Rabu, 11 Mei 2016

මම රෝගියාගේ ජීවිතය බේරුවෙමි; රෝගියා මගේ ජීවිතය බේරුවේය​.




මීගමුව රෝහලේ සේවයේ යෙදි සිටි කාලයේදී ලේ වහනය වන තදබල කැපුම් තුවාලයක් සහිතව වයස අවුරුදු 32 පමණ වූ පුද්ගලයෙකු ඇතුලත් කරන ලදි. මම වහාම ලේ ගැල්ම නවතා රෝගියාට අවශ්‍ය නිසි ප්‍රතිකාරය ලබා දුන්නෙමි. ඉන් පසු සති දෙකක් පමණ නේවාසිකව සිටි රෝගියා සුවවී යන්නට ගියේය​. 

මේ සිදුවීමෙන් මාස අටකට නවයකට පසු මම වෛද්‍ය මෙරිල් සමග දිවා ආහාරය ගැනීමට මීගමුව නගරයට යමින් සිටියෙමි. මෙරිල් ඔහුගේ අළුත්ම නිසාන් මෝටර් රථය පදවමින් මා සමග සංවාදයේ යෙදෙමින් සිටියේය​. මේ අතර එක වරම පාරේ එක් පැත්තක සිට මහ පාරට ගැටවරයෙක් බයිසිකලයක් දැමුවේය​. මෙරිල් බයිසිකල් කරුවා බේරීම සඳහා වමට කැපුවද බයිසිකල්කරුද වම් පාර්ශවයට කැපූ හෙයින් දඩස් ගා ඔහුව මෝටර් රථයේ හැපුණි. බොනට්ටුව දිගේ ඉහලට ඇදී ආ කොල්ලා මෙරිල්ගේ රථයේ වින්ඩ්ස්ක්‍රීනයේ වැදී බිමට ඇද වැටුනේය​. එම ඝට්ටනය නිසා වින්ඩ්ස්ක්‍රීනය කැඩුනි. 

මෙය සිදු වූයේ පූජ්‍ය අබා කොස්තා පියතුමාගේ පල්ලිය ආසන්නයේ බව මට මතකය​. අණතුරත් සමගම පොලවෙන් එන මෙරු මෙන් මිනිසුන් පොදියක් වාහනය වට කර ගත්තෝය​. ඒ අතර වාහනයේ හැපුණු කොල්ලා අසීරුවෙන් නැගිටිනු මම දුටිමි. පිරිස අතර සිටි මොබ් මානසිකත්වය ඉහට ගැසූ සමහරක් වාහනය කුඩු කල යුතු බව සහ වාහනයේ ඉන්න එවුන්ට පහර දී පාඩමක් ඉගැන්විය යුතු බව කියමින් කෑගැසූහ​. මම සහ මෙරිල් අද දිනයේ හොඳ කෑමක් කන බව මට තේරුනි. කෙසේ නමුත් වාහනය ඇතුලේ සිට පණ පිටින් කරවී යනවාට වඩා එලියට විත් පිහි පාරක් හෝ කෑම වේදනාවෙන් අඩු විය හැකි මරණයක් බැවින්  මම වාහනයේ දොර ඇර එලියට ආවෙමි. මේ අතර තව තවත් පිරිස වාහනය වට කර ගත්හ. 

එකෙහින්ම " අඩෝ උඹලා පැත්තකට වෙයල්ලා "  කියා යම් අයෙකු උස් හඞින් කීවෙන් මම ඒ පුද්ගලයා දෙස බැලුවෙමි. " මොකද ඩොක්ටර් ප්‍රශ්නය ? කියා එම පුද්ගලයා මගෙන් විමසීය​. මම මොහොතක් කල්පනා කෙරුවෙමි. මේ හදිසි අවස්ථාවේ එතැනට ආවේ එදා මම ප්‍රතිකාර කල රෝගියාය​. මම සිදුවූ සිද්ධිය ඔහුට කීවෙමි. වරද ඇත්තේ බයිසිකල් කරුවාගේ බවත් ඔහු පාර දෙස නොබලා එකවරම බයිසිකලය පාරට දැමූ බව කීවෙමි. 

බයිසිකල්කරුවා කෙඳිරිගාමින් මා දෙස බලා සිටියා මිසක් ඔහු අත වරද බව දැන සිටි නිසා කිසිවක් නොකීවේය​. " අඩෝ මේ මීගමුව හොස්පිට්ල් එකේ ඩොක්ට කෙනෙක් උඹලා පල් පාට් දාන්ඩ එපා අරිද "ඔහු මෙසේ කියමින් වටවී සිටි පිරිස තල්ලුකර දැමුවේය​. පිරිස ඔහුට කීකරු වූ හෙයින් මේ පුද්ගලයා මේ පාරේ අයියා කෙනෙකු බව මම තේරුම් ගතිමි. 

අපට අනපේක්ශිත ආරක්‍ෂාව ඔහුගෙන් ලැබුණු නිසා ගැලවී යාමට හැකි වූවද සයිකල්කරු මෙහි දමා යාම නුසුදුසු නිසා අප ඔහුව වාහනයේ නග්වා ගතිමු. ඉන්පසු අපගේ ගැලවුම්කරුවාට තුති පුදා රෝහලට ගියෙමු. බාහිර රෝගී අංශයේ සිටියේ මා හිතවත් වෛද්‍ය කුමාරදාසය​. ඔහු බයිසිකල්කරුවා ඇතුලත් කෙරුවේය​. ඉන් පසු වෛද්‍ය ලිලිත් ලියනගේ අමතා රෝගියාට අවශ්‍ය සියළු ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලීය​. ලිලිත් රෝගියා පරික්‍ෂා කල අතර ඔහුට බරපතල තත්වයක් තිබුනේ නැත​. කෙසේ නමුත් ඔහුව දින දෙකක් පමණ නවතා තබා ගන්නා ලදි. 

ඇත්ත වශයෙන්ම වැඩිපුරම හානිය සිදුවී තිබුනේ මෙරිල් ගේ මෝටර් රථයටය​. මෙරිල් ගේ මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීනය කුඩුවී තිබූ නිසා ඒ කාලයේ මුදල් අගයෙන් රුපියල් තිස්පන් දහසක් පමණ වැය කොට ඔහු අළුත් වින්ඩ්ස්ක්‍රීනයක් දැමුවේය​. (මෙරිල්ට තිබුනේ තුන්වන පාර්ශවයේ රක්‍ෂණයක් නිසා පාඩුව දරා ගැනීමට සිදු විය​) කොල්ලා දෙදවසකට පසු ගෙදර ගියේය​. මේ සිදුවීම ගැන මතක් වන විට මට සිතෙන්නේ මම රෝගියාගේ ජීවිතය බේරුවෙමි; රෝගියා මගේ ජීවිතය බේරුවේය යන සහ සබඳතාවයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

38 ulasan:

  1. /* ලේ වහනය වන තදබල කැපුම් තුවාලයක් සහිතව වයස අවුරුදු 32 පමණ වූ පුද්ගලයෙකු */

    Don't you have to lodge this admission at the police unit attached to the hospital?

    BalasPadam
    Balasan
    1. ලියනකොට ඔය හැම පුකක්ම ලියන්න ඕනේ නෑ හලෝ. කතාවට අවශ්‍ය ටික විතරයි ලියන්නේ.

      Padam
    2. හිකිස් ! හිකිස් !!

      උඩ කොමෙන්ට් කල අනොත් බජාර් එකේ පොරක් වගේ!

      සොරි ඩොක්ටර් හිකිස් !

      Padam
    3. රසික එහෙම කැපුම් කෙටුම් / වාහන අනතුරු / ගහ මරාගැනීම් ආවම අපි ටිකට් එකේ ඉන්ෆෝම් පොලිස් පොස්ට් කියලා ලියනවා. එවිට පොලිසියෙන් විත් ලෙඩාගෙන් කට උත්තර ගන්නවා

      Padam
  2. කොහොමත් බජාර් ලයින් එකේ අය හොඳක් කලොත් මරාගෙන මැරිල හරි උදව්ව කරනවා.අමතක කරන්නෑ.. වැරදුනත් එච්චර තමා.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
  3. කෙලෙහි ගුණ දැක්වීමක්..

    BalasPadam
  4. මොබ් එක විතරක් නෙමෙයි පොලීසියත් එහෙමයි සමහරවෙලාවට. කවුරුහරි දිවිනසා ගන්න වාහනයක් (කෝච්චියක් නොවන ) ඉස්සරහට පැනල මැරුනත් වාහනේ ඩ්‍රයිවර් ඇරෙස්ට් කරනවා රිමාන්ඩ් කරන්න ඉල්ලනවා.

    BalasPadam
  5. හැබැයි ඉතින් වැරැද්ද නං වැරැද්ද????????????????? කොහොම හරි පණ බේරුණානේ...........

    BalasPadam
    Balasan
    1. වැරැද්ද අපේ නෙවෙයි ඒක සහතිකයි

      Padam
  6. ඕක තමයි අපේ එවුන්ගේ තියන වැරැද්ද. හරි වැරැද්ද බලන්නෙ නෑ, වාහනේ ආපු එකාට ගහල වාහනෙත් කුඩු කරන්න තමයි බලන්නෙ. බොහෝදුරට වාහන සහ එය පදවන මිනිස්සු සම්බන්ධව තියන ඉරිසියාව පිටකරගන්නත් සමහරු ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නව කියලයි මට නම් හිතෙන්නෙ.

    BalasPadam
    Balasan
    1. සහතික ඇත්ත, හැම වෙලාවේම ඒ අවස්ථාවේ දුබලයාගේ පැත්ත මිසක් නිවැරදිකරුගේ පැත්තේ හිට ගන්නේ නැහැ අපේ එවුන්...

      Padam
    2. සහතික ඇත්ත +++++++++++

      Padam
  7. පරාවර්තන...!!!

    BalasPadam
  8. ඒ අයියට ඩොක්ටර් හොදට සලකලා තියේ නේ ඒකයි. හැබැයි දැං කාලේ නං අර කුරුස ලාංචනේ තියෙන නිසා කව්රුත් මොකුත් කියන්න යන්නෑ ලොකුවට..

    BalasPadam
  9. ගුටි කෑව නම් ඒ කන්න වෙන්නේත් නිරපරාදේනේ

    BalasPadam
    Balasan
    1. හිතුවේ එදා (ගුටි) කන්නසාමි කියලා

      Padam
  10. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත කියල නිවුටං කියල තියෙන්නෙ කට කහනවටයැයි.

    BalasPadam
    Balasan
    1. ඔබ මේක විහිලුවට කිව්ව බව මට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මිත්‍රයා. නමුත් මේක පොස්ට් එකක් ලියන්න තරම් වැදගත් කාරණාවක් මතක් කළේ මට.

      Padam
    2. අයියා කෙන්කියුසා කියන්නේ කොන්පියුසා කියලා චීනේ හිටං හිටිය එක්කෙනාගේ මල්ලියෙක්ද

      Padam
    3. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත ++++++++++

      Padam
    4. ජපන් භාෂාවෙන් තෙන්කි්‍යුෂා කියන්නේ පර්යේෂකයට බං..

      Padam
    5. මගේ කොමෙන්ට් ක්‍රියාවටත් ප්‍රතික්‍රියාවක් තියෙනව වගේ. :D

      Padam
  11. ඇසට පෙනෙනා කර්ම...

    BalasPadam
  12. ගොඩක් චණ්ඩින්ගේ හිත හොඳයි.

    BalasPadam
    Balasan
    1. ඇයි අපේ හිත් නරකද ?

      Padam
  13. ඔන්න වෛද්‍යවරයෙක් වෙන ඒකෙ වාසිය..

    BalasPadam
    Balasan
    1. ඇයි අයියා කෙනෙක් වෙන එකේ වාසිය

      Padam
  14. හෙහ් හෙහ්, බජාර් එකේ අයියලා හඳුනාගෙන සිටීමත් එක්තරා ආකාරයක ජීවිතාරක්‍ෂාවකි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook