කාන්තාවන් මිලියන 1.6 ක් රට ගිහින්ලු
උපයා දෙනවාලු මේ පිරිස
වසරකට රුපියල් බිලියන අටක පමණ
කාන්තාවන් විසින් කඹුරා මේ එවන මුදලින්
දියවන්නාවේ අයට තීරුබදු රහිත සුපිරි කාර්
පිස්සු කෙලින්නට ගසා කන්නට මුදල්
හෙජින් වගේ නාස්ති කරන්නට මුදල්
ඒ විතරක් නොවේ
අඹුව අරාබි දේශයට යවා
දහවල් කාලයේ කුසීතව වැතිර සිටින
කඩපිල් වල ඕපාදූප කතා කරමින් කාලය කන
හවසට කසිප්පු බොන සැමියන්ට
සැප ගන්න මුදල් එවන්නෙත් මොවුන් නොවේද ?
වෛද්‍ය රුවන් එම් ජයතුංග

මේ වැඩේ නම් කීයටවත් මොන පාලනය යටතේවත් නවත්තන එකක් නැහැ. රට දුවන්නේ මේ සල්ලි වලින්. බල්ලෝ මරා හරි සල්ලි හොයන ක්‍රමයෙන් අපේ රට කවදාවත් ගැලවෙන එකක් නැහැ.
BalasPadamවිචාරක අපේ ජාතික අලසකමත් එක හේතුවක්දෝ කියා සිතෙනවා
Padamසුබ අලුත් අවුරුද්දක් වේවා! වෛද්‍යතුමණි. මේක අපේ රටේ අභාග්‍යම තමා. මේ සතියේම මා දන්නා ත්‍රී රෝද රථ රියදුරෙකු හඬා වැලෙපෙමින් කියා සිටියා මාස තුනක් පමණ වයසැති බිළිඳිය දමා ඔහුගේ බිරිඳ රට රැකියාවකට හොර පාස්පෝර්ට් හදා ගෙන හොර රහසේම ගිහින් බව. හරිම සංවේදී කථාවක් ඇහුවම. මොන නීති ගෙනාවත් මේ උපක්‍රම නවතන්න බැහැ කියලයි මට හිතෙන්නෙ. බොහෝ පවුල් මේ නිසා විනාශ වෙනව මිසක් හොඳක් නම් වෙන්නෙ නැහැ.
BalasPadamචාන්දි ස්තූතියි ,
Padamමැදපෙරදිග සින්ඩ්‍රෝමය කියා සින්ඩ්රෝමයක් තිබෙනවා ළමයින් අතර
පාස්පෝර්ට් ඔෆීස් එකේ රස්තියාදු වෙනකොට හිතෙනවා මේ විදියට කවුරුවත් ලංකාවේ ඉතුරුවෙන එකක් නෑනේ කියලා...
BalasPadamඒක නම් සහතික ඇත්ත Dude
Padam