මම වෛද්‍ය අධ්‍යාපනය ලැබුවේ යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේය. වර්තමානයේ මෙය Vinnitsa National Medical University යනුවෙන් හැඳින්වේ. මෙම ආයතනය ආරම්භ කරන ලද්දේ 1921 වසරේදීය.
1930 වන විට සෝවියට් දේශයේ වෛද්‍යවරු පුහුණු කිරීම අතින් විනිට්සා වෛද්‍ය පීඨය නමක් දිනා ගැනීමට හැකි විය. දෙවන ලෝක යුද සමයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍යවරු විශාල ප්‍රමානයක් යුද පෙරමුණ ආශ්‍රිතව සේවය කළහ.
1979 දී ලෝකයේ විවිධ රට වලින් විද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට විනිට්සා වෛද්‍ය පීඨයට පැමිණියහ. මා මෙහි ඉගෙන ගත් කාලයේ (1986 -1993 ) ලෝකයේ රටවල් එකසිය ගනනක සිසු සිසුවියන් විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූහ. එම නිසා වෛද්‍යවරු පුහුණු කිරීම අතින් විනිට්සා වෛද්‍ය පීඨය අන්තර්ජාතික වශයෙන් විශාල වැඩ කොටසක් ඉටු කොට තිබේ.
වර්තමානයේ ඇමරිකාව, කැනඩාව, එංගලන්තය , ජර්මනිය , ඉශ්‍රායලය , නෝර්වේ ,ඕස්ටේරලියාව යන බටහිර රටවල මෙන්ම අප්‍රිකාවේ ආසියාවේ ලතින් ඇමරිකාවේ රටවල විනිට්සා වෛද්‍ය පීඨයේ ආදි සිසු සිසුවියන් විශාල ප්‍රමානයක් සේවය කරති.
ලංකාවේ යුද ගැටුම් උත්සන්නව තිබූ 1980 -2000 කාල වල උතුරු මැද පළාතේ රෝහල්වලද අනුරාධපුර , පොලොන්නරු රෝහල් වල විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍යවරු අමිල සේවයක් කළහ. නමුත් ඔවුන් විසින් ක්‍රියාන්විතයේ යෙදී සිටි හමුදාවන් සඳහා කරන ලද සේවය මෙතෙක් ඇගයීමකට පවා ලක් වී නැත.
යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා ලෝකයේ විවිධ රෝහල් වල සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරු සමහරක්
වෛද්‍ය අසේල වික්‍රමසිංහ - ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි රෝහලක සේවය කරයි
වෛද්‍ය කේතිසන් නක්කුනම් -ඕස්ටේරලියාවේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය මන්සූර් - නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය ප්‍රසානී ජයමහ -ඕස්ටේරලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
වෛද්‍ය යමුනා අලස් -ඕස්ටේරලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
වෛද්‍ය අනුජා ගුනවර්ධන -ඕස්ටේරලියාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්නීය
වෛද්‍ය ධම්මික රත්නායක -දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය සී ලබේරත්න -කැනඩාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
වෛද්‍ය වික්ටර් මෙන්ඩිස්- එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි
යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා ලංකාවේ රෝහල් වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරු සමහරක්
අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් - කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී (රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවේ)
ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීත් චැප්මන් - හලාවත රෝහලේ හිටපු ශල්‍ය වෛද්‍ය විශේෂඥ
විශේෂඥ නිර්වින්දන වෛද්‍ය නිල්මිනී වීජේසූරිය - කොලඹ ජාතික රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න - මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය
ලෝකයේ විවිධ රටවල් වලින් පැමිණ යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය අධ්‍යාපනය ලැබූ නවක දොස්තරවරු



How do you say that? Proud to be Vinnitsian? :)
BalasPadamAnd how did you end up in US? Would like to know that story, too, Ruwan.
its a long story Dude , I came to SL in 1993 after finishing my medical degree and worked nearly 15 years in Sri Lankan government hospitals. In 2006 I went to USA (Philadelphia) to complete my EMDR training. In 2010 I started my studies in Psychology @ York University Canada.
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
Padamසෝවියට් දේශය බිඳ වැටෙද්දී ඔබ ඉගෙනුම ලබමින් සිට ඇති බව පෙනේ. මේ පරිවර්තනය ඔබ ඇතුළු සිසුන්ට බලපෑවේ කොහොමද?
BalasPadamEcon මම සමාජවාදය , පෙරෙස්ත්‍රොයිකාව සහ රුසියාවේ ධනවාදය වර්ධනය වීම first hand අත් දැක්කා. මගේ ඉවාන් ගේ ලෝකය (විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය ) සහ මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි (විජේසුරිය ග්රන්ථ කේන්ද්‍රය ) PTSD in the Soviet Union (in press සරසවි ප්‍රකාශකයෝ) පොත් වලින් මේ අත්දැකීම් ගැන කතා කරනවා
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamමං හිතාගෙන හිටියේ Ukraine නම ලියන්නේ යුක්රේනය යනුවෙන් කියායි!
BalasPadamකවුදෝ කියල තිබුන උක්රේනය කියලත්
Padamඋක්රේනය / යුක්රේනය / යූක්රේන් /යූක්ක්රයීනය යනාදී වශයෙන් ලියනවා
Padamයුග - දකුණ, ක්රයින - ඈත කොණ, යුක්රයිනය - රුසියාවට දකුණු දිග දේශය.
Padamgood explanation
Padamමචන් මේ නිල්මිණි ගේ මල්ලි නේද යුධ හමුදාවේ ඉඳල ඇක්සිඩන්ට් වෙලා පස්සේ මොස්කව් වල ප්‍රතිකාර ගත්තේ. නැත්නම් වෙන නිල්මිණි කෙනෙක්ද? මම සපරෝෂි ගිය නමුත් විනිට්සා එන්න බැරි වුණා. ඔය 86 ආවනම් මාව දන්නවා වෙන්න පුළුවන්. මම තම 87 secretary වෙලා හිටියේ. මම හිතන්නේ මම තෙන්නකෝන් ව දනනවා. කීත් චැප්මන් ලන්ඩන් වලදී හම්බ වුනා.
BalasPadamනැහැ ඒ වෙනත් කෙනෙක් ගේ මල්ලී කෙනෙක් Ajith ( she is miss Gunavardane) ;ඇයගේ මල්ලී කපිතන් සනත් ගුනවර්ධන ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ නිලධාරියෙක්. 1986 විතර ඇක්සිඩන්ට් එකකින් ඔහුගේ කකුල කැපීමට තීරණය උනාම ඔහු කියලා තියනවා මගේ අක්කා ඉන්නේ යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ මාව එහෙ යවන්න කියලා. සනත් ගුනවර්ධන ඉන්පසුව එහෙ ආවා. කැපීමට තීරණය කල පාදය නොකපා ඔහුව බේරගත්තා. 1998 විතර මට සනත් ගුනවර්ධන හමු උනා , ඔහු දැන් හොඳට අැවිදිනවා.
Padamහරි හරි ගුනවර්ධන තමා. ඒකත් මාරයි. සෝවියට් වෛද්‍ය විද්‍යාව. පොරගේ ඇති කකලයි එකතු කරලා හැදෙන්න ඇරලා පස්සේ කපල බද්ධ කලා . මම බලන්න ගිය සනත්ව දෙතුන් පාරක්.
Padamඅතයි කකුලයි එක් වෙන් මස් වැදැල්ලක් හැදුවා.
Padamමම එතකොට සෝකල් වල පද් එකේ.
Padamඅජිත් සෝවියට් වෛද්‍ය විද්‍යාව ඒවගේ ලොකු වැඩ කලා , ෆියදරොව් කියන ඇස් දොස්තර අන්ධයන්ට පෙනීම ලබා දුන්නා. සෝවියට් වෛද්‍ය විද්‍යාවේ හිටපු දක්ෂයන් බොහොමයක් ඊශ්‍රායලය , ඇමරිකාව මිලට ගත්තා. කපිතන් සනත් ගුනවර්ධන අද පය ගහලා ඇවිදින්නේ සෝවියට් වෛද්‍ය විද්‍යාව නිසා.
PadamHappy to see this info about you..... good luck
BalasPadamThanks
PadamLooks like lots of them are Sri Lankan students. Which one is you (in the photos) Ruwan?
BalasPadamI am not in these pics
Padamලංකාවේ යුද ගැටුම් උත්සන්නව තිබූ 1980 -2000 කාල වල උතුරු මැද පළාතේ රෝහල්වලද අනුරාධපුර , පොලොන්නරු රෝහල් වල විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ වෛද්‍යවරු අමිල සේවයක් කළහ. නමුත් ඔවුන් විසින් ක්‍රියාන්විතයේ යෙදී සිටි හමුදාවන් සඳහා කරන ලද සේවය මෙතෙක් ඇගයීමකට පවා ලක් වී නැත.
BalasPadamලැජ්ජාවේ බෑ. අදවෙනතුරු කිසිම ඇගයීමක් නැහැ. නමුත් අපි දන්නවා ඒ කාලේ ගස් යට තියාගෙන ශල්‍යකර්ම කරපු හැටි. කාටද මේවා කියන්නේ. මතක නෑ වගේ ඉන්න මහ එවුන්ගැන තරහයි. මේ මගඟු සේවය ඉටුකළ වෛද්‍යවරුන් ගැන දුකයි.
විචා තුමා කණගාටුයි කියන්න ලංකාව කියන්නේ කුහකයන් ගෙන් පිරුණු රටක්. ඒ නිසා කවදාවත් මේ අගය කිරීම් කෙරෙන්නේ නැහැ. මට එක් නිලධාරියෙක් කියලා තියනවා ඔහුට බඩට වෙඩි වැදිලා අනුරාධපුර රෝහලට ගෙන ආ අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේර ගත්තේ යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ වෛද්‍යවරියක් කියලා.
Padamඔබගේ නාම ලැයිස්තුවට, යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබූ සහ ටොරොන්ටෝ නුවරත් එහි සිට කිලෝමීටර 100-150 ක පමණ දුරකට වන්නට වෙෙදයවරුන් ලෙස සේවය කරන කිහිප දෙනෙකුම ඇතුලත්ව නොමැති බවයි, පෙනෙන්නට තිබෙනුයේ.
BalasPadamකැනේඩාවේ වෛද්‍ය වරයෙකු වීමට; වසර හතරක සාමාන්‍ය උපාධිය සම්පූර්ණ කල පසු, තමන් කැමති විශේෂඥ කේෂ්ත්‍රය හැදෑරීම සඳහා (අදාල කේෂ්ත්‍රය අනුව) තවත් වසර දෙකේ සිට වසර පහක් දක්වාවූ කාලයක පස්චාත් අධ්‍යාපනයක් (Post-graduate medical education) ලැබියයුතුයි.
මෙම Post-graduate medical education සඳහා කැනේඩියානු විශ්වවිද්‍යාල වලින් පිටවූ (Canadian Medical Graduates නොහොත් CMG) අයත් කැනඩාව තුල වෙෙදයවරයෙකු ලෙස සේවය කිරීම සඳහා වන අදාල මූලික විභාග සමත් ලොව කුමන හෝ රටක "W.H.O." මගින් පිලිගත් වෙෙදය උපාධියක් (International Medical Graduates නොහොත් IMG) ඇත්තවුන්ටත් ඉල්ලා සිටය හැක.
මෙහිදී IMG ලාට (Post-graduate medical education සඳහා)ලැබෙනුයේ ඉතාම සුලු අවස්ථාවකි. CMG සහ IMG අතර අනුපාතය 9% වැනි ඉතා අඩු ප්රමාණයකි.
වසර කිහිපයක් තුල මා දුටු අයුරින්, Post-graduate medical education සඳහා තේරෙන මෙම ඉතා සුලු IMG පිරිස අතර (උපාධිය හැදෑරීමට වෙනත් රටවලින් පැමිණී) රුසියානු / චීන වෙෙදය උපාධිය ලැබූවන් සහ කැනඩාවේ ඉපිද හෝ වැඩි කාලයක් පාසැල් අධ්‍යාපනය කැනඩාව තුල ලබා කැරීබියානු රටක වෙෙදය උපාධිය ලැබූවන්ය.
මෙහිදී, ඔවුනට වැඩි අවස්ථාවක් ලැබෙනුයේ තම මවු භාෂාවට සහ ඉංග්‍රීසි භාෂාවට අමතරව (උපාධිය ලැබූ රට අනුව) රුසියානු හෝ චීන භාෂාව හෝ හැසිරවීමට ඇති හැකියාවයි. (මෙහි අදහස භාෂා තුනක් හෝ වැඩි ගනනක් හැසිරවීමට ඇති හැකියාව)
ඊළඟට, මෙහි පාසැල් අධ්‍යාපනය ලැබූ සහ කැරීබියානු රටක් වැනි රටක උපාධියක් ඇත්තෙකුට වැඩි අවස්ථාවක් ලැබෙනුයේ ඔවුන් ඉතා තරුණවීම සහ ඔවුන් සාපේක්ෂව නූතන තාක්ෂණය හා සමඟ හොඳින් සංකලණයවී සිටීමයි.
මීට අමතරව Post-graduate medical education සඳහා තවත් සුවිශේෂී කරුණු කීපයකුත් මා අත්දැකීමෙන්ම නිරීක්ෂණය කර ඇති අතර එම කරුණු මෙහි සටහන් කිරීමට සිත් නොවිණි.
ඇනෝ ඔබගේ කරුණු දැක්වීමට තුති. නාම ලැයිස්තුවට, යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම සමහර වෛද්‍යවරුන් ගේ නම් මට මග ඇරිලා බව ඇත්තයි . සමහර අයගේ (වසර 16 අතීතය) මුල් නම් මතක නැහැ. උදාහරණයක් කියනවා නම් ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ කපිතන් සනත් ගුනවර්ධන ගේ අක්කගේ මුල් නම මගේ මතකයෙන් ගිලිහිලා. මෙහි නම් නොසඳහන් යූක්‍රයිනයේ විනිට්සා වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබා ලෝකයේ විවිධ රෝහල් වල සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ගේ නම් කරුණාකර ලබා දෙන්න. ඒ නම් ලැයිස්තු වලට එක් කරන්නම්.
Padamකැනඩාවට එන විදේශ වෛද්‍යවරුන්ට විශ්ව විද්‍යාල අනුබද්ධිත පරියේෂන ප්‍රොජෙක්ට් වල වැඩ කල හැකියි. Psychological Trauma / Addiction වගේ ෆීල්ඩ් එකක වැඩ කරලා පරියේෂණ පත්‍රිකා පබ්ලිෂ් කරලා තියෙනවා නම් ඒ අයව කැනඩා විශ්ව විද්‍යාල වල ප්‍රොෆෙසර්ලා ගන්නවා. රුසියන් , ප්රන්ස වගේ භාෂා දැණුම තිබෙනවා නම් ඉල්ලුම වැඩියි. (පැය 8 / රාත්‍රී මුර නැහැ)
ඔබේ විස්තර දැනගත්තාම සතුටුයි වෛද්‍යතුමණි. ලංකාවට සේවය අහිමිවීම නම් සැබැවින්ම රටේ අභාග්‍යයක්. ඔබටත් පවුලේ අයටත් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම දියුණු වේවා! ජයම වේවා! කියා ප්‍රාර්ථනා කරනවා.
BalasPadamChandi මම වෛද්‍යවරයෙකු වශයෙන් වසර 15 පමණ ලංකාවේ සේවය කලා. එම කාලය අතර තුර මිනිපේ වැනි දුෂ්කර ප්‍රදේශ වල ජනතාවටද සේවය ලබා දුන්නා. මම දීර්ඝ කාලයක් පුරා Post Traumatic Stress Disorder / Combat Trauma රෝග පිලිබඳව අධ්‍යනය කලා , එසේම පිලිබඳව හැදෑරුවා. නමුත් ලංකාවේ තීරණ ගන්නන් බොහෝ විට ආත්මර්ථය කුහකකම මත පදනම් වි තමා තීරණ ගන්නේ. එම නිසා මගේ දැණුම සහ අත්දැකීම් ගරුත්වයකින් යුතුව ලබා ගන්නා ආයතනයකට ලබා දීමට මම තීරණය කලා. වර්තමානයේ මම Post Traumatic Stress Disorder පිලිබඳ ලෝකයේ ඉහල පෙලේ ඉන්නා විශේෂඥයන් සමග වැඩ කරනවා , ඔවුන් සමග අධ්‍යන පත්‍රිකා පළ කරනවා. දැණුම අත්දැකීම් බෙදා ගන්නවා. ලංකාවට අපගේ සේවය වැදගත් නොවීමට කුමක් කරන්නද? මම වගේ දහසකුත් දෙනා මට යුරෝපයේ උතුරු ඇමරිකාවේ හමුවී තිබෙනවා.
Padamඔබේ විස්තර දැන ගැනීමට ලැබීම සතුටක් . ඉස්සර ;සෝවියට් දේශය' සඟරාව හා රුසියන් කතාපොත් කියවා මටත් එහෙ යන්න ලොකු ආශාවක් ඇති වුනා . පස්සේ ටික කලක් කසකස්තානයේ සේවය කරන්න ලැබුණ නිසා තරමක් දුරට ඔය කලාපය ගැන අත්දැකීමක් ලැබුවා
BalasPadamThilaka Sitha ඔබට තුති
Padamරුවන්
BalasPadamදෙවෙනි ෆොටෝ මෑතකදී ගත්ත එකක්ද? එකේ ඉන්නේ තමුන්ම උපාධි ලෝගු මහල ඇදල ෆොටෝ ගහ ගත්ත අය නොවේද? සෝවියට් රුසියාවේ ලෝගු ඇඳල උපාධි පිරිනමන උත්සව තිබුණේ ප්රිබල්ටික් වල විතරයි නේද? ඹහොම මහන්සිවෙලා ෆොටෝ හදා ගත්තේ දකුණු ආසියාවේ අය විතරක් කියා සිතා සිටියත් මේතැන ගවුමක් ඇදපු කෙනෙකුත් ඉන්නවා.
මේ 2012 පාස් අවුට් වෙච්ච ඉන්දියානු සිසුන් පිරිසක්
Padam