Isnin, 20 Julai 2015

මොහාන් ලාල් ග්‍රේරෝ මහතා මා පන්තියෙන් නෙරපූ දා


 එය 1984  කාලයයි. මා එවකට කොළඹ   නාලන්දා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියෙමි. උසස් පෙළ අධ්‍යාපනය සඳහා අතිරේක පන්ති වල අවශ්‍යතාව එකල තදින්ම තිබුණි.   උසස් පෙළ භෞතික විද්‍යාවට  මා  ගියේ  මොහාන් ලාල් ග්‍රේරෝ සර් පැවැත්වූ නුගේගොඩ රේල්වේ  ඇවනිවුහි  අතිරේක පන්තියටයි. එම පන්තිය පැවැත්වුයේ සිකුරාදා දිනවලය. පාසල අවසන් වූ වහාම මොනවා හෝ ගිල දමන අප බස් රථයක එල්ලී නුගේගොඩට යන්නේ ග්‍රේරෝ සර්ගේ භෞතික විද්‍යා පන්තියට සහභගි වීමටයි. ඔහු එවකට විශ්ව විද්‍යාලයෙන් පිටවූ උපාධිධාරී ගුරුවරයෙකි. සිසුන් 200 -250 පමණ සහභාගී වන මෙම පන්තිය ග්‍රේරෝ ගුරුතුමා  අමතන්නේ   මයික්රෆෝනයක ආධාරයෙනි. 
ග්‍රේරෝ මහතා දක්ෂ  ගුරුවරයෙකි. ඔහු භෞතික විද්‍යාව වැනි සංකීර්ණ   විෂයක් සරල අන්දමට තේරුම් කොටස් සිසුන්ට ඉගැන්විය. අද   දිනයේ  පවා එදා ඔහු කල ඉගැන්වීම තවමත් අපගේ මතකයේ රැඳී තිබේ.   මට හමුවූ දක්ෂ ගුරුවරුන් අතර ග්‍රේරෝ මහතා නිතැතින්ම සිටයි. ඔහු කුඩා රෝනියෝ මැෂිමක ආධාරයෙන්  භෞතික විද්‍යා විෂය කොටස් සඳහා නිබන්ධන  මුද්‍රණය කොට දුන්නේය. අප මෙම නිබන්ධන  ප්‍රවේසමට තබාගෙන පාඩම් කළෙමු. ග්‍රේරෝ මහතාගේ පන්ති නොයන සමහර සිසුන් ද මෙම  නිබන්ධන අපගෙන් ඉල්ලාගෙන පාඩම් කළහ. 
ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් බොහෝ විට පන්තියේ ඉඳ   ගත්තේ එකටය. මගේ පේලියේ නාලක ගුණවර්ධන (ඔහු දැන් විද්‍යා ලේබකයෙකි) රවී  විජේවර්ධන (වර්තමානයේ නිර්වින්දන වෛද්‍යවරයෙකි) , ජගත් ලීලාරත්න (ජනාධිපති පදකම්ලාභී බාලදක්ෂයෙකි) සිටියහ. ඉඳහිට අප ඒකාකාරිත්වය මකා ගැනීම සඳහා ග්‍රේරෝ සර්ට  විහිළු කළෙමු. ග්‍රේරෝ සර් ද හොඳ විහිළු කතා කියන්නෙකි. නමුත් පන්තියේ ළමුන් සූ යන හඬ පතුරන විට ඔහුගේ ඉවසීම බිඳී යයි. මෙලෙස ළමුන් සූ හඬ පතුරවන්නේ ප්‍රමාද වී එන කෙල්ලන්ටය.   ප්‍රමාදවී පන්තියට එන ගැහැණු ළමයි කොල්ලන්ගේ සූ හඬ මධ්‍යයේ කඩිනමින් පන්තියට පැමිණ කොහේ හෝ තැනක වාඩි  වෙති.  
බස්නායක අපගේ යාබද පන්තියේ සිටි මිතුරෙකි. ඔහු නාහෙට නාහන ඕනෑම අවදානම් වැඩක් කරන නහර කොල්ලෙකි. ඔහුද මෙම අතිරේක පන්තියට පැමිණෙයි.  වරක් භෞතික විද්‍යා පන්තියේ මා පසුපස සිටි බස්නායක පරක්කු වූ පැමිණි කෙල්ලෙකුට සූ හඬ දැම්මේ මගේ පිට ප්‍රදේශයට මුවා වෙමිනි. යාන්ත්‍ර විද්‍යාව උගන්වමින්  සිටි ග්‍රේරෝ මහතා මා දෙස බලා ” ඔය සූ කාරයා  නිස්සබ්ද වෙන්න ” යැයි කිවේය. බස්නායක නිහඬ විය. ග්‍රේරෝ සර් ඉගැන්වීම දිගටම කරගෙන ගියේය. මේ අතරවාරයේ තවත් සිසුවියක් ප්‍රමාද වී ආවාය.  බස්නායක වහාම මගේ පිටට මුවාවී සූ පාරක් ඇරියේය. එවර ග්‍රේරෝ සර් කෙලින්ම මා දෙස බැලිය. එම දිනයේ මම ඇඳ සිටියේ නිල් පැහැති කමිසයකි. 
” කෝ ඔය නිල්පාට   ෂර්ට්කාරයා නැගිටිනවා ” ග්‍රේරෝ සර් විධානයක් දුන්නේය. මම බයෙන් බයෙන් නැගිට්ටෙමි. බස්නායක කීකරු විනීත සිසුවෙකු සේ අභ්‍යාස පොත දෙස බලාගෙන ගණන් සාදයි.   බස්නායක හැර මුළු පන්තියම මා දෙස බලා සිටිති. 
“ඔය සූ කාරයා එලියට යනවා ” ඔහු මාව පන්තියෙන් එලියට දැමිය. මට බස්නායක පාවා දී පන්තියේ රැඳී සිටීම තිබුණි. නමුත් සගයන් පාවා නොදෙන ගතිය  නිසා මම නිහඬව මගේ පොත් අතට ගෙන පන්තියෙන් එලියට ගියෙමි. 
එලියට ගිය වහාම සර්ගේ  ටියුට් බෙදන සහ මාසික  කාඩ් කපන සහයකයා මට කතා කළේය. 
“ඔයා ඉන්ටවල් එකේදී සර්ට සොරි කියලා ආපහු පන්තියට යන්න, සර් කැමති නැහැ උගන්වනකොට බාධා කරනවට “
 ඔහුද සිතන්නේ මම ශබ්ද කල බවයි. මම කිසිවක් නොකීවෙමි. විවේක කාලය වන තෙක් එතැන රැඳී සිටියෙමි. විවේකයේදී සර් කාමරයට ගිය වහාම මම  ඔහුව හමු වීමටගොස්  සත්‍ය ප්‍රකාශ කලෙමි  නමුත් ශබ්ද කල සිසුවා අල්ලා දීමට නොහැකි බව කීවෙමි.  ග්‍රේරෝ මහතා මා දෙස බලා සිනාසී යලි මට පන්තියට යාමට අවසර දුන්නේය.
 මම බස්නායක පවා නොදුන්නේ පවා දීම අවලස්සන ක්‍රියාවක් නිසා සහ පවා දුන්නේ නම් පසුවදා බස්නායකගෙන් ගුටි පුජාවක් ලැබෙන නිසාය. මම පන්තියට ගිය වහාම බස්නායක   “සොරි මචන්  මගේ සූවට උඹ මාට්ටු උනා නේද යැයි ඇසිය. මම නිහඬව මග ඇරුනු සටහන් ලියා ගත්තෙමි.  එම සිද්ධියෙන් පසු බස්නායක සිටින පේලියක්  අසලවත් මා ඉඳ නොගැනීමට වග බලා ගත්තෙමි. ඉන් පසු බොහෝ විට මම තෝරා ගත්තේ ඉදිරි  පේළියයි. 
පසු කාලයක මොහාන් ලාල් ග්‍රේරෝ මහතා දේශපාලනයට  අවතීර්ණ වූ බව මට  අසන්නට ලැබුණි. නමුත් මා වඩාත්ම කැමති  මොහාන් ලාල් ග්‍රේරෝ යන දේශපාලකයාට වඩා  මොහාන් ලාල් ග්‍රේරෝ ගුරුවරයාටය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

34 ulasan:

  1. හරිම ලස්සනයි.. චිත්තරපටියක් වගේ සියලු ටියුෂන් ගුරුවරුන් හා පන්ති, ලමයි, ගෑනු ලමයි, වැඩ කිඩ මතක් වීම නිසා ඒ රසයේද තව දුරටත් හිත දුවවමින් සිටිමි... අපෙත් හැම ගුරාටම ඔය සූව අරහං අප්පා.. පාවාදීම වැරැද්දක් වෙන්නේ ලොකු වෙන කොට. පොඩි කාලේ කොයි තරං පාවාදීම් කරනවද මන්දා මං කිව්වේ 1 -3 වසර වලදී. පැන්සල ගත්තත් ටීචර්ට කියන්නේ අරයා ගත්තේ මෙයා ගත්තේ කියලා.. ජය වේවා.. ග්‍රෙෙරා් සර් ඉගැන්වීමට දක්ෂ බව සත්තයි.

    BalasPadam
    Balasan
    1. බයෝ කරන අයට පිසික්ස් ටියුෂන් නැතුවම බෑ නේද?

      මං නං පිසික්ස්වලට ටියුෂන් ගියේ නෑ හා සමානයි. ගියේ තෝරා ගත් මාතෘකා සාකච්ඡා වෙන පන්ති කිහිපයකට විටින් විට පමණයි.

      Padam
    2. බයෝ කරන අයට නොදිරවන සබ්ජෙක්ට් එක තමයි පිසික්ස්. මොකද ඒ කාලේ අනිත් තුනම කට පාඩං ඒවා නිසා පිසික්ස් කට පාඩං කරන්න ගිහින් ඇනගන්නවා. ඒ වගේම මැත් අයට අවුල කෙමිස්ට්‍රි. අනිත් තුනම තර්කෙනේ ගොඩ දාලා කෙමිස්ට්‍රි එකත් ඒම කරන්න යනවා. ඉතිං ඇනෙනවා.. හැක්.. මම නං ඉතිං බයෝ කරපු එකෙක් නෙමෙයි..

      Padam
    3. ඒකනං එහෙම තමයි

      Padam
  2. This is nice. Your behaviour has been first class even as a student.

    BalasPadam
  3. මමත් ග්‍රේරෝ සර් ගෙන් ඉගෙන ගෙන තියනවා. ඉතා දක්‍ෂ ගුරුවරයෙක් ඊටත් වඩා හොඳ මනුක්‍ෂයෙක් ඒත් දේශපාලනය ගැන නම් දන්නෙ නෑ.

    BalasPadam
    Balasan
    1. ග්‍රේරෝ සර් දක්‍ෂ ගුරුවරයෙක්

      Padam
  4. /* ඉන් පසු බොහෝ විට මම තෝරා ගත්තේ ඉදිරි පේළියයි. */

    මට මතකයි 11ශ්‍රේණියට යන කොට මට ලැබුණේ පිටුපස අසුනක්. අන්තිම වෙනකොට දෙ පැත්තේ හිටිය උං දෙන්නා යි මායි විරසක වුණා.

    ඊලඟ වසරේ මං පැනලා ගිහින් දොලහේ පන්තියේ දකුණු පස ඉස්සරහාම පේලියේ වාඩි වුණා. (දන්න අය සඳහා, මේ අර පස්මහල් ගොඩනැගිල්ලේ ආවර්තිතා වගුව තියෙන පන්තිකාමරයයි.) ඒක මං සිතා බලා ක්‍රියාත්මක කරපු ඉතා හොඳ තීරණයක්.

    BalasPadam
    Balasan
    1. සිත අතීතයට ගියා, තව කරුණක් මතක් වුණා, එකොලෙස් වෙනි ශ්‍රේණියේ දී මගේ දෙපස සිටි දෙනොම කටුබැද්දේ ගියා එක් අයෙකු එන්ඩීටීවලට, අනෙකා දෙවෙනි වර විභාගයෙන් ඉංජිනියරින්වලට.

      දොළහ පන්තියේ දෙපස මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකු විභාගේ අත හැරියා, අනෙකා දෙවෙනි වර ප්‍රතිඵලවලින් විද්‍යා පීඨයට ගියා.

      පන්තියේ ඉස්සරහා ඉඳ ගැනීම ප්‍රමාණවත් අවශ්‍යතාවක් පමණයි, අනිවාර්ය අවශ්‍යතාවක් නොවෙයි!!!

      Padam
    2. ඉස්සරහ ඉඳ ගැනීම මගින් අවධානය වෙනතක යාම වැලකෙනවා

      Padam
  5. හරබර ශාස්ත්‍රීය ලිපි අතරට පළවෙන මේ වගෙ සරළ ලිපි හරියට කරවිල , සම්බෝලෙකට දාපු තක්කාලි පෙත්තක් වගේ. :D

    BalasPadam
    Balasan
    1. කරවිල , සම්බෝලෙකට දාපු තක්කාලි පෙත්තක් වගේ ha ha ha නියම කතාව

      Padam
    2. කරවිල තිත්ත වුනාට හරිම ගුණයි කියනවනේ රුවන්. කොච්චර ගුණද කියනවනම් හපන්නත් ඕනෙ පරිස්සමෙන්ලු මොකද දත් කැඩිලා යන්න පුලුවන් නිසා ඒකෙ අඩංගු රත්තරං වලට. හොඳ දේවල් ලබාගන්න දුක් විඳින්න ඕනෙ නිසා තමයි කරවිල ඔව්වර තිත්ත. ඒ නිසාමයි කරවිල රසට හැමෝම කැමති නැත්තේ. හොඳ රසවින්දනයක් තියෙන උන් තමයි කරවිල කන්නේ. :D

      Padam
    3. ඩූඩ් අන්න නියම කතාව! මම ආසම කෑමක් කරවිල සම්බෝලේ..ඔය තක්කාලි පෙත්තේ කතාව දැක්කම ආයෙත් කන්න හිතුණා...:D

      Padam
    4. සහතික ඇත්ත​

      Padam
  6. ග්‍රේරො සර් පන්ති කරන්න පටන් ගත්තෙ අපි ඉන්න කාලෙ. ඒ කාලෙ එක පන්තියකට විස්සකට වඩා ගත්තෙ නෑ. මුල්ම කාලෙ රාජා කියල සර් කෙනෙක් ගාවට ගිහින් අයෙත් ග්‍රේරො සර් ගාවට අපි ගියා මතකයි. සුන්දර අතීතයක්.

    BalasPadam
    Balasan
    1. Chandi මම ඇත්තටම ග්‍රේරෝ සර් සහ සේනාරත්න සර් ලඟට ගියා. සේනාරත්න සර් ගේ විද්‍යුතය නියමයි. ඒ වගේ ග්‍රේරෝ සර් ගේ ආලෝකය කොටස මරු

      Padam
  7. ගස්ලබ්බත් ටියුෂන් නම් ගියා බරට.හැබැයි ඉඳගන්නෙ පිටිපස්සෙ බිත්තියට පිට දීලා.ඇත්තටම එතන ඉගනගන්න කෙනෙකුට සුදුසු තැනක් නෙමෙයි කියන එක ඇත්ත.වැරැද්දක් කරලා අහු උනාම විතරයි ඉදිරි පෙලක ඉඳල තියෙන්නෙ.හැබැයි ඒ පාඩම් බොහොම ලේසියෙන් ඔලුවට ගියා... වධානයෙන් වැඩි කොටසක් පාඩමට යොමු වන නිසා.ඒත් හෙන කම්මැලියි.. අතීතයට අත දිගු කරන ලිපියක්.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ගස් , මට මතක් වෙනවා ඉරිදා දවල් 2 ට කර අව්වේ රොටරි හෝල් එකේ ටකරං යට දෙව් රුවන් සර් ගේ රසායන විද්‍යාව පන්තියේ හිටපු හැටි. නමුත් අවධානය අරගෙන පන්තිය කරන්න දෙව් රුවන් අල්විස් සර් සමතෙක්

      Padam

  8. ඔයිට අවුරුදු බර ගානකට පස්සෙ මමත් ග්‍රේරෝ සර්ගෙ (මීයා ) පිසික්ස් ක්ලාස් ගියා. දෙහිවල. ඔන්න එක දවසක් හිටිගමන් පන්තිය අතරමග CID කියල සෙට් එකක් ඇවිත් සර්ව ගෙනිහිල්ල. කාඩ් කපන එකා අපිට ගෙදර යන්න කිවුවා.

    උගන්නනකොට ඉදල හිටල කුණුහරපත් ඇද බානවා. බෝඩ් එකේ ස්වයං ප්‍රේරණය (චුම්භකත්වය ) කියල ලියල. මොකක්ද ළමයි අද අපේ පාඩම " ස්වයං" කියල නවත්තනව කොල්ලො "වින්දනය" කියල කෑ ගහනවා.

    ඉදල හිටල මල පණිනවා එදාට ඉවරයි. අහං ඉන්න එපාවෙන විදියට බනිනවා.

    දවසක් එකෙක් කාසියකින් යකඩ පයිප්පෙකට තට්ටුදදා හිටියා පන්තිය වෙලාවෙ. සර් ඕක නවත්තන්න කියල සැරයක් කිවුවා. අරු නැවැත්තුවෙ නෑ. ඊලගපාර "ඔය තට්ටු කරන එකා උන්ගෙ අම්මට හම්බ වෙන්න මාස නමයකට කලින් උන්ගෙ ගෙවල් පැත්තෙ බොම්බයි මොටයි කාරයෙක් ගිහින් තියනව කියල කිවුවා." පන්තියම අරු දිහෑ හැරිල බැලුවා ඔක්කොම සද්ද එතනින් ඉවරයි"

    ග්‍රේරෝ සර් ෆී කාඩ් දෙන්නෙ නෑ කියල ඒකාමෙ මතයක් තිබ්බ. ඇත්තද දන්නෙ නෑ

    කොහොම උනත් සර්ගෙ ගොඩක් කෝස් යුනිට් හොදයි. ට්යුට් වල ගණන් ලොට් එකක් දාල තිබ්බට හදන්න කියන්නෙ ටිකයි. සමහර ගණන් වැරදියි. සමහර ඒවා අදාල නෑ.

    එක පාරක් කොල්ලෙක් ප්‍රශ්ණයක් ගෙනැත් තිබ්බ සර්ට හදාගන්න බැරි උනා. සර් කිවුවා "ලමයි මට මේක හදන්න ක්‍රමයක් කල්පානාවෙන්නෙ නෑ ඊලග දවසෙ කියන්නං කියල" පස්සෙ දවසෙ ඒක විසදුවා.

    කොහොම උනත් AL ගොඩ දාගෙන කැම්පස් යන්න, ජීවිතේ වෙනස් කරගන්න සර් කරපු උදවු වලට පිං.....





    BalasPadam
    Balasan
    1. පැණිකු මම දවසක් UFO ගැන ප්‍රශ්න අහලා එදා ඉඳන් මට කියන්නේ පියාඹන පීරීසි කාරයා කියලා.

      Padam
    2. අපේ කොල්ලෝ ඒ කාලේ මාර වැඩ කරනවා. හතර දෙනෙක් එකතු වෙලා කාඩ් 3 අරගෙන එක සතියක එක කොල්ලෙක් කියනවා කාඩ් එක අමතක උනා කියලා. ඊලඟ සතියේ අනෙකා. මෙහෙම සීට්ටු ක්‍රමයට කරලා එක කාඩ් එකක සල්ලි වලින් ෆිල්ම් බලන්න යනවා. පළවන කාර්තුවේ ග්‍රේරෝ සර්ට, ඊලඟ කාර්තුවේ දෙව් රුවන් සර්ට මේ විදියට විශයන් හතරටම සීට්ටුව දාලා කොල්ලෝ ෆිල්ම් 4-5 බලනවා

      Padam
  9. ටියුෂන් ගියේ නැහැ. අන්තිමට බණ්ඩාර ගේ රිවිෂන් ක්ලස්ස් එකකට දෙකකට ගිය '83 විභාගෙට කලින්. මේ වගේ අත්දැකීම් මරු.

    BalasPadam
    Balasan
    1. තව හොඳ කතා තියනවා වෛද්‍ය පාරේ පන්තියේ නමුත් බලධාරියා විසින් කපයි

      Padam
  10. ක්‍රෝම් වල මේ අකුරු පේන්නේ නෑ. බොඳවෙලා වගේ. පොඩ්ඩක් බලනවද?

    BalasPadam
    Balasan
    1. බලන්නම් , ඔබේ ඊ මේල් එක transyl2014@gmail.com එවන්න ලිපිය එවන්නම්

      Padam
  11. ග්‍රේරෝ සර් අපි ටියුෂන් යන කාලේ වෙද්දි නම් ටියුෂන් දීම නවත්තලා ගොඩක් කල්.ඒත් පවුලේ වැඩිහිටියෝ රස කතා කියනවා එයා ගැන..:D

    BalasPadam
    Balasan
    1. ග්‍රේරෝ සර් ගේ වචන සෙට් කීපයක් තියනවා තද උනාම , "කාණු මීයා", "කවුද ඒ වසලයා" වගේ.

      Padam
  12. මෙවැනි පුද්ගලයන් දේශපාලනයට පැමිණීමෙන් බොහෝවිට සිදුවන්නේ සාර්ථක වනවාට වඩා අසාර්ථක වීමයි. බන්ධුල ගුනවර්ධන මහතා සමග මම 1970 දශකයේදී එකම ටියුෂන් ආයතනය සේවය කළා. ඔහු අති දක්ෂ ගුරුවරයෙක්. නමුත් අද ඔහු අට වසරවත් පාස් නැති දෙසපාලු ජෝකරයන්ගෙන් බැනුම් අහනවා.

    BalasPadam
    Balasan
    1. විචාරක මා වඩාත්ම කැමති මොහාන් ලාල් ග්‍රේරෝ යන දේශපාලකයාට වඩා මොහාන් ලාල් ග්‍රේරෝ ගුරුවරයාටය.

      Padam
  13. මේ කියන්නේ ඔබතුමා ගැන නෙමෙයි නේද ?
    :)

    http://badamama.blogspot.com.au/2012/03/blog-post_31.html

    BalasPadam
    Balasan
    1. නැහැ මේ මම ගැන නොවේ

      Padam
  14. මොහාන්ලාල් ග්‍රේරෝ නම් දෙශපලකයා දැන් උත්සාහ කරන්නේ උසස්පෙල සමත් සිසුන්ට සරසවි යාමට පෙර නිකම් සිටින කාලය හැකිතාක් අඩුඅකිරීමට. සාර්ථක ප්‍රථිපල පෙනෙන්නට අතිබේ.

    ඒ අතරම කොළඹ සහ පේරාදෙණි සරසවි පූර්ණ නිදහස් සරසවි බවට පත්කිරීමේ යෝජනාවක් සකස් කෙරෙමින් පවතී.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook