Khamis, 4 Februari 2016

දෙවන රාජසිංහ රජු ගේ අන්තනෝමතික නීති



 දෙවැනි රාජසිංහ (අභිෂේකයට පෙර මහා අස්ථාන කුමරු) රජු (ක්‍රි:ව 1634 -1686 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. ඔව්හු 1656 දී එය ඉතා සාර්ථකව ඉටු කළහ. එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්‍රධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය (විකිපීඩියා). 

දෙවන රාජසිංහ රජු රජුගේ විනෝදාංශ අතරින්   නොක්‌ස්‌ දක්‌වා ඇත්තේ පිහිනීමයි. පිහිනුම් ශූරයෙකු වූ රජු දියට බසින විට පිහිනීමට සමත් සියලු ආවතේවකරුවන් ද දියට බැසිය යුතු බවට රජ අණක්‌ පැවතී තිබේ. දිනක්‌ පිහිනීමට දියට බට රජු විසින් සිදුකළ බිහිසුණු පරීක්‌ෂණයක්‌ පිළිබ`ද පුවතක්‌ ද නොක්‌ස්‌ ස`දහන් කරයි. දියට බැස පිහිනමින් සිටි රජු ස්‌වකීය සේවකයන්ගේ සිත් දැනගැනීමේ අදහසින් තමා ගිලෙන්නට යන බව ඇ`ගවීය. ඒ අවස්‌ථාවේදී අසල සිටි තරුණයන් දෙදෙනෙක්‌ වහාම දියට පැන රජුව දියෙන් ගොඩ ගත් අතර පසුව ඔවුන් කවුදැයි විමසූ රජු තමා ඔවුන්ගේ ඇ`ගට අත තැබීමට පළමුව තමාගේ දේහය ස්‌පර්ශ කිරීමේ වරදට තරුණයන් දෙදෙනාට මරණ ද`ඩුවම නියම කර තිබේ (දිවයින පුවත්පත).  

රජ පෙලපත තවමත් ලංකාවේ තිබුනේ නම් ජනතාව මේ වන විටත් අර්ධ වහලුන් ය​. එහෙත් තවමත් සමහරෙක් රජවරු ඉල්ලති. එසේම දේශපාලකයන් රජවරුන් ට අන්ඳවති. 



29 ulasan:

  1. //රජ පෙලපත තවමත් ලංකාවේ තිබුනේ නම් ජනතාව මේ වන විටත් අර්ධ වහලුන් ය​. එහෙත් තවමත් සමහරෙක් රජවරු ඉල්ලති.//ඉදිරියට යන්නට වෙන්නේ මෙවැනි තැනක සිටය. අනේ මන්දා...

    BalasPadam
  2. අනේ මංදා මේ් දවස්වල රජ වරුයි රාජ අාසිර්වාදයි වැඩි වෙලා වෙන්ටෑ සේරම කෙල විලා තියෙන්නෙ

    BalasPadam
  3. රජෙක් ඕන කියන්නෙ රජවරු ගැන නොදන්න අය. රජෙක් හිටියම මුළු රටම මුස්පේන්තුයි. මිනිස්සුන්ගෙ චින්තනය අන්තෙටම වැඩවසම් වෙනව.
    ඔය කියන රජු හිටපු රාජධානිය වර්තමාන උතුරු කොරියාව වගෙ තියෙන්න ඇති. නමුත් ඔය කාලෙ තමා යුරෝපයෙ මානව හිමිකම් සංකල්පය වර්ධනය වුනේ. රජවරු එලවන්න මොනතරම් ප්‍රගතිශීලී මිනිසුන් ජීවිත කැපකරන්න ඇද්ද
    රුසියාවෙ සාර් ගෙ ඉදන් මෑතකදි එලවපු නේපාලයෙ බිරේන්ද්‍ර දක්වා සියළුම රජවරු මහජන විරෝධී ශාපලත් යක්ෂයන්

    නමුත් රජවරු ගැන හිතවත් මනෝභාවයකුත් සමාජයෙ තියනව.එය ගැන නම් මනෝවිද්‍යාත්මක විමසුමක් අවශ්‍යයි. අපේ රජා නැතිවුනේ අපේ වාසනාවට. නැත්නම් ඌ අපේ සල්ලි වලින් පිනට කකා ඉදියි.

    BalasPadam
    Balasan
    1. අපේ රජා නැතිවුනේ අපේ වාසනාවට. නැත්නම් ඌ අපේ සල්ලි වලින් පිනට කකා ඉදියි.++++++++

      Padam
    2. අනේ ඔව් දැන් ඉන්න පින්ගුත්‍රයො කන්නෙ දෙවරුවෙ කොටන කුඹුරෙන් එන ආධායමෙන් වෙන්නෙ ඇති?

      Padam
    3. බටහිර ඇහෙන් ලංකාවේ සමාජය දිහා බලපුවාම ඔහොම වැරදියට පෙනෙන එක පුදුමයක් නෙමෙයි. අපේ රටේ කවදාවත් වැඩවසම් ක්‍රමයක් තිබුනේ නැහැ. තිබුනේ පරුමක සමාජය.ඒ ගැන දන්නේ නැත්නම් ඉසරවෙලාම පරුමක සමාජය කියන්නේ මොකක්ද කියල හොයල බලල ඊට පස්සේ ඒ පරුමක සමාජයේ වැරදි ඇත්නම් ඒ ගැන ලියන්න.

      සමරසේකර

      Padam
  4. අර ලිඳක ඉන්න ගෙම්බො රැලක් රජෙක් ඉල්ලුව කතාව අහල තියනවනේ?? අපේ එවුන්ට ඕන පීඩිතව ඉන්න.. කතාකරන්න ඕන අදහසක් ප්‍රකාශ කරන්න නිදහස තියනකොට ඒක සෙවළ ආන්ඩුව..පොඩ්ඩ එහෙමෙහෙ කට හොල්ලපු ගමන් උස්සල මරන ආන්ඩුව ටොප්... කාට කියන්නද මෙව්ව.. සීතාවක රාජසිංහටත් පොල් රැව්ලක් තියෙන්න ඇති.. වටේටම ගෑනුන්ට නෙළන්න ඇති.. බැරැන්ඩි කටහඬක් තියෙන්න ඇති..

    BalasPadam
    Balasan
    1. රතු සාටකේකුත් දාන්න ඇති බං. අඩුගානෙ අර බාපනේ කියන වර්ගයෙ එකක් වත්.

      Padam
  5. අන්න රජකාලේ නීතිය............... හිතුනාද දැම්මා.........

    BalasPadam
  6. ඒකාධිපතියො කොහෙත් එකයි. අනික අපේ වැඩවසම් චින්තනය වෙනස් වෙලා නැත්තෙ මට පේන හැටියට, අපේ සමාජය ක්‍රමික පරිණාමයකින් ජාතික රාජ්‍යයක් බවට පත් නොවුන නිසා. එංගලන්තෙ වෙන දේවල් මෙහෙට අරං ආව මිසක්, ජනතා පෙරළියකින් පාර්ලිමේන්තු ක්‍රමයක් ලැබුණෙ නෑනෙ. ඉතිං:
    “රජෙක් ලැබුණෝතිං - එදාට කිරිබත් කඤ්ඤං“
    මානසිකත්වයක් තමා තාම තියෙන්නෙ.

    BalasPadam
    Balasan
    1. “රජෙක් ලැබුණෝතිං - එදාට කිරිබත් කඤ්ඤං“
      මානසිකත්වයක් තමා තාම තියෙන්නෙ.////////////සහතික ඇත්ත​

      Padam
  7. දිවයින පත්‍රය විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකිද ? මා අත්දැක ඇති ආකාරයට එහි යම් විකෘති තොරතුරු ද අඩංගුයි.

    BalasPadam
    Balasan
    1. මේ විස්තරය රොබට් නොක්ස් ගේ

      Padam
  8. රොබර්ට් නොක්ස් රජු ගැන ප්‍රකාශ කරන දේවල් ඔහු සහතික වශයෙන්ම දැනගත් දේවල්ම දැයි සැක ඇති වෙනවා.මේවා ඇතැම් විට කට කථා වෙන්නටත් පුළුවනි.කෙසේ වෙතත් රජවරු යනු බොහෝ දුරට ජන පීඩකයන් බව විස්වාස කරමි.

    BalasPadam
    Balasan
    1. රජවරු යනු බොහෝ දුරට ජන පීඩකයන් ++++

      Padam
  9. ගිය අවුරුද්දේ එහෙ මෙහෙ නොවුනානම් රාජසිංහ පෙළපත වගේ තව චිරාත් කාලයක් රජකරන්නේ රාජපක්ෂ පෙළපත තමා. එතකොට කවදා හරි ආයෙත් ගොඩ අවොත් අපේ රජ්ජුරුවොත් ගොඩ දාපු විමලේ, ගම්මන්පිල වගේ තරුණයන්ට බැටේ දෙයිද?

    BalasPadam
    Balasan
    1. ඇත්තටම අර තරුනයො දෙන්න ද දන්නෙ නෑ මේ භවයෙ විමලය සහ ගම්මන්පිලය වෙලා පුනරුත්පත්තියක් ලබල ඉන්නෙ.

      Padam
    2. මාර කතාවක් තමයි

      Padam
  10. හප්පා...........මේ වගේ පෙළපතක් හැදෙන්න ගිහින් නැතිවෙච්ච එක රටට වෙච්ච ලොකුම සෙතක්.

    BalasPadam
    Balasan
    1. රජ පෙලපත නැති කරන්න ක්‍රියා කරපු එක් නැලිගොඩලා ඇත්තටම ද්‍රෝහියන් ද වීරයන් ද යන්න විමසා බැලිය යුතුයි

      Padam
  11. Interesting story Transil, let me narrate similar a story I've heard in Thailand where there had been a similar law in the early 1900's. The king's favorite wife had fell in to the river from a boat but the people have been watching from the river bank knowing that physically touching a royal means death. The queen drowned. It is said that the king changed the law after that incident !

    BalasPadam
  12. දේශපාලකයෝ රජ වෙන්න හදනවාට වඩා භයානක ජනතාව දේශපාලකයින්ට කිරුළු පලන්දවන්න යාමයි.

    BalasPadam
  13. ජයතුංග මහතා,

    මට මිට ලිපිය බලන්න ලැබුනේ ටිකක් පරක්කුවෙලා. අන් මිතුරන්ගේ commenta කියවන්න ලැබුන නිසා එකෙන් වෙච්ච වාසියකුත් තියෙනවා. ඔබේ මතය සමග එකඟ වෙන්න අමාරුයි. අපේ රටේ රජ වංශය තුල සමහර අවස්ථා වලදී රජ වරුන් කුරිරු කම් එලියට ආපු එක ඇත්ත උනත් ඒක ඒ රාජ වංශයේ වැරැද්දක් නොවේ. අඩුවැඩි වශයෙන් සිංහලයෝ රජුට උවත් සිනාසීමට ඇති අවස්තා මෙන්ම රජුට දොස් පැවරීමට තිබු අත් හැරියේ නැත.එසේ කලාට රජු ඔවුන්ගෙන් පලි ගත්තේද නැත. නිදසුන් හැටියට කාවන්තිස්ස රජුට එනම ලැබුනේ කපුටෙකු මෙන් කළුවූ නිසා යන ජන වහර ඔබද අසා ඇතැයි සිතමි.එසේ උපහාස කළා කියා රජ දණ්ඩනය ලද එක් උදාහරණයක් වත් ඔබට දෙන්නට පුලුවන්ද? නමුත් බටහිර වැඩවසම් රටක එහෙම උනා නම් කොහොමට තියේවිද?
    සිංහල සමාජය ගැන රාජ්‍ය සංකල්පය පිළිගත් එකක් නිසා රජු නොව රාජ නියෝගය මුලික කරගෙන පවතී එකකි. රජු පවා එම රාජ නියෝගයෙන් බැහැරවුයේ නොවේ. රාජ නියෝගය පිලි ගන්නවා නම් කාලයේ සිටි ඌරා ඉදිරියට එන්න එපා යයි ගම වැසියා කියූ වදන බැහැර කරමින් ඉදිරියට එන්නේ රජු බවත්,ඒ එන්නේ දඩ මසට ලෝභයෙන් බවත් සිතු ගැමියා රජුට දොස් පැවරු ආකාරය ඔබ කියවා ඇතිනේ. එහෙම සිද්ධියක් බටහිර වැඩවසම් සමාජය තුල ඔබ දැක්කාද?

    සමරසේකර

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook