Khamis, 11 Februari 2016

දොස්තරලාගේ වර්ජන




දොස්තරලා හෙදියෝ  වර්ජනය කිරීමට  නම් දැරුවෝ වෙති. වෛද්‍යවරයෙකු ලෙස 1994 - 2009 කාල පරාසය තුල මමද වර්ජන කිහිපයකට සහභාගි වූ බව හෙළි කරමි. 

ඉන්ටර්න්වරයෙකු ලෙස මාතලේ මූලික රෝහලේ සේවය කල 1994-1995 අතර කාලයේ වර්ජන කරන්නට අපට ඉඩක් නොවීය​. නමුත් මේ කාලයේ දිවයින පුරා පැතිරී ගිය හෙදියන් ගේ වර්ජනයක් මතු විය​. හෙදියෝ රෝගී උවටැනින් අයින්ව අකුරට රාජකාරී කලහ . එම නිසා රෝගින්ට සේලයින් දීම , එන්නත් දීම පවා කෙරුනේ ආහාර ජාලයේ යටම කොටසේ සිටින ඉන්ටර්න්වරු හෙවත් සීමාවාසික වෛද්‍යවරුන් අතිනි. 

ඒ කාලයේ පළාත් සෞඛ්‍ය බලධාරියෙක් හෙදියන් ගේ වැඩ කොටසත් කිරීම නිසා සීමාවාසික වෛද්‍යවරුන්ට අතිකාල දීමනා ගෙවන බව කී හෙයින් අප දිවා රාත්‍රියේ වෙහෙසවී අතිකාල කලෙමු. එහෙත් අපට ගෙවූ අතිකාල මුදලක් නොවීය​. 

1995 මම මුල් පත්වීම ගෙන ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙස කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට ගියෙමි. මෙම රෝහල මිණිපේ දිස්ත්‍රිකයේ  තිබෙන රෝහලකි. ටික කාලයක් සේවය කරන විට මට පෙනී ගියේ ප්‍රාදේශීය​ දේශපාලාඥයන් රෝහලටත් රෝහල් කාර්‍ය මණ්ඩලයටත් අනිසි බලපෑම් කරන බවය​. 

වරක් බාහිර රෝගී අංශයේදී එක් ප්‍රාදේශ්‍ය සභා මන්ත්‍රීවරයෙක් රෝහලේ කම්කරුවන් දෙදෙනෙකුට තර්ජනය කරනු මට ඇසුණි. මෙය සමථයකට පත් කිරීමට ගිය මටද මන්ත්‍රීවරයා රැස්පොට් දැමීය​. එකල වයස අවුරුදු 29 ක තරුණ වෛද්‍යවරයෙකු වූ  මට දේශපාලකයන් ගේ රැස්පොට් වගක් නොවීය​. මම ප්‍රාදේශීය මන්ත්‍රීවරයා බෙල්ලෙන් අල්ලගෙන පහරක් දීමට යත්ම සහකාර වෛද්‍ය නිලධාරී ප්‍රේමරත්න මහතාත් ඩිස්පැන්සරියේ රන්ජිතුත් මගේ අතේ එල්ලීම නිසා මන්ත්‍රීවරයාගේ මුහුනත් තහඩුව බේරුනි. 

මන්ත්‍රීවරයා යන්නට ගිය අතර ඔහු විසින් කරන ලද ක්‍රියාවට විරෝධයක් වශයෙන් මම රෝහලේ වර්ජනයක් ආරම්භ කලෙමි. මා සමග මුළු රෝහල් කාර්‍ය  මණ්ඩලයද එලියට ආහ​. අවසානයේ මන්ත්‍රීවරයා හසලක පොලිස් ස්ථානාධිපති අබේසිංහ මහතා ඉදිරියේ රෝහල් කාර්‍ය මණ්ඩලයෙන් සමාව ගැනීමෙන් පසු වර්ජනය නිම විය​. 

අද කාලයේ නවක වෛද්‍යවරුන්ට මා විසින් එදා කල ක්‍රියාව කිරීම​ මම අනුමත නොකරමි. ප්‍රාදේශීය මන්ත්‍රීවරයා  නූගත් මැරයෙක් වුවත් ඔහුගේ බෙල්ලෙන් අල්ලා පහර දීමට යාම ගැන අද මට ඇත්තේ පශ්චාත්තාපයකි. සංවාදයෙන් එය විසඳා ගත හැකිව තිබුණි. එකල මෙන් නොව අද කාලයේ සෞඛ්‍ය බලදාරීන්   දේශපාලනීකරණයවී අවසන් ය​. ඒ කාලයේ මෙන් දේශපාලකයන්ට හිස නොනැමූ වෛද්‍ය එල් බී දෙනුවර වැනි සෞඛ්‍ය අධ්‍යක්‍ෂකවරු අද දිනයේ නොමැත​. එසේම දේශපාලකයන් මිනීමරුවන් වෙති. ඔවුන් මුහුණට මුහුණ නොගැටී කුලී මිනීමරුවන් එවති. 

ඒ කාලයේ මට නිසාන් මාච් වර්ගයේ දොර දෙකේ කාරයක් තිබුණි. එම මෝටර් රථයේ නැගී මගේ සුරතලා වූ රිංගෝ නම් ඇල්සේෂන් බල්ලා සමග මම කිසිදු බියක් සැකක් නොමැතිව දිවා රෑ ප්‍රදේශයේ කරක් ගැසුවෙමි. එහෙත් මන්ත්‍රීවරයා ඉන්පසු මා සමග ගැටුමට නාවේය​. 

එසේම මම මිණිපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කරන ලද කාලයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කම්කරුවන් බඳවා ගැනීම සඳහා මුළු මහනුවර දිස්ත්‍රික්කය පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාල වල සම්මුඛ පරීක්‍ෂණය තිබූ අතර මැදමහනුවර​, මාඩුගොඩ වැනි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරුන්ට ආර්. බී හේරත් නම් මන්ත්‍රීවරයා ඔහුගේ හෙන්චයියන් ගේ නම් ලයිස්තු දී ඔවුන්ට සම්මුඛ පරීක්‍ෂණයෙන් වැඩි ලකුණු දීමට බල කලද හෙතෙම මගේ කාර්‍යාලයට අඩියක්වත් නොතිබ්බේය​. මම හසලක ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙකුද අධීක්‍ෂණයට ගෙන ඉතා සාධාරන ලෙස සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වූයෙමි.  

මම මීගමුව රෝහලෙ සේවය කල කාලයේ මා මිතුරු වෛද්‍ය ලිලිත් ප්‍රසන්න ලියනගේ ගේ බල කිරීම මත රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ (GMOA ) මීගමුව ශාකාවේ මොකක්දෝ තනතුරක් ද දැරුවෙමි. ඒ නිසා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් දියත් කරන ලද වර්ජන වලට සහභාගි වීමට සිදු විය​. එහෙත් අප හදිසි අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කලෙමු. 

වරක් මීගමුව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී පී සිවරාජා මහතාට එදිරිව මුළු රෝහලම වර්ජනයට බැස්සේය​. වෛද්‍ය සිවරාජා මහතා සමග අපට ආරෝවක් නොතිබුණි. එහෙත් බහුතරයගේ තීරණයට හිස නවා අපද වර්ජනයට සහභාගී වූයෙමු. එදින රෝහල හිස් ය​. අපට කම්මැලි දැණුනු නිසා  මම , ලිලිත්, පීරා , ගෝවී , සමන් , රාම් මනෝහර් යන වෛද්‍යවරු පිරිස සමග මීගමුවේ මෝර වලේ නෑමට ගියෙමු. 

දිය නෑමෙන් පසු අප දිවා ආහාරය ගැනීමට බීච් හෝටලයකට ගියෙමු. දිවා ආහාරය සූදානම් වන තෙක් අප පිරිස බියර් බෝතල් කීපයක් ඇණවුම් කරන ලදි. ඒ අතරවාරයේ රෝහලේ පවතින වර්ජනය නිසා හිතේ අමාරුවෙන් දෝ වෛද්‍ය සිවරාජාද ඒ හෝටලයට විත් බියර් බෝතලයක් තොලගානවා මම දුටිමි. අප වහාම ගොස් වෛද්‍ය සිවරාජා අපගේ මේසයට කැඳවාගෙන ආවෙමු. වර්ජනය කලේ වෛද්‍ය සිවරාජා සමග තරහකින් නොව බව කියා අප ඔහුගේ හිත හැදුවෙමු. අවසානයේදී වෛද්‍ය සිවරාජාත් වර්ජකයනුත් බියර් බී දිවා ආහාරය ගෙන එකට රෝහලට පැමිනියහ​. 

මම උතුරු කොලඹ ශික්‍ෂණ රෝහල හෙවත් රාගම රෝහලේ සේවය කරන කාලයේ දී හෙදියන් සහ ඇටෙන්ඩන්වරුන්  අතර නිල ඇඳුම්  ඝට්ටනය නිසා හෙද වැඩ වර්ජනයක් පැණ නැගිනි. වරක් මම විශේෂඥ උගුර කන හා නාසය වෛද්‍ය ඩී. එස්. සී පෙරේරා මහතා සමග රෝහලට එමින් සිටියෙමි. රෝහල් බිත්තියක තීන්තෙන් " ඔබට සිවුර අපට ගවුම" කියා විශාල අකුරින් ලියා තිබුණි. මෙය දුටු අප දෙදෙනාට සිනහව නවත්වා ගනු නොහැකි විය (හෙදියන් කමත්වා). මෙය ලියන ලද්දේ ශල්‍යාගාරයේ සිටි ඇටෙන්ඩන්වරයෙක් බව පසුව හෙලි විය​. 

එසේම රාගම රෝහලේ වරක් වෛද්‍යවරුන් ගේ වැඩවර්ජනයක් විය​. නමුත් අප ශල්‍යාගාරයේ සේවයන් නොකඩවා කලෙමු. එම නිසා සමහර හෙදියන් විහිලුවට අපට හොරිකඩයන් කියා බී .බී. ක්‍රීම් අවශ්‍යද කියා ඇසුවෝය​. මේ වර්ජනය ගැන සමහර වෛද්‍යවරු නොදැනුවත්ව සිටියේද යත් එක් වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයක් කරන ගමන් " අනේ මිස් අද ස්ට්‍රයික් එක මොකක් නිසාද දන්නේ නෑ නේද ? කියා සහායක හෙදියකගෙන් විමසුවේය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

30 ulasan:

  1. අපේ හාමිනේ අහනව දොස්තරලත් බොනවද අනේ කියල ......එයාට හොයලපෙන්නන්ඩ ඕන අර ඩූඩ් ලියුව ..ඉස්කෝල මහත්තුරුත් &^%4 කියන පෝස්ට් එකත්

    BalasPadam
    Balasan
    1. අන්න අටමට ඒක මතක තිබිලා.

      Padam
    2. බොනවා නමුත් මම දැන් බොන්නේ වයින් ටිකක් විතරයි

      Padam
  2. උතුරු අමෙරිකාවෙ සහ යුරෝපයෙ වෛද්‍ය වැඩ වර්ජන ගැන අහන්න තියෙනවද රුවන්?

    BalasPadam
    Balasan
    1. http://www.bbc.co.uk/news/health-35535704 10 February 2016

      Nearly 3,000 operations have been cancelled as junior doctors in England take part in a second 24-hour strike over pay and conditions.
      Check-ups, appointments and tests are also set to be disrupted as a result of the walkout, which began at 08:00 GMT.
      Formal talks broke down in January and there is mounting speculation ministers may soon seek to impose a new contract, potentially inflaming the row further.

      Padam
    2. In Ontario, Canada Doctors can't strike by law.

      GlobalNews

      Padam
    3. Correct : යුරෝපයෙ වෛද්‍ය වැඩ වර්ජන තිබේ නමුත් ඉතා කලාතුරකින්

      Padam
  3. රුවන් මට ගොඩක් සොවියට් දේශයේ ඉවර කරපු වෛද්‍ය යාලුවෝ කිව්වා ප්‍රශ්න තිබුන හෝ තිබෙනවා කියා ලංකාවේ කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉවර කරපු දොස්තර වරු එක්ක. මේ කතාවල සත්‍යතාවයක් තියනවද?

    BalasPadam
    Balasan
    1. මගේ මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නවා කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉවර කරපු දොස්තර වරු ; මාංජේෂ්ඨ පීරිස්, සමන් (දංකොටුව​) , ලිලිත් ලියනගේ , ගෝවින්ද රාජා , කර්නල් වෛද්‍ය සෝමවීර​, ඔවුන් ගේ විශ්වය ඉතා ලොකුයි. ඒ නිසා කවදාවත් සෝවියට් වෛද්‍යවරුන්ට ප්‍රශ්න දැම්මේ නෑ.මගේ අදහස සහ​ අත්දැකීම් අනුව විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට බොහෝ විට අවමන් හා කැපිලි දමන්නේ අඩු ආර්ථික සමාජීය පසුබිමකින් එන ග්‍රාමීය පසුගාමීත්වය හිස දරාගෙන තම අතීතය සැඟවීමට වෙර දරන වෛද්‍යවරුන් වෙති. ඒ සඳහා බලපවත්වන මනෝවිද්‍යාත්මක සාධකයක් ද තිබේ. අඩු ආර්ථික සමාජීය පසුබිමක් සහිතව ග්‍රාමීය පසුගාමීත්වය හිස දරාගෙන එන බොහෝ වෛද්‍යවරුන් පන්තිය මාරු කිරීමෙන් පසු අනන්‍යතා අර්බුධයට මුහුණ දෙති. ඔවුන් ගේ අතීතය පිළිබඳව තිබෙන හීනමානය සහ සමාජ වෛරය ඔවුන් කාට හෝ බැර කල යුතුය​. එය පහසුවෙන් බැර කල හැක්කේ පිටස්තරයාටය​. විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන් ඔවුන් ගේ දෙනෙත් ඉදිරියේ පිටස්තරයෝ වෙති

      Padam
  4. දැන් නම් ඉන්නේ දොස්තරවරු නෙමෙයි... අමු හොර මාෆියාවක්... ගමේ ඩිස්පැන්සරියේ ඉන්න එකාගේ පටන්...

    BalasPadam
    Balasan
    1. මාත,
      මේක දොස්තරලගේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි
      https://www.youtube.com/watch?v=qxr-cv-JuI8
      පොඩ්ඩක් මොලේ ඇතුව ඕක බලපන් ඔය ඇමරිකාවේ කොන්ග්‍රසයට ඉදිරි පත් කරන යෝජනාවක්
      මේ යෝජනාවේ සදහන් වෙන්නේ ලෝකයේ නිපදවන VACCINE එකක් මගින් මිනිස් මොලයට සිදුවන හානිය සදහා කරනලද පර්යේෂණය අනාවරණය වෙනවා 360% ඔටිසම් ඇතිවීමේ අවදානමක් ඇති වන බව මෙහිදී මෙයට සහබාගි වූ දොස්තර් William Thompson සදහන් කරනවා තමාත් තම උසස් නිලදාරින්නුත් මෙම තොරතුරු වසන් කිරීමට සහබාගි වුන බව.
      අද වනවිට මෙය එලියට ඇවිත් වසරක් පමණ වෙනවා තවම මෙය කොන්ග්‍රසය සාකච්චාවට ගැනීමට වත් සුදානම් නෑ මොකද මේ මාෆියාව ඇමරිකානු කොංග්‍රසයත් මිලදීගන තියන නිසා

      Padam
    2. එහෙම කියන්න එපා බෝසත් වෛද්‍යවරුත් මම දැකලා තියනවා ; වෛද්‍ය ජී. ඒ රණතුංගලා වගේ.

      Padam
  5. ඔබේ මේ කතාව දිගට ම කියෙව්වා. අැත්තට ම වෙෙද්‍යවරුන්ගේ වර්ජන සම්බන්ධයෙන් අපිට ද අැත්තේ මහා පිලිකුල් හැගීමකි. ඒකට ප්‍රධාන හේතු 2ක් තිබේ.

    1. රජයේ රෝහලකට බෙහෙත් ගන්නට ඒන අහිංසක දුප්පත් ජනතාව අැපයට ගැනීම.
    2. වෙෙද්‍යවරයෙකු බිහි කිරීමට රටේ ලක්ෂ ගණනක් මුදල් වියදම් කිරීමේ වැඩිම බරක් දැරූ අහිංසක දුප්පත් ජනතාව ම මෙලෙස අැපයට ගැනීම.

    මේ ගැන මීට වඩා සංවාදයක් රට තුළ අැති විය යුතුයි. ඒ වගේ ම අනවශ්‍ය ඒකාධිකාරයක් හෝ පාලනය කළ නොහැකි බලයක් කිසිම කණ්ඩායමක් වෙත තිබීම රටකට හොද දෙයක් නොවන බවත් කිව යුතුයි. මොනවා වුණත් ඔබේ දැක්ම ගැන නං සතුටුයි...ජය

    BalasPadam
    Balasan
    1. //වෙෙද්‍යවරයෙකු බිහි කිරීමට රටේ ලක්ෂ ගණනක් මුදල් වියදම් කිරීමේ වැඩිම බරක් දැරූ අහිංසක දුප්පත් ජනතාව ම මෙලෙස අැපයට ගැනීම.//

      මම එකග නැහැ ඒ කතාවට.

      රටේ සල්ලි වලින් හරි තමුන්ගේ සල්ලි වලින් පුගල්ක වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගෙන හරි, එහෙම නැතිනම් විදේශ ශිෂ්‍යත්වයක් ලැබිල වෙන රටක ජනතාවගේ මුදලින් ඉගෙනගෙන හරි;
      යම් වෘත්තියක් කරනවා වෘත්තීය වගකීම ඉටු කරන්න ඕනේ. වෘත්තීය වගකීම ඉටු කරන්න බැරි පහත් පෞර්ෂයන් තිබෙන වෘත්තිකයන්ට වෘත්තීය අයිතිවාසිකම් ගැන කතාකරන්න වත් අයිතිවාසි කමක් නැහැ.

      කොහේ කොහොම ඉගෙනගත්තත් රස්සාවක් බාරගත්ත නම් ඒ වැඩේ හරියට කරන්න ඕනේ හැට පැනපු ගෑනු වගේ හැම දේටම වර්ජනය නොකර.

      මට නම් ලංකාවේ ඉන්නේ බොහෝ වෘත්තිකයන් ගැන තිබෙන්නේ කණගාටුවට වැඩිය තරහක්.

      හමොටම ඕනේ අනුන්ගේ සේවය දියුණු රටක වගේ ලබන්නත්, තමුන්ගේ සේවය ලංකාවේ විදියට ලබාදෙන්නත්. ආඩි 7 දෙනාගේ කඩ හැලිය වගේ තමයි ඉතින් එතකොට.

      Padam
    2. වර්ජන කිරීම ගැන මට දැන් තිබෙන්නේ පස්චාත්තාපයක් . නමුත් වර්ජන වලදී මම හදිසි සේවාවන් කරා

      Padam
  6. ඔබගේ විද්‍යුත් ලිපිනය හෙව්වා වැන්ගෝ ගැන ආටිකල් එකක් එවන්න.. හොයාගන්න බැරි උනා..

    http://www.mymodernmet.com/profiles/blogs/airbnb-van-gogh-bedroom

    BalasPadam
  7. Doctor,
    Data seems to show when doctor's go on strike, patients stop dying
    http://www.openhealthnews.com/news-clipping/2012-05-14/data-seems-show-when-doctors-go-strike-patients-stop-dying
    Food for thought Doctor !!!
    This is the high level deception that taking place in this medical world that most Doctors has to keep their mouth shut!!
    https://www.youtube.com/watch?v=qxr-cv-JuI8

    BalasPadam
    Balasan
    1. Data seems to show when doctor's go on strike, patients stop dying ++++++++

      Padam
  8. වැඩ වර්ජනය සේවකයින්ගේ අයිතියක්.නමුත් වෙෙද්‍යවරුන් වර්ජනය කිරීමෙන් බොහෝවිට පිඩාවට ලක් වෙන්නේ අසරණ රෝගීන්.මේ නිසා වෙෙද්‍යවරුන්ගේ ඉල්ලීම් සාකච්චා සම්මුතියෙන් විසඳා ගැනීම සඳහා ඔවුන් යොමු විය යුතු බවයි මගේ අදහස.

    BalasPadam
  9. අම්මට උඩු අපේ දොස්තර මහත්තයත් හෙන චන්ඩියෙක්නේ !!! හැබැයි ඕක 2009 න් පස්සේ වුණානම් පත්තරේ මෙහෙම යයි නේද? "ස්ථාන භාර වෛද්‍ය නිලධාරීයා සුදු වෑන් රථයකින් පැහැරගෙන යයි"

    GMOA එක සහ දොස්තර වර්ජන ගැන තිබෙන්නේ කලකිරීමක්. නැවත ලංකාවේ සේවය කිරීමට අදහසක් නැද්ද?

    මන්ත්‍රීවරයාගේ සිද්ධියේ පසු කතාව කෙසේ වුවත් කොන්ද පණ තිබීම ගැන අවංක ප්‍රණාමය පිළිගන්න !!!

    BalasPadam
    Balasan
    1. මගේ පශ්චාත් උපාධි අධ්‍යනයන් ඉවර වූ පසු ලංකාවේ පරියේශන අංශයක සේවයට කැමතියි.

      Padam
  10. ඔබේ මතක සටහන් බෙහෙවින් ආකර්ෂණීයයි.

    BalasPadam
  11. //ප්‍රාදේශීය මන්ත්‍රීවරයා බෙල්ලෙන් අල්ලගෙන පහරක් දීමට//
    අපොයි දැන්නම් එහෙම බැ, මතකනේ ළමයට දඩුවම් කරා කියල ටිචව දණ ගැස්සුවා,,අනික ප්‍රදෙසියසබවලට ඉල්ලන්නේ පාර්ලිමේන්තු මන්ත්රිලගේ බොඩිගාඩ් කමකරන චන්ඩි.
    //අවසානයේදී වෛද්‍ය සිවරාජාත් වර්ජකයනුත් බියර් බී දිවා ආහාරය ගෙන එකට රෝහලට පැමිනියහ​.//

    හැමෝටම මෙහෙම කරන්න පුලුවන්නම්.

    BalasPadam
    Balasan
    1. දොස්තර කෙලින් ඉන්නවනම් ඔන්නම චන්ඩියෙක් ගැටුමට එන්න දෙවරක් හිතනවා

      Padam
  12. //ආහාර ජාලයේ යටම කොටසේ සිටින ඉන්ටර්න්වරු හෙවත් සීමාවාසික වෛද්‍යවරුන් අතිනි.//
    ඇපෝතිකරි වෛද්‍යවරුන් කියන්නේ කවුද?

    BalasPadam
    Balasan
    1. ඇපෝතිකරි වෛද්‍යවරුන් කියන්නේ AMP / AMO සහකාර වෛද්‍ය නිලදාරීන් ඔවුන් ගැන පෝස්ටුවක් දාන්නම්

      Padam
  13. There is a simple thing in the article to be corrected. Minipe is not a district, kolongoda belongs to matale district I guess.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook