Sabtu, 4 Julai 2015

රණවිරුවාගේ සිට ඝාතකයාගේ භූමිකාව දක්වා




යාපනයේ මිරුසිවිල්හිදී දරුවන් දෙදෙනෙකු ඇතුළු ද්‍රවිඩ ජාතික  සිවිල් පුරවැසියන් අටදෙනකු අමානුෂික ලෙස ගෙල කපා ඝාතනය කිරීම ඇතුළු චෝදනා 17කට වරදකරු වූ යුද හමුදා මාණ්ඩලික සැරයන්  රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට මරණ දඬුවම නියමවී තිබේ. යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ විශේෂ විමර්ශන අනුඛණ්ඩයක සේවයේ යෙදී සිටි මෙම සෙබළා බොහෝ ක්‍රියාන්විත වලට සහභාගි වී ක්‍රියාන්විතයේදී තුවාලද ලබා සිටි යුද අත්දැකීම් බහුල  පුද්ගලයෙකි. මොහු මෙම ඝාතන කරන ලද්දේ ක්‍ෂිතිමය යුද ආතතියට ලක්වී සිටීම නිසා බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. එසේ නැතහොත් විශේෂිත දුර විහිදුම් ක්‍රියාන්විත වල යෙදුනු දක්‍ෂ සොල්දාදුවෙකු අමු අමුවේ ළමුන්ගේ බෙලි කපන්නේ නැත​. 

තිස් අවුරුදු යුද්දය නිසා මෙවැනි යුද ආතතියට ලක්වී සිටින සොල්දාදුවෝ බොහෝ දෙනෙක් සමාජයේ සැරිසරති. යුද ආතතියට පත් වූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා   විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මා ඇතුළු වෛද්‍යවරු කිහිප දෙනෙක් යුද හමුදා රෝහලේ ඒකකයක් ස්ථාපිත කලෙමු. මෙම ඒකකයට වෛද්‍ය සමන්ත වාකීෂ්ට , වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු වැනි වෛද්‍යවරුද පූර්ණ සහාය ලබා දුන්හ​. මෙම ඒකකය සාර්ථල ලෙස ක්‍ෂිතිමය යුද අත්දැකීම් වලට ලක් වූ  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවට (PTSD)  ගොදුරු වූ සොල්දාදුවන් රැසකට ප්‍රතිකාර ලබා දෙන ලදි. 

දිනෙන් දින ජනප්‍රිය වන මෙම ඒකකයේ සාර්ථකතාව නොඉවසූ ඉරිසියාව , කුහකකම සහ මෝඩකම ඉහට ගැසූ යුද හමුදා රෝහලේ එක්තරා අණ දෙන නිලධාරියෙකු විසින් මෙකී ප්‍රතිකාර ඒකකයට බොහෝ බාධා පමුණුවා අවසානයේදී එය වසා දමන ලදි. ඔහු සිතුවේ එම පියවර මගින් මෙම ඒකකයේ සේවය කරන ලද වෛද්‍යවරුන්ට කෙළවනු ඇතැයි සිතාය​. ඔහුගේ අනුමානය වැරදී ගියේය​. එම ඒකකයේ සේවය කරන ලද වෛද්‍යවරු අද දින ලෝකයේ ප්‍රධාන පෙලේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සේවය කරති. ඔහුගේ ක්‍රියාව නිසා  කෙළ වූයේ යුද්දයේ බර ඇද්දාවූ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක වැනි ගම් වලින් පැමිණි  යුද ආතතියට ලක්වූ සොල්දාදුවන්ටය​,  යුද ආතතිය නිසා ඝාතන සිදු කොට පසුව බෝගම්බර බන්ධනාගාරයේදී  දිවි නසාගත් මේජර් අනුරුද්ධ විජයබාහු වැනි නිලධාරීන්ටය​. 

2009 යුද්දය අවසානයත් සමග  මේ වන විට සොල්දාදුවෝ 400 අධික ප්‍රමාණයක් දිවි නසාගෙන තිබේ. බොහෝ සොල්දාදුවෝ මිනීමැරුම් ස්ත්‍රී දූෂණ වල යෙදී දඞුවම් විඳිති. යුද ආතතියට ලක්වී සිටින සොල්දාදුවෝ බොහෝ දෙනෙකු නිසි ප්‍රතිකාර රහිතව සමාජ ප්‍රචණ්ඩත්වයේ යෙදෙති. ඉදිරි කාලයේ තව තවත් රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක මේජර් අනුරුද්ධ විජයබාහු වැන්නවුන් මතු වනු ඇත​. 

මේ සමාජ ව්‍යසන වල​ට වග කියන්නේ කවුද ? 

සායනික අත්දැකීම් බහුල අන්තර්ජාතික අවධානයට ලක්වූ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  ඇතුළු අනෙකුත් වෛද්‍යවරුන්ගේ සේවය යුද හමුදාවට සහ යුද්දයේ බර ඇදි සොල්දාදුවන්ට අහිමි කළ ඉරිසියාව , කුහකකම සහ මෝඩකම යන තුන් දොසින් පිරි නිලධාරියා මේ සමාජ ව්‍යසන හමුවේ කියන්නේ කුමක්ද ? 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

24 ulasan:

  1. මෙවැනි තීරණ ගත යුත්තේ එවැන්නකින් සිදුවන ප්‍රතිලාභ හා පිරිවැය හොඳින් සලකා බලමිනි. පිරිවැය ප්‍රශ්නයක් නොවීනම්, ඔය කියන අණ දෙන නිලධාරියාගේ ක්‍රියාකලාපයට තර්කානුකූල හේතුවක් හෝ එයින් ඔහුට සැලසෙන වාසියක් මටනම් හිතාගත නොහැක. බොහෝ විට සිදුවන පරිදි කිසිදු ඇගයීමක් නොකර හිතුමතේ තීරණයක් ගත්තා විය හැක. එසේනම්, ඔහු වැනි අය පුහුණු කිරීමට (හෝ අවශ්‍යනම් ප්‍රතිකාර කිරීමටමත්) ක්‍රමයක් තිබුණානම් හොඳයැයි සිතේ.

    BalasPadam
    Balasan
    1. " ඔය කියන අණ දෙන නිලධාරියාගේ ක්‍රියාකලාපයට තර්කානුකූල හේතුවක් හෝ එයින් ඔහුට සැලසෙන වාසියක් මටනම් හිතාගත නොහැක" Econ ලංකාවේ සමහර තීරණ ගත හැකි නිල්ධාරීන් හුදු කුහක භාවය නිසා හානිදායක තීරණ ගනිති එසේම accountability වලින් මිදී යති

      Padam
  2. නමත් කියුවනම් වටිනව..
    මගේ දැනීමේ හැටියට අවාසනාවට ඔහුත් වෛද්‍ය වෘත්තිකයෙකුම විය යුතුයි. කෙසේ නමුත් මේ වගේ ඩිසිෂන් ගන්න බලය //යුද හමුදා රෝහලේ එක්තරා අණ දෙන නිලධාරියෙකු//ට වදා ඉහළ තලයකින් විය යුත්තක් බවයි මගේ හැඟීම..
    බදුල්ල රෝහලේ සේවය කරන කාලයේ වෛද්‍ය නීල් ප්‍රනාන්දු කීප වරක් දැක තිබෙනවා.. ඒ කාලේ මං පොඩියි. ඒත් මට හිතුනු දෙයක් තමයි ඔහුව දැක්කත් කෙනෙකුට 'සනීප' වෙන්න පුළුවන් බව. :)

    BalasPadam
    Balasan
    1. වෛද්‍ය නීල් ප්‍රනාන්දු ගේ සේවය යුද හමුදාවට අහිමි කිරීම ඉතා කාලකන්නි ක්‍රියාවක්

      Padam
  3. ඔබ කියන හමුදා රෝහලේ එක්තරා අණ දෙන නිලධාරියාත් යුද ආතතියෙන් පෙලුනා විය නොහැකිද?

    BalasPadam
    Balasan
    1. මගේ විශ්ලේශනය අනුව ඔහු පෙළුනේ ඉරිසියාව , කුහකකම සහ මෝඩකම යන තුන් දොසින්

      Padam
  4. I found a soldire with symptom suggestive of PTSD. Is there place to refer him.

    BalasPadam
    Balasan
    1. You can refer him to Dr Neil Fernando , Dr Sarah Panduwawala etc

      Padam
  5. Unprofessional conduct by superiors who do not understand the value but only the threat to their existence undoubtedly leads to this! It is the same in terms of child protection and other medical fields including cardiac surgery, and even intensive care!

    BalasPadam
  6. who is the culprit?

    BalasPadam
  7. මේ ලංකාවේ බොහෝ ආයතනවල තීරණ ගන්න ක්‍රමයයි.. එහෙත් යුද හමුදා රෝහල වැනි තැනක පස්චාත් යුද සමයේ මෙය සිදුවීම ඛෙද ජනකයි.. අපි මෙසේ කියා ඇත සෝදා ගැනීම නොවටී. වෙනස් කලයුතු තැන් වෙනස් කරවමු.. අපේ රටේ බොහෝ අයගේ හිස් මොළ සෝදා වෙනස් කල යුතුයි..

    BalasPadam
  8. මානසික ව්‍යාකුලතාවට පත් සෙබලා ජේතවන ස්ථූපයේ මුදුනට නගී.

    මානසික ව්‍යාකුලතාවයට පත් වූ යුද හමුදා කෝප්‍රල් වරයෙකු වූ ඩබ්ලිව් එම් වීරසිංහ පසුගිය 17 වැනිදා අඩි 408 උසැති ජේතවන ස්ථූපයේ මුදුනට නැග තිබේ. රුවන්වැලි සෑයේ කොත තමන්ගේ බවත්, එය සොරුන් ගෙන ඇතැයි ලැබුණු ආරංචි අනුව සොයා බැලීමට ජේතවන ස්ථූපයට ගොඩ වූ බව ඔහු විසින් පසුව ප්‍රකාශ කොට ඇත.

    මොහුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මියට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම හමුදා සාමාජිකයා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියම කරන ලදී. එසේම මහේස්ත්‍රාත්වරිය විසින් යුද හමුදා කෝප්‍රල්වරයා මානසික රෝග වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.

    යුද හමුදා රෝහලේ යුද ආතතියට ප්‍රතිකාර කල මධ්‍යස්ථානය බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසින් වසා දැමීමෙන් පසුව මෙවැනි මානසික ව්‍යාකුලතාවයන්ට පත් වූ සොල්දාදුවන් විසින් විවිධ සමාජ විරෝධී ක්‍රියා සිදු කොට ඇත.

    අප විසින් මේ සම්බන්දයෙන් විමසීමට නාරාහේන්පිට යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල මහතාට දුරකතනයෙන් කිහිප විටක්ම ඇමතු නමුත් ඔහු වෙනුවට දුරකතනයට පිළිතුරු දුන් වෙනත් නිලධාරියෙක් බ්‍රිගේඩියර් කමල් සුමනපාල මහතාට වැඩ කටයුතු අධික නිසා දුරකතනයට ඒමට නොහැකි බව පැවසිය.

    රණවිරු සෙවනේ සේවය කරන නම හෙළි කිරීමට අකමැති වූ තවත් නිලධාරියෙක් ප්‍රකාශ කලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාලගේ අන්තනෝමතික තීරණයක් මත මනෝ වෛද්‍ය නිල් ප්‍රනාන්දු මහතා විසින් යුද හමුදා රෝහලේ ආරම්භ කල යුද ආතතියට ප්‍රතිකාර කල මධ්‍යස්ථානය වසා දැමීම සමස්ත යුද හමුදාවටම කල ද්‍රෝහී කමක් බවත් මේ නිසා යුද ආතතියට පත් වූ බොහෝ සොල්දාදුවන් අසරණව සිටිනවී බවත්ය. සමහරෙකු මේ වන විට දිවි නසාගෙනද තිබේ.

    - දර්ශිනි විමලසුරිය


    http://www.hotandfastnews.com/2013/07/blog-post_19.html

    BalasPadam
  9. රණ විරුවන් රණ මැරයන් බවට පත්වීම

    http://www.boondi.lk/article.php?ArtID=2100

    BalasPadam
  10. ශ්‍රී ලංකා යුද හමුදාව නන්නත්තාර කල බ්‍රිගේඩියර්
    http://www.hotandfastnews.com/2013/11/blog-post_9515.html

    BalasPadam
  11. ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවේ නොලැබීම එක අණ දෙන නිලධාරියාත් සිදුවූ අභාග්‍යසම්පන්න සිදුවීමක්

    BalasPadam
    Balasan
    1. එය අභාග්‍යසම්පන්න සිදුවීමකටත් වඩා අසංවේදීතාව , කෙනෙකුගේ දක්‍ෂතා තමන්ට තර්ජනයක් බව සිතීම​, ආයතනයේ සුභ සිද්ධියට වඩා මමත්වය ඉරිසියාව ඉස්මතුවීම නිසා සිදු වූ දෙයක්

      Padam
  12. මෙවැනි කරුණක් බ්ලොග් ගත කිරීම ඉතාමත් අගෙයි.අදටත් බොහෝ රණවිරුවන් නිවෙස් කරා ආ විට බුම්මාගෙන බලාසිටීම හෝ කරටි කැඩෙන තෙක් මත්පැන් පානය ඔවුන්ගේ සිතේ ඇති 'දෙමෝලෙන් පිටි කෙටීම' විදහා දක්වන බව ගස්ලබ්බාගේ හැඟීමයි.එසේම සිවිල් ජනයා ඝාතනය කළ කොටි ත්‍රස්තවාදීන් සුදු පිරුවට හැඳගෙන ඔවුනට සිදුවූ මානවහිමිකම් අහිමි වීම් ගැන කෑ කෝ ගසන්නේද හිත වධ දෙන නිසාම විය හැක.දෙපාර්ශවයටම ප්‍රතිකාර ඇවැසිය.ඔව්.. වහාම ඇවැසිය.

    BalasPadam
    Balasan
    1. ගස් : අපේ ර​ෙට් කුහකකමට තීරණ ගන්නා නිලධාරීන් තුල දක්‍ෂතා නැහැ එසේම ඔවුන් තමන් විසින් ඉරිසියාව කුහක භාවය මත පදනම්ව ගන්නා තීරණ වලට වගකීම ගන්නෙත් නැහැ. ඒ නිස්ස් අප ඔවුන්ව නිරාවරණය කළ යුතුයි. අනාගතයේ මෙවැනි දේ නොකරන්නට.

      Padam
  13. ඔබ නොකියා ඇති දේවල් මීට වඩා භයානක තිත්ත ඇත්ත සහිත බව මා දන්නවා. මා හිතන්නේ නැහැ යලිත් මෑත කාලයේදී හමුදා රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය විවෘත වෙයි කියා. මම මේගැන වරක් Brig. N A සමග කතාකලා. නමුත් ඇයත් අසරණ බව පෙණුනා.

    BalasPadam
    Balasan
    1. විචාරක මහත්මයානෙනි , යුද ආතතිය නිසා රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක මේජර් අනුරුද්ධ විජයබාහු වැන්නවුන් විසින් ඝාතනය කළ අසරණයන් ගේ ජීවිත -අනාත වූ පවුල් ගැන වගකීම ගන්නේ කවුද ? එක්තරා ආකාරයකට සුනිල් රත්නායක , මේජර් අනුරුද්ධ විජයබාහු වරදකරුවන් නොවේ. ක්‍ෂිතිමය ආතතියෙන් පෙළුණු ඔවුන්ට ප්‍රතිකාර ලබා ගැනීමට මං ඇහුරා දැමීම ගැන වගකීම ගන්නේ කවුද ? ඔවුන් මිනීමරුවන් වීමෙන් අසරණ වූ ඔවුන් ගේ දරු පවුල් ගැන වගකීම ගන්නේ කවුද ? උක්ත නිලධාරියාට මේ වගකීම් වලින් ගැලවී යාමට යුද හමුදාව ඉඩ දෙන්නේ මන්ද ? හැකි නම් ඔබගේ මීලඟ ලිපිය මගින් මේ විපරීතය ගැන දැණුවත් කිරීමක් කරන්න

      Padam
  14. සේවය හැර ගිය සෙබලුත් ඉන්නව සාමාන්‍ය සමාජයේ ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ

    BalasPadam
  15. http://sinhala.lankanewsweb.net/index.php/features/2013-07-01-07-49-32/17634-2015-07-06-21-52-46

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook