Selasa, 14 April 2015

අතරමං වූ ලාංකික තාරුන්‍යය





කුඩු කසිප්පු එතනෝල් 
කැහි සිරප් -මදන මෝදක   
මල්-ටැබා -නිල්ල සොයා 
අතරමං වූ ලාංකික තාරුන්‍යය 
තව දුරටත් වල්මත් කරවන 
දේශපාලන  ව්‍යාපෘති ලණු 

ඒ ඒ කාලයට 
බලයට එන දේශපාලන පක්‍ෂ 
බෙදයි තාරුන්‍යට ටොපී  
අත දිග හැර​

යුද්දය නැති හෙයින් 
හමුදාවටත් යා නොහැක 
වෙරළ ආරක්‍ෂාව දැඩි නිසා 
ඉතාලිවත් පැනීමට බැරිය​

තාරුන්‍යය තව තවත් 
ආගාධයට ඇද දමන 
කිසිම සැලසුමක් නොමැති 
ඔහේ කෙරෙන ජාතික සැලසුම්

නන්නත්තාර වූ දේශයක 
මිළිනව යන අමිල ජීවිත 
සුන්දර තාරුන්‍යය
ක්‍ෂය වී යයි 
හිරු දුටු පිණි සේ


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

1 ulasan:

  1. තරුණයන් හැමදාම හරකුන් සේ රවටාගෙන, නොපෙනෙන විමුක්තියක් කරා දක්කමින්, තම මඩිය තරකරගන්නා, ඊනියා වාමාංශික පක්ෂ, හැබෑම වාමාංශික පක්ෂ බවට පත්වනදාට, මේ ප්‍රශ්නයට විසඳුම ලැබෙනවා.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook