Pages

▼

Thursday, November 12, 2026

ගාමිණී මුතුකුමාරණ සත්‍යට මුහුණ දීමට බියද ?



ගාමිණී මුතුකුමාරණ යනු ශ්‍රී ලාංකික දේශපාලන ලේඛකයෙකු මෙන්ම 1988–1989 ජනතා විමුක්ති පෙරමුණේ  දේශපාලන ව්‍යාපාරයේ සක්‍රීය සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු 88–89 කාලවකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට සමීපව කටයුතු අයෙකු ලෙස ප්‍රකටය. එම යුගයේ දේශපාලන අරගලය සහ අත්දැකීම් පිළිබඳව ඔහු විවිධ මාධ්‍ය සාකච්ඡා සහ ලිපි හරහා අදහස් දක්වයි. ඔහු සිය දේශපාලන ජීවිතයේ මතකයන් සහ 88–89 අරගලයේ ඉතිහාසය අළලා කෘති කිහිපයක් රචනා කර ඇත. ඒ අතර මතක ගිනි පුපුරු සහ නොනිමි අරගලයක මතක - පතී යන කෘති ප්‍රධාන තැනක් ගනී. ඔහු  සමාජ-දේශපාලන සටහන් සහ සිය අතීත මතකයන් නිරන්තරයෙන් පාඨකයන් සමඟ බෙදා ගනී.ඔහු  මිය ගිය සගයන් පිලිබඳව සඳහන් කිරීමේදී ඔවුන් උදාර අරමුණක් වෙනුවෙන් දිවි පිදූ බව නිතරම සඳහන් කරයි.

1988/89 යනු එවකට පැවති රජය සහ කැරළිකරුවන් ඉතා නිර්දය සහ තිරිසන් ලෙස ඝාතනයන් කල සමයකි. කැරළිකරුවන්  මහජන දේපළ ගිනි තබා විනාශ කළහ​. මේ භීෂන සමය ශ්‍රී ලංකාව තුල සාමූහික ව්‍යසනයක් ඇති කල අතර එහි මනෝවිද්‍යාත්මක බලපෑම අද දක්වා සමාජ පුරා පවතියි.

ශ්‍රී ලාංකික සමාජය සහ එහි ජනතාව ව්‍යසන වලින් පාඩම් ඉගන නොගත් කොටසකි. මූලික හේතුව නම් සත්‍යට ඔවුන් තුල තිබෙන බිය සහ නොකැමැත්තය​.  සත්‍ය සඟවන සහ බොරුව ව්‍යාජය හුවා දක්වන සමාජයක් කිසි දිනෙක ව්‍යසන සහ ක්‍ෂිතිමය අත්දැකීම් වලින් සුවපත් වන්නේ නැත​. 

සමහරක් විට මිනිසුන් උදාර අරමුණු වෙනුවෙන් ඝාතන විනාශ කරති. උදාහරණයක් ලෙස පොල්පොට් මිනිසුන්ව කුඹුරු වලට යවා පොලිතින් උර හිසට දමා ඝාතනය කලේ උදාර සමාජවාදී පරමාර්ථ වෙනුවෙනි. ස්ටාලින් මිලියන ගනනක් ගුලාග් ශ්‍රම කඳවුරු වලදී මරා දමන්නේ උදාර පරමාර්ථ වෙනුවෙනි. පරමාර්ථය උදාර වූ පමනින් ක්‍රියාව සාධාරණීකරනය වන්නේ නැත​. එසේම ඝාතකයන් සහ ඝාතන රොමෑන්තීකරනය කිරීමෙන් සමාජයට යහපතක් වන්නේ නැත. 

ගාමිණී මුතුකුමාරණ තම අතීත අත්දැකීම් සඳහන් කිරීමේදී වඩාත් සත්‍යවාදී වූයේ නම් ඔහුට සමාජයට යම් මෙහෙයක් කිරීමට හැකි බව මාගේ අදහසයි. ඔහු සමහර අතීත කරුණු ලිවීමේදී සත්‍ය සඟවන බව 88-89 කාලයේ එලියකන්ද වධ කඳවුරේ රැඳවියෙකු වූ රෝහිත මුණසිංහ ගාමිණී මුතුකුමාරණ ගේ මුහුනු පොතේ සඳහන් කොට තිබූ අතර  ගාමිණී මුතුකුමාරණ ඊට පිලිතුරක් දුන්නේ නැත​. එසේම මා විසින් ඔවුන් ගේ 88-89 කාලයේ කරන ලද යම් යම් කාර්‍යභාරයන් විමසන විට  ගාමිණී මුතුකුමාරණ කරන ලද්දේ මාගේ කොමෙන්ට් කපා දැමීමය​. උදාර අරමුණක් වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ක්‍රියා කල කැරලිකරුවෙක් කොමෙන්ට් එකකට බිය වීම ප්‍රශ්නාර්ථයකි. 

1988 / 89 යනු අතීතයට එක්වූ සුවපත් නොවූ මතකයකි. අප අතීතයට බිය යුතු සහ අතීතය සඟවන මානසිකත්වයට නොයා යුතුය​.  ගාමිණී මුතුකුමාරණ දක්‍ෂ ලේඛකයෙකි. ඔහු අතීත අත්දැකීම් ලේඛනගත කිරීම ඉතා වැදගත් ක්‍රියාවකි. යම් කාලයක සමාජ විද්‍යාඥයන්ට මනෝ විද්‍යාඥයන්ට ශ්‍රී ලාංකික සමාජය පිලිබඳ අධ්‍යනය කිරීම සඳහා ඉන් අවකාශ ලැබේ. නමුත්   ගාමිණී මුතුකුමාරණ වඩාත් සත්‍යවාදී සහ විවෘත වන්නේ නම් ඔහුට සමාජය සුවපත් කිරීම සඳහා මෙහෙයක් කල හැක​. නමුත් අතීතය සැඟවීම හෝ සංස්කරණය කිරීම මගින් සමාජයක් හීල් වන්නේ නැත​. සිදු වන්නේ අතීත ව්‍යසනයන් යලි අනාගතයේ පුනරුක්තියට ලක් වීමය 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments