Isnin, 27 Julai 2015

කාලයේ වැළිතලාවට යටවී ගිය ලේඛකයෙකු ගැන කෙටි සටහනක්

  


ජොනී ශ්‍රී වර්ණසිංහ ගැන වර්තමාන පාඨකයන් අසා ඇත්තේද යැයි මට සැකයක් තිබේ. ජොනී ශ්‍රී වර්ණසිංහ  යන නම යොදා ගූගල් සෙවුමක් කල විට ලැබුනේ කුරුණෑගල ජොනී පිලිබඳ විස්තර මිස මේ ලේඛකයා ගැන නොවේ. ඒ නිසා රන බළලුව නම් ලමා කථාව ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ ලේඛකයා පාඨකයන් ගේ මතකයෙන් සදහටම ඈත් වී යාමට පෙර ඔහු ගැන කෙටි සටහනක් ලිවීම සුදුසු බව සිතේ. 

රන බළලුව පොත මා කියවූයේ ඉතා කුඩා කාලයේදීය​. ඒ වන විට මා දෙකේ පන්තියේ ඉගෙනුම ලැබුවා විය හැකිය​. කුඩා ලමයෙකු සහ පිට ග්‍රහලෝකයෙකින් පැමිණි අපූරු පූසෙකු පිලිබඳ ඒ කථාව ලමා සිත් චමත්කාරයට පත් කලේය​.ජොනී ශ්‍රී වර්ණසිංහ රන බළලුව පොත  ලියූ කාලයේ ET චිත්‍රපටය නිර්මාණය කල ස්ටීවන් ස්පිල්ට්බර්ග් උසස් පාඨශාලා සිසුවෙකු වන්නට ඇති. 

රන බළලුව පොත  ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ මගේ පියාගේ මිතුරෙකු විය​. නමුත් ජොනී හෝ වැඩිහිටියන් කිසිවෙකු රන බළලුව ගැන අප ඉදිරියේ කථා නොකලේය​. රන බළලුව පොත ලිව්වේ ජොනී අන්කල් බව මා දැනගත්තේ බොහෝ කාලයකට පසුවය​. ඒ වන විට (1982) ජොනී ශ්‍රී වර්ණසිංහ  හෝටල් කර්මාන්තයට අවතීර්ණව තිබුනි. ඔහුගේ බිරිඳ වුයේද ප්‍රන්ස කාන්තාවකි. ඉංග්‍රීසියෙන් සහ ප්‍රන්ස භාශා වලින් නිතර කථා කල ජොනී අන්කල්  මා කුඩා කාලයේ එනම් 1974 කාලයේ පමණ ආශාවෙන් කියවූ රන බළලුව පොත ලියූ ලේඛකයා බව අහම්බයෙන් දැන ගත් විට මට විශාල විශ්මයක් දැනුනි. ඉංග්‍රීසියෙන් සහ ප්‍රන්ස භාශාවෙන් ඉතා චතුරව කථා කරන මේ පුද්ගලයා ලමා මනසට ගෝචර වන පරිදි කදිම සිංහල වචන යොදා ගනිමින් රන බළලුව පොත ලියූ බව අදහා ගැනීමටවත් නොහැකි විය​. 

සමකාලීන ලේඛකයන් ගෙන් සහ විචාරකයන් ගෙන් දිරිමත් කිරීමක් නොලැබූ ජොනී ශ්‍රී වර්ණසිංහ පොත් ලිවීම අත් හලේය​.තවද ජොනී ශ්‍රී වර්ණසිංහ ජනතා ලේඛක සංගමයේ ලේඛකයෙකු නොවූ නිසා ලේඛකයන් මත අණසක පතුරවා සිටි බලධාරීන් ද ඔහුව ගාම්භීර ලේඛකයෙකු ලෙස සැලකුවේ නැත​. සිංහල ළමා සාහිත්‍යයේ දිදුලන මිණි කැටයක් වූ  රන බළලුව ගැන ජොනී අන්කල් කථා කරනවා මා අසා නැත​. 1984 පමණ කාලයේ රන බළලුව පොත ගැන  මම පියා මාර්ගයෙන් ජොනී අන්කල් ගෙන් විමසුවෙමි. ඔහු දුන්නේ ඉතා උදාසීන පිලිතුරකි. අපේ කාලයේ දහසක් ලමුන් චමත්කාර ලෝකයකට ගෙන ගිය රන බළලුව  පොත ගැන එහි නිර්මාතෘ තුල තිබුනේ මිශ්‍ර හැඟීම් ය​. 

ජොනී ශ්‍රී වර්ණසිංහ තවමත් ජීවතුන් අතර සිටිනවා  යැයි  මම නොසිතමි. ඔහු ප්‍රන්සයේදි අප්‍රකටව මිය යන්නට ඇත. නමුත් රන බළලුව පොත කියවූ  දහසකුත් පාඨකයන් තුල ජොනී ශ්‍රී වර්ණසිංහ මැවූ චමත්කාරය තවමත් පවතී.ඒ නිසා  මේ පොත යළි මුද්‍රණය කොට වර්තමාන ලමා පරපුරටද රන බළලුව කියවීමට ඉඩ සැලසීමට යමෙක් උත්සහයක් ගන්නේ නම් මැනවි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

(ඡායාරූප ස්තූතිය විචාරකතුමාට)

24 ulasan:

  1. Is this book available in shops

    BalasPadam
  2. he ( Sri Warnasinghe ) had purchased a BIG bike from a German Submarine captain after the war and had a bad accident which broke his leg and he was limping afterwards. ( The bike was said to be bigger than any thing available at that time , allowing about 6 people to get in to it.

    BalasPadam
    Balasan
    1. He had a shop selling antiques near Vishaka Road with his French wife . ( 1969 ) Dark tall man with a limp and a friendly smile. ( Near Gall road ) . he used to walk with a cane, very talented writer. ( The shop is no more )

      Padam
    2. Yes you are absolutely correct about the description

      Padam
  3. මාර විදිහට හිතට දැනුනා. කොයිතරම් හොඳ පොතක් ලිව්වත්, අධිපතිවාදීන්ට යටපත් වෙලා පොත් ලිවීම අත්හැරිය එක...

    BalasPadam
    Balasan
    1. මේ අධිපතිවාදීන් ජී බී සේනානායක වැනි ලේඛකයන් පවා නැති කර දැම්මා

      Padam
  4. මේ කතාව මම කියෙව්වා කියලා හීනෙන්වගේ මතකයි. ඒක එච්චර ප්‍රභල මතකයක් නෙවෙයි. ආයෙ දැක්කොත් ඔන මතකය අලුත් වේවි.

    BalasPadam
    Balasan
    1. විචාරකතුමාගේ blog එකේ තමයි මුලින් පළ උනේ

      Padam
  5. මා නම් කියවා නෑ.

    මොකක් ද මේ "රන" කියන්නේ? රණ යන වචනය වෙන්න බෑ නේද? බළලුව නම් සිහි කරන්නේ රුදුරු බලුව නම් කතාවයි.

    මේ පොත එතරම් රසවත් නම් ඔබට කළ හැකි හොඳ දෙයක් තමයි, අවසර අරගෙන නැවත මුද්‍රණය. ලී හාවි ඔස්වල්ඩ් සිටි තැණ සොයා ගත්තා නම්- ජොනී ශ්‍රී වර්ණසිංහ ගේ පැරිස් තොරතුරු සොයා ගැනීම මහ දෙයක් නොවෙයි නේද?

    ඔය කාලේ මා නම් කියෙව්වේ ගුණසේන පොත්. ගුණසේන ළමා පොත් සමාජය කියා එකක් තිබුණා තැපැල් මගින් පොත් ගෙන්වා ගන්න හැකි. මේ පොත කාගේ ප්‍රකාශනයක් ද?

    පිටුවක් දෙකක් උපුටා දාන්න බැරිද?

    BalasPadam
    Balasan
    1. රන බළලුව සොයාගතිමි (පළමුවැනි කොටස) http://wicharaka.blogspot.ca/2014/01/blog-post_14.html
      රන බළලුව සොයාගතිමි (දෙවැනි කොටස) http://wicharaka.blogspot.ca/2014/01/blog-post_18.html

      Padam
  6. /* ජොනී ශ්‍රී වර්ණසිංහ යන නම යොදා ගූගල් සෙවුමක් කල විට ලැබුනේ කුරුණෑගල ජොනී පිලිබඳ විස්තර මිස මේ ලේඛකයා ගැන නොවේ. */

    Look what I found.

    http://www.petit-prince-collection.com/lang/show_livre.php?lang=en&id=1652

    BalasPadam
    Balasan
    1. ඒ පොතත් හොයාගන්න බැහැ වගේ රසික. මට පෙනෙන්නේ ඔහු ග්‍රන්ථ කර්තෘ වරයකු වගේම හොඳ පරිවර්තකයකු බවයි.

      Padam
    2. මේ පොත මම දැකලවත් නැහැ

      Padam
  7. එකම එක සිංදුවක් විතරක් ලියල ඒ ගීතය ඉතාමත් ජනප්‍රිය වුන ගීත රචකයො ලංකාවේ ඉන්නවා. වොලී නානායක්කාර - ‘‘සඳකඩ පහනක කැටයම් ඔපලා“

    BalasPadam
    Balasan
    1. සිරසේ එක සිංදුවක් කියලා විශාරද ලෙවල් එකට උණ ගන්න අය ඉන්නවා

      Padam
  8. ඇත්තෙන්ම නිසි ඇගයීමකට ලක් නොවුණු දක්ෂ ලේඛකයෙක්. අවාසනාවකට මෙන් ඔහුගේ සමකාලීනයන් අන්තර්ජාලය පරිහරණය නොකරන අය වෙන්න ඇති. පරිහරණය කලත්, සිංහල බ්ලොග් අඩවි නොබලන අය වෙන්න ඇති. ඔහුගේ තොරතුරු හොයාගත්තොත්, ඔබට පුළුවන් වෙයි රසවත්, දීර්ඝ, ලිපියක් ලියන්න.

    BalasPadam
    Balasan
    1. ඔහු ගේ මේ පොත යළි මුද්‍රණය කිරීමට සුදුසුයි

      Padam
  9. ඔයාට පුලුවන්නම් ඕක pdf එකක් කරලා ප්‍රසිද්ධ කරන්න.

    BalasPadam
  10. විචා මාමා කලින් ඔය ගැන කතා කරපු නිසා මාත් පන දාගෙන පොත හෙව්ව ලැබුනේ නෑ

    BalasPadam
  11. ජොනී ශ්‍රී වර්ණසිංහ 1980 දශකයේ අග භාගයේ ප්‍රංස විප්ලවයේ රසකතා නම් පොතක් ලිව්වා - ඒ මා සතුව පවතිනවා

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook