Selasa, 20 Januari 2015

ශ්‍රී ලාංකික දේශපාලනයේ නිරුවත් යතාර්ථය



මානසික සහ  පෞරුෂ අක්‍රමතා නිසා ප්‍රචන්ඩ හැසිරීම් පෙන්වන පුද්ගලයන් ශ්‍රී ලංකාව වැනි රටවල පොදු ජනයා විසින් හුරේ දමා පිළිගෙන මල් මාලා දමමින් දේශපාලන නායකත්වය සඳහා ඔසවා තබන නමුත් ශිෂ්ටසම්පන්න රටවල මෙවැනි පුද්ගලයන් සඳහා ප්‍රතිකාර ලබා දෙති. 


















...............මොවුන්ගෙන් බහුතරයකට තිබනේ අඩු අධ්‍යාපන මට්ටමක් වන අතර ප්‍රචණ්ඩත්වයට නැඹුරු හැසිරීම් රටාවක්ද තිබුණි. මෙම කැරලිකාර කොටස් දාමරික සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා රාශියක් සිඳුකළ නමුදු තම දේශපාලන ස්වාමි වරු විසින් සැම විටම ආරක්ෂා කරණු ලැබූහ. මෙම ලක්ෂණය ශ්‍රී ලාංකික දේශපාලනයේ නිරුවත් යතාර්ථය බවට පත්ව ඇත. මොවුහු නිතරම නීතියට ඉහලින් සිටි අතර තම දේශපාලන නායකයින් වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය ඇතිකිරීමට බලපත්‍ර ලද්දෝ වූහ. මනෝ විද්‍යාත්මකව විග්‍රහ කරණ පරිදි මෙම චරිත අසාමාන්‍ය හැසිරීම් ( Deviant Behaviors ) ප්‍රදර්ශනය කරන අතර සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ ආබාධය (ASPD)සහිත කාණ්ඩය සමඟ සැසදේ.  සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ ආබාධය ( Anti – Social personality disorder / ASPD) යනු අනෙක් පුද්ගකයින්ගේ අයිතීන් කිසිවිටක ගරු නොකරණ සහ උල්ලංඝනය කරණ තත්වයකි. වංචාව සහ රැවටිල්ල මෙහි මධ්‍යගත ලක්ෂණ වේ. ASPD සහිත පුද්ගලයෝ සමාජ සම්මත සහ නීති ගරුක හැසිරීම් නොසලකති. ඔවුහු ආවේගශීලී මෙන්ම ප්‍රචණ්ඩකාරීද වන අතර ඉතා සුලු පෙළඹවීමකින් වුවද ප්‍රචණ්ඩත්වයට පෙළඹේ. තවද මොවුහු අපරීක්ෂාකාරීය තමන්ගේ හා අනුන්ගේ ආරකෂාවට ගරු නොකරති. වගකීම් පැහැරහරිති. පසුතැවිලි නොවීම මොවුන්ගේ මූලික චරිත ලක්ෂණයකි. මොහු ආත්මාර්තකාමී අනුකම්පා විරහිතවන අතර තම අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනිම සඳහා අන්‍යයන් නිර්දය ලෙස යොදා ගනී. මොවුන්ට ඇත්තේ නිධන්ගත ලෙස අස්ථායී (Chronically unstable) සමාජ විරෝධි සහ සමාජ විචල්‍ය ජීවන රටාවන්ය. මෙවැනි මාදිලියේ මිනිසුන් දේශපාලන වශයෙන් බලවත් වූ විට ඔවුනට රටට බලවත් අනර්ථයක් සිදුකළ හැකිය.


 වැඩිදුර කියවීම​ට : http://transyl2014.blogspot.ca/2014/11/blog-post_29.html



7 ulasan:

  1. ඒක වෙනස් කරන්නයි මිනිස්සු මෙවර ඉදිරිපත් වුනේ... ඒ ජනතා අවශ්‍යතාවය කාටවත් අවශ්‍ය විදිහට විනාශ කරන්න බැහැ... මොකද ජනතාව ඒ වෙනුවෙන් පෙනී හිටිනවා.............

    BalasPadam
    Balasan
    1. එය එසේම විය යුතුයි

      Padam
  2. අගේ ඇති බ්ලොග් එකක්. සියළු විස්තර සඳහා ස්තූතියි. හැකිවිට ගොඩ වෙන්න..

    BalasPadam
  3. මොවුන් නූගතුන් වූ නිසා මොවුන්ගෙන් තම කපටි, භයානක, දේශපාලන අරමුණු ඉටුකරගෙන පසුව අතහැර දැමීමට මොවුන්ගේ පාලකයන් උත්සාහ ගන්නවා. නමුත් දැන් මොවුන් තම ඉරණම තේරුම්ගෙන මරාගෙන මැරෙන්න සූදානම් වෙනවා. මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාදියයුත්තේ මොවුන්ට පමණක් නොවේ. මොවුන්ගේ ස්වාමි වරුන්ටත් ලබාදිය යුතුයි.

    BalasPadam
    Balasan
    1. විචාරක - මොවුන් බිහි කරන්නේ රෝගී වූ සමාජයක්

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook