Isnin, 30 Mei 2016

ඉංග්‍රීසි ඕඩය





ඉංග්‍රීසි ඕඩය හෙවත් ඉංග්ලිශ් චැනලය තරණය කිරීම නැපෝලියන් ගේත් හිට්ලර් ගේත් සිහිනය වූවද එය යතාර්ථයක් වූයේ නැත​. නැපෝලියන්ටත් හිට්ලර්ටත් කල නොහැකි වූ ඉංග්‍රීසි ඕඩය තරණය කිරීම මා කලෙමි. බෙල්ජියමේ ඔස්ටෙන්ඩ් සිට එංගලන්තයේ ඩෝවර් දක්වා මම මුහුදින් ගියෙමි. 

ඉංග්‍රීසි ඕඩය පළලින් කිලෝ මීටර් 250 පමණ වේ. ඉංග්‍රීසි ඕඩය තරණය කරනුයේ ෆෙරී හෙවත් විශේෂ මගී සහ ප්‍රවාහන නෞකා මගිනි. 

බෙල්ජියමේ ඔස්ටෙන්ඩ් නගරයේ  මා නියමිත ෆෙරී එක එන තෙක් සිටියෙමි. ඔස්ටෙන්ඩ් නගරයේ බිත්තියක විශාල ටින් ටින් රුවක් සහ ඔහුගේ බල්ලා ස්නොවී ගේ රුවක්  තිබුණි. ටින් ටින් නිර්මාතෘ  Georges Prosper Remi බෙල්ජියම් ජාතිකයෙකු බව මගේ මතකයට ආවේය.​

ෆෙරී එක ආවෙන් මම මිනිස් සමූහය සමග පෝලිමේ ගොස් ෆෙරී එකට ගොඩ වැදුනෙමි. එය ඩෙක් තට්ටු කීපයකින් යුක්තය. මම ඉහලම ඩෙක් එකට ගියේ ඉංග්‍රීසි ඕඩය හොඳින් නැරඹීමටය​. රාත්‍රිය එලඹ තිබුනද ජූලි මාසයේ  උණුසුම් සුලං ගතට සහනයක් විය​.  රාතී අහසේ තාරකා කීපයක් මා දුටුවෙමි. මේ අතර විශාල බස් සහ මෝටර් රථ ෆෙරී එකේ පහත මාලයට ඇතුළු කෙරුනි. සියල්ල අවසන් වූ පසු කපිතන්වරයා නාවික නළාව පිඹ යාත්‍රා කිරීම ඇරඹීය​. 

ඩෙක් තට්ටු පිරී තිබුනේ යුරෝපීය සංචාරකයන් ගෙනි. ඕලන්ද පාසල් ළමුන් කණ්ඩායමක් ද මම දුටිමි.  මගීන් ගමන් මළු දිග හැර රාත්‍රී ආහාරයට සූදානම් වූහ​. සමහරු යාත්‍රාවේ අවන්හලෙන් ආහාර මිලදී ගත්හ. මා බෙල්ජියමෙන් මිලට ගත් අඩක් කා තිබූ විශාල හොට් ඩෝග් එක එලියට ගත්තෙමි. ආහාරය නිම කිරීමෙන් පසු මා ලඟ තිබූ වතුර බෝතලයෙන් වතුර පානය කලෙමි. 

මා ඉහල මාලයේ හාන්සි පුටුවක ඇල වූයෙමි. ෆෙරී එක ඈත පෙනෙන ඉංග්‍රීසි දූපත් වෙත යාත්‍රා කරයි . ලයිට් එලියත් ඩෙක් එක පුරවා මිනිසුන් සිටි නිසාත් මට නිදිමත ආවේ නැත​. මට ඉංග්‍රීසි , ජර්මන් , ඩච් , නෝවේජියානු ඉතාලි ස්වීඩිෂ් භාෂා ඇසේ. එය නියම යුරොපියානු සලාදයකි. මා වැනි දුඹුරු මිනිසුන් ඇත්තේ ඉතා සුළු ප්‍රමානයකි. ඔවුන් බ්‍රිතාන්‍ය ගයනාවෙන් හෝ ඉන්දියාවෙන් විය හැකිය​.  එහෙත් දුඹුරු මිනිසුන් එකිනෙකා සමග කතාවට ගියේ නැත​. මම ඕලන්ද පාසල් ළමයෙකු සමගත් ජර්මන් සංචාරකයෙකු සමගත් සංවාදයේ යෙදුනෙමි. එසේම මිඩ්ලන්ඩ් වල ජීවත් වන ඉංග්‍රීසි ජාතික තරුණයෙකු සමගද කතා බස් කලෙමි. 

 රාත්‍රිය පුරාම ෆෙරි එක ඉංග්‍රීසි ඕඩය හරහා යාත්‍රා කලේය​. අළුයම් කාලයේදී එය කෙන්ට් හි ෆෙරී තොටුපලක් වන ඩෝවර් වෙත ලඟා විය​. ඩෝවර් වෙත ලඟා වීමෙන් පසු මගීන් පොදි පොදි වශයෙන්  ෆෙරි එකෙන් එලියට විත් ඉංග්‍රීසි රේගුව ඉදිරිපිට පෝලිම් ගැසුනහ​. 


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 


23 ulasan:

  1. Nice. Ferry rides could be a bit boring if you're on your own.

    BalasPadam
  2. ඔස්ටෙන්ඩ් ගියත් ෆෙරියෙ යන්න ලැබුනෙ නෑ.පසුදිනක එංගලන්තයට ගියේ දුම්රියෙනුයි.

    BalasPadam
    Balasan
    1. ෆ්‍රාන්ස් ගිහිල්ලා චැනල් එකෙන් ද ?

      Padam
  3. මම නම් තවම මේ රටෙන් එපිටට සංචාරය කර නැහැ. ඒත්, කින්නියා පාලම හදන්න කලින් තිබුන ෆෙරි ඒකෙ මම දෙතුන් වතාවක් ගියා. වාහනත් පටවාගෙන. ඒක නියම ගමන.

    BalasPadam
    Balasan
    1. මම හංවැල්ල පැත්තේදී පාලම් පාරුවක ගියා නියම ගමන

      Padam
  4. අපූරු අද්දැකීමක් නේද??

    BalasPadam
  5. හොඳ අත්දැකීමක් වගේ..
    ජයවේවා..!!

    BalasPadam
  6. සෝවියට් දේශයේ සිසුවෙකු වීමේ භාග්‍ය. මතකය අතීතයට යනවා.

    BalasPadam
    Balasan
    1. ඒක දැන මළ ගිය අතීතයක්

      Padam
  7. //නැපෝලියන්ටත් හිට්ලර්ටත් කල නොහැකි වූ ඉංග්‍රීසි ඕඩය තරණය කිරීම මා කලෙමි
    අම්ම ගහයි :O

    BalasPadam
  8. මං ගංවතුරෙ ඔරු පැදල තියෙනවා . පොල් ගස්වල කරටිල්ලටත් උඩින් ගිහිං තියෙනවා

    BalasPadam
  9. //නැපෝලියන්ටත් හිට්ලර්ටත් කල නොහැකි වූ ඉංග්‍රීසි ඕඩය තරණය කිරීම මා කලෙමි//
    අන්න එහෙම තමයි වැඩ කරන්න ඕනේ.

    මමත් ගිහින් තියනවා, අපේ නාවික හමුදාවට අයත්, LCM = Landing Craft Mechanised එකේ, ත්‍රිකුණාමලය කන්කසන්තුරය අතර. හම්මෝ...........කියලා වැඩක් නෑ තියන සැප. මූදු වතුර නාගෙන, LTTE මරාගෙන මැරෙන බෝට්ටු කොහෙන් මතුවෙයිද කියන සැකයෙන්, පැය 12 ක් තිස්සේ යනකොට.

    BalasPadam
    Balasan
    1. මිනිස්සුන්ට දැන් ඒ කාලේ අමතකවෙලාදෝ?

      Padam
  10. Hi Doctor, just for your reference and to show how developed countries have their unis under their control..pls see below link Thx

    https://www.rt.com/uk/344935-jesus-campus-ban-oxford/

    BalasPadam
  11. පඩ ෂෝ දාන එවුන්ට මේවා මාර අතල් ෂෝ වෙන්න ඇති !!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook