Khamis, 5 Mac 2015

දැන් නම් මම ජ්‍යෝතිෂ විශ්වාස කරන්නේ නැහැ



දැන් නම් මම ජ්‍යෝතිෂ විශ්වාස කරන්නේ නැහැ 

(තමා තවදුරටත් ජෝතිෂ්‍ය විශ්වාස නොකරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් පකිස්තානු සඟරාවක් වෙත පවසා තිබේ. )


තාරකා කිසි දෙයක් කීවේ නැත 

නිහඞව දිලිසුනා පමණි 
අනාගතය ගැන කීමට
තාරකාවට වර්තමානයක් තිබුනේ නැත
එය විනාශවී බොහෝ කල් ගතවී තිබුනද
අප දුටුවේ විශ්වය හරහා එන 
එහි ආලෝක ධාරව පමණි 
ශුන්‍ය වූ ස්කන්ධයක 
අතීත පිහිටීම සලකා 
අනාගතය ගැන කියන 
පේන විශ්වාස කරන 
බයින් හැකිලී 
ආත්ම ශක්තිය මොට කරගන්නා මිනිසා 
මරු සිටින දිශාව දෙස නොබලා  ,
රාහු කාලය නිසා 
අත පය බැඳ 
හිස් නුබ කුස දෙස බලා සිටියි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග​


10 ulasan:

  1. හෙහ්, ඔය ටික ඉතින් කලින් විශ්වාස කලානම් තාමත් ඉන්නවනේ..

    BalasPadam
  2. දැන් මෙයාට තමන්ව වත් විශ්වාස නැහැ. මෙයාට කවුරුහරි දැන්වත් කියලා දෙන්න ඕනේ හරියට 'මෛත්‍රී භාවනාව' කරන හැටි.

    BalasPadam
    Balasan
    1. බලය තිබෙන විට මිනිසුන් අන්ධ වෙති

      Padam
  3. By Dr Ruwan M Jayathunga, the Mythbuster.

    :)

    BalasPadam
  4. දැන් මෙයා කියන්නේ ඔක්කොම කරපු දේවල් ටික ජෝතිෂ්‍ය අකවුන්ට් එකට බැර කරන්නද? මෙයා ජෝතිෂ්‍ය විස්වාස කරන්නෑ.. අපි මෙයාව විස්වාස කරන්නෑ

    BalasPadam
    Balasan
    1. උපේක්‍ෂා තර්කය හරි

      Padam
  5. හැමෝම තිරුපති වදින්න යනව.
    මරා ගිහින් එහෙ පදිංචි වෙලා හිටිය
    ලිබරල් පොරක් වගේ ඉන්න රනිලුත් තිරුපති යනව
    අනුර කුමරත් ඉස්සරහට තිරුපති යයි.
    ඉස්සර ලංකාව පාලනය කලේ කේන්දර සුමනේ
    දැන් ලංකාව පාලනය කරන්නේ තිරුපති දෙවියෝ

    BalasPadam
    Balasan
    1. @ sarada Samarasinghe සංවර්ධිත රටවල නායකයෝ මේ වගේ මිත්‍යා කරට ගන්නේ නැහැ නේද ?

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook