Selasa, 24 Mac 2015

අපේ නිර්ණායකයන්

 





පාසලේ සිටින ඔතෑනිම ළමයා 
හොඳම ළමයා  ලෙසට අප ඔසවා තබමු 
පාසලේ සිටින පර පීඩක ගුරුතුමා 
පාසලේ සිටින හොඳම  ගුරුතුමා ලෙස අප නම් කරමු
හන්දියේ සිටින ප්‍රචණ්ඩත්වයට බර 
පෞරුෂ අක්‍රමතාවයෙන් පෙලෙන මිනිසා 
හිත හොඳ චන්ඩියා ලෙස හඳුන්වමු 
මිනී මරණ ස්ත්‍රී දූෂණ කරන සමාජ විරෝධියාට 
අපේ මන්ත්‍රීතුමා කියමින් පාර්ලිමේන්තුවට යවන්නෙමු 



වෛද්‍ය රුවන් එම් ජයතුංග

8 ulasan:

  1. යථාර්තය ...!

    පද පේලි කිහිපයකින් අපූරු සමාජ විවරණයක් ...!

    BalasPadam
    Balasan
    1. සඳරු මේ යථාර්තය අපේ රටවල ඉරණම වෙලා

      Padam
  2. අපූරුයි මාත් ඔය ගැන ලිපියක් පළ කලා. හිතහොද චන්ඩින්, සැර ගුරුවරු ,විප්ලවවාදීන් ව පරපීඩක කාමුකයන් ලෙස නිවැරදිව හදුනා ගත යුතුයි.
    එසේ වීනම් විශාල ලේ වැගිරීම් වලකා ගත හැකිවතිබුනා. පෞර්ෂ අක්‍රමතාවලින් පෙළුන පුද්ගලයන් කැරළිකරුවන් ලෙස, ආරක්ෂක අංශ ප්‍රබලයන් ලෙස දරුණු අපරාධ කර තිබෙනවා. පරපීඩකයන් හදුනා ගැනීමේ අපේ සමත්කම යුද්ධ කලකෝලහාල අවසන් කරාවි.

    http://yakaageadaviya.blogspot.com/2015/03/blog-post_19.html

    BalasPadam
    Balasan
    1. මධ්‍යස්ථ මතධාරියා ලුවිස් ගේ කතාව නම් අනගියි. මේ වගේ පුද්ගලයන්ට මම පසුකාලයක ප්‍රතිකාර පවා කරලා තියනවා. නවකතාවකට හොඳ වස්තු බීජය

      Padam
  3. හොද මිනිස්සු දේශපාලනයට නොඑන නිසාම දැන් දැන් වෙන්නේ ඔය ටිකම තමයි..

    BalasPadam
    Balasan
    1. දිනේශ් හොද මිනිස්සු දේශපාලනයට එනවා නමුන් ඔවුන් රූපාන්තරණය වෙනවා

      Padam
  4. අරහෙම කරනවනං එහෙම බැරි මොකද නේද

    BalasPadam
    Balasan
    1. අටම් මහත්තයා කොහොම කරනවනම් ද ?

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook