Rabu, 12 Ogos 2015

ක්‍රීඩකයෙකුගේ මරණය



රගර් බෝලයට පයින් ගැසූ දෙපයට මුගුරු වලින් ගැසුවාදෝ 
බෝතල් කඩා  බත් කෙන්දට  ඇන්නාදෝ 
යළිත් මුව විවර නොකරන්නට   නුඹේ දත් කැඩුවාදෝ 
ගෙලට ඇන්න පහරින් නුඹේ සිරුර නිසල වූවාදෝ 

රජ කුමාරුන් හා ආරෝවට ගිය කොතැනේ   
ක්‍රීඩාවක්  නොව මාරකයක් නොව තැණුනේ
ළඳක් නිසා මතුවූ විරසක නිතැනේ
උපන් ලපයක් නිසා  දිවි දුන් සකි සඳුනේ

නුඹගේ පණ වාතයට මුසු උනාදෝ 
නිසල සිරුර වාහනයට දැම්මාදෝ 
අග්නි දෙවිට නුඹව පුද කලාදෝ
වදකයන්  සිනාසෙමින් සිටියාදෝ 

නුඹේ අම්මා නුඹ එනකන් සිටියාද 
පුතුගේ ප්‍රමාදයට හේතුව බැළුවාද  
නුඹේ මරණය ඇය හට කීවාද 
පුතෙක් නිසා මවක්  කොපම​ණ තැවුනාද 

නීතිය යුක්තිය ගෙරියන්ට ගිය කලට
මිනියක් මරා හැකි විය බේරෙන්ට
යුක්ති ධර්මයක් නැතත් මේ රටට
කවදා හෝ කර්මය එයි ආපිටට



වෛද්‍ය රුවන් එම් ජයතුංග 


33 ulasan:

  1. හොදයි ඔබතුමා සාක්ෂියට කැදවන්නං..

    BalasPadam
    Balasan
    1. රගර් බෝලයට පයින් ගැසූ දෙපයට මුගුරු වලින් ගැසුවාදෝ .... අනුමානයක් විතරයි ඒ නිසා සාක්කි දෙන්න ගන්නේ නැහැ

      Padam
  2. Dr. Liyannako Richard De Soyza ganath pls. And Wijedasa Liyanarachchi

    BalasPadam
    Balasan
    1. මම රිචඩ් සොයිසා ගැන ලියලා තියනවා , මට රිචඩ් හමු වෙන්නේ 1986 කාලේ . බලන්න මගේ පරණ ලිපි

      Padam
  3. Balasan
    1. උරුමය කරුමය උනාදෝ

      Padam
  4. රාජ කුමාරයනුත්, සර්පයනුත්, ගින්දරත් සමඟ ක්‍රීඩා කිරීමේදී කුඩායැයි කියා නොසලකා නොහැරිය යුතුය.

    BalasPadam
    Balasan
    1. එහෙමත් බණ පොත් වල තියනවා

      Padam
  5. රජ කුමාරයා ත් ගිනිදල්ලත් සර්පයාත් කුඩා යැයි සිතා ලඝු නොකල යුතුය.
    මුන්ගෙ සක්කිලිකම අපි දන්නව. මහ එකත් මිනිස්සුන්ට එපා වුනේ මුන්ගෙ බලුකම් නිසා.

    BalasPadam
    Balasan
    1. බලය නිසා යහපත් මිනිසුන් ද වෙනස් වෙති

      Padam
  6. දිවි දුන් සකි සඳුනේ

    මේකේ තේරුම කවියට යොදලා තියන තැන ගැලපෙනවාද ?

    BalasPadam
    Balasan
    1. ඒක ඔහුගේ පෙම්වතියගේ පැත්තෙන් කරන ප්‍රකාශයක්

      Padam
  7. මරණ මතින් ගොඩයන්න දගලන ලාංකිය දේශපාලනය. පටන් ගැන්ම මෙය නොවේ. ඇඹිලිපිටිය සිසු ඝාතනය රිචඩ් සොයිසා ඝාතනය දයා පතිරණ ඝාතනය මේ හැම එකකින්ම වුණේ බංකොලොත් දේශපාලනයක් කරලියට පැමිණිම පමණයි. මහ පක්ෂ තුනම. මෙව්වට චූන් වෙනවට වැඩිය හොද නැද්ද ඇයි මේ මරණයක් වුණු සැනින් නීතිය හරියට ක්‍රියාත්මක නොවන්නේ ඇයි කියන සරළ කාරණයට හිත යොමන එක. උන් කළාම මුන් අදිනවා මුන් කළාම උන් අදිනවා. මේව දහන් ගැට ජනතාව අන්දන.

    BalasPadam
    Balasan
    1. උම්බෑ කියන්නෙ නැතුව හිටපං බං. මිනීමැරීම කවුරු කලත් වැරදියි. දයා පතිරණට රිචඩ් සොයිසට සූරියකන්දෙ ළමයින්ට එක්නැලිගොඩට ලසන්තට විජයට..... මේ හැම එකක්ම වැරදියි. ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමේ චේතනාවෙත් අවුලක් තියනව මටත්. සූරියකන්දෙ මිනී විකුණල එක්කෙනෙක් ආව. අද මේගොල්ල කරන වැඩෙත් විශ්වාස කරන්න අමාරුයි.
      නමුත්, යමක් කරනකොට උදැල්ල දාන එවුන් ඊට වැඩිය තක්කඩි. උන් හදන්නෙ දේශපාලනට උඩට දාල මිනීමරුවන් ආරක්ෂා කරන්න. උඹත් කරන්නෙ ඒක.

      Padam
    2. යකෝ රාජ් උඹනේ උම්බැ කියන්නේ.. මං කියල තියන දේ තේරුම් ගනින් පළමුව. මිණි මැරුම මොකා කළත් ඒක වැරදියි කියන තැන තමා මාත් ඉන්නේ. ඒවගේ දේ වුණාම පිළියම් යෙදිය යුත්තේ ඒ සිද්ධිය වූ අවස්ථාවලමයි. එසේ නොවි කල් ගිහින් ඒවා හොයනකොට චුන් නොවී එවන් දෙයක් වූ සැනින් ජනතාවක් හැටියට එක්ව විරෝධතා පාලකයන්ට දැක් විය යුතුයි. මං ඉතා කෙටියෙන් කියල තියෙන්නේ ඒ ටික. උඹත් මේ සටහන දිහා පාට කණ්නාඩියක් දාලා බැලුවා නේහ්. මෙතැන මං කිසිවකු නිවැරදි කර නෑ. මේ තුන්ගොල්ලම රිසි සේ මිනි මරා තියනවා නඩු නැතිව ඒවා යට ගිහින්. ඒ තර්කය විතරයි මං කර තියෙන්නේ.

      Padam
    3. නලින් අයියා ඔය කියන හැම අවස්ථාවකම ඒ සිදුවීම සිදු වූ විගස ඒ ගැන විරෝධය දක්වන්න ගියා නම් විරෝධතාකරුවන්ට වෙන දේ ගැන හිතාගන්න අමරු නැහැ නේද?

      තාජුදින් පැත්තකින් තියමු ලගම උදාහරණය ලසන්ත ඝතනය ගැන ඒ මොහොතේ මහින්දගේ රජයට විරුද්ධව කතා කරන්න තරම් නිර්භීත අය සිටියාද?එහෙම හඬක් නගපු අයට සුදුවැන් වලින් උත්තර ලැබුනේ නැතිද ?මේ වගේ දේවල් ගැන ඒ ආණ්ඩු ප්‍රභලව ඉන්න කොට විරුද්ධත්වය දක්වලා සියතින් ගෙල සිඳ ගන්න තරම් මිනිස්සු ක්‍රියා කරාවිද?

      Padam
    4. මම මිනීමැරීමට වගේම මිනී විකිණිල්ල යන දෙකටම විරුද්ධයි. ඒක තමයි ඉහලින් කියල තියෙන්නෙ. උඹ මෙතන කතා කරල තියෙන්නෙ මිනී වලින් දේශපාලන වාසි ගන්න එකක් ගැනනේ. උඹේ ලොක්කන්ට කියපං අනුන්ට සටන් පාඨ දෙන්නෙ නැතුව ඉන්න කියල. එතකොට උඹල මෙහෙම අමාරුවෙ වැටෙන්නෙ නෑනෙ.

      //ඒවගේ දේ වුණාම පිළියම් යෙදිය යුත්තේ ඒ සිද්ධිය වූ අවස්ථාවලමයි//
      ඒකත් කියපං තාජුදීන් මරපු එකාටම. ඌ නෙ සිද්ධියෙන් පස්සෙ අවුරුදු තුනක් රජකලේ.

      Padam
  8. තාජුදින් ගේ මේ හිනාව දකිනකොට මිනීමරුවාගේ හිත පිච්චෙන්නේ නැද්ද දන්නේ නෑ. මේ කතා විතරක් අහලත් මටනම් බලන්න අමාරුයි මේ පින්තුරය දිහා..

    BalasPadam
    Balasan
    1. හිනාවේ සිරියාවක් තියනවා

      Padam
  9. ඌ හරි ලස්සනයි , ඇවිදල දුහල පැනල ඉන්නකොට කොච්චර ලස්සනට ඉන්ඩ ඇද්ද ,

    BalasPadam
  10. //නුඹේ අම්මා නුඹ එනකන් සිටියාද
    පුතුගේ ප්රමාදයට හේතුව බැළුවාද
    නුඹේ මරණය ඇය හට කීවාද
    පුතෙක් නිසා මවක් කොපමණ තැවුනාද //

    මේ ටික හරිම දුකයි හිතාගන්ට බැරි තරම්...:(

    BalasPadam
    Balasan
    1. ඥාතීන්ට කොපමණ දුකක් ඒ සමගම බයක් දැනෙන්න ඇත්ද

      Padam
  11. Different evidence on same incidence :

    https://photos.google.com/share/AF1QipPw8EnGRQgNq3QZFW25HfdpgtqSL-_U8L2zV8GQEWFzM-2-B04ENnrj4gBMAhD1nQ?key=Z1ZsLTdqeUFabkh2b1BlNFlkd0FMNGphajB2aHp3

    BalasPadam
    Balasan
    1. The CID states that it was a murder , so who killed him ?

      Padam
  12. mewage dewal gena hoyannath alutenma patangamu

    BalasPadam
  13. බොහොම කඩවසම් තාරුණ්‍යය පිරුණු තරුණයෙක්... දැක්කම දුක හිතෙනවා.. ඔව්ව ඔවුන්ට හම්බවෙයි.. සොබාදර්මයෙන් හරි...

    BalasPadam
  14. කරුමේ කියන්නේ මුන්ට කර්මය ආපිටට එන්නෙත් උන්ගේ වාසියට. සැඟවුණු මෙවැනි අපරාධ සියල්ල එලියට ඇදෙන කාලය ඇවිත් වගේ.

    BalasPadam
  15. අපරාද තවත් එක ජීවිතයක්.. දේශපාලන හයිය අතට ගත්ත මිනිස්සු ඉන්න රටක ඉතින් මීට වඩා දේවල් නොවේවියි කියන්න පුළුවන්ද?

    BalasPadam
    Balasan
    1. මේ සිස්ටම් එක යටතේ බලයට එන ඕන කෙනෙක් මේවා කිරීමේ සම්භාවිතාවක් තියනවා .

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook