Ahad, 16 Ogos 2015

සුදු වෑන්



සුදු පාට -කහ පාට
රතු පාට -නිල් පාට

වෑන් වෑන් සුදු වෑන්
වෑන් වෑන් කැරවෑන්

ජීවිත නොවටින දේශයක 
ජීවිතයට මිලක් නොමැති විට
මරණයට ලැබෙයි වටිනාකමක් 
ජීවිතයට ලැබෙයි විරාමයක් 

තෙල් වලින් දුවන 
ඉලක්කය හඹා යන 
රෝද හතරේ
මිනී පෙට්ටිය

බළු හබරුන් මෙන් 
මන්ද ගසලා 
තොන්ඩුව දමා 
බොටුවෙන්ම ඇද ගනියි 
ගොදුර සියත​ට

පහර කා වැටෙන 
අඩපණ වූ ගොදුර 
පාදවලින් තෙරපයි 
හුස්ම ගැනීමට
අපහසු වන ලෙස 

මරණයේ භීතිය 
ජීවිතය ඉල්ලා යදින 
යාදිනි හඞ පරයා 
නැගෙයි සුදු වෑන් රථයේ 
ඉංජිමේ සද්දය 

උගුරෙන් නැගෙන 
ගොර ගොර ශබ්දය 
හුස්ම හිරවී මරු විකල්ලෙන් 
මරණීය නර්තනයේ යෙදෙන 
බිල්ල මුත්‍රා පහ කරයි 
නොදැනුවත්වම 

වදකයන් ගේ සවිමත් 
බාහු වලින් තෙරපෙන 
බලයට එදිරිව 
සටන් කිරීමට නොහැකිව 
පරාද වන ගොදුර 
අවසන් හුස්ම පොද 
හෙළයි වා තළය​ට

වදකයන් විකා
හපයක් කළ
ජීවයන් තොර 
මළ සිරුර 
වෑන් රථයෙන් 
ඇද දමයි 
කබර කුණක් සේ 

අවසන් ජවනිකාව 
එලැඹෙයි 
සන්සුන්ව 
කසු කුසු නාදයෙන් 

නිසල දේහය 
පස් වලට යට කරයි 
නැතහොත් හිසට
පොරෝ පහරක් දී 
හිස දෙපළු කොට
උදර කුහරය ඉරා 
අත හරියි දේහය 
ඈත මුහුදේ 
යළිත් ගොඩබිමක් 
නොදකින්නට කවරදාවත් 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

4 ulasan:

  1. මට නම් හිතෙන්නෙ රුවන්, ඔය සුදු වෑන් කියන සංකල්පය අතිශයෝක්තියකින් ගොඩ නගපු එකක් බවයි. මරා යනු දුශ්ට අශීලාචාර ඒකාධිපතියෙක් බව ඇත්තක් වුණත් ඔහුට මඩ ගහන්න ගහපු ගෝඨාගේ සුදුවෑන් කල්ලියක් ගැන කතාව සෑහෙන දුරට බර වැඩිකරපු එකක්.

    මුලින්ම සුදු වෑන් සංස්කෘතිය ආවෙ 1980-1990 වගේ කාලෙ. විශේෂයෙන් 88-89 කාලෙ පැජෙරෝ/ සුදු වෑන් භීතිකාවක් තිබ්බ. ගෝඨලත් සුදු වෑන්වලින් කීපදෙනෙක් උස්සන්න ඇති. නමුත් කියන තරමටම නෙමෙයි.

    BalasPadam
    Balasan
    1. නැහැ මහත්මයා. හමුදා නිලධාරියකු ලෙස, මම වගකීමෙන් කියනවා ප්‍රේමදාස රජය කාලෙත්, මහින්ද රාජපක්ෂ රජය කාලෙත් සුදු වෑන් හෙවත් පැහැරගෙන යෑම් තිබුනා. එය සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි තවමත් මා විශ්වාස කරන්නේ නැහැ. හෙට පත්වන රජයේ හැසිරීම, මා සමීපව නිරීක්ෂණය කරනවා.

      Padam
    2. සුදු වෑන් සංස්කෘතිය එදත් අදත් හෙටත් ලංකාවෙ තියනවා

      Padam
  2. ඇක්සලන්ට් පොයෙට්‍රි ලොක්කා.....

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook