දකුණු කොලඹ ශික්ෂණ රෝහලේ ප්‍රී ඉන්ටන්වරයෙකු ලෙස සේවය කල කාලයේදී විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකු යටතේ වැඩ කිරීමේ භාග්‍ය මට ලැබුණි. ඒ වෛද්‍යවරු අතරින් විශේෂඥ කායික වෛද්‍ය එස් ඩී ෆොන්සේකා, විශේෂඥ ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් , විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය ඩී. එස් රාජපක්ෂ සහ විශේෂඥ ළමා රෝග වෛද්‍ය බී ජේ සී පෙරේරා යන මහතුන් ප්‍රධාන වෙයි. මීට අමතරව විශේෂඥ කායික වෛද්‍ය ගුනවර්ධන සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලූශන් පෙරේරා අපට දේශන පවත්වා තිබේ.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලූශන් පෙරේරා හොඳ ගායකයෙකි වරක් එතුමා වෛද්‍යවරුන් ගේ සාදයකදී දන්ත වෛද්‍ය බොබී ප්‍රනාන්දු මහතා සමග ගීතයක් ගැයීය. එසේම එතුමා හොඳ විහිළු කතා කියන්නෙකි. වරක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලූශන් පෙරේරා හමුවීමට රෝගියෙක් පැමිනියේය. ඔහු ඩොක්ටර් මගේ කිඩ්නි ඉදිමිලා තියනවා කීවේය. රෝගියා වකුගඩු සම්බන්දයෙන් පැමිණිළි කරනවා යැයි සිතූ වෛද්‍ය ලූශන් පෙරේරා රෝගියා පරික්ෂා කලේය. ඔහුට හයිඩ්රෝසිල් හෙවත් වෘෂණ කෝෂ ඉදිමීමේ රෝගය තිබුණි. රෝගියා කිඩ්නි යැයි කියා තිබුනේ තම අණ්ඩ කෝෂ වලටය.
වෛද්‍ය එස් ඩී ෆොන්සේකා රෝගීන් පරික්ෂාවේදී රෝගීන්ව සහ කණිෂ්ඨ වෛද්‍යවරුන්ව නිතරම සිනා ගන්වයි. මේ නිසා රෝගීන් ආතතියකින් තොරව පරීක්ෂාවට සහාය වෙති. එතුමා සමග වෝඩ් රවුන්ඩ්ස් කිරීමෙන් ලේ පිරිසුදු වේ.
1994 වසරේදී කොලඹ ෆ්‍රැන්සිස් මාවතේ මෘතශරීරාගාරයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එල් බී එල් අල්විස් මහතා අපට දේශන පැවැත්වීය. වරක් දේශනයකට යාමට ප්‍රමාද වීම නිසා මම කොලඹ වෛද්‍ය පීඨයේ පුස්තකාලයේ සිට යාබද පරිශ්රමයේ පිහිටා තිබෙන මෘතශරීරාගාරයට වේගයෙන් අඩි තබමින් ගියෙමි. මෘතශරීරාගාරයේ ප්‍රධාන දොරටුව ආසන්නයට යත්ම එක් පුද්ගලයෙක් මාව නවත්වා ගත්තේය. " සර් කිසිම දේකට බය වෙන්න එපා අපි ඔක්කොම කරලා දෙන්නම්" කීවේය. වික්ශිප්ත වූ මා " මොනාද? කියා ඔහුගෙන් ඇසුවෙමි. "කිසි ප්‍රශ්නයක් නෑ අපි එම්බාම් කරල ගෙදෙට්ටම ගෙනල්ලා දෙන්නම්" කියා ඔහු කීවේය. එම පුද්ගලයා මිනී කාක්කෙක් බව මට වැටහුනේය. "ඔහේට එම්බාම් කරල ගේන්න වෙන්න මාව තමයි" කියා මම ඔහුගෙන් මිදී දේශනයට ගියෙමි.
මාතලේ රෝහලේ එක් ඉන්ටන්වරයෙක් සිටියේය. අප ඔහුට ප්‍රශාන් කියමු ( මේ නියම නම නොවේ) වෛද්‍ය ප්‍රශාන් සේවය කල වාට්ටුවේ හෙද සොහොයුරියට තම තරුණ දියණිය වෛද්‍ය ප්‍රශාන්ට සරණ පාවා දීමේ අදහසක් ඇතිවී වෛද්‍ය ප්‍රශාන් ඇතුළු තවත් ඉන්ටන්වරු කීප දෙනෙක් රාත්‍රී කෑමකට නිවෙසට ආරාධනා කලේය. හෙද සොහොයුරියට වෛද්‍ය ප්‍රශාන් කන්නට කැමති ආහාර ඔහුගෙන් ඇසීමට ධෛර්යයක් නොවූයෙන් අනෙකුත් ඉන්ටන්වරුන් ගෙන් ඇසූහ. කොල්ලන්ද මේ ලැබෙන අවස්ථාව ගැන සිතා බලා ඔවුන් ආශා කරන ඌරු මස් මෙනූවක් හෙද සොහොයුරියට දුන්හ. නියමිත දිනයේ වෛද්‍ය ප්‍රශාන් ඇතුළු ඉන්ටර්න්වරු රාත්‍රී භෝජන සංගහයට ගිය අතර වෙන්ඩ මනමාලිය වෛද්‍ය ප්‍රශාන්ට ඌරු මස් බෙදුවාය. ඌරු මස් දැක කලබල වූ වෛද්‍ය ප්‍රශාන් "අනේ අනේ මට ඌරු මස් එපා යන්තරයකුත් දාලා තියනවා "කීවේය. පසුව ඔහුට යන්තරය සර්විස් කර ගැනීමට සිදුවූ අතර හෙද සොහොයුරිය අනෙකුත් ඉන්ටර්න්වරුන්ට හොඳ හැටි දෙහි කැපුවාය.
වරක් කොලොන්ගොඩ රෝහලට වෛද්‍ය සහතිකයක් ගෙන යාමට පැමිණි රෝගියෙකුගෙන් වැඩ කරන්නේ කොහේද කියා සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතා ඇසීය. " මෙව්වා එකේ " කියා රෝගියා උත්තර දුන්නේය. මම එහෙනම් මෙඩිකල් එකේ සේවා ස්ථානය කියන එකට " මෙව්වා එකේ " කියලා ලියන්නම් කියා ප්‍රේමරත්න මහතා කීවේය. මම සිනහව තද කර ගත්තෙමි.
මම මිනිපේ ප්‍රදේශයේ සේවය කරන විට කොලඹ රෝහලක සේවය කරන වෛද්‍ය මිතුරෙකු ආවේය. ඔහු වල් ඌරු මස් සෙවූ නමුත් හමු නොවීය. ඉන් පසු ඔහුට අප මෙවැනි ඔවදනක් දුන්නෙමු. ෆාම් ඌරෙකු මිලට ගෙන ඌට නිල් චිත්‍රපට පෙන්වන්න . ඉන් පසු ඌ වල් ඌරෙකු වේ. එවිට ඇති තරම් ඌරු මස් කත හැකිය.
මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව සායනයට එන රෝගීන් සඳහා අභ්‍යාස පොතක් ගෙන එන ලෙස නියමවී තිබුණි. අභ්‍යාස පොත අවශ්‍ය කෙරුනේ රෝගීන්ට දෙන බෙහෙත් වර්ග හා පරික්ෂන ගැන සටහන් කර ගැනීමටය. නාරි හා ප්‍රසව සායනයට එන රෝගීන් සඳහා අභ්‍යාස පොතක් ගෙන එන්න යන වැකිය සායනයේ බිත්තියේ සටහන් කර තිබුනේ මේ ලෙසටය. සායනයට එන රෝගීන් කරුණාකර අසභ්‍ය පොතක් රැගෙන එන්න. මේ වැරදියට ලියා ඇති වැකිය දුටු නාරි හා ප්‍රසව විශේශඥ වෛද්‍ය අජිත් සේමගේ මහතා එය මට පෙන්වා සිනාසුනේය.
උතුරු කොලඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ප්‍රනාන්දු මහතාද හොඳ කවට කතා කියන්නෙකි. මම එතුමාගේ රෝගීන් නිර්වින්දනය කිරීමෙන් සහාය වී තිබේ. වෛද්‍ය රනිල් ප්‍රනාන්දු මහතා වෛද්‍ය සිසු සිසුවියන් ගෙන් ප්‍රශ්න අසයි. ප්‍රශ්න වලට පිළිතුරු දීමට අසමත් වන සිසු සිසුවියන් ගේ අත් වල ලොකු ඉලාස්ටික් ප්ලාස්ටරයක් අලවා එය සැනෙකින් ගලවා දමයි. මෙය උත්තේජනයකි. එම නිසා වෛද්‍ය සිසු සිසුවියන් අප්‍රමාදව වහා අකුරට එති.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී. ජී.එන් රත්නසේන මහතා සමග වැඩ කිරීම විනෝදයකි. මම එතුමාගේ ශල්‍යකර්ම බොහොමයකට නිර්වින්දන වෛද්‍ය ලෙස සහභාගි වී තිබේ. රාජකරී ආතතියෙන් තොරව බොහෝ විනෝදයෙන් අප වෛද්‍ය බී. ජී.එන් රත්නසේන මහතා සමග වැඩ කලෙමු.
විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය හල්පේ මහතා කටකාරයකි. ඔහුට තිබුනේ ෆෝක්ස්වැගන් රථයකි. වරක් ඔහු රෝහලට එන අතරමගදී හමුදා බැරියරයකදී වෛද්‍ය හල්පේ මහතාගේ මෝටර් රථය නවත්වනු ලැබීය. රථයට කර පොවා බැලූ සොල්දාදුවෙක් මොකක්ද පිටිපස්සේ තියෙන්නේ කියා ඇසුවේය. එන්ජින් එක කියා වෛද්‍ය හල්පේ කීවේය.
විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග මම වසර හතරක් වැඩ කර තිබේ. එතුමා තුලද හාස්‍යය දැකීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව තිබේ. වරක් යුද හමුදා රෝහලේ සායනයකට බියුගල් පිඹින සොල්දාදුවෙකු ආවේය. ඔහුගේ රාජකාරිය උදෑසන සහ රාත්‍රී ධජ ඔසවන සහ බාන විට බියුගල් පිඹීමයි. බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ බියක් තියනවා යැයි ඔහු කීවේය.
මෙම බියුගල් පිඹින්නා අණ්ඩයෙකු බවත් වරක් ප්‍රමාදවී නැගිටීම නිසා ඔහු නිල අැඳුම නොඇඳ යන්තම් මුහුනේ කබ පිසදා සොල්දාදු නිවස්නයේ ජනේලයක් තුලින් බියුගලය එලියට දමා පිඹ තිබෙන බව රෙජිමේන්තු සාජන් මේජර් අප සමග කීවේය. මෙය ඇසීමෙන් අප දෙදෙනාටම සිනහව නවතා ගැනීමට නොහැකි විය. අවසානයේදී වෛද්‍ය නීල් ප්‍රනාන්දු බියුගල් පිඹින්නාට අවවාදයක් දුන්නේය. බියුගල් පිඹින විට බඩේ පීඩනය වැඩිවී තම අණ්ඩ කෝෂ ඉදිමේ බියක් තිබෙනවා නම් ඔළුවෙන් හිටගෙන බියුගල් පිඹින්න කීවේය. එය ඇසීමෙන් බියුගල් පිඹින්නාටද සිනා පහළ විය.
වරක් එංගලන්තයේ සේවය කරන ලාංකික දොස්තර කෙනෙක් ලංකාවට නිවාඩු ආවේය. ඔහු මිතුරෙකුගේ වාහනයකින් අනුරාධපුරයට ගියේය. කැකිරාව ආසන්නයේදී මිතුරාගේ වාහනය ලෙඩදී නැවතුණි. පාර දෙපසම හේන් ය . වාහනයක් පේන තෙක් මානයක නැත. ඔහු ඈතින් එන ගැමියෙකු දැක ගැමියා වෙත ගියේය. මේ ලොකු උන්නැහේ මේ හරියේ රෙන්ට කාර් එකක් හොයා ගන්න පුලුවන් වෙයිද ඔහු ගැමියාගෙන් ඇසීය. ගැමියා බුලත් කෙල පහරක් ගසා මෙසේ කීය. : "අර මක්කටැයි මහත්තයා රෙන්ට කාර් එකක් ඔය අකුලකට රිංගුවා නං ඉවරයි නේ "
වෛද්‍ය රුවන් එම් ජයතුංග

/* ඌරු මස් දැක කලබල වූ වෛද්‍ය ප්‍රශාන් "අනේ අනේ මට ඌරු මස් එපා යන්තරයකුත් දාලා තියනවා "කීවේය. */
BalasPadamමොකක් හරි ලෙඩක් හැදිලා සනීප වෙන්න දාපු එකක් වෙන්න ඇති.
මොකක් හරි කේස් එකකට දාපු එකක්
Padamමට හිතෙන්නේ මේ 'මගුලෙන් ' බේරෙන්නම කියල දාපු එකක්... හි හි
Padamඅතුරු ප්‍රශ්ණයක් !. දැන් ඔය වල් උෘරටත් වනඋෘරා කියමුද ? . වල් අලියට වන අලිය කියනව වගේ .
Padamඑක මුස්ලිම් ඩ්‍රය්වර් කෙනෙක් හිටිය. මිනිහ වලි කුකුලට කිව්වෙ රන්ඩු කුකුල කියල.
Padamවලි කුකුලට කිව්වෙ රන්ඩු කුකුල /// niyama nama
Padamහෙහ් හෙහ්, කාර් එකක් වගේද අකුලක්...
BalasPadamඑහෙනං
Padam//ඔහුට හයිඩ්රෝසිල් හෙවත් වෘෂණ කෝෂ ඉදිමීමේ රෝගය තිබුණි. රෝගියා කිඩ්නි යැයි කියා තිබුනේ තම අණ්ඩ කෝෂ වලටය.
BalasPadamඅනේ අම්මේ මේ මිනිස්සුන්ට හරි භයානක ලෙඩ නෙ හැදෙන්නෙ?
නැතුව
Padammaara wihilu tika. wihiluwala neerasa kamada, liyana widiye neerasakamada deiyo thama danne.
BalasPadamliyana widiye neerasakama venna ati
Padamsamaharawita docala kiyanne melo rahak nethi jathiyak nisa wennath puluwan.
BalasPadamoba hari
Padamඔය විහිළු වලට හිනා යන්නෙ ඒක කියන විදියට. සමහර එව්වා විහිළු නොවුණත් කියන හැටියට හිනා යනවා. අර මගුල කෙරුණද?
BalasPadamමොන
Padamඔය අහන්නෙ වෛද්‍ය ප්‍රශාන්ගෙ මගුල ගැන වෙන්ටැති
Padamඔව් ඒක කෙරුනේ නෑ
Padam////අසබ්ය පොතක්////
BalasPadamආව රෝගීන් මොනවා හිතන්න ඇද්ද???
අසභ්‍ය පොතක් කිව්වම
Padamමෙව්වා එකේ , කවුද මේ ...මෙයා... අපිට බැරිද ඕක .....බ්ලා බ්ලා බ්ලා , අර අරයගේ මෙයා , ඔහොම කියන අය කිසිගතයුත්තක් නැති මිනිස්සු , මම පලවෙනි පාරම කිලුටු පොතේ ලියනවා ....තවම කවදාවත් නිගමනය වැරදිලා නැ.
BalasPadamමෙව්වා එකේ
Padamමන් දන්න මනුස්සයෙක් ඉන්නවා හැම වෙලාවෙම ගැජට් එක අල්ලනවා , උස්සනවා , මිරිකනවා , ( නරක කෙනෙක් නෙමෙයි හොද කොල්ලා )
BalasPadamඌත් එක්ක මං ගියා දවසක් යාළුවෙකුගේ ගෙදර , දැං ඉතින් මදුවිතකට බයිට් හදන ගමන් තෙල් හැන්දත් අරං යාලුවගේ හාමිනේ අපේ කතාවට සම්බන්ද වෙනවා , සිකරට් එකක් බොන්ඩ එලියට ගිය යාළුවා ගේ ඇතුලට එනවා , ගෙදර ලොක්කි හැන්ද ඇරං හරක් මොළයක් බදින ගමං ඇවිත් මට කියනවා
‘‘ අනේ අයියේ කොහෙද ඒවා තියෙන්නේ .....කොහෙද මේකට කියුවට මට ගෙනත් දෙනව යෑ ‘‘
දැං මේ කතාව ගෑණු කට්ටය වෙඩින්වලට යනකොට තමන්ට දිග කොන්ඩයක් තියනවා කියල පේන්ඩ තමන්ගේ කොන්ඩෙට අල්ලලා ගැටගහන කෘතිම හවරි ගැන ( ඒ කාලේ පරණ ඉට්ටයිල් එකක් ආවා ඉස්සර මාලනිල වගේ තඩි කොන්ඩයක් උඩට ගැට ගහන ) මං හවරියක් ගන්න තැන කියන්ඩ කට අරිනකොටම අරක එලියේ ඉදන් එනවා කෝෂ දෙකත් මිරික මිරික , පොරට එකපාරටම තැනේ නම එන්නේ නැ
‘‘ ඇයි අනුපමා මේ මේ මෙතන තියෙන්නේ ඕන තරං ‘‘
niyama katava
Padamමාර්ග බාධක වල සේවය කරන සොල්දාදුවන්ට ගහපු කාඩ් ගොඩක් තියනවා. මහත්තයා කවුද කියලා සොල්දාදුවා අහපුවම, මම මෙහෙ ඉස්පිරිතාලේ රේඩියෝලොජිස්ට් කිව්වලු. මේ හලෝ, නිකං පොයිය දාන්න එපා හරිද, ඉස්පිරිතාලේ කොහෙද රේඩියෝ ඔපරෙටර්ලා ඉන්නේ? මොනවද යවන මැසේජ් කියලා ඇහුවලු.
BalasPadamඔය බියුගල් සෙල්ලම කරපු තව එකෙක් රෑට කම්බි පාස් යනවා. (හමුදාවේ පැය කීපයක එනම් උපරිම වශයෙන් පැය 72 ක නිවාඩුවට කියන්නේ 'පාස් එකක් යනවා' කියලා. 'කම්බි පාස්' කියන්නේ, රෑට හොරෙන් කඳවුරේ වැටෙන් පැනලා, ගෙදර හෝ 'වෙන වැඩකට' හෝ ගිහින් පාන්දර ආපහු කම්බියෙන් පැනලා කඳවුරට එන එකට) මේ බියුගල් කාරයා කම්බි පාස් එක ගිහින් පරක්කු වෙලා ආවේ. පාන්දර 5.00 ට ගහන්න ඕනේ rveille රිවෙලි කියන බියුගල් කෝල් එක. වෙලාව 5.01 යි.
https://www.youtube.com/watch?v=_peXjzFQ2_c
මේ සොල්දාදුවා කම්බි පාස් එකේ රසය උපරිමයෙන් විඳලා හිටියේ. හෙටත් කම්බි පාස් එකක් යන්නම් කියලා හිත හිතා කලබලෙන් හිටිය සෙබලා වැරදිලා ගැහුවේ රාත්‍රී 10 ට ගහන්න තියන ලාස්ට් පොස්ට් last post කෝල් එක.
https://www.youtube.com/watch?v=I2FKGwZ9oMs
අහසෙන් යන අය ඕකට කියන්නේ වැටවුට් කියල නේද
Padamha ha ha ha
Padamයන්තර මන්තර විශ්වාස කරන උගත්තුත් ඉන්නවා එහෙනම්. වෛද්‍ය ප්‍රශාන්ගේ කතාව නිසයි එහෙම කියන්න හිතුනේ
BalasPadamමොකක් හරි ලෙඩක් හැදිලා සනීප වෙන්න දාපු එකක් වෙන්න ඇති.
Padam;-)
ඇම් බී බී ඇස් ගන්න ඇත්තේ බෝධී පූජා තියලා වෙන්ටෑ...
Padamනාත දෙයියො හීනෙන් රෝග විනිශ්චය කරල දෙන්නෙ දොස්තරලටත්.
Padamයන්තර මන්තර විශ්වාස කරන උගත්තුත් ඉන්නවා එකසිය ගානට
Padamජයවේවා....
BalasPadam+++++++
Padamඇයි අර හිටපු ගමන් අහන්නෙ..
BalasPadam'ඩොක්ට වෙදමහත්තයෙක් ද?' කියලා
ජයවේවා..!!
what ?
Padam