Isnin, 30 Mac 2015

බොල් පිළිම



ඔවුන් සුවිසල් පිළිම ලෙස අප අතර සැරිසරති 
ඔවුන්ව වන්දනා කිරීමටද අපව පොලඹවති 
 මහා පුරුෂයන් ලෙස පෙනී සිටියත් 
ඔවුන් දේශපාලන අන්තේවාසිකයින් වෙති 

නිවාස, ඉඩකඩම්, රථවාහන, තානාන්තර  හමුවේදී 
ඔවුන් කුක්කන් ලෙස නගුට වනති 
අන්ධ මීයන් ලෙස රැලේ යති 
දේශපාලකයන් හමුවේ දණ නමති 
ඔවුන්ව පැදකුණු කරති 
තම ආත්මය ඔවුන්ට පාවා දෙති 

කලාව හා සංස්කෘතිය පෝෂණය කිරීම 
ජනතා කලාවක් ගොඩනැගීම පසෙක ලා 
අනවතරයෙන්ම වන්දිභට්ටයින් බවට පත් වෙති 

මොවුන් අතර වික්ටර් හාරාලා නැත 
බොබ් ඩිලන්ලා  විසෝස්කිලා නැත​
ඇත්තේ අත්තෙන් අත්තට පනින
ඇක්‍ෂන් ජැක්සන්ලා හා දීන කලා මනප්පුලා පම​ණි 

දීනත්වයෙන් තොර 
ස්වාධීන කලාකරුවන් ගේ කාන්තාරයක් වූ මේ දේශයේ 
 කලාකරුවන් ලෙස හඳුන්වන මේ බොල් පිළිම​
ජීවත්වන කාලයේ රජයෙන් නොමිලේ ගෙවල්ද අයදිති 
එපමණක්ද නොවේ සබඳ 
මියගිය පසු ඔවුන් දෙපැයක්ද​ කලාභවනේ වැතිර සිටිති 


වෛද්‍ය රුවන් එම් ජයතුංග​

12 ulasan:

  1. ‘ගහලා හරි නැවත බලය ගන්නේ නැත්තේ මන්දැයි?’ ජනප්‍රිය ගයන ශිල්පිනි නීලා වික්‍රමසිංහ මහත්මිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ. කලාකරුවන් පිරිසක් පසුගියදා මැදමූලනට ගොස් මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ නීලා වික‍්‍රමසිංහ මහත්මිය එසේ විමසා ඇත.

    BalasPadam
    Balasan
    1. සංගීතය අතින් ඔස්තාර්ලා උනත් සමාජ දැණුම ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැණුම අතින් ඔවුන් මොන්ටිසෝරි

      Padam
    2. මේ අවස්ථාවේ වීඩියෝවක් තියෙනවාද?

      Padam
  2. ///මියගිය පසු ඔවුන් දෙපැයක්ද​ කලාභවනේ වැතිර සිටිති /// හි හි හ්ම්ම්

    BalasPadam
    Balasan
    1. සමහර විට පැය හතර පහ ඉන්න වෙලාවලුත් තියනවා

      Padam
  3. මෙ කතැව බ්ලොග් වලට නම් අදාල නැයිලු නෙද?

    BalasPadam
  4. දේශපාලන ලේබල් මොන පක්ෂයෙන් ගහගත්තත්, එවැනි ලේබල් සහිත කලාකරුවෝ, ඉක්මනින් පිරිහෙති. ඒ බව දැනගත් සමහර ලාංකීය කලාකරුවෝ, වහාම දේශපාලන නරා වලෙන් ගොඩ ආවෝය. එහෙත්, කලාකරුවාටද දේශපාලන නිදහසක් ඇත. එය ඔහු ප්‍රකාශ කලයුත්තේ තම නිර්මාණ හැකියාවෙන් විනා, වේදිකා මතට නැග, තම දේශපාලන මන්දබුද්ධික භාවය පෙන්වීමෙන් නොවේ.

    BalasPadam
    Balasan
    1. ගාමිණී UNP දේශපාලනය කළද එම පක්ශයේ වැරදි දැකීමට හා ඒවා විවේචනය​ටකොන්දක් ඔහුට තිබ්බා

      Padam
  5. ඇක්ශන් ජැක්සන් තමයි ලංකාවේ මේ සම්භන්දයෙන් අංක එක. නීලා වික්‍රමසිංහත් මෑතක ඉඳල එක දාගන්න හෙන ට්‍රයිලු..

    BalasPadam
    Balasan
    1. Action Jackson is a 1988 American action film directed by Craig R. Baxley : http://www.imdb.com/title/tt0094612/

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook