Sabtu, 21 Mei 2016

බඩේ පණුවෝ

 


හලාවත රෝහලේදී වරක් මධ්‍යම රාත්‍රියේ වෛද්‍ය වී එස් රොද්‍රිගූ මහතා මට දුරකථනයෙන් කතා කලේය​. එකල ඔහු ශල්‍ය වෛද්‍ය අංශයේ රෙජිස්ට්‍රාර්වරයා විය​. විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී ජී එන් රත්නසේන මහතා නිවාඩු ගොස් තිබූ නිසා වෛද්‍ය වී එස් රොද්‍රිගූ එදින ශල්‍ය අංශයේ වැඩ බැලීය​. 

වෛද්‍ය  රොද්‍රිගූ කියූ පරිදි රෝගියා වයස අවුරුදු පහක පමණ ළමයෙකි. බඩවැල් අවහිරවී තිබූ නිසා ළමයා සිටියේ අසාධ්‍ය තත්වයේය​. ඔහුගේ බඩ ඉදිමී තිබුණි. ළමයා ශල්‍යකර්මයකට ලක් කල යුතු නිසා මම නිදිමත කඩමින් ලහි ලහියේ ශල්‍යාගාරය වෙත ගියෙමි. ළමයාගේ වයස හා බර  සොයාගත් මම ඔහුව නිර්වින්දනය කිරීමට සූදානම් වූයෙමි. ඒ අතර හෙද නිලධාරිනී කෝදාගොඩ හෙවත් කෝදා ශල්‍යකර්මයට අවශ්‍ය උපකරණ සූදානම් කලේය​. වෛද්‍ය රොද්‍රිගු දෑත් හොඳින් සෝදාගෙන ශල්‍යකර්මයට ලක ලෑස්ති විය​. 

වෛද්‍ය රොද්‍රිගු දෑත් සෝදා ග්ලවුස් දමා ශල්‍ය අැඳුම් ඇඳගෙන එන විට මම රෝගියාව 
නිර්වින්දනය කොට තිබුනි. කෝදා විසින් දුන් සැත අතට ගත් වෛද්‍ය රොද්‍රිගු ළමයාගේ බඩ හරහා කැපුමක් යොදා උදර කුහරය විවෘත කලේය​. ඒ අතරවාරයේ බඩවැල් ඉහිල් කිරීම සඳහා මම ඖෂධයක් රෝගියාගේ ශිරා ගත කලෙමි. වෛද්‍ය රොද්‍රිගු මහ බඩවැල විවෘත කලා 
පමණි  බඩවැල් පුරවා සිටි පණුවන් රොත්තක් මිලි මිලි ගා ඉවතට ආවෝය​. පණුවන් උදර කුහරයේද , වෛද්‍ය රොද්‍රිගූගේ අත් වලද , ශල්‍ය මේසය උඩද දඟලමින් ඒ මේ අත යන්නට විය​. කෝදා ඊක් ගා පස්සට පැන්නාය​. 

වෛද්‍ය රොද්‍රිගු භාජනයක් ඉල්ලාගෙන පණුවන් ඒ තුලට දැමුවේය​. ඒ සමගම බඩවැල් පණුවන් ගෙන් නිදහස් කරමින් තව තව පණුවන් එලියට ගත්තේය​. එසේම උදර කුහරයද පිරිසුදු කලේය​. අප දෙපැයක් පමණ පණුවන් සමග යුද වැදුනෙමු. අවසානයේදී පණුවන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට වෛද්‍ය රොද්‍රිගු බඩවැල මසා දැමුවේය​. ඉන්පසු උදර කුහරය මසා ශල්‍යකර්මය අවසන් කලේය​. මම නිර්වින්දන ඖෂධ ප්‍රතිවර්ත කරමින් කොළුවාව සිහි ගැන්වූයෙමි. ඉන්පසුව ඔහුව වාට්ටුවට යන ලදි. 

පසුව හෙලිවූ පරිදි මේ ළමයා මිත්තනිය විසින් හදා ගන්නා ළමයෙකි. ඔහුට  පණු බෙහෙත් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කොට තිබුනද මිත්තනිය විසින් ජීවිතයේ කිසි දිනක ඔහුට පණු බෙහෙත් දී තිබුනේ නැත​. එයට හේතුව වශයෙන් මිත්තනිය කියා තිබුනේ "පණු බෙහෙත් දුන්නම ළමයින්ට පපුවේ හතිය එනවා " යන මිත්‍යා මතයයි. උගත් මිනිසුන් , පූජකයන් ,දේශපාලකයන් සහ ජනමාධ්‍යවේදීන් විසින් මිත්‍යා මත ප්‍රවර්ධනය කරන රටක මෙවැනි මිත්‍යා මත සමාජගත වීම අරුමයක් නොවන බව අපට වැටහුණි. එසේම ලංකාවේ සෞඛ්‍යය අධ්‍යාපනය දුගී මිනිසුන් වෙත නොයන බව මේ සිදුවීම අපට පසක් කලේය​. 

කෙසේ නමුත් ලොකු ටින් එකක් පුරවා සිටි පණුවන් කිහිප දෙනෙකු කුඩා ෆෝමලීන්  බෝතලයක දමා දෙන ලෙස මම ශල්‍යාගාරයේ නාමල්ට කීවෙමි. ඔහු එය ඉටු කලේය​. එම පණුවන් සහිත කුඩා බෝතලය සිහිවටනයක් ලෙස බොහෝ කාලයක් මා ලඟ තිබුනි. එසේම සමහර විට කුඩා දරුවන් සිටින දෙමාපියන්ට  සෞඛ්‍යය අධ්‍යාපනය දීමට මම මේ කුප්පිය යොදා ගත්තෙමි. 

මේ සිදුවීමෙන් වසර හයකට පම​ණ පසුව මම සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ඩබල් කැබ් රථයකින් කොලඹ සෞඛ්‍යය අමාත්‍යාංශයේ සිට මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය  සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලය දක්වා යමින් සිටියෙමි. මීගමුව ආසන්නයේ හලාවත දෙසට යාමට බස් රථයක් එන තෙක් කෝදා සහ තවත් හෙදියක් සිටියෝය​. මම වාහනයේ රියැදුරුට කියා වාහනය නවතා කෝදා සහ හෙදිය වාහනයට නංවා ගතිමි. මා දුටු කෝදා "කොහොමද ඩොක්ටර් කාලෙකට පස්සේ" කියා අැසුවාය​. "ඒක නෙවෙයි මතකද එදා රෑ පණු කේස් එක" කියා මම ඇයගෙන් විචාලෙමි. "අම්මෝ ඩොක්ටර් මතක් වෙන කොටත් ඇඟ හිරි වැටෙනවා" කියා ඇය කීවාය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

29 ulasan:

  1. පණු බෙහෙත් ගැනිම ගැන අදටත් තියෙන්නේ බොහොම ඇල් මැරුන උවමනාවක් , සමහරක් හරක් මස් ඌරු මස් යහමින් කන වැඩිහිටි මිත්‍රයන් පවා කියන්නේ තමන් පණුබෙහෙත් නොබොන බව , සමහරක්විට එයාලගේ දොස්තරමහත්තුරු එයාල නොදන්නවා උනාට වෙන මොනවටහරි ගියහම පනු බෙහෙත් දෙනවා ඇති

    BalasPadam
    Balasan
    1. /එයාලගේ දොස්තරමහත්තුරු එයාල නොදන්නවා උනාට වෙන මොනවටහරි ගියහම පනු බෙහෙත් දෙනවා ඇති/ +++++

      අපි ලඟ මෑතක් වනතුරු පණුබේත් ස්ටොක් එකක් තියාන හිටියා අපි බලන්න නෑගමන් එන අයට පොවන්න. දැන් එයාල අපට වඩා පෝසත් නිසා උපදෙස් විතරක් දීලා නිකා ඉන්නවා. උකුණු බේත් තවත් දෙයක්, වියලි කලාපයේ වැව්වල නෑවා කියන්නේ අනිවාර්යෙන් උකුනෝ බෝවෙනවා.

      Padam
    2. වියලි කලාපයේ ජලාශවල උකුණන් ඉන්නවද? Lice?

      Padam
    3. ඉන්නේ නාන්න එන අයගේ ඔළුවේ, ඔළුව සොදන කොට වතුරට ගිහින් නාන තොටුපල වල පාවෙමින් ඉන්නවා, එතනින් නාන අනෙත් අයගේ ඇගෙත් ඔවුන් එල්ලෙනවා.

      Padam
    4. උකුණු ප්‍රශ්නයෙන් අදත් බැට කෑවා , මොන විදිහට වඳකලත් මේ ළමයි දෙන්නා ඉස්කෝලෙන් අරං එනවා

      Padam
    5. ඉස්සර උකුනන්ට මෙඩිකෝ කියා බේතක් තිබ්බා නේද ?

      Padam
    6. මම අද ගෙනාවේ ලයිසින් කියල එකක්

      Padam
    7. අටම් ඇයි උකුණු ප්‍රශ්නය පන්තිභාර ගුරුතුමිය හා විදුහල්පති සමග නොකියන්නේ? අනික් දෙමව්පියන්ද එකතුවී සාමූහිකව ලමයින්ගේ උකුණන් මර්දනය කරන තුරු ප්‍රශ්නය එහෙමම තියනවා.

      Padam
    8. ඔව් ඒක හොඳයි සාමූහිකව ලමයින්ගේ උකුණන් මර්දනය

      Padam
  2. ගම්වල ඉන්න බොහෝ දෙන‍ා දොස්තරල කියන ඒවට වැඩිය කටකතාවලින් කියවෙන ඒව විස්වාස කරනව.

    මාත් ගොඩ කාලෙකින් පණු බෙහෙත්නං බීල නෑ. ‍අටම කියල තියෙනව වගේ නොදැන පෙවෙනවද දන්නෑ.

    BalasPadam
    Balasan
    1. //නොදැන පෙවෙනවද දන්නෑ//

      ඉනා එහෙමත් පෙවෙනව ඇති නේ?

      //කටකතාවලින් කියවෙන ඒව විස්වාස කරනව.//

      දෙවනි රාජසිංහ කියල කෙනෙක් හිටියද කියල දන්නෙ නැති අය රාවණා කරපු කියපු නිදා ගත්ත දේවල් ඇහෙන් දැක්ක වගේ කියනව

      Padam
    2. මේ සත්‍ය ඉතිහාසය

      Padam
  3. පණු බෙහෙත් ගන්නා විට පවුලේ සියලු දෙනා එය එකවිට ගතයුතුද ?

    BalasPadam
    Balasan
    1. ඔව් පවුලේ සියලු දෙනා එය එකවිට ගතයුතුයි

      Padam
  4. ඔය පණුවො ගන්න සැත්කමක් බුකියෙ තිබිලා බැලුවා.. හම්මේ... උන්ගෙ දිග..........
    ඩොක් දන්නවද..? ගස්ලබ්බගෙ උණ්ඩුකපුච්ඡයත් සැත්කම කරපු දොස්තර මහත්තයා කුප්පියක දාල දුන්නා ගෙදර ගේන්න.තාම තියෙනවා.හේතුව තමා සැත්කම බලන්න ඕන කියලා ඉල්ලීම් කිරීම.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ගස්ලබ්බගෙ උණ්ඩුකපුච්ඡය////// pav

      Padam
  5. අරක්කු බොන අයගේ බඩේ පණුවෝ නැහැ කියලා ඉතාම රසවත් මිත්‍යාවක් තියනවා නේද?

    BalasPadam
    Balasan
    1. එහෙම බොරුවකුත් බෙබේලා කියනවා

      Padam
  6. Doctor, mage ganita kiwuwata wadak ne .Panu beheth denne naha. Semata beheth denne naha. Koththamalli humalaya witharai.

    BalasPadam
  7. පනු බෙහෙත් බොන්න බැරි අයට - එරමුදු කොල දළු මැල්ලුම සති 2කට වරක් කන්න පුලුවන්න නම් ඇත්තොර දල්ලකුත් මැල්ලුමට එකතු කරන්න. ඔය පනුබේත් බොන්න බැරි අයටයි මේ අතීතයේ භාවිතා කල මැල්ලුම් වර්ග.

    BalasPadam
  8. මේ ලිපිය වැදගත් වන්නේ වෛද්‍යවරුන් නොවන අය මේවා නොදන්නා නිසාය . රුවන් ජයතුංග මහතා අපට සම්පතකි. එසේ වන්නේ අප නොදන්නා දේ ඔහුගෙන් අසා දැනගැනීමට හැකි නිසාය.ඇසීමට දැනුදු ප්‍රශ්න කීපයක් තිබේ.

    හැඳි ගෑරුප්පු භාවිතා කරන අයට පණු රෝග වැළඳෙන්නේ නැද්ද?
    බටහිර ජීවත්වන ළමුන්ටද පණු බෙහෙත් අවශ්‍යද?
    පෙරදිග ජීවත් වන ළමුන් නොවන අයද වරින් වර පණු බෙහෙත් ගත යුතුද?
    බඩවල් වල ඇති වන්නේ පනුවන් පමණද?
    මත් පැන් භාවිතා කරන්නන්ට පණු රෝග නොසෑදේද?

    පිළිතුරු දෙන්නේ නම් කෘතඥ වෙමි .

    BalasPadam
    Balasan
    1. හැඳි ගෑරුප්පු භාවිතා කරන අයට පණු රෝග වැළඳෙන්නේ නැද්ද? boru kathavaki
      බටහිර ජීවත්වන ළමුන්ටද පණු බෙහෙත් අවශ්‍යද?- yes
      පෙරදිග ජීවත් වන ළමුන් නොවන අයද වරින් වර පණු බෙහෙත් ගත යුතුද?- yes
      බඩවල් වල ඇති වන්නේ පනුවන් පමණද? no even in eyes , brain etc
      මත් පැන් භාවිතා කරන්නන්ට පණු රෝග නොසෑදේද? boru kathavak

      Padam
    2. ස්තුතියි . එක ප්‍රශ්නයක් ඔබ වරදවා වටහා ගෙන .

      මා ඇසුවේ බඩවැලේ සෑදෙන්නේ පනුවන් පමණක්ද කියා .කුරුමිණි මාන්දම කියා එකක් තියෙන බව කියවෙනවා ,කුඩා කුරුමිනින් බඩ වැලේ සෑදෙන බවට විශ්වාසයක් තිබෙනවා .එය සත්‍යයක්ද?

      Padam
  9. Docter mn aurudu 22 girl knk.mt masa dekta parak kiripanu amaruwa hedenwa.ita psse pnuwoth eliyata enawa godak.eka nawthinne wireka pethi biuwoth.pnu beheth biuwth wedak ne.badath godak edimila.mata uththrayak dennko

    BalasPadam
  10. Ane doctor mt 22.girl knk.mt pnu beheth biuwta wedak ne.adu wenne pnuwo ynwa masa deken dekta.badath awilla godak.wireka pethu biuuwth adu wennene

    BalasPadam
  11. Panu beheth biwwata ewa agata allanne na wage.aye sathiyanki pamana guda maargaya kaseemata patan gannawa.kaama aruchiya athi wenawa.me sadaha piliyamak thibeda?hamu wiya yuthu doctor kenek sitiyda?

    BalasPadam
  12. Matah pnu amaruwa tiyanwa mokada karranne

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook