Khamis, 5 Mei 2016

කැලණි සරසවියේ දිග කලිසම් තහනම



ලංකාදීප පුවත්පත වාර්තා කරන පරිදි දිග කලිසම් අඳින්නට එපා යැයි කැලණි සරසවියේ ශිෂ්‍යාවකට නවක වදය දුන් බව කියන ජ්‍යෙෂ්ඨ සිසුන් පස් දෙනකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට  ගෙන තිබේ. නවක සිසුවියන් වසරක් යනතුරු දිග කලිසම් නොඇඳිය යුතු යැයි සරසවියෙන් පනවා ඇතැයි කියන ‘නීතියක්‘ ගැන සඳහන් කරමින් කලිසම් ඇඳ එන සිසුවියන්ට කුණුහරපයෙන් බැන ඇතැයි නවක සිසුවියක් පොලිසියට පැමිණිලි කර ඇතැයිද ඇගේ පැමිණිල්ල අනුව ජ්‍යෙෂ්ඨ සිසුවියන් 4ක් හා සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී  ලංකාවේ විශ්ව විද්‍යාල ඇත්තේ බොහෝ පහලය​. මේ සඳහා නොයෙකුත් හේතු තිබේ. එක් හේතුවක් නම් මෙවැනි පසුගාමී බලහත්කාරයන් ය​. භෞතිකව සහ ආකල්පමය වශයෙන් සංවර්ධිත රටවල විශ්ව විද්‍යාලවල මෙවැනි ගොන් පාට් නැත​. ඒ නිසා ඒවා අධ්‍යාපනික වශයෙන් උසස් ආයතනය​. නමුත් ලංකාවේ  හීනමානයෙන් පෙලන මානසික රෝගීන් විශ්ව විද්‍යාල තුලදී තමන් ගේ තිරිසන් ආශාවන් ප්‍රදර්ශනය කරති. මේ හිංසාවන් කරන්නේ  සමාජවාදයේ නමිනි නමුත් මේ වධකයන් සමාජගතවී නැත​. එසේම මේ හිංසාවන් කරන්නේ අනුගතවීම නමිනි නමුත් අනුගතවීමක් වෙනුවට තිබෙන්නේ බලහත්කාරයයි. 


විශ්ව විද්‍යාලයේදී විඳි නවක වදය නිසා මට ජීවිතයම එපාවුනා

යශෝධා විමලධර්ම
“අනූව දශකයේ මුල් භාගය වෙද්දීත් මම ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන් තරුණ තරුණියන් අතර අද වගේ ජංගම දුරකථන සුලබ නොවූ නිසා හැමෝම කළේ ලියපු එක. මටත් ලංකාව පුරාම රසික රසිකාවන්ගෙන් දවස ගාණේ ලිපි ලැබුණා.
ඔය අතරෙ අනූ හතර අවුරුද්දෙ මම විශ්වවිද්‍යාල වරම් ලැබුවා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට. ඒ කාලෙ පැවැති ජේ.වී.පී. වාතාවරණයත් එක්ක ළමයි සෑහෙන පිරිසක් එකතු වෙලා හිටියා විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ නොවී. ඒ හැමෝම ඇතුළු වුණේ මම ඇතුළු වුණ අවුරුද්දේ.
ඒ වෙද්දී මගේ තාත්තා කැලණිය විශ්වවිද්‍යාලයේම ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. ඒත් මම විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න ඒ තරම් කැමැත්තක හිටියේ නෑ. මට ඕන වුණේ බාහිරින් උපාධිය කරන්න. ඒත් කැලණිය විශ්වවිද්‍යාලයේම ‍ප්‍රොෆෙසර් කෙනෙක් වුණ තාත්තා කිව්වෙ කලාකාරියක් විදිහට විශ්වවිද්‍යාල ජීවිතයේ ලබාගන්න තියෙන අත්දැකීම් මට ගොඩක් වටීවි කියලයි. හැමදාමත් තාත්තා කියපු දේට ඇහුම්කන් දුන්න මම තාත්තගේ ඒ ඉල්ලීමටත් එකඟ වුණා.

මම විශ්වවිද්‍යාලයට යද්දී එහෙ මාව නොදන්නා කෙනෙක් නැති තරම්. මම කලින් කිව්වා වගේ මට නිතර ලියපු රසික පිරිස අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසකුත් හිටියා. මේ සියලු හේතු නිසා මගේ පැමිණීම එයාල හරි ආසාවෙන් බාර ගනීවි කියල මම හිතුවා. එතෙක් මට ආදරය කරපු පිරිසක් මම එයාල ළඟට ආවට පස්සේ එහෙම සලකාවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. එයාලා මාව පිළිගත්තේ අමානුෂික නවක වදයකින්. ඒ විදිහට මට මුහුණ දෙන්නට සිදු වූ දේ මට මාධ්‍යයකට කියන්න බැරි තරම්.

විශේෂයෙන් මානව ශාස්ත්‍ර පීඨයේ අය මාව දරුණු ආකාරයට මානසික හා කායික පීඩාවන්ට ලක් කළා. එයාලගෙ අදහස වුණේ උසස් අධ්‍යාපනයට ඕන තරම් මාර්ග ඇති මම විශ්වවිද්‍යාලයට එන්න ඕන නෑ කියලයි. ගෙදර ඉඳල තාත්තගෙන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙද්දී තව ළමයෙකුගේ අවස්ථාවක් මම උදුරා ගත්තා කියලයි මාව වැඩිපුරම පීඩාවට ලක් කළේ.

ඒත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණ මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න අයිතියක් නැත්තෙ නැහැනෙ.

එන්න එන්නම මාව පීඩාවට පත් කරන එක වැඩි වුණා. ළමයි තුන්දාහක් විතර වරින්වර මාවම නවක වදයට නතු කර ගනිද්දී මගේ මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒවා විශ්වවිද්‍යාල සිසුන් අතින් සිදුවුණ සාමාන්‍ය රැග් කිරීම් නෙවේ කියලා මම නැවතත් කියනවා.

හැමදාමත් ඒ විදිහට කාගෙන්හරි පීඩාවට ලක් වෙලා මම එනතුරු එහිම කථිකාචාර්යවරයෙක් වුණ මගේ තාත්තට බලාන ඉන්න සිද්ධ වුණා කියන්නේ මොනතරම් අවාසනාවක්ද? මාව ඒ පීඩාවන්ගෙන් මුදවා ගන්න තාත්තාටවත් තාත්තගේ ස්ටාෆ් එකේ වෙන අයටවත් පුළුවන් වුණේ නැහැ.

තාත්තගේ කීමට එයාගෙම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණ මම එයා දැන දැනම මානසිකව හා කායිකව පීඩා විඳීම එයා බලාගෙන හිටියෙ ලොකු කම්පනයකින්. ඒ වේදනාකාරී අත්දැකීම කාලයක් අත්විඳි තාත්තා එක්වරම දරුණු ස්නායු රෝගී තත්ත්වයකට ගොදුරු වුණා. එතැන් පටන් තවත් අවුරුදු හතරක්ම මගේ තාත්තා හිටියේ සිහිවිසඥව. සුවිසල් දරු පිරිසකගේ දෙනෙත් පාදන්නට හැකියාව තිබුණ ප්‍රඥාවන්තයෙක්ට ඒ විදිහට සිව් වසරක් අසිහියෙන් ඇඳක ඉන්න ලැබිම මොනතරම් අභාග්‍යයක්ද? අවසානයේ මා නිසා ඔහුගේ සිතේ හටගත් කම්පාව වසර හැත්තෑවක් වන විටදී ඔහු මට සඳහටම අහිමි කරවන්නට තරම් ප්‍රබල වුණා.

අදටත් ඉඳහිට නොයෙක් දේශනවලට මම කැලණිය විශ්වවිද්‍යාලයට යන වෙලාවල් තියෙනවා. ඒ හැම වෙලාවකම මට ඒ කටුක අතීතයේ සිදුවූ හිත් පාරවන සිදුවීම් පෙළ රූප පෙළක් වගේ මතකයට නැගෙනවා.

74 ulasan:

  1. ඇමරිකාවේ Univerity වල තියෙන Big - Little පිළිගැනීමේ ක්‍රමය ජෙප්පෝ වත් පෙරෙට්ටෝ වත් අහලවත් අනතුව ඇති. කාලකන්නි අපතයෝ.

    BalasPadam
    Balasan
    1. මේ අයව මොනෑෂ් / හාවර්ඩ් වගේ වි.වි පෙන්නන්න ගෙනියන්න ඕනේ

      Padam
    2. දැන් අවුරුදු බර ගානකට කලින්, මමත් ඔය කියන මොනෑෂ් වල ඉගන ගන්න ගියා. එයාල අපිට (since we were foreign students), එක student ට එක පරණ student කෙනෙක් ගානේ appoint කරා (Volunteers from Monash Student Association). ඒක ඇතුලේ තැන් පෙන්නන්න තැන ඉඳල, බැංකු ගිණුමක් ඇරගන්න තැන, ඉන්න තැනක් අවශ්‍ය නම් හොයාගන්න එක, කන්න බොන්න ගන්න ලේසි තැන්, පොදු ප්‍රවාහනය යන්නේ කොහොමද, ඕකි නොකී ඔක්කොම කරන්න උදව් ගන්න කියල එයාල කිව්වා.
      It was a pleasant memory. Wonder where the guy who helped me.

      ඕකෙදි තමයි lecturerලට සර්, මැඩම් කියන්න ඕනේ නැහැ කියන එක ඉගන ගත්තේ. මගේ මුල් සති වලින් එකක, පොඩි ප්‍රශ්නයක් අහගන්න lecturer කෙනෙක් ගාවට ගියා. සර් කියල තමයි කතා කරෙත්. ඔක්කොම හොදට කියල ඉවර වෙලා එයා කියනවා "I know in your culture the norm is to call the teachers and elders as sir and madam, but here its less formal. I would appreciate if you call me by my name"

      නයි කයි ද රෝස් පාන් කිව්වලු. අපේ අම්මල තාත්තලට වඩා වයස, ජ්‍යෙෂ්ට මහාචාර්ය කෙනෙක්ට එහෙම කතා කරන්න උනාම. මාසයක් දෙකෙක් යද්දී පුරුදු උනා හැබැයි.

      Padam
  2. හුගක් වෙලාවට අපේ අය දන්නෙ නෑ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල
    අනික් එක යශෝධා කියන විදියට එතන දරුණුවටම පෙන්නල තියෙන්නෙ එතනහිටපු අයගෙ කුහක කම
    වෙන මක්ක වත් නෙවී

    BalasPadam
  3. නවකවධයට සම්බන්ධ සියල්ලන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කලයුතුයි.

    BalasPadam
    Balasan
    1. නවක වධය එක්තරා ආකාරයකට අංකුර ත්‍රස්තවාදයක්, ඔවුන් ගේ නම් ගම් ප්‍රසිද්ධ කිරීම , පරිවාස වාර්තා ලබා ගැනීම , රැකියාවකට යාමේදී මේ පරිවාස වාර්තා බැලීම , කිරීම මගින් මෙය අවම කල හැකියි

      Padam
  4. යශෝධා පව් අෆ්ෆා............. කැළණීය සරසවියේ කැත වැඩ නේද??????????

    BalasPadam
  5. //දරුණුවටම පෙන්නල තියෙන්නෙ එතනහිටපු අයගෙ කුහක කම //

    රටට මහා කන් කරච්චලයක් වූ කැලනි විස්ස විජ්ජාලේ වසා දමමු!

    BalasPadam
    Balasan
    1. මේ අයව මොනෑෂ් / හාවර්ඩ් වගේ වි.වි පෙන්නන්න ගෙනියන්න ඕනේ

      Padam
  6. නවක වදය ලංකාවේ තියෙන පෙරටුගාමී එහෙම නැත්නං වෑන්ගාඩ් යැයි කියාගන්නා විකල්ප දේශපාලන බලවේග කොයිතරම් පසුගාමීද කියන එකත් පෙන්වනවා...
    තර්කනය හා සංවාදය වෙනුවට තමන්ගේ දේශපාලන ගොඩ වැඩි කරන්න බලහත්කාරය යොදා ගැනීමෙන් කවදාවත් සමාජවාදී සමාජයක් හදන්න බැහැ

    BalasPadam
    Balasan
    1. තරිඳු,
      පුවත්පත් කලාවේදියෙකු ලෙස ඔබට මේ ගැන කරුණු සොයා බැලිය හැකියි.

      නවකවදය දීමට පෙරටුගාමී හෝ වෙනත් වාමාංශික ශිෂ්‍ය කණ්ඩායමක් මුලික වී කටයුුතු කරනවාද කියා සොයා බලන්න.

      මගේ (දැන් ඉපැරණි) විශ්ව විද්‍යාල අත්දැකීම් අනුව නම් එවැනි පිරිසකට තම දේශපාලනය සඳහා වඩාත් යෝග්‍ය වන්නේ නවකවදය නවත්වා එමගින් තම කණ්ඩායම් බලය වැඩිකර ගැනීමයි.

      එසේ නැතුව පෙරටුගාමී හෝ වෙනත් වාමාංශික ශිෂ්‍ය කණ්ඩායම් නවකවදය දීමට මුල්වීම යනු ඔවුන්ට සහයෝගය දක්වන්නන් අඩු වීමට හේතුවක් පමණයි!

      Padam
    2. අද වනවිට බොහෝ සරසවිවල ඇත්තේ අන්තරේ නැතහොත් කුරුටුගාමී බලයයි. අද එය වෙනම ම සොයා බැලිය යුතු නැහැ. මේ ගැන බොහෝ දේ කිව හැකි වුවත් නිහඬව සිටීම වඩා හොඳ යැයි මම සිතන නිසා නිහඬ වෙනවා.

      Padam
    3. ඔබගේ අදහස් කියන්න

      Padam
  7. නවක වදයෙන් දේශපාලන අරමුණු ඉටුකරගන්න හදන පිස්සන්ට වෙනම 'බෙහෙත්' දියයුතුයි.

    BalasPadam
    Balasan
    1. නවක වධය එක්තරා ආකාරයකට අංකුර ත්‍රස්තවාදයක්,

      Padam
  8. මේක නවකවදය නොවෙයි පුරුෂෝත්තමවාදී බලහත්කාරකමක් නේද?

    මේ ගැන ළඟදීම මාත් ලියන්න ඕනෑ. මට නම් මේ ශිෂ්‍ය දේශපාලනය සහ නවකවදය යන දෙකේ සම්බන්ධයක් ඇති යැයි හිතෙන්නේ නෑ.

    නලීන්ද සිල්වා ගේ කාලේ ජාතික චින්තන බලපෑම මත දෝ සිසුවියන්ට ත්‍රී-ක්වාටර් කලිසම් ඇඳීම තහනම් කළාය කියා ආරංචියක් තිබුණා!

    BalasPadam
    Balasan
    1. ඔවු ඉතින් සමලිංගිකත්වය වෙනුවෙන් කෙලින්ම පෙනී ඉන්න උඹට ඔතනත් පුරුෂෝත්තමවාදය මවාගන්න ලේසියිනේ. නිකම් පලයන් යකෝ මෝඩ පාට් එක නොදා. උඹ කොල්ලන්ට චීත්ත කෑලි අන්දවල පොන්නයො ටිකක් වගේ එන්න කියල නීතියක් දැම්මනම් කැමති වෙයි. ඒ උඹලගේ ජන්ම ගතිය.

      Padam
    2. මේ ඇනෝවා ගේ රෝගී තත්වය විනිශ්චය කිරීම රුවන්ට ම බාර කරමි.

      Padam
    3. මේ ඇනෝ වෙන කවුරුත් නෙවෙයි.... මැෂිමා..

      Padam
    4. it seems that he needs treatment

      Padam
  9. ඔය ජෙප්පෝ සමාජ වාදයක් ගැන කතා කළාට ඒක දන්නවාද කියන සැකේ මතුවෙනවා.. මොකද සමාජ වාදයක් තියනවානම් යශෝදා මොන තරාතිරමක කෙනෙක් උනත් එයාට නිදසේ අධ්‍යාපනය ලබන්න දෙන්න තිබුනා.. අර කියුවත් වගේ කුහකකම..

    ැත්තටම දැන් කැම්පස්වල තියෙන්නේ රැග් නෙවෙයි.. ඒ ඒ අයගේ ආසාවන් ඉටු කර ගැනීමක්.. සමහර වෙලාවට පෞද්ගලික පලිගැනීම්.. කුහකකම් ප්‍රදර්ශනය කිරීම්.. මම දකින්නේ ඒ විදිහට...

    BalasPadam
    Balasan
    1. මේ හිංසාවන් කරන්නේ සමාජවාදයේ නමිනි නමුත් මේ වධකයන් සමාජගතවී නැත​.

      Padam
  10. /* සුවිසල් දරු පිරිසකගේ දෙනෙත් පාදන්නට හැකියාව තිබුණ ප්‍රඥාවන්තයෙක්ට */

    මා කැලණිය විශ්ව විද්‍යාලයේ 1990 සිට 1995 දක්වා සිටි කාලයේ රවිලාල් විමලධර්මව දැක තියෙනවා.

    ඔහු සේවය කලේ හින්දි භාෂා අංශයේ යි.

    තම පියා ගැන උසස් ලෙස සිතීම සහ කතා කිරීම අප සැම කරතත්, යශෝදා ඔය කියා ඇති වාක්‍යය නම් තරමක ගැටලු සහගත එකක්.

    ඔහු ප්‍රාථමික පාසලක වැඩ කළා නම්, ඒ වාක්‍යය නිවැරදියි.

    BalasPadam
  11. අනේ යශෝධා... කොහොමත් අකමැත්තෙන් තැනකට ගියාම එතන වෙන හැමදේම මහා වැරදි විදිහට පෙනෙන එක පිලිගන්න පුළුවන්.. එයාට තරුවක් විදිහට නං සලකලා නෑ වගේ.. පව්..
    කැම්පස් වලත් ඉන්නෙ ශිෂ්‍යයෝ.. ඔවුන් එක්ක සාකච්ඡාවෙන් උපායශීලීව කටයුතු කරන්න ඕනෙ.පාලකයන්ගෙ නොහැකියාවට ළමයි අතඩංගුවට බිලිදෙන එක අනුමත කරන්න බෑ.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ඇය තරුවක් නිසා උනේ මොකද්ද කියා අපි දන්නවා. මල් වලට මොනාද වෙන්නේ කියා ...

      Padam
    2. කැම්පස් වලත් ඉන්නෙ ශිෂ්‍යයෝ ....and most of them are a bunch of idiots with inferiority complex.

      Padam
  12. විශ්ව විද්‍යාලේ තියෙන්නේ සමාජවාදී අදහස් නොවේ, පුංචිකාලේ ඉදන් ඔළුවේ එකතුවුණ ඊරිසියාව කුණු වෙලා ලෙඩවුන පිරිසකට ඔබින දර්ශනයක්.

    BalasPadam
    Balasan
    1. මටත් ලෙඩේ වැළඳිගෙන ආවත් රුසියාවට පින්සිදු වෙන්න ලෙඩේ උත්සන්න වුනේ නෑ. ලංකාවෙත් විශ්ව විද්‍යාල වෙනස් කරලා රටෙන් සමාජවාදී අසනීපය තුරන්කරන්න පුළුවන්.

      Padam
    2. සමාජවාදය දන්නා අය නවක වධ වලට යොමු නොවේ. මේ සමාජගත නොවූ මානසික රෝගීන් පිරිසක් සමාජවාදය කියා කරන ගොන් පාර්ට්

      Padam
  13. නවකවදය ගැන ඔබ මීට පෙරත් ලියා තිබුණා මතකයි. මටනම් නවකවදය බොහොම පසුගාමී ගෝත්‍රික සිරිතක් පමණයි. නවකවදය සඳහා මුල්වන සියළු සිසුන්ගේ ශිෂ්‍යභාවය තහනම් කල යුතුයි. ජුන්නන්ව සිටියදී නවකවධය දීමට පැමිණි සින්නන් පිරිසකට පොරි හැලෙන්න පහරදුන් අවස්ථාව මතක්වෙන කොට අදටත් ඇතිවෙන්නේ කාලකන්නි සතුටක්.

    BalasPadam
    Balasan
    1. //නවකවධය දීමට පැමිණි සින්නන් පිරිසකට පොරි හැලෙන්න පහරදුන් අවස්ථාව//

      අහන්නත් සතුටුයි.

      මං හිටපු උසස් අද්ධ්‍යාපන ආයතනයේ තදින් නවක වදය තිබුනේ නෑ. නවක වදය නිසා අඳුරගන්නවා අනුගත වෙනවා කියන සාධාරණීකරනය පොදුවේ නිවැරදි නෑ මං දැකල තියන විදිහටනම්. කිසිම නවක වදයක් ඕනෙ නෑ එකිනෙකා අඳුන ගන්න හෝ ඒ ජීවිතයට අනුගත වෙන්න. කැමති එවුන් අඳුන ගනී අනුගත වෙයි නවක වදයක් අවශ්‍යනෑ. නිදහසේ කරදර නොවිඳ ඉන්නයි ඕනෙ.

      අනිත් එක රටේ නීතිය අධ්‍යාපන ආයතනවල ඉන්න උන්ටත් අදාලයිනෙ.
      ගමක අලුතෙන් පදිංචියට ආව පුද්ගලයෙකුට ගමේ පැරණි අය වද කරන්නෙ නෑනෙ. කලොත් හිංසා කිරීම ගැන නීතිය ක්‍රියාත්මක වෙනවනෙ. සරසවිවල උන්ට වෙනම නීතියක් නෑනෙ. සරසවියේ හෝ පාර්ලිමේන්තුවේ හෝ ඕනෑම තැනක තග්ලාට විරුද්ධව සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කලයුතුයි. අපි හැමෝම දේශපාලක ව්‍යාපාරික පාතාල තගරි හෙලා දකිනවා. නවක වදයත් තගරි තමයි

      Padam
    2. http://www.adweek.com/news/advertising-branding/ad-day-coke-designs-friendly-bottle-can-only-be-opened-another-bottle-157988

      Catch the video... prajay

      Padam
    3. Pra Jay: නවක වදය නිසා අඳුරගන්නවා අනුගත වෙනවා කියන සාධාරණීකරනය පොදුවේ නිවැරදි නෑ මං දැකල තියන විදිහටනම්. කිසිම නවක වදයක් ඕනෙ නෑ එකිනෙකා අඳුන ගන්න හෝ ඒ ජීවිතයට අනුගත වෙන්න. +++++++++++ It's just one way for the idiots to justify their behaviour.

      Padam
    4. //කිසිම නවක වදයක් ඕනෙ නෑ එකිනෙකා අඳුන ගන්න හෝ ඒ ජීවිතයට අනුගත වෙන්න. කැමති එවුන් අඳුන ගනී අනුගත වෙයි නවක වදයක් අවශ්‍යනෑ. නිදහසේ කරදර නොවිඳ ඉන්නයි ඕනෙ.// +++++++++++++++

      Padam
    5. //Pra JayMay 6, 2016 at 2:26 AM

      කිසිම නවක වදයක් ඕනෙ නෑ එකිනෙකා අඳුන ගන්න හෝ ඒ ජීවිතයට අනුගත වෙන්න. කැමති එවුන් අඳුන ගනී අනුගත වෙයි නවක වදයක් අවශ්‍යනෑ. නිදහසේ කරදර නොවිඳ ඉන්නයි ඕනෙ. //
      +++++++++++++++++++++++

      :D

      Padam
    6. ලැච්චරයෝ......++++++ friendly twist....open a new friendship!!

      Padam
  14. I was ragged very badly when i was a navy officer under trainee. Reason was i gained six month seniority through exam results to superceed two senior batches. Seniority is all what matters in a service so they made me leave the service immature.

    BalasPadam
    Balasan
    1. Bro, This idiots don't know what is the meaning of seniority.

      Padam
    2. නවකවදය බොහොම පසුගාමී ගෝත්‍රික සිරිතක්

      Padam
  15. එල කැලණියේ 7ක් ඇතුලේ කල්දේරම් බත් රස බලනවා ....සැමවිටම ඕක එ ආකාරයෙන්ම උනානම් ඉබේම නවතිනවා

    BalasPadam
  16. ඔබ මේ සමාජගතවීම කියන වචනය හැම විටම අනුන් පහත් කිරීමට භාවිතා කරනවා.නමුත් ඔබට එය අදාල කර ගන්නේ නැහැ.උදාහරනයක් වශයෙන් ඔබ මේ ලිපිය ලියන්නේ ඒක පාර්ශ්විකව යශෝදා කියන සියල්ලම පලකරනවා.හරියටම එතැන වුනේ ඒකමද කියා ඔබ දන්නේ නැහැ නේද.

    BalasPadam
    Balasan
    1. ඒ කියන්නේ යශෝදා සියඹලා ගෙනල්ලම නැද්ද ?

      Padam
  17. The bager who leading the PERATUGAMI PARTY went for one year in jail. I wish he will die there.

    BalasPadam
    Balasan
    1. ඔහුගේ දරුවන් ඔසී වල මොනෑශ් වලට යයි. මේ පාරවල් වල වේලෙන ලංකාවේ වි වි ළමුන්ට අබ සරණයි

      Padam
  18. යුනි නොගියත් ඒ රැග් එකත් දැකලා තියෙනවා...හමුදාවේ නොහිටියත් ඒ රැග් එකත් දැකලා තියෙනවා. මොන අරමුනෙන් කරත් ඒ ඔක්කොම ගොන් පාට්. සමහර නැන්දම්මලා ලේලිට දාන ගොන් පාට් එකත් රැග් එකක් තමයි. රැග් එක සමහර ගෙවල්වලත් තියෙනවා.

    BalasPadam
    Balasan
    1. මොන අරමුනෙන් කරත් ඒ ඔක්කොම ගොන් පාට්. ++++++++++++++

      Padam
  19. මේ තත්ත්වය ලේසියෙන් වෙනස් කරන්න බෑ නමුත් වෙනස් කළ යුතුයි. . යශෝධාගේ කතාව කියවනකොට මට කල්පනා වුනේ ඔය වගේ තත්ත්වෙකට මගේ දරුවෙකුට අනාගතේ මුණ දෙන්න වුනොත් මොකද කරන්නේ කියල .

    BalasPadam
    Balasan
    1. ඒක මටත් කල්පනා උනා , මගේ දරුවා යන්නේ උතුරු ඇමරිකාවේ වි වි , ඔහු ඉගන ගන්නේ රැග් නැති බලහත්කාරය නැති වාතාවරණයක​. ඔහුට තිබෙන මේ වාතාවරණය ලංකාවේ වි වි දරුවන්ටත් ලැබිය යුතුයි.

      Padam
  20. අපිටනම් දෙයියනේ කියල රැග් තිබුනේ නැහැ, තිබ්බ එකම නීතිය තමයි උපාධියේ ගෞරවය සැළසෙන පරිදි පිළිවෙලට ඇඳුම් ඇඳිය යුතු බවක්. කොල්ලෝ කලිසම් කමිස සහ සපත්තු දැමිය යුතුයි...
    හැබැයි ගෑණු ළමයින්ට පළමු සති දෙකේ කලිසම් ඇඳීම් තහනම් උනා...
    ඒ සති දෙකේ සින්නො ගේට්ටුව ගාවට ඇවිත් දෙන්න දෙන්න පෝලිමක් හදාගෙන ඉනොගරේෂන් එක තිබ්බ හෝල් එකට ගෙනිහින් දානවා, කන වෙලාවෙත් එහෙමයි. සින්නො එක්ක ගිහින් "අසනීප" තිබ්බ බොහොම සුළු කොටසට අහු වෙන්න නොදී අපහු එක්කන් එනවා...
    හවසට ආපහු ගේට්ටුව ගාවට ගෙනිහින් දානවා...

    ඊට පස්සේ අපි සින්නො වෙච්ච අවුරුද්දේ අපිත් අපේ ජුන්නන්ට ඒ දේම කලා. හැබැයි දැන් හිතෙනවා ගෑණු ළමයින්ට පළමු සති දෙකේ කලිසම් අඳින්න එපා කියන එක අහක් උනා නම් හොඳයි කියලා...
    හැබැයි එහෙම කරන්න හේතුවක් උනේ කවදාවත් චීත්ත ගවුම් අඳින්නේ නැති සීනියර් ගෑණු ළමයින්ගෙන් ජුනියර් ගෑණු ළමයි පහසුවෙන් අඳුන ගන්න බව තමයි ඒ කාලයේ මතය උනේ...

    ඒ එක්කම අපේ ජුන්නන්ට අපිට හොරෙන් රැග් කරපු මොංගල් ජෙප්පන්ට අපිත් හොඳට ශාරීරිකව සැළකුවා...
    උන් සීනියර් බැච් එකකද කියන එක අපේ කැම්පස් එකේදී ඒ තරම් අදාළ උනේ නැහැ, ඒ තරම් දෙකේ කොලේ ජෙප්පෝ වැටිලා හිටියේ. මේ වෙද්දී තව වෙනස් වෙලා ඇත්තේ...

    අපි ඒ දවස් වල අධ්‍යනය කරපු දෙයක් තමයි ජෙප්පෝ වැඩිපුර දැළ එළුවෙ දුෂ්කර පැති වලින් ආපු දුප්පත් ළමයින්ට බව...

    BalasPadam
    Balasan
    1. Me Moratuweda?

      Padam
    2. නීතිය තමයි උපාධියේ ගෞරවය සැළසෙන පරිදි පිළිවෙලට ඇඳුම් ඇඳිය යුතු බව++++++++++++++

      Padam
  21. ඇත්තටම මේකට යම් තරමකින් හෝ, පීඩනයට පත්වෙන ළමයින් සහ උන්ගේ දෙමව්පියොත් වගකිවයුතුයි.මේවාට එරෙහිව කිසිම පියවරක් නොගැනීම පිළිබඳව. ඔය කාලකන්නි දෙතුන් දෙනෙක් අල්ලා හොඳට ඇඟ තැලෙන්න සැලකුවානම් මාසයක් හමාරක් රෝහල්ගතවෙන්න , ඕක නිකම්ම නවතියි.මගේ දරුවෙකුට ඔය දේ උනොත් නම් අනිවාර්යෙන් මම ඒ දේ කරනවා මහ එවුන්ගේ ඉස්සරහම.දැන් මේක කිව්වම මෙතන අදහස් දක්වන සමහරෙක් එයි වල්ගේ උස්සගෙන,උනුත් ඒ විදියටම අනුන්ට වධ දීපු නරුම කාලකන්නි පිරිසක්.

    BalasPadam
    Balasan
    1. අනුන්ට වධ දීම නරුම කාලකන්නි ක්‍රියාවක්

      Padam
  22. I agreed with Rasika. No one done a proper study, who is doing ragging. Administrators, politicians and Police always charged JVP and FSP students.

    BalasPadam
  23. මට දැන් දකින්න තිබෙන දෙය විද්‍යාව සම්බන්ධ පීඨ වල දැන් රැග් කිරීම අඩු වේගෙන එන්නේ.////////// good

    BalasPadam
  24. I have heard from a friend that Uva Wellassa University does not practice the so called ragging. Instead they used to practice a concept called "UWU Family", and all belong to a one big family. Therefore he said that they do get more opportunities & much recognition from the private sector, when they enter the industrial trainings.

    BalasPadam
  25. ලංකාව කියන්නේ නොම්බර එකේ මෝඩයන්ගේ රටක් බව මේ ආර්ටිකල් එකයි කමෙන්ට් ටිකයි දැක්කාම ඕන ගොනෙකුට තේරෙනව.
    ඔම්බර එකේ කපටියෝ රෙදිට්ක ලගින් තිබ්බහාම කපලා මහල ඇදගන්න මෝඩ පාටකයෝ තමා ඉතින් ලංකාවේ ඉන්නේ.
    කෙනෙක් තව කෙනෙක්ව රැග් කරන එක අමුම අමු අමන වැදැක කියලා අමුතුවෙන් කියන්න ඕන නැ නේ.........
    ඒ උනාට ඔතන ඔහොම සිද්දියක් ඇත්තටම උනාද කියලා , මෙතන ඒ ශිෂ්යටන්ට ගල් ගහන්න හදන කාටවත් සහතිකයක් දෙන්න පුලුවන්ද?
    අපි දන්නා දේ තම නිල කොළ පක්ෂ 2න්ම පත්වෙන පාලකයෝ විශ්ව විද්යාකල සිසුන් එක්ක ජම්මාන්තර වයිරයි කියන එක.එකට හේතුව රටේ බහුතරයක් සාමාන්ය මිනිස්සුන්ව පාට පාට ජන්ද පොරොන්දු වලට ගල් බෝතලේට සිල් රෙද්දට ගොනාට අන්දන්න පුළුවන් උනාට ,වී,විද්යාජල සිසුන් බහුතරයක්ව එහෙම නමන්න බැරි වීම සහ එම සිසුන් පිරිහුනු ආණ්ඩු වලට විරුද්දව හැමදාම පළමු ප්රජහාරය එල්ලකිරීමේ ප්රනවනතාවයක් තිබීම.....ඒ කියන්නේ ඕනෑම ආණ්ඩුවක අමන කම් වලට විරුද්දව ඉස්සල්ලම පාරට බහින්නේ එ අය.
    ඒ නිසා වී. විද්යාහල සිසුන් සහ සාමාන්යආ ජනතාව කොටවන එක හැම ආණ්ඩුවක්ම කරපු දෙයක්.මට නම් හිතෙන්නේ මෙතන කොන්ඩයාගේ සීන් එකක වගේ අපි නොදන්නා කතාවක් තියෙන්න පුළුවන්.මාධ්ය පොලිසිය දේශපාලුවෝ හැමෝම වැරදිකාරයෙක් කරලා තිබ්බ කොන්ඩයාව අන්තිමට නිදහස් උනා.ඒ නිසා එකෙක හීනමාන ලියන ඒවා එහෙමම බ්ලොග් පිටුවල පුනරුච්චාරණය කිරීමෙන් වෙන්නේ ලොකු වැරැද්දක් කියන එක මේම ලේඛකයාට මතක්කරල දෙන්න සතුටුයි.
    අනික ඔහු රැග් එක පැවතීම ගැනැ ඔප්පු කරන්න අරගෙන තියෙන්නේ මරු උදාහරණයක්.තනි තනි පුද්ගලයින් ගැනැ කතාකරලා අපි ඔවුන්ගේ ගානට වැටේන්න යන්න ඕන නැ.නමුත් ලෝකෙන්ම ලනු කාල ජිවිතේ 4වන දශකයත් හුදකලාව ගුප්තව ගතකරන, දෑන් ප්රේඅක්ෂකයන්ට පවා අමතක වූනු එම නිසාම සමාජ වයිරයෙන් පසුවන චරිත කියන කතා උඩ හිටගෙන ඩෙගා නැටිමෙන් තමන්ගේ චින්තනයේ තියන දුප්පත්කම හෙළිවන බව නම් කියන්න ඕන. අනික සමහර නිලියන් ගේ දෙමවුපියන්ට දුකහිතිලා ලය පැලෙන්න වැඩිම හේතුව වෙන්නේ ඔවුන් රැග් වීම දෑකීම නිසා නොව තමුන්ගේ තාත්තටත් වැඩිය වයසක පප්පලා සමග නිදිවැද දෙමුපියන්ට අවනම්බු කිරීම වන බව රටේ තොටේ ඇහැ කන ඇරැගෙන ඉන්න මිනිසුන් වශයෙන් අපට කියන්න පුළුවන්. අපිට මේ නිළිය මෙහෙමයි මේ නිළිය මෙහෙමයි කියලා කියන්න බැරි උනත් ගොඩක් නිළියන්ගේ කතාව ඕකයි.යශෝදා අනෝමා ජිනාදරී ජිවිතේ නාගත්ත වගේ චරිත කැම්පස් ගැනැ කියන ඒවා.......අර ධර්මන් වික්රනමරත්න කාරය 88/89 ගැනැ කියන ඒවාට වැඩිවෙනසක් නැති බවනම් සහතිකයි.ඒවා ගෙඩි පිටින් කොපි පේස්ට් කරන අය ඊටත් අන්තයි කියන එකත් සහතිකයි.
    එ නිසා ආණ්ඩුවේ පච මාධ්යනත්, නාගත්තා නිළියොත් කියන ඒවා ඇගැට ගැනිම පොන් කෝල් එකටත් කෙලවී සිටින සාමාන්යේ මහජනතාව වන අපිට අගුනයි කියන එකනම් මතක්කරලා දෙන්න ඕන.
    සුදු වැන් වලින් මිනි මරපු මහජන මුදල් හොරාකාපු එක්ක එකගෙයි කන පාලකයෝ මේ සිසුන්ව හිරේ විලංගුවේ දාලා දෙතිස වැඩේම දෙන්නේ බත් කන හරක් මහජනතාවට නොතේරුනාට ඇයි කියල අපිට තේරෙනවා.
    නිතිය සමාන නම් කාටත් සමාන වෙන්න ඕන.මහින්ද නාමල් බැසිල් එළියේ ඉගෙන මේ ළමයිව හිරගත කරනකොට යහපාලනයේ හෙලුවත් ටිකටික පේන්න ගන්නවා කියල යහපාලනයට කඩේ ගිය එකෙක් වශයෙන් මම කියනවා..

    BalasPadam
    Balasan
    1. නවක වධයකයන්ට පහත සඳහන් දඬුවම් දිය යුතු යැයි දෙමාපියෝ යෝජනා කරති
      නවක වධකයන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට පෙර ඔවුන්ගේ නිදහස් අධ්‍යාපනය අහෝසි කළ යුතුය.

      නවක වධකයන්ට මේ රටේ බදු ගෙවන මහජනතාවගේ මුදල් නාස්ති නොකළ යුතු අතර ඔවුන්ට අධ්‍යාපනය අවශ්‍ය නම් මුදල් ගෙවා ලබා ගත යුතු යැයි නීති පැනවිය යුතුය.

      මුදල් ගෙවීමෙනුත් පසු නවක වධකයන් සේ ක්‍රියා කරන්නේ නම් ශිෂ්‍ය භාවය අහෝසි කළ යුතුය.

      නිකම් ලැබෙන අධ්‍යාපනය ලබානොගෙන සරසවි පද්ධතිය කඩා කප්පල් කරන ගෝත්‍රිකයන්ගේ කඩා කප්පල්කාරී ක්‍රියාවන්ගේ ප්‍රමාණය අනුව රතු නියෝග දක්වා ඔවුන් වර්ග කෙරෙන ලැයිස්තුවක් සැකසිය යුතුය. එම වර්ග කිරීමේ ලැයිස්තුව අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කළ යුතු අතර ඔවුන් රැකියාවක් සඳහා ඉල්ලුම් කරද්දී එම ලැයිස්තු සලකා බලා රැකියාවන් දෙනවාද නැතිද යන්න තීරණය කිරීමට රජයේ සහ පුද්ගලික අංශ පෙළැඹවිය යුතුය

      ලංකාවේ සරසවි නවක වධයක අමානුෂිකත්වය දැක්වෙන වීඩියෝවක් පහතින්

      Padam
    2. නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලයට පැමිණීම නවත්වන සිසු සිසුවියන් හැම වසරක ම සිටින බව පවසන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා පවසන්නේ ඔවුන් ඉතා දරුණු ලෙස බියගැන්වී සිටින හෙයින් මේ තත්වය ඇතිවන බවයි ඔහු පවසන්නේ. ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ බියගැන්වීම් වලට ඔරොත්තුදීමට හැකි ලමුන් එම බියගැන්වීම් නොතකා සරසවියට නොකඩවා පැමිණෙන නමුත් පවුල් පසුබිම හෝ ජීවන රටාව අනුව එවැනි මානසික පීඩනයක් දරා ගැනීමට නොහැකි ළමුන් විශ්ව විද්‍යාල ජීවිතය අත්හරින බවයි ඔහුගේ අදහස වන්නේ.
      කායික වදහිංසා නොකළ ද ජ්‍යෙෂ්ඨ සිසුන් කතාකරන විලාශය දරා ගැනීමට ඇතැමුන්ට නොහැකි බව පවසන ආචාර්ය දංගොල්ල පවසන්නේ ‘සැරෙන්’ කතාකිරීම ද ‘නවක වදයට’ ඇතුලත්වන බවයි. එහෙත් ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් සිතන්නේ නවක වදයට ඇතුළත් වන්නේ කායික වදහිංසා දීම පමණක් බව අවධාරණය කරන ආචාර්යවරයා, කතා කරන වචන, ඒවායේ තීව්‍රතාවය, මුහුණේ ඉරියව් ආදී සියළු දේ මගින් බියගැන්වීම නවකවදයට ඇතුළත් වන බවයි සඳහන් කළේ.
      පැමිණිලි නැහැ
      මෙසේ පීඩාවට පත් වන ළමුන්ගේ දෙමව්පියන් හෝ මේ පිළිබඳව පැමිණිලි නොකරන්නේ ඒ මගින් අදාළ තත්වයන් යහපත් අතට නොහැරෙන බව ඔවුන් දන්නා නිසා බවයි ආචාර්ය දංගොල්ල පවසන්නේ.
      “තමුන්ට වෙච්ච පාඩුව විඳ ගෙන පාඩුවේ ඉන්නවා මිසක් තව තව කරදර වලට පැටලෙන්න ඒ ගොල්ලො කැමති නැහැ. විශේෂයෙන් ගැහැණු ළමුන්ගේ දෙමාපියන්” යනුවෙනුයි සංදේශය යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ.
      මේ පුවත ය

      Padam
    3. @ AnonymousMay 8, 2016 at 9:28 AM

      කැම්පස්ක එන ප්රනමාණය අඩුකරන්න ආණ්ඩුවම යවන බොරු ප්ර චාරයක් ඕක.
      ඕවා මානසිය යුධ උපක්රයම නේ.
      දංගොල්ල මහතාගේ ලින්ක් එක දාන්න පුලුවන්ද?ඇයි විශ්වවිධ්යාලයේ නවක ළමයි හැමෝගේම අම්මලා තාලාට එකතුවෙලා පියවරක් ගන්න බැරි එහෙම එකක් වෙනවානම්.
      අනික කොල්ලන්ට මොන මගුල උනත් තමුන්ගේ දුවරුන්ට මේ වගේ අපරාධ වෙනවානම් අම්මලා තත්තලා සහෝදරයෝ නිකන් ඉන්නවා කියන ඔයාගේ කතාව අපිට පිළිගන්න බැ.

      Padam
  26. ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති. උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි. එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?

    BalasPadam
  27. කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ විට අසූව මැද භාගයේ පවා විද්‍යා පිඨයේ තිබුණේ එතරම් දරුණු නවක වදයක් නොවේ. එදා විද්‍යා පීඨයේ පැවති ප්‍රමාණයෙන්, දරුණුම නවක වදයට ලක්වූ දෙතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්මි. ශාස්ත්‍ර පීඨයේ පැවති අමානුෂික මෙන්ම පිළිකුල් සහගත වද හිංසා විදීමට තරම් මා අවාසනාවන්ත නොවුනත් අප අතර සිටි රඹුක්කන සහෝදරයාට එම වාසනාව හිමි නොවීය. මා එම පීඨයේ තිබූ සැබෑ තත්වය දැනගත්තේ ඔහුගෙනි. ඒ අවාසනාවන්ත සහෝදරයා ඉන් මාස කිහිපයකට පසු පිළිකාව හේතුවෙන් අප අතරින් වියෝ විය.

    ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි.

    නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවක් මේ අහිමි වීම් වලට අලගු වත් තැබිය හැකියැයි මම නොසිතමි.

    නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවක වදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි.

    නවක වදය දෙන්නන්ට නිතිය මගින් දඬුවම් ලබාදීම පමණක් මෙම පැනයට විසඳුම නොවේ. මෙම තත්වය දරුණු මානසික ව්‍යාකුලතාවයක් බව අප වටහා ගත යුතුය. එබැවින්, නවක වදය ලබා දෙන්නන් මෙන්ම ඒ සඳහා උත්සහ දරන්නන්ද සුදුසු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ යොමු කිරීම සරසවි පාලකයන් සතු වගකීමකි.


    - චන්දිම ගෝමස්

    BalasPadam
  28. නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අත්දැකීමක්.
    සීමාව ඉක්මවා ගිහින් මානසික රෝගීන් දෙන නවකවදය ඇතුලේ ඔය කියාපු සහෝදර බැඳීම,සුහදත්වය අරක මේක මොකුත්ම නැහැ. එතන තියෙන්නේ තනිකර "පරපීඩක කාමුකත්වය". එතනින් මෙහා වචනයක් ඒකට නැහැ. තමුන්ට ලබන්න බැරිවෙච්ච කායික, මානසික ලිංගික අත්දැකීම් අනුන් ලවා ලබා ගැනීම මිස වෙන කිසි දෙයක් එතන නැහැ.

    BalasPadam
  29. නවක වධකයන් නිසා නවකයන් 20 ක් මරුට..! 27000 ක් සරසවි හැර ගිහින්..!!

    BalasPadam
  30. එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ තියල වාඩිවෙලා උගේ අහවල් එකට අතින් ගහනව ඒක පැද්දිල ගිහින් "චටස්" ගාල බඩේ වදින්න. මේ බෝංචි කැඩීම.

    එකෙක් හෙළුවෙන් බිම ඉඳගෙන ඉන්නව. තව එකෙක් නැවිල උගේ පුකට පිඹිනව. මේ කෙහෙල් කැන් ඉදවීම.

    කට්ටියක් හෙළුවෙන් රවුමට බිම වාඩි වෙලා ඉන්නවා. හැම එකාම තමාගේ දකුණු පැත්තෙ ඉඳගෙන ඉන්න එකාගෙ අහවල් එක අතින් අල්ලල ස්වයං වින්දනය කරනවා. මේ සමූපාකාර ක්‍රමයට අතේ ගැසීම.

    එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ තියල වාඩි වෙලා උගේ අහවල් එකේ පෙර සම පස්සට ඇදල ටොපාව නිරික්‍ෂනය කරන ගමන් උගේ ලිංගික ඉතිහාසය කියනවා. මේ පේන බැලීම.

    අවුරුදු ගාණකින් දූවිලි අස් නොකරපු පරණ ඇඳක් තියෙනවා. එකෙක් හෙළුවෙන් මේ ඇඳ අස්සෙ රිංගල ඉන්නව. තව එවුන් සෙට් එකක් ඇඳ උඩ නැගල උඩ පනිනවා. ඇඳ අස්සෙ ඉන්න එකා වැලි දූවිලි නානවා. මේ මැද පෙරදිග යාම.

    මේ කරන දේ වලින් මනුස්සයෙක් ගෙ පෞර්‍ෂය, සුහද කම, සමානාත්මතාවය වර්ධනය වෙන හැටි මට පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook