Sabtu, 31 Oktober 2015
පීතෘ භුමිය
හිරු රැසින් නැහැවුන මිටියාවත
කඳු මුදුන් සිට ගලා හැලෙන දියඇලි
ගීත ගයමින් ගලා යන ගංගා
සියොතුන් පියාඹන නිල් අහස
වීය අප සැමගේම පොදු වස්තුවක්
කිසිවෙකුට අයත් නොවූ භුමිය
වීය සැමදෙනාටම රක්ෂා ස්ථානයක්
සැමදෙනා සමගිව සිටියෙමු
භුමියේ වැඩෙන ගස් වැල් ලෙස
කාලයක් මෙලෙස ගිය විට
ඇතැමෙකු භුක්තියට ගත්හ භුමියේ සරු ඉඩම්
බෙදා වෙන්කර ගනිමින්
මගෙයි මගෙයි කියමින්
භූමියට කුරිරු ලෙස වධ දී
උපයාගත් රන්මසු වලින්
මිලට ගත්තෝය වහලුන්
කඹුරන්නට උන්ගේ ජීවිත යමින් බැඳ
බෙදා වෙන්කරගත් භුමියේ
පහල විය නීති රීති
ගරු කල යුතුයි දේපලට
අසල්වැසියාගේ
නීතිය කැඩුවන්
කුදලාගෙන ගියහ නිරී සතුන් සේ
සින්දෝය ඇතැමෙකුගේ අතපය
තියුනු අසිපත් වලින්
අහසින් කඩා වැටුනෝය පැලැන්තියක්
පූජකයන් කියාගත්
පෙන්නා දෙව්ලොව අපට
සින්දෝය උන් අපගේ සාක්කු
කූඩැල්ලන් මෙන් ගිජුව
සාරය උරාගත් භුමිය
දෙවියන් විසින් අපටම තිලින කල
භූමියක් බව ඇතැමෙකු කීහ
සමහරෙකු එය පීතෘ භුමිය ලෙස නම් කලෝය
දිවි පුදා එය ආරක්ෂා කල යුතු බව මුර ගෑහ
භුක්තිය ඇත්තේ අපට මිස අන් අයට නොවන බව
තරයේ අවධාරණය කළහ
පීතෘ භුමිය ආරක්ෂා කරනු
ඔවුන් අපට විධාන කළහ
බයිනේත්තු ඇමිණු තුවක්කු අතට ගෙන අප
පීතෘ භුමියේ සතුරන් සොයා ගියෙමු
මඩ වතුර පිරුණු අගල්වල
අප සතුරන් දුටිමු
ඔවුනටද කවා තුබුණි විස
අපව දුටු තැන නසන්නට
වෙන බසක් කතා කල
වෙනත් නිල ඇඳුමක් ඇන්ද
අප වැනිම මනුෂ්‍යන් කොටසකගේ ශරීර වලට
ඇන්නෙමු බයිනේත්තු වලින්
ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක්
දසත ගලා ගිය
මිනිස් රුධිරය
එක්විය ගංගා වලට
එකෙහින්ම නිල් ජලය රත් පැහැ විය
දේව ශාපයක් සේ
කාලතුවක්කු දුමාරයෙන් පිරී ගිය අහස
ඇද වැටුණු මහා වෘක්ෂ
නිසලවූ මිනිස් සිරුරු වැතිරුණු භූමිය
මිනිස් විෂ එකතු වුනු ගංගා
මැව්වේ අමු සොහොනක දසුන්ය
කුමක් වී ද ඒ රම්‍ය භූමියට
මිනිස් ගිජු බවේ සාපය වැදුණු
දියඇලි සිඳුනි මැලවුනි ගස්වැල්
හැර ගියහ සියොතුන් ශාපලත් භුමිය
අවසානයේදී සිදුවූයේ කුමක්ද
කිසිවෙකු නැත දැන සිටියේ
කියා දෙන්නට අවසන් ජවනිකාවේ රඟ
නොවීය පනැති කිසිවෙකූ එම භුමියේ
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Langgan:
Catat Ulasan (Atom)

++++++++++++++
BalasPadamThanks
PadamNice. This is the simple truth.
BalasPadamIndeed
PadamSiyalla awasanaye waharunu bumiya pamanak yalith thaniwewi.. hmmm...
BalasPadamshapalath bhumiyaka kathava
Padamයුද්ධයේ අවසන් දවස් මතක්වුනා. සමහර දේවල් දැක්කම හිතුනේ ඇත්තටම අපි දිනුවද කියන හැඟීම.
BalasPadamයුද්දයේ අවසන් ජවනිකාව දකින්නේ මළවුන් ය - ප්ලේ් ්ටා්
Padamඅවසානයේ ඉතිරි වන්නේ කකිරීම පමණද?
BalasPadam*කලකිරීම
Padamබොහෝවිට
PadamFor all humans to be united forgetting the differences there has to be either a zombie apocalypse or alien attack.
BalasPadamprobably Dude
Padam