Selasa, 31 Mei 2016

ඉන්දියානු මිතුරන්


මා සුමිතුරු කාෂ්මීරයේ ආර්. පී සිං

අපගේ වෛද්‍ය පීඨයේ ඉන්දියානුවන් බොහෝ දෙනෙකු වූහ​. ඔවුන් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිනි නිසා ඔවුන් අතර අසමානතා බොහෝ තිබුනේය​. එහෙත් මොවුන් බොහෝ දෙනෙකු මා සමග මිතුදම් පැවැත්වීය​. මාගේ හොඳම ඉන්දියානු මිතුරන් වූයේ කාෂ්මීරයෙන් පැමිණි ආර් පී සිං , සුශිල් සහ ඔහුගේ සොයුරු අනිල් ය. ආර් පී සිං (රමින්දර් පෑල් සිං ) සික් ජාතිකයෙකු වූ අතර ඔහු මගේ කණ්ඩායමේ ඉගෙනුම ලැබීය​. ආර් පී සිං ජොලි ආකරයකි. ගුරුවරුන් ගේ දෝෂාරෝපණ වලින් මිදී  ආඳෙකු මෙන් ලිස්සා යන්නට දන්නෙකි.   සුශිල් මට වඩා වසරක් ජේෂ්ඨ සිසුවෙකි. අනිල් වෛද්‍ය සිසුවෙකු නොවීය. ඔහු ඉගෙනුම ලැබුවේ විනිට්සාහි පොලිටෙක්නිකල් ආයතනයේය​. මට ආර් පී සහ අනිල් නිතරම සුශිල් ගේ කාමරයේදී මුණ ගැසුනි. 

කාෂ්මීරයෙන් පැමිණි මේ ඉන්දියානුවන් බොම්බේ නගරයේ සිට පැමිණි නිනාද් ඩික්සිත් , කේරලයෙන් පැමිණි ශ්‍රී නාත් භරතන් සහ ආන්ද්‍රා ප්‍රදේශ් සිට පැමිණි කවිතා පරචූරි සමග එතරම් පයුරු පාසාන පැවැත්වූයේ නැත​. එහෙත් මම නිනාද් සහ ශ්‍රී නාත් භරතන් ගේ මිතුරෙකු වූයෙමි. නිනාද් ඩික්සිත් අපගේ වසරේ සිටි දක්‍ෂ සිසුවෙකි. ඔහුගේ පෙම්වතිය වූයේ කවිතායි. නමුත් පසුකාලයක  අධ්‍යාපනය හමාර කොට ඉන්දියාවට ගිය නිනාද්  කවිතා  අතහැර දමා ඇමරිකාවට ගොස් විවාහයක් කර ගත් බව මට සැලවිනි. කවිතා ගැන ආරංචියක් නැත​.  

ශ්‍රී නාත් භරතන් දක්‍ෂ ගිටාර් වාදකයෙකි. ඔහු ඊගල්ස් , හූ (WHO)  , බීට්ල්ස් , යන සංගීත කන්ඩායම් වල ගීත මිහිරි ලෙස ගායනා කරමින් ගිටාරය වැයුවේය​. ශ්‍රී නාත් ගීත ගයන විට රුසියානු යුවතියන්  ඔහුව වට කර ගනිති. වර්තමානයේ ශ්‍රී නාත් වකුගඩු විශේෂඥයෙකු ලෙස ඇමරිකාවේ සේවය කරයි.  

බිහාර් වලින් පැමිනි අකිලේශ් කුමාර් බොහෝ ඉන්දියානුවන් අප්‍රිය කලේ ඔහු සැමදෙනා සමගම ගෝරි දමා ගැනීම නිසාය​. පළවන වසරේදී ඔහු පන්ජාබයෙන් පැමිණි පරම්ජිත් සිං ට සුළු හේතුවක් නිසා පහර දුන්නේය​. අකිලේශ් ගේ පහර කෑ පරම්ජිත් සිං ගේ නාසයෙන් ලේ ආවේය​. කෙසේ නමුත් මෙය සමථයකට පත් විය​. ඉන් පසු වසර දෙකකට පමණ පසු ඔහු සුශිල් ගේ සොහොයුරු අනිල්ට පහර දුන්නේය​. එසේම නවක සිසුවෙකු වූ මධුශන්කර් එංගලන්තයට ගොස් එක් කනක කරාබුවක් දමාගෙන සිටි නිසා ඔහුටද පහර දෙනු ලැබීය​. 

අකිලේශ් කුමාර් මා දකින් විට මා දෙස නොබලා ගියේය​. එයට හේතුවක් වූයේ මම සුශිල් සහ අනිල් ගේ මිතුරෙකු වීමය​. එසේම වරක් කිසිදු හේතුවකින් තොරව ඔහු මට බැන වැද පහර දීමට ආවේය​. එම සිද්ධිය මෙසේය​. තෙවන වසරේදී  මම  පැතලොජිකල් ඇනටමි දේශනයකට කලින් ගොස් ඉදිරි පේලියේ වාඩිවී සිටියෙමි. දේශනය පැවැත්වූයේ මහාචාර්‍ය කස්ලෝව් ය​. කස්ලෝව් ගේ දේශන රසවත් නිසා මම එකී දේශන කිසිදා අතපසු නොකලෙමි. දේශනයට මහාචාර්‍ය කස්ලෝව් පැමිනීමට විනාඩි කීපයකට පෙර පැමිනි අකිලේශ් කුමාර් මා අසල ආසනයේ ඉඳගෙන ඔහුගේ ඩිප්ලොමැට් බෑගය මගේ දෙපා අසලින් තැබුවේය​. ඔහු මෙය කලේ සිතාමතා බව මට පසුව වැටහුනි. ඔහුට අවශ්‍ය වූයේ මා ප්‍රකෝප කොට මා සමග ගෝරියක් ඇද ගැනීමටයි. මේ බව නොදත් මම දේශනයට අවධනය යොමු කලෙමි. 

දේශනය අවසානයේදී මා ඉදිරියට පැමිනි අකිලේශ් කුමාර් මා ඔහුගේ ඩිප්ලොමැට් බෑගය මගේ පාද වලින් තල්ලු කොට තිබෙන බව කියා මට පහර දීමට අත මිට මොලවා ආවේය​. මේ අභූත චෝදනාව නිසා මම මොහොතක්  වික්ශිප්ත් වූයෙමි .ඒ අතර තවත් ඉන්දියානු සිසුවෙකු වූ රන් ජොත් සිං අප අතරට පැමින අකිලේශ් කුමාර් ගේ අත අල්ලා  ගත්තේය.  

අකිලේශ් කුමාර් කෝපයෙන් රන් ජොත් සිං පසෙකට තල්ලු කරමින් මා වෙත එන්නට තැත් කරයි. මම බිය නොවූයෙමි. එහෙත් වෛද්‍ය පීඨය තුලදී ගුටි ගසා ගැනීම මට නුහුරුය​. ඇරත් සෝවියට් සහ විදෙස් සිසුන් මේ ආරම්භ වීමට යන පොරය දෙස බලා සිටිති.

ඒ කාලයේ මම වයස අවුරුදු විසි තුනක විසි හතරක ශක්තිමත් තරුණයෙකු වූයෙමි. එසේම දිනපතා වියායාම කලෙමි. කිලෝ ග්‍රෑම් පණහක ඩම් බෙල් එසවූයෙමි. මස් , බිත්තර දිනපතා ආහාරයට ගත්තෙමි. තවද අප වෛද්‍ය පීඨයේ රුසියානු සිසුවෙකු වූ තට්ට ඔලෙග්  වෙතින් කරාටේ සහ කේ ජී බී රහස් සේවාව භාවිතා කල සටන් ක්‍රම පුහුණු වූයෙමි. එකල මගේ දෑත් වානේ මෙන් ශක්තිමත් විය​. වරක්  උස මහත රුසියානු සිසුවෙකුටවත් එහා මෙහා කල නොහැකි වූ පිට්ටනිය තලන යෝධ ගල් තලන රෝදය මම ඉදිරියට ඇද්දෙමි. මේ නිසා අකිලේශ් කුමාර්ට මම බිය නොවූයෙමි. මට තිබුනේ  වෛද්‍ය පීඨය තුලදී මෝඩයෙක් සමග ගුටි ගහගෙන දෙකාන් හෙවත් වෛද්‍ය පීඨයේ ඩීන් ලඟට යාමට වේදෝ යන බියයි. එම නිසා මම අකිලේශ් කුමාර්ට කතා කලෙමි. 

" නුඹ මම නුඹගේ ඩිප්ලොමැට් බෑගයට පා පහරක් දුන් බව කියයි. නමුත් මම එසේ කලේ නැත​. නමුත් මම එසේ කලා කියා උපකල්පනය කොට මම නුඹගෙන් සමාව ඉල්ලමි. නුඹ මේ සිසුන් ඉදිරියේ මට පහර දීමට ආවේය​. මට දේවස්ථානයක් බඳු මේ වෛද්‍ය පීඨය තුලදී රස්තියාදුකාරයෙකු මෙන් ගහ ගැනීමට නොහැක​. නමුත් මම නුඹට මා සමග ගහ ගැනීමට අවස්ථාව දෙමි. අප දෙදෙනා දැන් අංක හතර දරණ නේවාසිකාගාරයේ නව වන තට්ටුවට ගොස් පියස්ස හරහා වහලයට නගිමු . එම වහලයේ විශාල ඉඩ ප්‍රමානයක් තිබේ. කිසිවෙකු නැත​. එහිදී අප රිසි සේ සටන් කරමු.  රන් ජොත් සිං විනිසුරුවරයෙක් වනවා ඇත​.මම දැන් අංක හතර දරණ නේවාසිකාගාරයේ පියස්ස අසලට ගොස් නුඹ එන තෙක් බලා සිටිමි. යම් ලෙසකින් නුඹ මගේ අභියෝගය භාර නොගෙන නෑවිත් සිටියොත් මම නුඹ පාෂාණ්ඩයෙකු ලෙස මින් ඉදිරියට සලකන අතර සියලුම ඉන්දියානු සිසුන්ට නුඹගේ බියගුළුකම කියමි. " මෙසේ කියමින් මම අංක හතර දරණ නේවාසිකාගාරය වෙත පිය මැනුවෙමි. 

මම පියස්ස අසල පුරා පැයක් අකිලේශ් කුමාර් එන තෙක් සිටියද ඔහු ආවේ නැත​. මේ අතර හති දාගෙන පැමිණි රන් ජොත් සිං තරහා නොගෙන මේ සිද්ධිය අමතක කර දමන ලෙස මට කීවේය​. මම කෝපයෙන් නොසිටින බවත් අකිලේශ් කුමාර් සමග මුහුණට මුහුණලා සටන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් කීවෙමි. එවිට රන් ජොත් සිං කීවේ අකිලේශ් කුමාර් කිසි දින මා සමග සටන් කිරීමට නොඑන බවයි. 

මේ සිදුවීමෙන් පසු අකිලේශ් කුමාර් මාව මග හැරියේය​. මගේ අභියෝගය හමුවේ අකිලේශ් කුමාර් පසුබා ගිය බව දැනගත් අනෙකුත් ඉන්දියානුවන් අකිලේශ් කුමාර්ට සිනා සුනෝය​. ඔහු තව දුරටත් ඉන්දියානු සිසුන්ට වීරයෙකු නොවීය​. 

මෙසේ බොහෝ කාලයක් මා මඟ හැරිය අකිලේශ් කුමාර් අවසාන වසරේදී   මා වෙත පැමින ඉතා දුකින් පැමිනිල්ලක් ඉදිරිපත් කලේය​. ඔහු සමග කාමරයේ එකට සිටි ශ්‍රී ලාංකික සිසුවා වෛද්‍ය උපාධි අවසන් කොට යළි ලංකාවට යාමේදී ඔහුගේ ශීතකරණය අකිලේශ් කුමාර්ට විකුණන බව කියා මුදල් ගෙන තිබේ. එහෙත් මේ සිසුවා ශීතකරණය තවත් පුද්ගලයන් තිදෙනෙකුට මෙලෙස විකුණා ලංකාවට පළා ගොස් ඇත​. මේ කතාව අසා මට සිනා යන්නට ආවත් අපගේ ශ්‍රී ලාංකික සිසුවා කරන ලද නසරානි ක්‍රියාව නිසා ලැජ්ජාවක් ආවේය​. 

වෙනත් ඉන්දියානු සිසු සිසුවියන් අතර සිටි මයිසූර් දේශයෙන් පැමිණි සිසුවියක මගේ මතකයට නැගේ. ඇයට තිබුනේ අර්ධ චීන පෙනුමකි. එසේම තමිල්නාඩුවෙන් පැමිණි කාලවර්ණ ද්‍රවිඩ සිසුවෙකුද මට මතක් වේ. මොවුන් සියලුම දෙනා මා සමග මිත්‍රය​. 

ඉන්දියානු විරෝධය පවතින මේ කාලයේ මට මේ ඉන්දීය මිතුරන් මිතුරියන් මතක් වේ. ඔවුන් සුන්දර මිනිසුන් පිරිසකි. අපි එකිනෙකා කෙරෙහි ගරුත්වයෙන් බැඳීමෙන් සමගියෙන් ජීවත් වුවහොත් මේ කළාපය කොපමණ දියුණු වේද කියා මට සිතේ.



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

40 ulasan:

  1. එක්තරා සේවා ස්ථානයක විවිධ මට්ටම් වල විශාල ඉන්දියානුවන් පිරිසක් සමඟ සේවය කරන විට ඔවුන් අපි මෙන්ම සමාන්‍ය මිනිසුන් බව තේරුම් ගත්තා. අපි වගේම අහිංසක ගති මෙන්ම කට්ට ගතිද ඇති ශ්‍රී ලාංකිකයින්ට ගරුත්වයක් ඇති පිරිසක් බවයි මගේ හැඟීම. ඉන්දියාව රටක් ලෙස එහි රහස් ඔත්තු සේවා ආදියේ ක්‍රියාකාරිත්වයට ඔවුන්ට දොස්කීම විමල් වීරවංශ වැනි අවස්ථාවාදීන්ට හොඳ දෙයක් වුණත් සාමාන‍ය අයට ඉන් වන ප්‍රයෝජනයක් නැහැ. ඔබ අකිලේශ්ට දුන් එක නම් නියමයි. ලංකාවේ නම රැකගෙන තියෙනවා.

    BalasPadam
    Balasan
    1. අපි වගේම අහිංසක ගති මෙන්ම කට්ට ගතිද ඇති ශ්‍රී ලාංකිකයින්ට ගරුත්වයක් ඇති පිරිසක් බවයි මගේ හැඟීම. +++++++++

      Padam
    2. Menna moo udatama panala, ane amme Ranilge chuk golayane, Indiawata poddak hari hondak kiwwoth kale kadagena eyi :-)

      Padam
    3. Machans la, indian karayinge lankikayinta thiyena garuthwaya gana me Ian baby hamuta kiyala denna, ane please

      Padam
  2. මිනිස්සු විවිධාකාරයි.. ඒක කොයි රටටත් පොදුයි.. ඒක ජාතීන් අතර ගැටලුවක් කරගන්න එකයි අනුචිත...

    ස්තාඥෝචචිත ප්‍රඥාවෙන් වැඩේ දීලා..

    BalasPadam
  3. මං පොර ජාතකය II

    BalasPadam
    Balasan
    1. kaka paradayi

      Padam
    2. මං පොර ජාතකය III බලාපොරොත්තු වන්න

      Padam
    3. ඒ කිව්වම මතක් උනේ. අපේ පන්තියෙත් හිටිය මං පොර ටයිප් බුවෙක්. ඌත් දැන් දොස්තර

      Padam
    4. ඒ කියන්නේ ඔහේ හිඟන්නෙක් , දොස්තරලට බැන බැන යන උඹලා වගේ එවුන් හිඟන්නෝ වෙන එක අහන්නත් දෙයක්ද ?

      Padam
    5. ඇනෝ මූ දොස්තරලට බැන බැන යන්නේ මුගෙ අම්මට දොස්තර කෙනෙක් මොනවා හරි කරලා ඇති ඒකයි මූ තප්පුලන්නේ පරයා

      Padam
  4. Problems we have with India is not about human values (once upon a time we were Indians too) Problem is India's economic strategy is detrimental to us. People may be friendly, but India has done more bad than good to us. Only Sonya Ghandi helped us, that is also due to her self interest to destroy LTTE than help us.

    BalasPadam
  5. paka thama indiyan karayo kiyanne maha jara balu heththak un heta aniddata mehe parawal wala renakota ubalata therei

    BalasPadam
    Balasan
    1. ලංකාවේ බහුතරයක් පසුගිය සහස්‍රකයේ ඉන්දියාවෙන් ආ අය තමයි

      Padam
  6. අර අභියෝගය දුන් තැන ලියවිල්ල පරණ ඩබ්ලිව් ඒ ද සිල්වා, පියදාස සිරිසේන නවකතාවක් වගෙයි.

    BalasPadam
  7. නාලන්දෙන් මෙඩිසින් කරන්න රුසියාවට ගිය කතු පුතා....!

    හ්ම්....

    BalasPadam
    Balasan
    1. මට හිනාත් ගියා මුලින්ම

      Padam
  8. කතු පුතාට ලංකාවෙ දේශපාලකයෙක් වෙන්න හොඳ සුදුසුකම් තියෙනව.

    BalasPadam
  9. අප සමග සිටින කාශ්මීර් මිනිසුන්ද මිත්‍රශීලි ඒත් කේරලයන් නම් එච්චර හොද නෑ(චම්චා-කේලම් කාරයෝ). ගොඩක් හොඳ බිහාරීන් ඉන්නවා.

    BalasPadam
    Balasan
    1. කේරලයන් නම් එච්චර හොද නෑ(චම්චා-කේලම් කාරයෝ).///// ශ්‍රී නාත් කේරලයෙන් හැබැයි හොඳ මිනිහා , බිහාරීන් අනෙත් ඉන්දියන් කාරයෝ පිලිකුල් කරනවා

      Padam
  10. අපි ඉන්න රටේ ඉන්දියානුවන්ගෙන් සීයට අනුවක්ම කේරළ හෙවත් මලබාරින්.ඔවුන් සමග වැඩි ගනුදෙනුවක් නොමැති නිසා ළඟ ආශ්‍රයක් ඇතිවී නැහැ.වැඩි කරදරයක් නැති අය කියා කියන්න පුළුවනි.

    BalasPadam
    Balasan
    1. කේරළ හෙවත් මලබාරින් අපේ මිනිසුන් වගේ පාටත් ඒ වගේ ඉංග්‍රීසි භාෂා හැකියාවත් තියනවා

      Padam
  11. අරාබිකරයේ ඉන්න මිත්‍රයන් කියන විදිහට නම් ඉන්දියන් කාරයෝ 'අම්බ වහක්'.ඒත් ආශ්‍රය කරලා නෑ තාම.
    අභියෝග කරපු හැටි නම් නියමයි.ඒ වචන ටික ඇහුනම ආයෙ ගහගන්න එන්නෙ නෑ..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. හොඳ ඉන්දියන්කාරයෝත් ඉන්නවා

      Padam
  12. Sikhs are always well natured. Apart from them other Indians are just bastards with inferiority complex trying to make you respect them and call them Sir and Madam for nothing of their worth. They don't know how to look in eye to eye as peers, this is just what their appearance reveals, and under cover they are all full with unimaginable dirty tricks to put you down and keep you under.

    BalasPadam
  13. මමත් ඉන්දියන් අය රාශියක් එක්ක වැඩ කරලා තියෙනවා. හොඳ,නරක එක එක ජාතියේ මොඩ්ල්...අපි වගේම තමයි.

    BalasPadam
    Balasan
    1. මටත් හිතෙන්නේ කොයි රටේදීත්, කොයි ජාතිය සමග වැඩ කරද්දීත් අපිට හොඳ නරක දෙවර්ගයම මුණගැහෙනවා. නමුත් කාලයකට පසුව ඒ මතකය නැවත අලුත්කර හොඳ රසයක් විඳින්න පුළුවන්. මේ ලිපියෙන් කර තිබෙන්නේත් එයයි.

      Padam
  14. මම අදටත් ව්‍යාපාරික වශයෙන් බොහෝ ඉන්දියානුවන් ඇසුරු කරනවා
    ඔවුන් අපේ ලාංකික මිතුරන් වගේම විවිධාකාර ගති ඇති මිනිස්සු. හැබැයි බොහෝ දෙනෙක් අපිට වැඩිය ආත්මාර්තකාමී බවින් වැඩියි. ඒ වගේම උතුරේ මිනිසුන් වැඩියෙන් ආඩම්බර කාරයි, තමන් ලොකු මිනිස්සු කියලා හිතාගෙන ඉන්න ගතිය වැඩියි.
    මේ මට තේරෙන විදිය.

    BalasPadam
    Balasan
    1. උතුරේ මිනිසුන් වැඩියෙන් ආඩම්බර කාරයි//// athha

      Padam
  15. අකිලේශ් කුමාර්ට දීපු අභියෝගය නම් නියමයි.

    අපේ ඉන්දියානු විරෝධය පලකට නැති දෙයක්.සමහර දේශපාලකයෝ තමන්ගේ ජන්ද ගොඩ වැඩි කරගන්න දාපු වැඩක් මේ ඉන්දියානු විරෝධය.ඉන්දියාව අමතක කරලා අපිට ජාත්‍යන්තරයට යන්න පුලුවන්ද ?

    BalasPadam
    Balasan
    1. ඇත්ත මනෝජ් ; ඔතන ඉන්දියානු විරෝධය එක්ක ක්සෙනොෆෝබියාව හෙවත් විදේශිකයන්ට බියවීමත් තියනවා

      Padam
    2. lakkawe wirakiyawa tiyeddi ai api indiyanuwange wirakiyawa wisadanne.

      Padam
  16. මට හමු වූ පිටරැටියන් අතරින් හොඳම මිනිසුන් මෙන්ම එපාම කළ මිනිසුන් ඉන්දියානුවන්ය, ඒ අතර මා හට ගුරුහරුකම්, සහෝදර කම්, කුපාඩිකම් සහ කපටිකම් යන සියල්ල කැටි වී ඇත. නමුත් කරැමෙකටදෝ හමු වී ඇති අමනයින් පිරිස වැඩිය :(

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook