Jumaat, 20 Februari 2015

අලි බබා සහ හොරු හතලිහ​

 

අලි අම්මාට වෙඩි තියා 
අලි අම්මාගේ තුරුලේ සිටි 
අලිබබා පැහැරගත් හොරු තිදෙනා 

ප්‍රාදේශීය දේශපාලක හොරාගේ ලොරියෙන්  
අලි බබා පළාත් සභාවේ දේශපාලක හොරාගේ 
වත්තට ප්‍රවාහනය කළහ​ 

අණතුරුව තවත් හොරුන් ගේ සහයෙන් 
අලිබබා ට හොර බලපත්‍ර හදා 
පන්සලේ හාමුදුරුවන්ට විකිණුහ​

පන්සලේ හාමුදුරුවන් ගේ 
තෙද ගොස යසස වෙනුවෙන් 
අලි බබාගේ දෙපා දම්වැලෙන් බැඳ 
පන්සල් වත්තේ  සිර කළහ​

මවගේ වියෝවෙන්
 කැළෑව අහිමි වීමෙන් 
දුක් වන අලි බබාගේ
අසරණකම දුටුවේ 
පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවෙන් 
වැඩ සිටින පන්සලේ බුදු පිළිමය පම​ණි


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

5 ulasan:

  1. අහෝ අවාසනාවට
    ඒ බුදු පිළිමයද
    නිකම්ම නිකම්
    ගල් පිළිමයක් පමණක් වීය
    දෙපා වනවී
    රෝග වූ සම් ඇතිවම
    බුදු රුව අබියස
    හාමුදුරුවන්ගේ
    තේජස වෙනුවෙන්
    අලි බබා
    නිරා දුක් වින්දේය...

    BalasPadam
  2. ඉදිරි පය සහ පසුපස පාදය බැඳ තබන මෙම ඉරියව්ව අලියාට ඉතා වේදනාකාරියි

    BalasPadam
  3. කෙනෙක් අපූරු කතාවක් කිව්ව. ඒ අලි මේක කරන්නෙ කැමැත්තෙන්ලු. පාරිලෙයිය ඇතා උදාහරනෙට ගත්ත.හෙණ්ඩුවට බයකරල, ගහල. වධදීල, දම්වැල්වලින් බැදල කරන මේ තිරිසන් වැඩේ සාධාරණීකරනය කරන අය දනගන්න ඕන ආගම් කියන්නෙ මිනිස්සුන්ගෙ මනස්ගාත සත්තුන්ට ඒව වැඩක් නෑ කියල.

    BalasPadam
  4. ඔව්ව කරපු උන්නාන්සේලා දේවදත්ත නිකායේ වෙන්න ඕනේ. ඔව්වට උදව් කරපු එවුන් යමපල්ලෝ වෙන්න ඕනේ. අනේ මුන්ටත් ඉර හඳ පායනවනේ.

    BalasPadam
  5. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook