුතු බවයි මා කියන්නේ. එහෙත් ඒ ශිෂ්‍යත්ව වාර්ෂික අගැයීම් වලට යටත් විය යුතුයි. මෙයයි ලෝකයේ දියුණු විශ්ව විධ්‍යාල වල ක්‍රමය.
      එමගින් ඉතිරි 85%ක් සඳහා ණයට ඉගෙනීම වරම දිය යුතු බවයි මා කියන්නේ. එය දුප්පතාට එරෙහි වීමක් වන්නේ කෙසේද?

      Padam
    10. ඔබේ දෙවැනි මත දැක්වීමට මට කීමට ඇත්තේ
      ඔය කියන දිනකට ඩොලර් 2ට අඩු ආදායම් ඇති පවුල් වල දරුවන් මසකට රු 4000 ක් පමන වියදම් කොට ටුශන් ගොස් උ පෙල සමත්ව විශ්ව විද්‍යාලයට යාමට සමත්ද? ලංකාවේ උසස් පෙල විභාගය නොමිලේ අධ්‍යාපනය ලැබෙනවාද?

      Padam
    11. ඔබේ මතවාද තනිකරම පන්ති වෛරෙන් පිරී ඇති නිසා ඉන් එහාට කතා කිරීමේ තෙරුමක් නැහැ.
      හැබැයි ඔබම ඔබේ අදහස් හොඳින් නැවත කියවන්න.
      ඔබ පලි ගන්නේ ඔබ හා මා ඇතුලත් ප්‍රාග්ධනය අහිමි පන්තියෙන්මයි .

      Padam
    12. ට්‍රන්සිල්වෙනියා,
      සමාවෙන්න ඔබේ බ්ලොගයේ මෙතරම් දිගු වාදයක් පටලවාගෙන් එහි ඉඩ නාස්ති කරාට.

      Padam
  20. ඌණ පුර්ණයක්

    11. Peer pressure

    12. Pack mentality

    Please comment.

    BalasPadam
    Balasan
    1. its mainly based on group dynamics , see Number 5 (5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීම​ට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව

      Padam
  21. නවකවදය තුරන් කිරීම දඩමීමා කරගෙන පෙරටුගාමීන් දඩයම් කිරීමේ වැඩපිලිවෙලක් බටලන්දේ රනිල් මහතා දියත්කර ඇති බව කරුණාවෙන් සලකන්න.

    BalasPadam
  22. කැම්පස් රැග් මොන රැග්ද...හමුදා වලයි, ඉස්කෝල, ගුරුවිද්‍යාල වලයි දෙන රැග් දැක්කම.
    අනෙක ඉතිං කැම්පස් වල වුණත් ළමයි දෙන රැග් මොනාද කියල හිතෙනව පාලකයො දෙන රැග් බැලුවම. කන්න නැතිව, ඉන්න තැනක් නැතිව, දේශන ශාලා නැතිව, ආචාර්‍යවරු නැතිව..ශිෂ්‍යයෙක් විදිහට වගේම විශ්වවිද්‍යාල වල වැඩ කරද්දිත් හොඳට රැග් දැකල තියෙනවා. රැග් එක ගැන කතා කිරීම අවුරුද්දකට වතාවක් මෝස්තරේට කරන දෙයක් විතරයි.

    BalasPadam
    Balasan
    1. ඒකේ සත්‍යකුත් තියනවා

      Padam
  23. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook