Khamis, 29 Oktober 2015

කොණ්ඩයා වෙනුවට ක්‍රිස්තුස් හමුවීම




දුටුවෙමි මිනිසුන් පසුපස පන්නන 
තවත් මිනිසෙකු දිගටි කොණ්ඩයකින් යුතු 

ගහපිය මරපිය එල්ලපිය​
එල්ලුම් ගස ගෙනෝ ගෙනෝ
අපි මූ එල්ලන්නම් කියමින් පන්නන 
මිනිසුන්ගෙන් පණ බේරාගෙන දුවන 
දිගටි කොණ්ඩයකින් යුත් මිනිසෙකු දුටුවෙමි

කොණ්ඩයා නම් මූය 
ළමුන් දූෂණය කොට මරා දමන 
මරා දැමිය යුතුය මූ දුටුතැන 
වහකි පිළිකාවකි මහාමාරිය සේ
දුරින් දුරු කළ යුතු වසංගතයකි මූ 

දුවන මිනිසා එකහින්ම නැවතිනි 
ඔහුගේ දිගු කොණ්ඩය දුටිමි

මා දුටුවේ කොණ්ඩයා නොව 
ශුද්ධවන්තයන් ගේ ගල් කැට මුගුරු
පහරින් මුහුණ තැලී තොල් පැලී 
අනේක විධ දුක් වේදනා විඳි 
යේසුස් ක්‍රිස්තුන්ය 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

20 ulasan:

  1. දුනේෂ් ප්‍රියශාන්ත (මම කොණ්ඩයා කියන නමට අකමැතියි.) චෝදනා වලින් නිදහස් වෙලා, මාධ්‍ය ඉදිරියේ කතාකරනකොට තමයි, මමත් හරියට ඔහුගේ මූණ දැක්කේ. ඔහු රඟපෑමක් කරනවා කියලා හිතමුකෝ මාධ්‍ය ඉදිරියේ. එහෙනම් ඔහු දක්ෂ නළුවෙක්. ඔහුව ඒ පැත්තට යොමුකරලා, රංගනය ගැන යමක් පුහුණු කරලා ගත්තොත්, හොඳ නළුවෙක් වෙයි. මේ නොමග ගිය තරුණයා තුළ, සැඟවුණු දක්ෂකම් කොච්චර ඇද්ද? මෙවැනිම සැඟවුණු දක්ෂතා සහිත, නොමග ගිය තරුණ තරුණියන්, මේ රටේ කොච්චර ඇද්ද? ඒ අය හොයාගෙන යහමගට ගැනීමට වැඩපිලිවෙලක් නැති එක, මුළු රටේම අවාසනාවක් නේද?

    BalasPadam
    Balasan
    1. අමු මාළු කෑවයි අරකයි මේකයි කියල කියපු කතා මතකද . වන සතෙක් වගේ නේ මිනිස්සුන්ට පෙන්නුවේ , ඌ ලස්සන පිරිමියෙක් , ගමනත් පිරිමියෙකුගේ වගේ , දැං ඉන්න නව බට්ටන්ට වඩා නං ඌ ලස්සනයි , බාගදා වරෙන්තු තියනවයි කියුවට . ලෙකු වරදවල් නොවෙන්ඩත් ඇති . කලින් දූෂන චෝදනා තියනවද මෑන්ට

      Padam
    2. විචාරක
      නිතරම කොන්ඩයා කියන නම ඇහුනම මට හිතුන දෙයක් තමයි ඔහුටත් ආත්ම ගරුත්වයක් තිබෙනව නේද කියන එක.දුනේෂ් ප්‍රියශාන්තට කොණ්ඩයා කියන අන්වර්ථ නාමය පටබැන්දේ මාධ්‍ය මගින්.ඒ නමත් එක්ක බැදුන මදාවි මානසික රෝගියෙක්ගේ චරිතයක් මවලා මිනිස්සු අතරට ගෙනාවෙත් මාධ්‍ය.මොහු වැරදි කරලා ඇති.ඒ ඔය කියන තරම්නම් වෙන්න විදියක් නෑ.මෙවනි අය යහපත් මිනිසුන් විදියට සමාජගත කරනවා වෙනුවට අපරාධකාරයෙක්ය කියන ලේබල් එකම අලවන එකයි තවමත් කෙරෙන්නේ...

      Padam
    3. මේ ලේබල් කිරීම මගින් ඔවුන් සමාජය ඔවුන්ට බල කරන අපරාධකාරයාගේ භූමිකාවට ඔවුන් අවතීර්ණ වෙනවා

      Padam
  2. මට හිතෙන හැටියට යුදෙව් පූජකවරු ජේසුස් වහන්සේව මරා දැමීමට කටයුතු කලේ ඔවුන්ගේ පෞද්ගලික වාසි වලට නෙමෙයි, යුදෙව් ගෝත්‍රයේ පොදු යහපත වෙනුවෙන්. මන්ද ජේසුස් වහන්සේ යුදෙව් සංස්කෘතියේ යම් යම් කරුණු විවේචනය කලා වුනත් ඒ වෙනුවට ප්‍රායෝගික විකල්පයක් ඉදිරිපත් කලේ නෑ. ඒ වෙලාවේ යුදෙව් ගෝත්‍රය විදේශ ආක්‍රමණයකට ලක්වී ඇති වෙලාවක ජේසු කලේ රැවුල ගිනිගත්විට සුරුට්ටු පත්තු කරනවා වගේ වැඩක්. ජේසුස් වහන්සෙට නිදහසේ වැඩ කරන්නට දුන්නනම් වෙන එකම දෙය යුදෙව් සමාජය දුර්වල වීම පමණයි.
    හැබැයි මෙහෙම දෙයක් කියන්නත් පුලුවන් බයිබලයේ තිබෙන දේට වඩා ගැඹුරු දහමක් ජේසුස් වහන්සේ දේශනා කලා විය හැකියි. නමුත් පසුකාලීකව ශුද්ධ ලියවිලි එක්කර බයිබලය තනන විට ජේසුස් වහන්සේගේ මතභේදකාරී ගැඹුරු දහම් කරුණු ඉවත්කර හැමෝටම එකඟවිහැකි (පතෝල වගේ) ජේසු කෙනෙක් තැනුවා විය හැකියි. බයිබලයට අනුව බැලුවොත් නම් ජේසුස් වහන්සෙගෙ එකම හොඳ නරක නොවීම විතරයි.

    BalasPadam
    Balasan
    1. පතෝල ජේසු කෙනෙක් තැනුවා විය හැකියි ++++++++++++++++++

      Padam
  3. ඇඟ හිරිවැටෙන නිර්මාණයක් කිරීම ලේසි නෑ...

    ඒ කියන්නේ ඇඟේ මයිල් කෙලින් වෙන...

    BalasPadam
  4. එක් පසෙක සමාජයයි .කොණ්ඩයන් බිහිකර නඩත්තුකරන ඒ පවුකාර සමූහයේ සියල්ලන්ගේම නළලේ " රහසක්ය නම බරබ්බස්ය "කියා කොටා තිබිනි. අනෙක් අස කොන්ඩයාය.

    නිදහස් කළ යුත්තේ බරබ්බස් යන නම දරන සමාජයද කොණ්ඩයාද කියා ඇසීය.

    බරබ්බස් නම් වූ සමාජයට නිදහස කොණ්ඩයාට මරනය පවුකාරයෝ මොර දුන්හ.
    එකල්හි " කොණ්ඩයාගේ ලේ අප පිටත් අපගේ දරුවන් පිටත් වේවා "යි ජනයා කෑ ගැසූහ.

    සමාජය නිදොස් විය කොණ්ඩයා වැරදිකරු විය.

    සියළු පවුකාරයන්ගේ පවු කද කොණ්ඩයාගේ කරමත තැබුනි. කුරුසයේ බරට කොණ්ඩයා දෙකට නැමුනි.
    දියවන්නාවේ කුඩු මුදලාලිලා කොණ්ඩයාට මරනය කියමින් කෑ ගැසූහ.
    නායක පූජකයෝ ද ලියන්නෝද රාජපුරුෂයන් සමග අලුගෝසුවන් සමග පෙරට ආහ.
    කොණ්ඩයාගේ ලේ කරනකොටගෙන සියළු පවුකාරයන්ගේ පවු සේදී ගියේය.
    පවුකාරයෝ කොණ්ඩයාට කන්නලවු කරමින් අනේ ස්වාමිනි අපට කමා කළ මැනව කියා මොර ගැසූහ.
    පවුකාරයෝ ශුද්ධ වූ තොන්ඩුව කරනකොට ගෙන ගැලවීම පතා පෙරහැරවල් පැවැත්වූහ.

    BalasPadam
    Balasan
    1. කොණ්ඩයන් බිහිකර නඩත්තුකරන ඒ පවුකාර සමූහයේ සියල්ලන් කොණ්ඩයා මතින් තමන් ගේ සියළු පව් සෝදා දැමූහ

      Padam
  5. නියමයි. කොණ්ඩයෝ කීදෙනෙක්ව නම් මිනිස්සු කුරුසේ ඇණගහන්න ඇද්ද? එල්ලන්න ඇද්ද? ඉන් කීදෙනෙක් අහිංසක මිනිස්සු වෙන්න ඇද්ද? වටිනා මිනිස්සු වෙන්න ඇද්ද?

    BalasPadam
    Balasan
    1. තව පොඩ්්ඩන් කොණ්ඩයාව ආයුධ පෙන්නන්න ගෙනියනවා

      Padam
  6. //මා දුටුවේ කොණ්ඩයා නොව
    ශුද්ධවන්තයන් ගේ ගල් කැට මුගුරු
    පහරින් මුහුණ තැලී තොල් පැලී
    අනේක විධ දුක් වේදනා විඳි
    යේසුස් ක්රිස්තුන්ය //

    හරිම ලස්සනයි.

    BalasPadam
  7. සැමදාම වැරදිකරුවන්මද පොරකයට නැගුනේ? සමාජයේ වරදින් මේ වගේ අපචාර කරන දරුවන් කොතරම් ඇත්ද? ඒ අය යහමඟට ගැනීමට ක්‍රම වේදයක් අවශ්‍යය කාලයයි.

    BalasPadam
    Balasan
    1. පොරකයට නැගුනේ පීඩිත පන්තියේ අපරාධකරුවන් පමණි. සුදු කරපටි අපරාධකරුවන් යෙහෙන් ජීවත් වෙති

      Padam
  8. ethakota දුනේෂ් ප්‍රියශාන්ත kalin wardi aththema na.ohuta pratikara kokara samajayata atha harina eka waradi.kan katath දුනේෂ් ප්‍රියශාන්ත ge waradi mathaka na.

    BalasPadam
    Balasan
    1. මෙන්න ඔහුගේ පෙර වැරදි

      බදුවතුගොඩ ප්‍රදේශයේ නිවසකට අයුතු ඇතුළුවීම් සහ යක්‌කල එගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයකුට සුළු තුවාල කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටියදී අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්‌ඩයාට අධිකරණයෙන් ඇප නියම කළත් ඇප තැබීමට කිසිවෙක්‌ ඉදිරිපත් නොවීම හේතුවෙන් නැවත රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. එම අවස්‌ථාවේ ඔහුගේ මව විසින් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාගේ මැදිහත්වීම මත ඉකුත් 23 වැනිදා ඇප අත්සන් කරනු ලැබීය. එසේ ඇපමත සිටින දුනේෂ් මීට දින කිහිපයකට පෙර බදුවතුගොඩ ප්‍රදේශයට පැමිණි බව එම ප්‍රදේශවාසීහු පවසති. නොවැම්බර් 23 දා ඔහුට ගම්පහ අධිකරණයට ඉදිරිපත් වීමට මහෙස්‌ත්‍රාත් නියෝගයක්‌ ලැබී තිබේ.

      Padam
  9. කොණ්ඩයා ක්‍රිස්තු චරිතයට ඇන්දවීමට පෙර ඔහුගේ පෙර වැරදි ගැන හරියට හොයන්න ඕන... එහෙම තියනවා නම් ඔහුගේ නූතන රංගනය ඇකඩමි සම්මානයට පාත්‍ර විය යුතුයි.. මොකට මට කොණ්ඩය ෂුවර් කරන්න පුළුවන්, ඒත් උදුල් ප්‍රේමරත්නව ෂුවර් කරන්න බෑ...

    BalasPadam
    Balasan
    1. සජ් ස්ත්‍රී දූෂකයන් අල්ලනවා නම් දුමින්ද , කමල් අද්දර , හමුදාවේ සමහර උසස් නිලධාරීන් ස්ත්‍රී දූෂක දැලෙන් ගැලවී ගියේ කොහොමද යන්න සොයා බැලිය යුතුයි. කොණ්ඩයා සල්ලි තියන දේශපාලන සබඳතා තියන පුද්ගලයෙක් වූවා නම් ඔහුට සමාජය , පොලිසිය , නීතිය සහ මාද්‍ය සලකන විදිය වෙනස්.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook